ආත්මය විද්‍යාගාරවල නිපදවිය හැකි ද? (Can spirit be produced in laboratories?)

ආත්මය පිලිබඳ ඉතිහාසය දැනට වසර බිලියන තුනකට පමණ පෙර සිදුවී ඇතැයි විද්‍යාඥයින්ගේ විශ්වාසයි. කෙසේ වෙතත් විද්‍යාඥයින් ආත්මය ගැන මෙතෙක් වැදගත් කිසිම දෙයක් සොයාගෙන නොමැත. ඇයිද යත් ආත්මය වටහාගැනීමට ඉතාමත්ම අසීරු සියුම් දෙයක් වන නිසාය. ආත්මය විද්‍යුතය වැනි දෙයකට හෝ එවැනි වෙනත් දෙයක් සමග හෝ සැසඳීමට නොහැකිය. එසේම ආත්මය අදේවවාදීන් විශ්වාස කරන අන්දමට රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක්ද නොවේ. එබැවින් එය විද්‍යාගාරවල නිෂ්පාදනය කිරීමට නොහැකිය. ආත්මය ශරීරයෙන් නිස්සාරණය කොට තවත් කෙනෙකුට ලබා දිය හැකි දෙයක්ද නොවේ. කෙසේ වෙතත් ආත්මය ශරීරයෙන් ඉවත්වූ වහාම ශරීරයේ ඇති සෑම අවයවයකම ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම ඇනහිටින්නේය. ඩාවින්ගේ වාදයෙන් ද ආත්මය ගැන පැහැදිලි කිරීමක් සිදු කොට නොමැත. එය එම වාදයේ දක්නට ලැබෙන විශාල අඩුවකි.

කෙසේ වෙතත් විද්‍යාඥයින් විසින් මුල්ම ජිවය ඇතිවීම පිළිබඳව නොයෙකුත් මතයන් ඉදිරපත් කොට තිබේ. ඉන්  එක් මතයක් වන්නේ අකුණු කෙටිම නිසා මුල්ම ජීවියා බිහිවූ බවයි. තවත් මතයක් වන්නේ පිට සක්වලින් මුල්ම ජීවිය පැමිණ තිබිය යුතු බවයි. මෙම මතයන්ට අමතරව වෙනත් මතයන්ද  ප්‍රකාශ වී තිබේ. කෙසේ වෙතත් මෙම මතයන් විද්‍යානුකුලව සනාථ කොට නොමැත. මුල්ම ජිවය විදුලිකෙටිමකින් හට ගත්තේයැයි මොහොතකට සිතුවත් එසේ හටගන්නා ජිවය ඇතුලත් විය යුත්තේ ප්‍රෝටීන අඩංගුවන ශරීරයක් තුලටය. එහෙත් මුල්ම ප්‍රෝටීනය ඇතිවන්නේ කෙසේදැයි සවමත් විසඳා නොමැත. ප්‍රෝටීන අනුවල සංකීර්ණතාවය නිසා ඒවා ඉබේ ඇතිවීම කිසිසේත්ම සිදු විය නොහැකිය. ඒ අනුව ප්‍රෝටීන අනුවක් ඉබේ ඇතිවීමට තිබෙන සම්භාව්‍යතාව ඉතාමත්ම අඩුය. ඇතැම් විද්‍යාඥයින් පවසන අන්දමට ප්‍රෝටීන අනුවක් ජනනය වීම සඳහා යන කාලය විශ්වය ආරම්භ වීමට යන කාලයට වඩා වැඩිය. මින් පැහැදිලි වන්නේ එය දෙවියන්ගේ මැවීමකින් මිස ඉබේ ඇතිවූ දෙයක් නොවන බවයි. ආත්මය නොහොත් ප්‍රාණය ගැන අල් කුරානයේ මෙලෙස සඳහන් වේ.

“ඔවුන් ප්‍රාණය ගැන නුඹගෙන් විමසති. ප්‍රාණය මාගේ සමිඳුන්ගේ (رب) අණ පරිදිම ඇතැයි ද (එය ගැන) සුළු දැනුමක් පමණක් ඔබලාට දෙනු ලැබ ඇතැයි ද පවසනු” (කුරානය 17:85).

ඉහත දැක්වෙන කුර්ආන් වැකිය අනුව ප්‍රාණය දෙවියන්ගේ අණ පරිදි ඇතිවූ දෙයකි. තවද ප්‍රාණය පිළිබඳව මිනිසාට ඇත්තේ ඉතා අල්ප දැනුමක් බවද කුරානය පවසයි. මින් පැහැදිලි වන එක් කරුණක් නම් එය මිනිසාට නිපදවිය නොහැකි දෙයක් බවයි.

ආත්මය විනාශ වන්නේ නැත. එබැවින් එයට දිගු ගමනක් ඇත. දරුවෙක් පිළිසිඳ ගැනීමේදී එය මවුකුසට ඇතුලත් කරන බවත් මරණයෙන් පසු නැවත එය අත්පත් කරගනු ලබන බවත් ඉස්ලාමිය ඉගැන්වීම වේ. තවද මිනිසා ගනු ලබන සියළුම වැදගත් තීන්දු තීරණවලට ආත්මය වග කිව යුතුය. එබැවින් මිනිසාගේ මරණයෙන් පසු ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ලබන්නේ මිනිසාගේ ශරීරය සහ ආත්මය මගින් සිදු කරනු ලබන ක්‍රියාවන් අනුවය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.