මද්රසා අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ ඇයි? (Why Madrasa Education is Needed?)

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන්නේය. මෙය නබිතුමාද අල් කුරානය මගින්ද දිරි ගන්වා ඇත. කෙසේ වෙතත් මුස්ලිම්වරුන් විසින් ලෞකික අධ්‍යාපනයට මෙන්ම ධාර්මික අධ්‍යාපනයට ඉහල වටිනාකමක්  ලබා දිය යුතුව තිබේ. ධාර්මික අධ්‍යාපනය තුලින් අල්ලාහ් ගැන ද ඔහුගේ නියෝග ගැනද නිවැරදි අවබෝදයක් ලබා ගැනීමට හැකි වන්නේය. එය මුස්ලිම්වරයෙකුගේ ජිවිතයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. ඇයිද යත් මිනිස් ජිවිතයේ නිවැරදි අරමුණ කාරා ලඟා විය හැක්කේ නිවැරදිව දහම හදාරා ඒ අනුව ක්‍රියා කිරීමෙන් වන නිසාය. මෙම අරමුණ ඉටු කරගැනීම වෙනුවෙන් ඇතැම් මුස්ලිම් ළමුන් පුර්ණ කාලින දහම් පාසල් වලට යොමු කරනු ලැබේ. එම පාසැල්වල ප්‍රධාන අරමුණ වන්නේ ආගමික දැනුම ළමුන්ට ලබා දීමයි. කෙසේ වෙතත් නබිතුමාගේ කාලයේදී මෙවැනි පාසැල් තිබුනේ නැත. එහෙත් නබිතුමාගෙන් පසු එවැනි පාසලක අවශ්‍යතාවය පැන නගින්නේ ඉස්ලාම් දහම තුල පුජක පක්ෂයක් නොමැති කම නිසාය. මේ නිසා එම  දහම් පාසල්වලින් උසස් අධ්‍යාපනයක් ලබන විද්වතුන් විසින් ඉස්ලාම් දහම ප්‍රචාරය කරනු ලබන්නේය.

මධ්‍යකාලීන යුගයේදී මුස්ලිම්වරුන් විසින් ලොවට ආගමික දැනුමට අමතරව විද්‍යාව, ගණිතය, වෛද්‍යවිද්‍යාව, තාරකා භෞතික විද්‍යාව වැනි ක්ෂේස්ත්‍ර ගණනාවකින්ම ඉදිරියෙන් සිට ඇත. එහෙත් මෑත කාලයේ ලෞකික අධ්‍යාපනය සහ ආගමික අධ්‍යාපනය කොටස් දෙකලට වෙන් කොට හැදෑරීම හේතුවෙන් ආගමික අධ්‍යාපනය හදාරන අය විසින් ලෞකික අධ්‍යාපනයට ලබා දෙන දායකත්වය අඩුවී ඇත. කෙසේ වෙතත් ඇතැම් ජන මාධ්‍යයන් ඔස්සේ මද්රසා අධ්‍යාපනය විවිචනය කරන්නේ ඉස්ලාම් බිතිකාව හේතු කොට ගෙනය. එහෙත් මද්රසා අධ්‍යාපනය මගින් සිදු වන්නේ අල් කුරානය සහ නබිතුමාගේ හදිස් ගැන හැදෑරීමකි. තවද එම මුලාශ්‍ර ඇසුරෙන් ෂරියා නීතිය හදාරනු ලබන්නේය. ඒ අනුව මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතයේ අරමුණ ජය ගැනීමට මද්රසා අධ්‍යාපනයෙන් හැකි වන්නේය. මෙවැනි පාසැල් පද්දතියක් නොතිබෙන්නට ඉස්ලාමිය දැනුම ජනතාව අතර ගෙන යාම පහසු වන්නේ නැත.

නබිතුමා ජිවතුන් අතර සිටියදී ජනතාවගේ ප්‍රශ්නවලට එතුමා මැදිහත්වී පිළිතුරු ලබා දුන් අතර ඒ සඳහා ඇතැම් සහාබා වරුන්වද පත් කොට තිබුනේය. එහෙත් නබිතුමාගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ට විද්වතුන් විසින් දහම ඉගැන්වීමේ කාර්යය සිදු කරනු ලැබ තිබේ. ඔවුන් අතර විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ ඉමාම් අබු හනිෆා, ඉමාම් මාලික්, ඉමාම් ෂාෆි, ඉමාම් අහමද් ඉබ්නු හම්බල් යන විද්වතුන් ය. මේ හැර තවත් බොහෝ විද්වතුන් එම යුගයේ දහම වෙනුවෙන් විශාල සේවයක් සිදු කොට තිබේ. කෙසේ වෙතත් එම විද්වතුන් ඔවුන් පවසන දේවල් පමණක් අනුගමනය කරන ලෙස පවසා නොතිබීම වටහා ගත යුතු වැදගත් කරුණක් වන්නේය. විද්වතුන් විසින් කලින්ම සුදානම් කල පිළිතුරු පිලිපැදීමෙන් සිදු වන්නේ අල් කුරානය සහ නබිතුමාගේ හදිස් ගවේෂණය කොට හැදෑරීම වැලකී යාමය.

මෑත කාලයේ දහම හැදෑරීම සඳහා බොහෝ පහසුකම් ලැබී ඇත. විශේෂයෙන්ම පරිගණක සහ අන්තර්ජාල පහසුකම් නිසා එය වඩාත් හොඳින් කර ගැනීමට හැකිවී තිබේ. මේ නිසා මද්රසා අධ්‍යාපනය නොලබන ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් දහම හැදෑරීමට හැකියාව ලැබෙන්නේය. එහෙත් මෙලෙස දහම හැදෑරීමටත් ගුරුවරයෙකු යටතේ දහම හැදෑරීමටත් විශාල වෙනසක් ඇති බව මතක තබා ගත යුතුය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.