දූතවරයාගේ මඟෙන් ජීවිතයට පුංචි ඔවදනක්!

By: සෙzයිනබ් අමානි

✍🏻 මට උන ඇත්ත සිදුවීමක්…

👉🏻 අම්මත්, මමත්, මල්ලිත් රෑට කෑම කාලා නිකන් කතා කර කර හිටියා …👉🏻

👉🏻 එක පාරට බයික් එකක් ගේ ඉස්සරහ නතර කරලා කවුදෝ ගෑණු කෙනෙක් ගෙටම දුවගෙන ආවා “අනේ අක්කා අපෙ මහත්තයාට කරන්ට් එක වැදිලා, එන්නකො යන්න අනේ බලන්න” කියලා කෑ ගහගෙන.. (ඒත් අපිට ඒ වෙලාවෙ එක පාරට ඇහුනෙත් නෑ පැහැදිළි ව කියපු එක, මේකයි කිව්වෙ කියලා පස්සේ තමයි සිහියක් ආවේ)

👉🏻 අපිත් එක පාරින් බය වෙලා ඉස්සරහට දුවගෙන ගියා.. 🏃🏻‍♀🏃🏻

👉🏻 බලනකොට ඒ අපෙ ළඟ ගෙදරක නැන්දා කෙනෙක්.. එයාගේ මහත්තයාට කරන්ට් එක වැදිලා… අපෙන් උදව් ඉල්ලගෙන තමයි ඇවිත් තියෙන්නෙ..👉🏻

👉🏻ඒ නැන්දා කෑ ගහගෙනම ඉන්නවා… කන් දෙකට ඇහුන ගමන් කරන්ට් එක වැදුනා කියන කතාව අම්මයි මමයි මල්ලියි දිව්වා බලන්න.. 🏃🏻🏃🏻‍♀

👉🏻 අපිටත් සිහියක් පතක් නෑ.. ඒ නැන්දා බයික් එකේ යන්න කලින් අපි 150m වගේ දුවලත් ගිහින්.. (කොහොම එච්චර වේගෙන් ගියාද අපිම දන්නෙ නෑ 🤭) 👉🏻

👉🏻 ගිහින් බැලුවා.. අල්හම්දුලිල්ලාහ් …. ඒ මාම බේරිලා… 😇 ඒත් යනකොටත් වෙව්ලනවා හොඳටම.. කොහොම උනත් මහා ලොකු හානියක් නෑ.. 👈🏻

✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻✍🏻

🎀 ඒත් මේ කතාවෙ වැදගත් දෙයක් තියනවා කියලා මට හිතෙනවා.. 🎀

🤲🏻🤲🏻🤲🏻 යා අල්ලාහ්, මට සමාව ලබා දෙන්න මං මේ විදියට කියන එකේ වැරැද්දක් තියනවනම් …🤲🏻🤲🏻🤲🏻

👉🏻 කතාවට එන්නම්.. ඒ නැන්දා මේ ළඟ දවසක තමයි ඒ මාමගෙ ගෙදරට ආවේ.. එකම පවුලෙ අක්කයි, මල්ලියි අම්මයි, අක්කගෙ පුතයි හරිම සතුටින් හිටියා. මේ නැන්දා ආව දවසේ ඉඳලා දවස් දෙක තුනක් ගියේ නෑ ඒ සතුට දෙදරලා ගියා … අම්මා අක්කා මල්ලි පවුලෙ ඔක්කොම විරසක කරා.. අන්තිමට ඒ නැන්දයි මාමයි, පොඩි දුවයි එක්ක හැමෝම අකමැති.. හැමෝම තරහ කරගෙන.. 👈🏻

📌අපේ ගෙදර ඒ ගෙදරට ටිකක් දුරින් තියෙන්නෙ, ඒත් ඒ අක්කගෙ ගෙදර එකම වත්තෙ තියෙන්නෙ..📌

📌 මට කියන්න ඕන මේකයි.. අල්හම්දුලිල්ලාහ් , ඒ මාමට මුකුත් ප්‍රශ්නයක් නෑ, ඒත් දුර තියෙන අපේ ගෙදරට එන ටිකට උනත් ඒ මනුස්සයාට දෙයක් වෙන්න ඉඩ තිබ්බා… ළඟ පාත ඉන්න කෙනාට කතා කරගන්න බෑ, විරසක නිසා… 📌

🤝🏻 මං මේක කියන්න හිතුවේ මගේ හිතට ගොඩක් දැනුනා මේ සිද්ධිය..මොකද ඒ මාමා බේරිලා තියෙන්නේ පුදුම විදියට.. 😥අල්හම්දුලිල්ලාහ් .. වයර් එක අතට ඇලිලා.. ඒ මාමා වැටිලා දඟලලා ගොඩක් 😰

✍🏻✍🏻 පසු සටහන ✍🏻✍🏻

☝🏻 මේක මේ ගෙදරට විතරක් සීමා උන ප්‍රශ්නයක් නෙවෙයි.. බහුතර සමාජ ප්‍රශ්නයක්.. ළඟ ගෙදර ඉන්න මනුස්සයා එක්කවත් හොඳින් ඉන්න බෑ මිනිස්සුන්ට, ඒ විතරක් නම් කමක් නෑ, අවුරුදු ගාණක් තිස්සෙ නොවිඳිනා දුක් විඳලා හදපු අම්මට තාත්තට අත පයේ හයිය පෙන්නන දූවරු ,පුත්තු ඉන්න ලෝකයක් මේක..✊🏻

👉🏻 හැබැයි ඔවුන්ට මතක නැති වෙලා මේ ගෙවෙන්නෙ පුංචිම පුංචි තාවකාලික ජීවිතයක් විතරයි කියන එක සහ සදාකාලික ජීවිතය ඇත්තේ මරණයෙන් මතුවට බව.. 👈🏻

🌹🌹🌹 දෙමව්පියන්ට හොඳින් සැලකීම හා නෑදෑයින් සමඟ සමඟියෙන් ජීවත් වීම ගැන අප මැවුම්කරුවාණන් වන අල්ලාහ් මෙසේ අණ කරයි.. 🌹🌹

📍 තව ද, (අල්ලාහ්ව නමදින්න.) ඔහුට කිසිවක් සම නොකරන්න. දෙමව්පියන්ට උදව් උපකාර කරන්න. (එලෙසම) නෑදෑයින්ට ද, අනාතයන්ට ද, දුගීන්ට ද, නෑදෑයින් වන අසල්වැසියන්ට ද, අනෙකුත් අසල්වැසියන්ට ද, (නිතරම) ඔබ සමඟ සිටින හිත මිතුරන්ට ද, මගීන්ට ද, ඔබලාගේ දකුණත අයිති කරගත් අයටද උපකාර කරන්න… (සූරා අන්නිසා: 36)📍

📍 තව ද කවරෙකු මඟින් (තමාට අයත් උරුමයන්) ඔබලා (එකිනෙකාට) ඉල්ලා ගන්නේ ද, අල්ලාහ්ගේ ද, ලේ නෑදෑයින්ගේ ද සම්බන්ධය බිඳ දැමීම ගැන ඔබලා බිය වන්න… (සූරා අන්නිසා :1)📍

📍 තව ද, තම දෙමව්පියන්ට යහපත කරන ලෙස අප මිනිසාට හොඳ උපදෙස් කර ඇත්තෙමු..(සූරා අන්කබූත්: 8)📍

🌟 මේ පිළිබඳ උත්තම නායක මුහම්මද් සල්ලල්ලාහු අලෙයි ව සල්ලම් තුමාණන්ගේ අණ කිරීම් 🌟

👉🏻 රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් තුමාණන් පැවසූ බව අබු හුරෙයිරා රලියල්ලාහු අන්හුතුමා පවසයි; කවරෙක් අල්ලාහ් ව හා කියාමත් දිනය විශ්වාස කරන්නේ ද, ඔහු ආගන්තුකයන් ට සංග්‍රහ කළ යුතු ය. කවරෙක් අල්ලාහ් ව හා කියාමත් දිනය විශ්වාස කරන්නේ ද ඔහු නෑදෑයින් සමඟ සමඟියෙන් සිටිය යුතුය. තව ද,හොඳ දෙයක් ම කතා කළ යුතුය.. (ග්‍රන්ථය :බුහාරි, මුස්ලිම්) 👈🏻

👉🏻 අනස් රලියල්ලාහු අන්හුතුමා දන්වයි; කවරෙක් තම ජීවන අවශ්‍යතා වැඩි කර ගැනීමට ද, ආයුෂ වැඩි කර ගැනීමට ද කැමති වන්නේ නම්, ඔහු නෑදෑයින් සමඟ සමඟිව ජීවත් විය යුතුය… (ග්‍රන්ථය :බුහාරි, මුස්ලිම්) 👈🏻

👉🏻 රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙහි ව සල්ලම් තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හුතුමා දන්වයි; කවරෙක් මහළු වියට පත් තම දෙමව්පියන්ගෙන් දෙදෙනාම හෝ එක්කෙනෙක් සිටියදීත්, ඔහු ස්වර්ගයට නොපිවිසියහොත්, ඔහු නින්දාවට පත් විය. නින්දාවට පත් විය, නින්දාවට පත් විය👈🏻

👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻

👉🏻 මෙය සිදු වූයේ සිංහල පවුලක.. නමුත් මුස්ලිම්වරුන් අතරද බිය භක්තියෙන් තොර වූ මෙවැනි අඥානයන් සිටිති. 👈🏻

🌹 මිනිසුනි! ඔබලා ඔබලාගේ රක්ෂකයාණන්ට බිය වන්න. නියත වශයෙන් ම කියාමත් දිනයේ අති මහත් තිගැස්මත් ඇත. එම තිගැස්සීම දකින සෑම මවක් ම එම දිනයේ කිරි පොවන තම දරුවා ව අමතක කරයි.සෑම ගර්භනී කාන්තාවක් ම තම බර බිම තබයි. (ගබ්සා වනු ඇත.) තව ද, මිනිසුන් අධික බියට පත් වූ නිසා මත් වූවන් ලෙස ඔබ දකින්නේ ය. නමුත් ඔවුන් මත් වූ අය නොවේ. තව ද, අල්ලාහ්ගේ දඬුවම් ඉතා භයානක ය… (සූර අල්හජ් :1,2) 🌹

🤲🏻🤲🏻 යා රබ්, අපව ආරක්ෂා කර යහමාර්ගය සලසා දෙනු මැනවි.. 🤲🏻🤲🏻

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.