පරිච්ඡේදය 90 – අල් බලද් (එම නගරය)

පරිච්ඡේදය – 90

අල් බලද් (එම නගරය)

මක්කි – වැකි 20

بسم الله الرحمن الرحيم

අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)


لَا أُقْسِمُ بِهَذَا الْبَلَدِ

وَأَنتَ حِلٌّ بِهَذَا الْبَلَدِ

90:1,2. (ඕ:නබි!) ඔබ (මක්කම වූ) මෙම නගරයෙහි සිටින තත්ත්වයෙහි, මම මෙම නගරය කෙරෙහි දිවුරමි.


وَوَالِدٍ وَمَا وَلَدَ

90:3. (පළමු) පියා කෙරෙහිද, ඔහු වැදූවන් කෙරෙහිද දිවුරා පවසමි!


لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ

90:4. නියතව අපි මිනිසාව දුෂ්කරතාවයෙහි (ගිලී සිටින්නෙකු ලෙස) මවා ඇත්තෙමු.


أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ

90:5. ඔහු කෙරෙහි කවරෙකුවත් හැකියාව නොලබන්නේය යි ඔහු සිතයිද?


يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا

90:6. ‘මම අධිකව සම්පත් විනාශ කර ඇත්තෙමි’ යි ඔහු (අහංකාරකමින්) පවසයි.


أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ

90:7. ‘මාව කිසිවෙකු දුටුවේ නැතැ’ යි ඔහු සිතයිද?


أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ

وَلِسَانًا وَشَفَتَيْنِ

90:8,9. අපි ඔහුට දෑසද, දිවක්ද, දෙතොලද ඇති නොකළෙමුද?


وَهَدَيْنَاهُ النَّجْدَيْنِ

90:10. තවද අපි ඔහුට (යහපත, අයහපත යන) දෙමඟම නොපෙන්වූයෙමුද?


فَلَا اقْتَحَمَ الْعَقَبَةَ

90:11. එසේ වුවද ඔහු (යහපතට අයත් මං වූ) ‘අකබා’ව පසු නොකළේය.


وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ

90:12. ‘අකබා’ව යනු කුමක්දැ යි කියා ඔබට දැන්වූයේ කුමක්ද?


فَكُّ رَقَبَةٍ

90:13. (එය) වහළෙකුව නිදහස් කිරීම වේ.


أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ

يَتِيمًا ذَا مَقْرَبَةٍ

أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ

90:14,15,16. නැතිනම් සමීප නෑකමක් ඇති අනාථ දරුවෙකුට, නැතිනම් දුගීබවෙන් පෙළෙන දුප්පතෙකුට බඩගිනි දවසක ආහාර ලබාදීම වේ.


ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ

90:17. පසුව ඔහු 6විශ්වාස කර, ඉවසීම මගින් එකිනෙකාට උපදෙස් කර, කරුණාව මගින් එකිනෙකාට උපදෙස් කරන්නන් අතරෙහි සිටීමද වේ.


أُوْلَئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ

90:18. දකුණු පාර්ශවයට අයත්වන්නෝ ඔවුහුමය.


وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ

90:19. කවරහු අපගේ වැකි 12ප්‍රතික්ෂේප කළෝද ඔවුන් වම් පාර්ශවයට අයත්වූවන්ය.


عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ

90:20. ඔවුන් මත (නන්දෙසින්) වසනු ලැබූ ගින්න තිබෙන්නේය.

Leave a Reply

Your email address will not be published.