ආගමික සංහිඳියාව ඇති කල හැක්කේ කෙසේද? (How Can Religion Work?)

ආගම් අතර කොතරම් වෙනස්කම් තිබුනත් සෑම ආගමකින්ම බලාපොරොත්තු වන්නේ මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීමය. මේ අනුව ආගමික නායකයින්ගේ කාර්‍ය භාරය විය යුත්තේ තම තමන්ගේ ආගම් වල ඇති ලිඛිත කරුණු පදනම් කරගන කටයුතු කිරීම බව එක් ආගමික සමුළුවකදී එහි සංස්කෘතික සබාපාහි පෙන්වා දී තිබුනේය. (Man Hee Lee, Chairman of Heavenly Culture, World Peace, Restoration of Light (HWPL), reports BSS).

ආගමේ නාමයෙන් මිනිසුන් ලවා තමන්ගේ අවශ්‍යතාවන් ඉටු කරගැනීමට යාමෙන් සිදුවන්නේ විශාල හානියකි. අද ආගමේ නාමයෙන් පෙනී සිටින බොහෝ නායකයන් සිදු කරන්නේ මිනිසුන් නොමග යැවීමය. කෙසේ වෙතත් මිනිසුන් තමන් අදහන ආගම හරිහැටි සිදු කරන්නේ නම් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි වන්නේය. අල් කුරානයේ මේ ගැන පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.

“නුඹලා නැමදුම් කරන දෑට මම නැමදුම් නොකරන්නෙමි. තවද මා නැමදුම් කරන්නාව නුඹලා නමදින්නෝ ද නොවෙති” (කුරානය 109:2-3).

ඉහත කරුණ අනුව එක් ආගමක ඉගැන්වීම් තවත් ආගමක් අදහන කෙනෙකුගෙන් ඉටුකර ගැනීම සිදු විය නොහැක්කකි. ඒ අනුව සෑම ආගමකම ඉගැන්වීම් වලට ඉඩ දිය යුතුය. එය පහත දැක්වෙන කුර්ආන් වැකියෙන්ද ස්ථිර කොට ඇත.

“නුඹලාට නුඹලාගේ ධර්මය, මට මාගේ ධර්මය” (කුරානය 109:6).

මෙම උපදේසය අනුව ක්‍රියා කරන්නේ නම් මිනිසුන් අතර සංහිඳියාව ඉබේම ඇති වනු ඇත. මේ වෙනුවට එක් ආගමික සිද්දස්ථානයක වෙනත් ආගමික වත් පිළිවෙත් සිදු කිරීම අනවශ්‍ය කරුණකි. එසේ කිරීමෙන් සිදු වන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම පමණි.

ජනතාව අතර අවබෝදය ඇති කිරීම සඳහා එකිනෙකාගේ ආගමික ස්ථාන නැරඹීමට අවස්ථාවක් ලබා දීම ඉතා වැදගත්ය. මේ සඳහා දිනයක් වෙනකොට පැමිණෙන අයගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නේ නම් එය තවත් සාර්ථ වනු ඇත.

එක් එක් ආගම්වල විශ්වාසයන් සහ ඇදහිලි වෙනස් බැවින් ඒවා ගැන වාද විවාද පැවැත්වීම නොකළ යුතුය. ඒවායේ හොඳ නරක තමන් විසින්ම අධ්‍යනය කොට දැනගැනීම ප්‍රයෝජනවත් ය. මේ අනුව ශාක ආහාර බුදින්නෙකු විසින් මාංශ ආහාරයට ගනු ලබන කෙනෙකුව විවේචනය කරනවාට වඩා තමන්ගේ ප්‍රතිපක්තිය අනුව ජිවත් වීමෙන් ආදර්ශයක් දිය යුතුය.

නවීන සමාජයේ බොහෝ ප්‍රශ්න ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ තමන්ගේ ආගම හරි හැටි අනුගමනය නොකරන අතරම අනුන්ගේ ආගම් විවේචනය කිරීමට යාමය. විශේෂයෙන්ම මුස්ලිමරුන්ගේ වස්ත්‍රය සහ ආහාර ගැන මුස්ලිම් නොවන අය ඇඟිලි ගැසීම නිසා බොහෝ ප්‍රශ්න ඇති වන්නේය.

එක් සමීක්ෂණයකට අනුව ඇමරිකාවේ ඇති ත්‍රස්තවාදී සංවිදානවල මුස්ලිම්වරුන්ගේ නියෝජනය 6%ක් බව පවසා ඇත. ඉතිරි 94%ම වෙනත් ජාතින් ය. එසේ තිබියදී මුස්ලිම් නොවන ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබන්නේ සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු ලෙසය. මෙය ඉස්ලාම් දහමට කරන විශාල හානියක් සහ අසාධාරණයකි. ලෝක ජනග්‍රහණය දෙස බලන කල අඩුවෙන්ම වැරදි කරන ජන සමාජය මුස්ලිම්වරුන් බව දැකිය හැකිය. ඒ අනුව මත්ද්‍රවය භාවිතය, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ අඩුවන්ම වාර්තාවන්නේ මුස්ලිම් සමාජයෙන් ය.

ජනතාව අතර සංහිඳියාව ගොඩ නැගීමට ආගමික නායකයින් තම තමන්ගේ අනුගාමිකයින්ට සත්‍ය පහදා දිය යුතුය. ඔවුන්ගේ ආදර්ශවත් ජිවිතය මෙහිදී ඉතා වැදගත් තැනක් ගන්නේය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.