ජීවයේ උපත (Birth of Universe)

”මිනිසා පැවත එන්නේ වානරයන්ගෙන් ද? නැද්ද?” යන ප‍්‍රශ්නය ඩාවින්ගේ පරිණාම වාදය ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුට සිතට නැෙඟන්නෙකි. ඊට පෙර පරිණාම වාදය පිළිතුරු දිය යුතු ප‍්‍රශ්ණ ගණනාවකි. මුල්ම ප‍්‍රශ්නය ”මුල්ම ජීවය පෘතුවිය මත බිහිවූයේ කෙසේද” යන්නයි. පරිණාමවාදීහු පළමු ජීවය අහම්බෙන් :ඊහ ක්‍ය්බජැ* අජීවී ද්‍රව්‍ය වලින් සජීවී ෙසෙලයක් ඇති වීමෙන් බිහිවිය යනුවෙන් පවසති. පරිණාමවාදයට අනූව එම ජීව ෙසෙලය පෘතුවියේ ගල්, පස්, වායු ආදී අජීවී ද්‍රවය පමණක් තිබුනු යුගයක සුළඟ, වර්ෂාව හා අකුණු සැර ආදියේ බලපෑම් හේතු කොට ගෙන හිටි හැටියේම බිහි වූ බව පැවසේ. මෙම ප‍්‍රකාශය ජීව විද්‍යාවේ මූල ධර්මවලින් එකකට පටහැනි වේ. ”ජීවය ජීවයකින්ම පමණක් පැවත ඒ” :ඛසෙැ ජ්පැ දබකහ රෙදප ඛසෙැ* යන ජීව විද්‍යා මූල ධර්මයට අනූව අජීවී දෙයකට ජීවය බිහි කළ නොහැකිය.

අජීවී පදාර්ථයකට ජීවයක් බිහි කළ හැකිය යන්න මධ්‍ය කාලීන යුගයේ අද්භුත විශ්වාසයකි. ”ස්වයංසිද්ධි ජනනය” යනුවෙන් හැඳින්වුණු එම වාදයට අනූව තිරිඟු වලින් මීයන් බිහිවූ බවත්. ඉහඳ පණුවන් ස්වයං සිද්ධවම මස් වලින් බිහි වු බවත් පිළිගැනිණ. ඩාවින් තම වාදය ඉදිරිපත් කරන අවධියේ (1856* ද ක්‍ෂුද්‍ර ජීවීන් ස්වයංවම අජීවී පදාර්ථයෙන් බිහිවිය යන අදහස පතළව පැවතිණ.

ප‍්‍රංශ ජීව විද්‍යාඥ ලූවිස් පැස්වර්ගේ සොයා ගැනීම් (1857* මෙම මතයට අවසානය උදා කළේය. ඉහඳ පණුවන් යනු මැස්සන් බිත්තර දැමීමෙන් ඇති වන කීටයන් බවත්, මීයන් උගේ දෙමාපියන්ගෙන් මිස තිරිඟු වලින් බිහි නොවන බවත් ඔහු පෙන්වීය. (පිස්සු බලූ රෝගයට එන්නතක් සොය ගත්තේද මෙම විද්‍යාඥයාය* ”අප‍්‍රාණික දේවලින් ජීවය බිහිවිය හැකිය යන මතය සදහටම ඉතිහාසයේ වළලනු ලැබ ඇත” යනුවෙන් ද ඔහු සඳහන් කළේය. මෙය ඩාවින්ගේ පරිණාමවාදයට මරු පහරකි. හෙන්රි මොරිස් නම් විද්‍යාඥයා පැවසුවේ පැස්වර්ගේ සොයාගැනීම් ස්වයං සිද්ධි ජනනයට මෙන්ම ඩාවින්ගේ පරිණාමවාදයට ද මරු පහරක් බවයි. පැස්වර්ගේ සොයා ගැනීම් විද්‍යාවේ ”ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව” :ඵසජරදඉසදකදටහ* නම් වූ අංශය බිහි වීමට ඉවහල් විය. පැස්වර් ගෙන් පසුවද පරිණාමවාදීන් තවමත් පවසා සිටින්නේ පළමු ජීව ෙසෙලය අහම්බෙන් බිහි වූ බවයි. ඒ පසුපස ඇති රහස කුමක්දැයි විමර්ෂණයක යෙදීම අගනා මෙහෙයකි.

පරිණාමවාදියෙකු වන ඇලෙක්සැන්ඩර් ඔපරින් 20 වන ශත වර්ෂය ආරම්භයේ වාදයට වෙනත් මුහුණුවරක් දෙමින් ”රසායනික පරිණාමය” පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. ”පළමු ජීව ෙසෙල අහම්බෙන් බිහි වූයේ මූලාකෘතික (ඔක්සිජන් රහිත වූ* පරිසර තත්ත්වයක් යටතේය” යනුවෙන් ඔහු පැවසීය. ඔපරින් ඇතුළු කිසිම පරිණාමවාදියෙකුට මේ සඳහා සාධක ඉදිරිපත් කළ නොහැකි විය. මීට පටහැනි ලෙස 20 වන ශත ශතවර්ෂයේ සෑම සොයා ගැනීමක් මගින්ම තහවුරු වූයේ ජීවය අහම්බෙන් බිහිවිය නොහැකි ඉතාමත් සූක්‍ෂම වූත් සංකීර්ණවූත් පද්ධතියක් බවයි. ෘභ්ල ඍභ් සහ ප්‍රෝටීන් වල ව්‍යූහය අධ්‍යයනයෙන් පසු සුප‍්‍රසිද්ධ පරිණාමවාදියෙකු වන ලෙස්ලි  ඕර්ගල් පැවසුවේ ”ජීවය රසායනික කි‍්‍රයා මගින් බිහිවිය නොහැකි බවට නිගමනය කළ හැකිය” යනුවෙනි.

පළමු ජීව ෙසෙලය අහම්බෙන් බිහිවූ බව ඔප්පු කිරීම සඳහා 20 වන ශත වර්ෂයේ සිදු කළ සෑම පරික්‍ෂණයක්ම හා පර්යේෂණයක්ම අසාර්ථක විය. ලෝකයේ දියුණුතම විද්‍යාගාරවල පවා ජීව ෙසෙලයක් බිහි කිරීමට නොහැකි විය. එබැවින් පළමු ජීවය කෙසේ බිහි වූයේ ද යන කරුණ පරිණාමවාදය දුෂ්කර තත්ත්වයට පත් කරන පළමු පියවර වෙයි.

පරිණාමවාදය ආරක්‍ෂා කිරීමට වෙහෙස දරන විද්‍යාඥයන්ගෙන් කෙනෙකෙු වන මහාචාර්ය ජෙෆරි බාඩා මෙලෙස තම අසාර්ථකත්වය පිළිගනියි. ”අප විසිවන ශත වර්ෂයෙන් සමුගන්නෙමු. එම ශත වර්ෂයට පිවිසෙන විට තිබු ”පොළව මත ජීවය බිහිවූයේ කෙසේද? යන දැවැන්ත ප‍්‍රශ්නයට තවමත් විසදුම් නොලද්දෙමු” යනුවෙන් පැවසීය.

පරිණාමවාදය අවලංගුභාවයට පත්කරමින් ”ජීවයක් බිහිවන්නේ ජීවයකින්මය” යන ජීව විද්‍යාත්මක නීතිය පෙන්වා දෙන්නේ, පළමු ජීවය ද පෘතුවිය මත බිහිවූයේ ජීවයකින්ම බවයි. වෙනත් අයුරකින් පවසනවා නම් අති බුද්ධිමත් හා බලවත් වූ සජීවී ශක්තියක් විසින් පෘතුවිය මත ජීවය සැලසුම් සහගත ලෙස මවන ලද බවයි. අජීවී දෙයකට ප‍්‍රාණය දිය හැකි එකම ශක්තිය අල්ලාහ් පමණි.

අල්කුර්ආනය මෙසේ පවසයි:
”අප‍්‍රාණික දෙයින් ප‍්‍රාණි දෙය ජනිත කරන්නේත්, ප‍්‍රාණීය දෙයින් අප‍්‍රාණික දෙය ජනිත කරන්නේත් අල්ලාහ්මය. පොළොව මරණින් පසු ප‍්‍රාණවත් කරන්නේ ද ඔහුමය. මේ ආකාරයෙන් ඔබද මරණින් පසු අවදිකරනු ලබන්නෙහුය” (අර්රූම් : 19*.

කුද්රත් නාපාවල

Leave a Reply

Your email address will not be published.