අල්ෆලක් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය!

පරිච්ඡේදය: 113. පාඨයන් සංඛ්‍යාව: 05

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

1- හිමිදිරියේ පරමාධිපතිගෙන් මා රැකවරණය පතමි (යනුවෙන් ශාස්තෘවරයාණනි) ඔබ කියන්න.

2- නිර්මාණයන්හි නපුරෙන්ද,

3- තවද රාත්‍රි අන්ධකාරය පැතිරෙන විට ඇතිවන නපුරෙන්ද,

4- තවද, ගැටවල (මතුරා) පිඹින ස්තී්‍රන්ගේ නපුරින්ද,

5- ඊර්ෂ්‍යා කරන්නාගේ ඊර්ෂ්‍යාවෙන් ඇතිවන නපුරින්ද (මා රැකවරණය පතමි).

අර්ථ විවරණය:

1- “ෆලක්” යනු හිමිදිරි උදෑසන වේ. “අල්ෆලක්” යන වචනය හිමිදිරිය යන අර්ථය ගෙනදෙයි. ඉමාම් බුහාරි (රහ්) තුමන් තමන්ගේ ග්‍රන්ථයෙහි ද මෙම අර්ථය තෝරාගෙන ඇත. හිමිදිරිය උදා කරන පරමාධිපති අල්ලාහ්ගෙන් රැකවරණය පතමි යන්න වේ.

2- සියළු නිර්මාණ තුළීන් ඇතිවන නපුරෙන් මා ආරක්ෂාව පතමි. ජින් හා මිනිස් වෙනත් සිව්පා සතුන්ගේ නපුරෙන් ආරක්ෂාව පතමි.

3- රාත්‍රියෙහි අඳුර බෝවෙන විට ඇතිවන නපුරෙන්ද ආරක්ෂාාව පතමි. “ආසික්” (අඳූර බෝවූ) යන වචනය රාත්‍රිය හඳූන් වන්නටද, “ඉදා වකබ්” එය බෝවූ විට, ව්‍යාප්ත වූ විට යන අර්ථය ඉර බැස යෑම සඳහන් කිරීමටත් භාවිතා වේ. යනුවෙන් මුජාහිද් (රහ්) තුමා පවසයි. “ආසික්” යන පදයට තවත් සමහරුන් චන්ද්‍රයා යනුවෙන් අර්ථ දක්වති.

මෙම මතයට සාධක වශයෙන් ආයිෂා (රලි) තුමිය වාර්තා කරන පහත සඳහන් නබි වදන ඉදිරිපත් කරති. “නබි (ﷺ) තුමන් චන්ද්‍රයා උදාවූ විට මාගේ දෑත් අල්ලා (එයට සඥා කර) මෙය බැස ගිහින් අඳූර බෝවූ විට ඇති වන හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න” යනුවෙන් පැවසූහ (මූලාශ්‍රයන්ඃ නසායි, තිර්මිදි, අහ්මද්).

චන්ද්‍රයා උදාවීම නැතහොත් ඉර බැස යෑම රාත්‍රිය ඇරඹුනා යන අර්ථය වේ. එය නපුරු ෂෙයිතාන්හු නිදැල්ලේ සැරි සරන වේලාව නිසා අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමට අණකරනු ලැබ ඇත්තෙමු. එබැවිනුයි නබි (ﷺ) තුමන් හිරු බැස  යෑමත් සමග අඳුර බෝවෙන අවස්ථාවහෙි  දරුවන් නිවසින් පිටතට යෑමෙන් වළක්වන්න, මන්ද එය ෂෙයිතාන්හු නිදැල්ලේ සැරි සරන වේලාවයි. (මූලාශ්‍රයඃ බුහාරි 3756).

4- ගැටවල පිඹිමින් හූණියම් කරන නපුරු ස්තී්‍රන්ගෙන්ද ආරක්ෂාව පතමි. “නෆ්ෆද” පිඹ්බේය යන ක්‍රියා පදයෙන් ආ වදනයි “නෆ්ෆාදාත්” පිඹින ස්ත්‍රීන් යන බහු වචනය හූණියම් කරන්නට සහය වන, ගැට දමා එහි පිඹ ගන්නා හූණියම් කරුවන් පිළිබඳ සඳහන් කිරීමට මෙහි භාවිතා කළ ඇත. ආයිෂා (රලි) තුමිය පවසයි: “නබි (ﷺ) තුමන්ට හූණියම් කළ අවස්ථාවෙහි, එතුමන් තම භාර්්‍යයාවන් වෙත නොයාම ගිය බව සිතන තරමට දැඩි පීඩනයට පත්වූහ.

ආයිෂා (රලි) තුමිය වාර්තා කරයි: “දවසක් මා කැඳවා ආයිෂා ඔබට කරුණක් දන්නවාද? කුමන (හූණියම්) පිළිබඳ මට පහදා දෙන ලෙස මම අල්ලාහ්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේද එම විෂයෙහි ඔහු මට පැහැදීමක් ඇති කළේය. (හීනෙන්) දේව දූතවරු දෙදෙනෙක් මා වෙත පැමිණ, ඒ දෙදෙනාගෙන් කෙනෙකු මාගේ හිස පැත්තේ වාඩිවිය. එයින් කෙනෙකු තම මිත්‍රයාගෙන් මෙයාට වැළඳී ඇති රෝගය කුමක්ද? යනුවෙන් විමසීය. එයට අන් කෙනා මෙයාට හූණියම් කර ඇත, යනුවෙන් පැවසූ විට පළමුවැන්නා මෙයාට හූණියම් කළේ කව්ද? යනුවෙන් ප්‍රශ්න කළ විට “ලබීද් බින් අඃසම්” (යන යුදෙව් ජාතිකයා) යැයි පිළිතුරු දූන්හ.

කුමක් තුළද එය තබා ඇත්තේ? යැයි ප්‍රශ්න කළ විට, පනාවෙහි හා අවුල් වියවුල් වූ කොණ්ඩයෙහි හා පිරිමි ඉඳි ගසේ දණ්ඩ වසාගත් පොත්තෙහි යනුවෙන් පිළිතුරු දූන්හ. එය කුමන ස්ථානයක තිබෙන්නේද? යනුවෙන් විමසූ විට අන්කෙනා (බනූ සුරෙයික් කුලයට අයත් වත්තක ඇති) “දර්වාන්” යන ළිඳෙහි යැයි පැවසූහ. මෙය පවසා නිමකළ නබි (ﷺ) තුමන් තම සමහර මිත්‍රවරුන් සමග එම ළිඳට ගොස් (එම දණ්ඩ පිටතට ගෙන) යළි පැමිණ අයිෂා! එහි ජලය මරත්තෝන්ඩි සාරය මෙන් තිබුනි. එම ඉඳි දඬු ෂෙයිතාන්ගේ හිස මෙන් තිබුනි යනුවෙන් කීවේය. මම අල්ලාහ්ගේ වක්තෘවරයාණනි! එම දණ්ඩ තුළ තිබු දේ ඔබ පිටතට නොගත්තේද? යැයි ප්‍රශ්න කළෙමි. එයට එතුමන් (එහි විපතෙන්, හානියෙන්, සුවය දී අල්ලාහ් මාව ආරක්ෂා කළේය. එය පිටතට ගැනීමෙන් ජනතාව අතර (හූණියම් කලාව පැතිරී) අර්බුදයන් මතුවීම මම පිළිකුල් කරමි. (එම නිසා මම එය පිටතට නොගත්තෙමි) යනුවෙන් කීවේය. පසුව එම ළිඳ වසා දැම්මෝය. (මූලාශ්‍රයන්ඃ බුහාරි 5323, මුස්ලිම් 4059).

ඉබ්නු අබ්බාස් (රලි) තුමා හා ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි: “යුදෙව් ජාතික දරුවෙක් නබි (ﷺ) තුමන්ගේ සේවකයෙකු වශයෙන් සිටියේය. ඔහුගේ මාර්ගයෙන් නබි (ﷺ) තුමන්ගේ අවුල් වූ හිස කෙස් හා පනාව ගත් යුදෙව් ජාතිකයින් නබි (ﷺ) තුමන්ට හූනියම් කළෝය”. (තෆ්සීර් ඉබ්නු කසීර් 4- 575).

අබූ සඊදූල් කුද්රි (රලි) තුමා වාර්තා කරයි: “ජිබ්රීල් (අෙලෙ) තුමා නබි (ﷺ) තුමන් වෙත පැමිණ මුහම්මද්! ඔබ අල්ලාහ්ගෙන් (ඔබේ රෝගය සුව වෙන්නට) ප්‍රාර්ථනා කළාද? යනුවෙන් විමසුවේය. එසේය මා ප්‍රාර්ථනා කළෙමි යැයි නබි (ﷺ) තුමන් පැවසුහ. පසුව ජිබ්රීල් (අලෙයිහි) තුමා ඔබට හානියක් වන සෑම රෝගයකින්ම, ඊර්ෂ්‍යා කාරයන්ගේ ඊර්ෂ්‍යාවෙන්ද, ඇස්වහෙන්ද අල්ලාහ් ඔබට සුවය දීමට ඔහුගේ ශුද්ධවූ නාමයන්ගෙන් (ප්‍රාර්ථනා කරමි) යැයි පැවසූහ. “හාසිදින්” ඊර්ෂ්‍යා කාරයාගේ හානියෙන්ද, ඔහු කවුරුන් පිළබඳ ඊර්ෂ්‍යයා කරන්නේද ඔහුගේ සෞභාග්‍ය හීනවන්නට මොහුගේ එම දීන ක්‍රියාව හේතු සාධක වන්නේය.

හූණියම් යනු මිනිස් ඉන්ද්‍රීයයන්ට ග්‍රහණය නොවන කරුණක් වූවත් අල්ලාහ් කැමතිවූවා නම් එයින් හානියක් සිදුවන බව ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා නබි (ﷺ) තුමන්ගේ ප්‍රකාශයන්හි සඳහන් වේ වේ. මහත් පාපයන් හත අතුරින් හූණියම් ද එකකි. එය කරන්නා ඉස්ලාම් දහමෙන් පිටත්වූ කෙනෙකු වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනය පවසයි.

5- එබැවිනුයි ඊර්ෂ්‍යා කරන්නන්ගේ සියළු හානිවලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන ලෙස නියෝග කර ඇත්තේ. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර කිසිවෙකුට කිසිදු හානියක් සිදු නොවෙයි. ඇස්වහද ඊර්ෂ්‍යයාවේ බලපෑමකි. නමුත් අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර කිසිදු විපතක් සිදු නොවෙයි යනු තදින්ම අපි විශ්වාස කළ යුතුය. සැම විටම අපි ඔහුගෙන් රැකවරණය පැතිය යුතුය.

මුඅව්විදතෛන් (ආරක්ෂාව සඳහාවූ) පරිච්ඡේදයන්හි සුවිශේෂත්වය:

උක්බතිබ්නු ආමිර් (රලි) තුමා විස්තර කරයිඃ “මෙම රාත්‍රියෙහි පහළ වූ සමහර පාඨයන් (ඔබට දන්නවාද?) එවැනි (සුවිශේෂිවූ පාඨ) මේ වන තෙක් පහළ වූයේ නැත යනුවෙන් පවසා, එය නම් “කුල් අඌදූ බිරබ්බිල් ෆලක්, කුල් අඌදූ බිරබ්බින්නාස්, පරිච්ඡෙදයන් වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ්‍රයඃ මුස්ලිම්).

මුඅව්විදතෛන් (ආරක්ෂාව සඳහා පාරායනය කරනු ලබන පරිච්ඡේද දෙක) නම්: ශුද්ධවූ අල්කුර්ආනයෙහි 113 හා 114 වැනි පරිච්ඡේද වේ.

“නබි (ﷺ) තුමන් ජින් හා මිනිස් ඇස්වහෙන් (විවිධ ප්‍රාර්ථනා මගින්) ආරක්ෂාව පතමින් සිටියහ, නමුත් මෙම මුඅව්විදතාන් පරිච්ඡේද පහළ වීමත් සමග ආරකෂාව පතා ප්‍රාර්ථනා කළ වෙනත් ක්‍රම අත් හැර මෙය තෝරාගත්හ” (වාර්තා කරන්නේඃ අබූ සඊදූල් කුද්රි (රලි) තුමා, මූලාශ්‍ර: තිර්මිදි 1984, නසායී 5399, ඉබ්නු මාජා 3502, සහීහ් අල් ජාමිඋ 4902).

මෙම පරිච්ඡේදයෙන් අපි උගත යුතු දේඃ

1- පොදූවේ ලෝකයේ ඇති සියළු නපුරු වලින් හා විශේෂයෙන් හූණියම්, ඇස්වහ වැනි නපුරු වලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමට නියෝග කරනු ලැබේ.

2- හූණියම්, ඇස්වහ වැනි හානීන් ඇති නොව තමන් ආරක්ෂා කර ගැනීම සඳහා අල්ලාහ්ගේ පිහිට පැතීම හැර වෙනත් ක්‍රමයක් නැත. විශේෂයෙන් ඒ වෙනුවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුයි.

3- හූණියම් යනු සැබෑය, අල්ලාහ්ගේ කැමැත්ත අනූව එයින් සමහර හානි සිදුවේ. එබැවින් එයින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීම අනිවාර්්‍යය වේ.

4- හූණියම් කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ. මන්ද එය කුෆ්ර් (ප්‍රතික්ෂේපත්වය) ඇතිකර ඔහු එය ඉස්ලාමයෙන් පිටමං කරයි. අල්ලාහ් මෙසේ පවසයිඃ

وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ

“එනමුත් ෂෙයිතාන්හු ප්‍රතික්ෂේප කළේය, ඔවුන් මිනිසුන්ට හූණියම් උගන්වා දූන්නේය. බැබීලෝන්හි හාරූත්, මාරූත් දේව දූතවරුන් දෙදෙනාට අනාවරණය වූ දේ, අපි අර්බුදයෙන් පසුවෙමු ඔබ ප්‍රතික්ෂේප කරුවෙකු නොවන්න යනු පවසා මිස ඔවුන් උගන්වා නොදූන්නේය” (ශු අල්කුර්ආනය 2: 102).

5- ඊර්ෂ්‍යාව තහනම් ක්‍රියාවකි, පාපයකි. ආදම්ගේ පුත්‍රයන් දෙදෙනා අතුරින් කෙනෙකු තවත් කෙනෙකුව ඝාතනය කිරීමද, යූසුෆ් නම් ශාස්තෘවරයාගේ සහෝදරවරුන් එතුමන් මුළා කර පාලූ ළිඳකට තල්ලූ කිරීමද ඊර්ෂ්‍යාව නිසා සිදුවූ බරපතල පාපයන්ය.

6- අන් අයට හිමිදේ තමන්ටත් හිමිවිය යුතුයි යනුවෙන් කෙනෙකු අපේක්ෂා කිරීම වරදක් නොවේ. නමුත් තමන්ට නොලැබුනද ඔහුට නොලැබිය යුතුයි යනුවෙන් සිතීමය ඊර්ෂ්‍යයාව වන්නේ.  නබි (ﷺ) තුමන් පැවසුහ: දෙදෙනෙකු සම්බන්ධව ඊර්ෂ්‍යා කීරීම ඊර්ෂ්‍යාව නොවන්නේය.  තමන්ට ලැබුනු සම්පත අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කරන්නා, තමන් ලබාගත් දැනුමෙන් අන් අයට උගන්වන්නා. මේ දෙදෙනා සම්බන්ධයෙන් තමන්ටත් එසේ තිබුනේ නම් මමත් යහපත කරමි යනුවෙන් කෙනෙකු සිතීම ඊර්ෂ්‍යාව නොවන්නේය, (මූලාශ්‍රයන්ඃ බුහාරි 71, මුස්ලිම් 1352).

By: Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.