අල්මසද් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය!

පරිච්ඡේද අංකඃ 111
මක්කාවෙහි පහළවු පරිච්ඡේදයකි
මෙම පරිච්ඡේදයේ පාඨ සංඛ්‍යාවඃ 05 කි.
‫سورة اللهب‬‎ க்கான பட முடிவு
මහ කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.
1- අබූලහබ්ගේ දෙ අත් විනාශ විය, ඔහු ද විනාශ විය.

2- ඔහුගේ ධනය ද ඔහු ඉපැයු දැය ද ඔහුට ඵලක් නොවීය.
3- දළුලා දැවෙන ගින්නක ඔහු වැටෙන්නේය.
4- දර උසුලන ඇගේ බිරිඳ ද (ඇතුළුවන්නේය).
5- ඉඳි කෙන්දෙන් ඇඹරු කඹයක් ඇගේ ගෙල වටවී.
මෙම පරිචිඡේදය පහළවීමේ පසුබිමඃ
අබ්බාස් (රලි) තුමන් වාර්තාකරයිඃ “නබි (ﷺ) තුමන් සෆාවට පිටත්ව ගොස් කඳූ මුදූනට නැග, යම් කිසි භයානක දෙයක් සිදූවූ විට කැඳවන හඬින් ජනතාව කැඳවූහ. එය අසා කුෙරෙෂ්වරු එම ස්ථානයට එක්රැස්වූහ. ඔවුන් අමතා ඔබගේ ප්‍රතිවාදීන් උදේ හෝ සවස ඔබට පහර දීමට පැමිණෙන්නේ යැයි කීවේ නම් ඔබ මාව විශ්වාස කරනවාද? ඔවුන් එසේ යැයි පැවසූහ. එවිට නබි (ﷺ) තුමන් අල්ලාහ්ගේ දැඩි දඬුවම් පිළිබඳ ඔබට අවවාද කරමි. මෙය අසා සිටී අබූ ලහබ් අපව එක්රැස් කළේ මෙය සඳහා දැයි විමසා, නුඹට විනාශය යනුවෙන් ශාප කළේය. එවිටයි අල්ලාහ් මෙම පරිච්ඡේදය පහළ කළේ. අබූ ලහබ්ගේ දෙඅත් වැනසේවා”. (මූලාශ්‍රයන්ඃ බුහාරි, මුස්ලිම්).
පරිච්ඡේදයේ විවරණයඃ
අබූ ලහබ් නබි (ﷺ) තුමන්ගේ සුළු පියා වේ. ඔහුගේ නම “අබ්දූල් උස්සා බින් අබ්දූල් මුත්තලිෆ්” ඔහුගේ පටබැඳී නාමය “අබූ උතෛබාය”. ඔහු නබි (ﷺ) තුමන්ව අඛණ්ඩව හිංසාවට, පීඩනයට පත් කරමින් සිටියේය. නබි (ﷺ) තුමන් ජනයාව යහපත කරා කැඳවන හැම මොහොතකම (මිනිසුනි! “ලා ඉලාහ ඉල්ලල්ලාහ්” (නැමදීමට එකම සුදූස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු  නැත” යනුවෙන් පවසන්න ජය නියතය. ජනයා නබි (ﷺ) තුමන්ට සවන් දීම සඳහා එතුමන් වටා එක් රැස් වන විට, අබූලහබ් එම ස්ථානයන්ට පැමිණ නිසැකයෙන්ම ඔහු සාබිඉ වරයකි, බොරුකාරයකි. එතුමන් යන සෑම තැනකටම ගොස් එතුමන්ට බාධා කළේය, හිරිහැර කිරීමට තරම් ඔහු නපුරුවූයේය.
තාරික් (රලි) තුමා මෙසේ විස්තර කරයිඃ “දූල් මජාස් වෙළඳ පොළට මා ගිය විට එහි නබි (ﷺ) තුමන් රතු ඉරි වලින් යුත් වස්ත්‍රයක් ඇඳ සිටීම මා දූටුවෙමි. එතුමන් ජනතාවට මිනිසුන් නමදිනු ලැබීමට එකම සුදූස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත යනු පවසන්න ඔබ මතු දිනයෙහි ජයා ලබාගන්නේය. යනුවෙන් ප්‍රචාරය කරන විට ජනතාව එතුමන් වටා එක් රැස්වී සිටිති. එවිට පුද්ගලයකු නබි (ﷺ) තුමන් සිටින ස්ථානයට පැමිණ මුහම්මද් බොරු කාරයෙකු මිස නොමැත යනු පවසයි. එතුමන්ට ඔහු ගල්වලින් ගැසීම නිසා එතුමන්ගේ දෙපැයෙන් රුධිරය ගලායයි. එවිට මා ඔහු කව්දැයි එහි සිටියවුන්ගෙන් විමසුවෙමි. අබ්දූල් මුත්තලිෆ්ගේ පවුලේ කෙනෙකු බව මට පිළිතුරු ලැබුනි”. (මූලාශ්‍රයඃ ඉබ්නු හිබ්බාන් 6562).
“වතබ්” ඔහුගේ විනාශය, පරාජය සහතික විය. මාගේ සහෝදරයාගේ පුතා පවසන දේ සත්‍ය නම් මා ඉපැයු සේ සත සියල්ල, පරුදූවට තබා හෝ මා හා මාගේ දරුවන් එම දඬුවමින් ආරක්ෂා කර ගනිමි යනුවෙන් අබූලහබ් පවසන්නට විය. එවිටයි “මා අඃනා අන්හු මාලූහු වමා කසබ්” ඔහුගේ මිළ මුදළ් වලින්, ඔහු ඉපැයූ දෙයින් ඔහුට කිසිදූ ඵළක් නොවීය˜ “සයස්ලා නාරන් දාත ලහබ්” බුරා බුරා නැගෙන ගිනි ජාලාවට හා එහි අති භයානක දඬුවමට ඔහු ඇතුල් වෙයි.
මෙසේ අපරාධයන් කළ තැනැත්තන්ට මතු ලොවෙහි පමණක් නොව මෙලොවෙහිදීද දඬුවවම් ඇත යන්නට මෙම පුවත කදිම නිදසුනකි. මොහුගේ අවසානයද ඉතා භයානක විය. කොලරාව වැළඳ සිරුර නරක් විය, කව්රුත් ඔහුට සමීපවීමද පිළිකුල් කලහ. ඔහුගේ මරණින් පසුත් ඔහුගේ ආදහන කටයුතු කිරීමට පවා මැලිවුහ. වලක් හාරා ඈත සිට ඔහුගේ සිරුර එම වළට විසි කළෝය. ඔහුගේ සේසත, දූදරුවන් ඔහුට කිසිදු පිහිටක් නොවීය. නිරයෙහි ගින්නට ඔහු ඉන්දනය විය.
“වම්රඅතුහු හම්මා ලතල් හතබ්” කුරෙයිෂ් කුල කාන්තාවන් අතුරින් ප්‍රමුඛත්වය ගත් දුෂ්ට කාන්තාවක් වන ඇය අබූලහබ්ගේ බිරිඳ වන “උම්මු ජමීල්ය” ඇයගේ නම “අර්වා බින්ත් හර්බ් බින් උමෛයා” අබූ සුෆ්යාන් (රලි) ගේ සහෝදරිය වේ. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා වන අබුලහබ්ට ප්‍රතික්ෂේපත්වය, මුරණ්ඩු භාවය සියළු පහත් නීච ක්‍රියාවන්ට අනුබල දෙමින් කටයුතු කළාය. එම නිසා තීරණාත්මක අවසාන දිනයේදි ඇගේ ගෙලවට දඟවැටුණු (පුරුක්) කඹයක් පළඳවා ඇයගේ ස්වාමි පුරුෂයාට දෙනු ලබන දඬුවම හා සමාන දඬුවමක් එම නපුරු කාන්තාවනට ද නිරයේ දෙනු ලබයි. නැතහොත් තමන්ගේ පිටේ දර උස්සන්නා විඳින පීඩනය මෙන් ඇය නිරයෙහි දඬුවම් කරනු ලබයි.
“ෆීජීදිහා හබ්ලූම් මිම් මසද්” ඉඳි කෙඳිවලින් වූ පුරුක් කඹයක් ඇගේ ගෙල වට බැඳ ලබනු ඇත. ඇය තමන්ගේ ගෙල වටේ ඉතා වටිනා රන් ආභරණ වලින් යුත් මාලයක් පැළඳ සිටියාය. එය මුහම්මද්ට විරුද්ධව වියදම් කිරීමට පවා මා පසුබට නොවෙමි යනුවෙන් පවසා ඇය ගත් පොරොන්දූව නිසා ඇගේ ගෙල වටේ ගින්නෙන් යුත් මාලයක් අල්ලාහ් පළඳයි යනුවෙන් ඉමාම් සඊද් ඉබ්නු මුසයියබ් අදහස් දක්වයි. වෙනත් සමහර විද්වතුන් ඇගේ ගෙල වටේ ගින්නෙන් යුත් කඹයක් පළඳවා නිරයේ දොරටුව තෙක් ඇදගෙන එමින් පසුව නිරයේ පහත් තට්ටුවට විසි කරනු ලැබේ, මෙලෙසින් දිගටම දඬුවම් කරනු ලබමින් සිටි යනුවෙන් අදහස් දක්වති.
මෙම පරිච්ඡේදයෙන් අපි උගත යුතු දේඃ
1- පෙළ පතට, පරම්පරාවට අල්ලාහ් අභියස කිසිදූ ප්‍රමුඛත්වයක් නොමැත. අල්ලාහ් අභියස ප්‍රමුඛත්වය පවතින්නේ භිය භක්තිය හා අවනත භාවයටයි. නබි  (ﷺ) තුමන්ගේ සුළු පියා වූ අබූ ලහබ්ගේ පුවත මෙයට කදිම සාධකයකි. නබි  (ﷺ) තුමන්ගේ ඉතා කිට්ටු ඥාතියෙකු වූවත් අල්ලාහ්ගේ දහම ප්‍රතික්ෂේප කළ විට ඔහු ද දැඩි දඬුවමට ලක්විය යුතුය.
2- මුහම්මද් නබි තුමන්ගේ දූතත්වය සත්‍යය බවට තද බල සාධකයක් මෙම පරිච්ඡේදයේ අන්තර්ගතයි. “බුර බුරා නගින නිරයේ ගින්නට ඔහු හා ඔහුගේ දර උස්සන බිරිඳ ඉක්මනින් ඇතුල් වෙයි” යන දේව පාඨය පහළ වූදා සිට ඒ දෙදෙනා අභ්‍යයන්තරයෙන් හෝ බාහිරෙන් දේව කරුණාව නොමැති අය යන අවසන් විනිශ්චය පවසා ඔවුන්ගේ අභාග්‍ය සම්පන්න බව අවධාරණය කර ඇත.
3- කෙනෙකු අල්ලාහ්ගේ කෝපයට ලක්වූ විට ඔහුගේ දු දරුවන්, දේපළ සම්පත්, ඔහු ඉපැයූ දෙයින් ඔහුට කිසිදු ඵලක් නැත. අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂාවීමට ද ඒ කිසිවක් ඔහුට උපකාරි නොවෙයි.
4- ශ්‍රද්ධාවන්තයින්ට, අල්ලාහ්ගේ සැබෑ දාසයන්ට වද හිංසා පමුණුවීම මහත් පාපයකි. එහි ප්‍රතිඵල ඉතා භයානක බව මෙයින් තහවුරු වෙයි.
මෙම පරිච්ඡේදය තුළින් ගම්‍යයමාන වන තවත් කරුණක් නම්ඃ අබූලහබ් මෙම පරිච්ඡේදය අනාවරණය වීමෙන් පසුවද අවුරුදූ දහයක කාලයක් ජීවත් විය. නමුත් මෙම කාලය තුළ ඔහු නිකමට හෝ ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නම් මෙම පරිච්ඡේදය බොරු වෙන්නට ඉඩ තිබුනි. සතුරන්ට අවශ්‍යය වී තිබුනේ ද එයයි. නමුත් එසේ ඇයි නොවුනේ? සැබවින්ම ශුද්ධවූ අල්කුර්ආනය මුහම්මද් (ﷺ) තුමන්ගේ පෞද්ගලික නිර්මාණයක් නොවේ. එය අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ සියුම් ඥානයක් හිමි සකල ලොව හිමියන් වන අල්ලාහ්ගෙන් පහළ වූ ග්‍රන්ථයක් බවට මෙම පරිච්ඡේදය ද නියම සාධකයකි.
සකස් කිරීමඃ අබූ අස්මා
www.yayuthumaga.com

One comment

  • VIJAARAC

    Thanks, this very clear.
    if you could provide more clarifications on other important verses in Quraan, that will be much appreciated.

Leave a Reply to VIJAARAC Cancel reply

Your email address will not be published.