ආහාරය පිණිස සතුන් මැරීම පවක්ද? (Is it wrong to kill animals for food?)

ලෝකයේ ඇති ආහාර දාමයන් සැකසී තිබෙන්නේ එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ ගොදුර කරගන්නා අන්දමට ය. එහෙත් ශාක පමණක් ඒවාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නේය. එසේ තිබියදී ඇතැම් ශාක පවා සතුන් ගොදුර බවට පත් කර ගන්නේය. මේ සෑම දෙයක්ම දෙවියන්ගේ නියමය පරිදි සිදු වන්නේය. දෙවියන් නියම කර ඇති මෙම ආහාර දාමය දෙවියන්ටම මිස වෙනත් කෙනෙකුට වෙනස් කල නොහැකිය. මේ හේතුවෙන් මාංශ බක්ෂක සතුන් නොකා නොබී මිය ගියත් තණකොළ කන්නේ නැත. එසේම ශාක බක්ෂක සතුන් මිය ගියත් මාංශ අනුභව කරන්නේ නැත. එසේ තිබියදී මිනිසා මේ දෙකටම වඩා වෙනස්ය. මිනිසාට ශාක හෝ මාංශ හෝ ඒ දෙකම අහාරයට ගත හැකි ජීරණ පද්දතියක් ලැබී ඇත.

ඉහත ගෙන හැර දැක්වූ කරුණු අනුව ජීවීන්ගේ ආහාර දාමය වෙනස් කිරීම ස්වභාවික නීතිවලට පටහැනිය. එබැවින් දෙවියන් පහළ කල කිසිම දහමකින් සත්ව ආහාර තහනම් කොට නොමැත. තවද එම ආගම්වලින් මාංශ අනුභව කිරීම අනිවාර්ය කොට නොමැත. එහෙත් මිනිසාට අහිතකර මාංශ ගැන සඳහන් කොට තිබේ. තවද ආහාරය පිණිස සතුන් ඝාතනය කල යුතු අන්දම ආබ්‍රහමික ආගම්වලින් පෙන්වා දී තිබේ. මේ හේතුවෙන් එම ආගම් අදහන ඕනෑම කෙනෙකුට මාංශ අනුභව කිරීමට හෝ නොකර සිටීමට හැකියාව  ලබා දී තිබේ.

ආහාරය පිණිස සතුන් මැරීම පවක් වන්නේ නම් ගස්කොලන් විරල කාන්තාර වල සහ හිමෙන් වැසුනු ෂිත රටවල්වල මිනිසුන්ට මතත් දුෂ්කරතාවලට මුනුන පෑමට සිදු වන්නේය. ඇතැම් විට ඔවුන්ට සිදුවන්නේ නිරාහාරයේ සිට මිය යාමටය.

ඇතැම් අය සත්ව කරුණාව නිසා මස් කෑමෙන් වැලකි සිටිති. එහෙත් වසු පැටියාට එරෙන කිරි ටික දොවාගෙන බොති. කුකුල් මස් නොකති. එහෙත් අළුතින් පැටව් ඇතිවීමට තිබෙන බිත්තර අනුභව කරති. සත්ව ඝාතනය පවක් ලෙස සලකති. නමුත් ළමුන්ට පණු බෙහෙත් දෙති. මේවා දෙස බලන කල දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමට වඩා තම අවශ්‍යතාවයන් සඳහා මාංශ අනුභව කිරීමත් වරදක් නොවන බව පැවසිය හැකිය.

මිනිසාගේ අහාර රටාව දෙස බලන කල ලෝකයේ වැඩියෙන්ම සත්ව ආහාර අනුභව කරන්නේ මිනිසාය. එය මිනිසාගේ නිරෝගී ජීවිතය සඳහා අත්‍යාවශ්‍ය සාදකයකි. ඇයිද යත් මිනිස් සිරුරේ ඊට අවශ්‍ය සියළුම ඇමිනෝ අම්ල නිෂ්පාදනය නොකරන නිසාය. ඇමිනෝ අම්ල මිනිස් සිරුරේ නිසි වර්ධනයට අත්‍යාවශ්‍යය. ඉන් බොහෝ කාර්යයන් සිරුර තුල සිදු කෙරෙන්නේය. විශේෂයෙන්ම මිනිස් සිරුරේ ප්‍රෝටීන නිෂ්පාදනය සහ හෝමෝන නිෂ්පාදනය ඉන් සිදුවන්නේය. කෙසේ වෙතත් මෙම ඇමිනෝ අම්ල 20 ම මිනිස් සිරුරේ නිෂ්පාදනය වන්නේ නැත. ඉන් 9 ක්ම වෙනත් ආහාරවලින් ලබා ගත යුතුව ඇත. ඒ සඳහා ඉතා හොඳ ආහාර වන්නේ මස්, බිත්තර සහ කුකුලන් ය.

මිනිසාගේ ආහාර අවශ්‍යතාවලින් සැලකිය යුතු කොටසක් සපයන්නේ සත්ව ආහාර මගිනි. ඒ අනුව සත්ව ආහාර නිෂ්පාදනය ලෝකෙය් ප්‍රධාන කර්මාන්තයක් බවට පත්ව ඇත. විසි එක් වන සියවසේ දී පමණක් වසරකට සතුන් බිලියන 100 ක් එනම් සතුන් 100,000,000,000 පමණ ඝාතනය කොට ඇත. මේ අතර ගවයින් බිලියන එකක් සහ බැටළුවන්, ඌරන් සහ කුකුලන් බිලියන 50 වේ (Williams and DeMello 2007, p. 14).
මේ හැරුණු විට ගොඩබිම මෙන් තුන්ගුණයක් වන සාගරයෙන් මිනිසාගේ අහාර අවශ්‍යතා වලින් විශාල ප්‍රමානයක් ලබා දෙන්නේය. ඒ අනුව ගෝලීය මාළු නිෂ්පාදනය 1999/2001 වසරවල දී ටොන් මිලියන 229 වූ අතර වසර 2050 වන විට එය ටොන් මිලියන 460 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත (Livestock Long Shadow report, Food and Agriculture Organization (FAO) 2006).
සත්ව ආහාර තහනම් කොට තිබුනේ නම් මේ කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වනවා පමණක් නොව ඒ වෙනුවට ශාක ආහාර නිෂ්පාදනය සඳහා විශාල භූමියක් යොදාගැනීමට සිදු වන්නේය. එවිට දැනටමත් ඇති ජය ප්‍රශ්නය තවත් උග්‍ර වනු ඇත. ඊට දෙන විසඳුම කුමක්දැයි මාංශ ආහාරවලට විරුද්ධ වන්නන් විසින් පැහැදිලි කල යුතුය.

By Fasy Ajward.B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.