ඉස්ලාම්හි අන්තවාදයක් තිබේද? (Is there Islamic extremism?)

අන්තවාදයට අකාරාදියේ දැක්වෙන තේරුම වන්නේ: ආන්තික දේශපාලන හෝ ආගමික අදහස් දැරීම නැතහොත් භක්තිවන්තකම ලෙසය. එහෙත් මෙම අර්ථ දැක්වීම ඉස්ලාම් දහමට ගැලපෙන අන්දම ගැන හැදෑරිය යුතුය. කෙනෙක් යම් ආගමක ඉගැන්වීම් අන්තයටම පිළිපැදීම තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එසේම දහමක් අදහන කෙනෙක් භක්තිවන්තයෙක් වීමත් තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එවැනි දේවල් ඉස්ලාම් දහමේ උගන්වන්නේ ද නැත.

ඉස්ලාම් දහමේ මුලික විශ්වාසයන් හයකි. එනම් අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගැනීම, දේවදුතයින් ගැන විශ්වාස කිරීම, අල්-කුරානයට පෙර අල්ලාහ්ගෙන් පහළ වූ ආගම් ගැන විශ්වාස කිරීම, දහම දෙසීමට පැමිණි නබිවරුන් ගැන විශ්වාස කිරීම, ලෝක අවසානයට පසුව ඇති විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම සහ අල්ලාහ්ගේ නියෝග අනුව සියළුම දේවල් සිදුවන බව විශ්වාස කිරීම යනාදිය වේ. මේවා පිළිගන්නා තැනැත්තා මුස්ලිම් භක්තිකයෙක් වේ. මෙහි සඳහන් කල සියළුම කරුණු සිත හා සම්බන්ද වේ.  එබැවින් එය කිසිවෙකුට හිරිහැරයක් වීමට කිසිම ඉඩක් නොමැත. එසේ තිබියදී එය අන්තවාදය වන්නේ නැත.

මුස්ලිම්වරයෙකු නිතිපතා පස්වතාවක් සලාතය ඉටු කල යුතුය, ධනවතුන් විසින් වසරකට වරක්  තම වත්කම් වලට නියමිත zසකාත් ගණන් බලා ඒවා ලැබීමට සුදුසු අයට ලබා දිය යුතුය, තවද සෑම වසරකටම වරක් රමළාන් මාසය පුරා උපවාස කල යුතුය තවද හජ් ඉටුකිරීම සඳහා සුදුසුකම් ලබන සියළු දෙනාම ජිවිතයේ එක් වතාවක් හෝ හජ් වන්දනය ඉටුකල යුතුය. මෙම කරුණු නිසා කිසිවෙකුට හානියක් වන්නේ නැත. එබැවින් එයද අන්තවාදය ලෙස සැලකිය නොහැකිය.

ඉහත සඳහන් කලේ ඉස්ලාම් දහමේ අනිවාර්ය කරුණු වේ. ඒ හැරුණු විට සෑම මුස්ලිම් වරයෙකුගේම රෝල් මොඩලය විය යුත්තේ මුහම්මද් නබිතුමාගේ ජිවිත ආදර්ශයයි. එය සාමකාමී දිවි පෙවෙතක් සඳහා මඟ පෙන්වීමකි. ඒ අනුව දෙමව්පියන්ට සැලකීම, අන්‍ය ආගම්වලට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම, අසල්වැසි ප්‍රේමය, දුගී ජනතාවට උදව් උපකාර කිරීම වැනි බොහෝ යහපත් දේවල් උගන්වා ඇත. මේ නිසා මුස්ලිම් සමාජයේ වැඩිහිටි නිවාස නොමැත. ඉස්ලාම් දහම ඉවසීමෙන් කටයුතු කිරීමට උගන්වන්නේය. එබැවින් එවැනි දේවල්ද අන්තවාදයට සම්බන්ද වන්නේ නැත.

ඇතැම් මුස්ලිම්වරුන් ඉස්ලාමිය නිර්ණායකයන්ට අනුකුලව විනයානු කූලව ඇඳුම් ඇඳීම හෝ මුස්ලිම් පිරිමින් රැවුල වැවීම හෝ අන්තවාදය ලෙස අර්ථ දැක්විය නොහැකිය. ඒවා ඔවුන්ගේ ආගාමික නිදහස ය. එමගින් කිසිවෙකුට කරදරයක් සිදු වන්නේ නැත. එය කරදරයක් ලෙස සලකන්නේ නම් එහි අනෙක් පැත්ත වන බිකිනිය සමග පාරේ යෑමත් අන්තවාදයක් විය යුතුය. තවද ඉස්ලාමයේ මුලික අවශ්‍යතායක් වන්නේ හලාල් අහාර අනුභව කිරීමය. මුලික අවශ්‍යතාවයකට ඉඩ හැරීම අන්තවාදය නොවේ. එය මිනිස් අයිතිවාසිකමක් වේ. මේ සෑම කරුණක් දෙසම බලන කල ඉස්ලාම් දහමේ කිසිසේත්ම අන්තවාදයක් නැත.

ඇතැම් මාධ්‍යයන් ඔස්සේ ඉස්ලාම් දහමේ සාරධර්ම විකෘති කරමින් වැරදි චිත්‍රයක් ජනතාව අතර තැබීමට උත්සාහ කරන්නේය. ඒ අනුව ඇතැම් නොමග ගිය පිරිස් විසින් සිදු කරනු ලබන්නාවූ ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාම් දහම ලෙස පෙන්වීමට උත්සාහ කරති. එහෙත් එහි කිසිම පදනමක් නොමැත. ඉස්ලාම් යනු සාමය අගයන සියළු ආගම්වලට ගරු කරන දහමකි. තවද මිනිස් සහ සත්ව හිංසාව එම දහමින් තරයේ ප්‍රතික්ෂේප කරන්නේය. ඒ අනුව අහේතුකව සිදු කරනු ලබන්නාවූ එක් මිනිස් ඝාතනයක් මුළු මිනිස් සංහතියම විනාශ කිරීමක් ලෙස සලකන්නේය. අල් කුරානයේ මිස වෙනත් කිසිම් දහම් පුස්තකයක එවැනි ඉගැන්වීමක් දැකිය නොහැකිය.

ඉස්ලාමිය ජිහාද් සංකල්පය ඉතා පුළුල් එකක් වුවද ඇතැම් මාධ්‍යයන් විසින් එහි අර්ථය විකෘතිකර පෙන්වීමට උත්සාහ කරන්නේය. ඒ අනුව කුරානයේ ඇති ඇතැම් වැකිවලට වැරදි අර්ථකතනයන් ලබා දෙමින් පොදු ජනතාව නොමග යැවීමේ කුමන්ත්‍රණයක මාධ්‍යයන් නිරත වෙමින් ඇත. ඇමරිකාවේ 9/11 අභ්‍යන්තර කටයුත්තක් බවට දැන් බොහෝ වාර්තාවන් පලවෙමින් තිබියදී කිසිම සොයා බැලීමකින් තොරව එම වැරැද්ද මුස්ලිම්වරුන්ට පැටවීමෙන් මෙය වඩාත් හොඳින් පැහැදිලි වන්නේය. අවසාන වශයෙන් කිව හැක්කේ නොමග ගිය අය කරන දේවල් මත ඉස්ලාම් දහම කුමක්දැයි තීරණය නොකළ යුතු බවයි.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.