පරිච්ඡේදය 83 – අල්මුතෆ්ෆිෆීන් (මිනුම්, කිරුම්හි වංචා කරන්නෝ)

පරිච්ඡේදය – 83

අල්මුතෆ්ෆිෆීන් (මිනුම්, කිරුම්හි වංචා කරන්නෝ)

මක්කි – වැකි 36

بسم الله الرحمن الرحيم

අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)


وَيْلٌ لِّلْمُطَفِّفِينَ

83:1. මිනුම්, කිරුම්හි වංචා කරන්නන්ට විපතමය!


الَّذِينَ إِذَا اكْتَالُواْ عَلَى النَّاسِ يَسْتَوْفُونَ

83:2. ඔවුහු මිනිසුන්ගෙන් මැන ලබාගන්නා කල පූර්ණව ලබාගන්නෝය.


وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ

83:3. නමුත්, මොවුහු ඔවුනට මැන හෝ කිර හෝ දෙන කල අඩු කරති.


أَلَا يَظُنُّ أُولَئِكَ أَنَّهُم مَّبْعُوثُونَ

لِيَوْمٍ عَظِيمٍ

83:4,5. නියතව තමන් මහඟු දිනයක නැගිට්ටවනු ලබන්නන් යැයි ඔවුන් සිතා බලන්න එපාය?


يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ

83:6. මිනිස්සු 9එම දිනයෙහි සකල ලෝවැසියාගේ 10ස්වාමියා ඉදිරියෙහි සිටගන්නෝය.


كَلَّا إِنَّ كِتَابَ الفُجَّارِ لَفِي سِجِّينٍ

83:7. එසේ නොව, නියතව දුෂ්ඨයින්ගේ සටහන් ලේඛණය ‘සිජ්ජීනයෙහි’ ඇත.


وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ

83:8. ‘සිජ්ජීන්’ යනු කුමක්දැ යි කියා (නබි) ඔබට දැන්වූයේ කුමක්ද?


كِتَابٌ مَّرْقُومٌ

83:9. එය ලියනු ලැබූ ලේඛණය වේ.


وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

83:10. 49බොරු කරන්නන්ට 9එම දිනයෙහි විපතමය.


الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ

83:11. ඔවුහු 9විනිශ්චය දිනය 49බොරු කරමින් සිටිති.


وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ

83:12. සීමාව ඉක්මවූ, එක් එක් පව්කාරයා හැර (වෙන කිසිවෙක්) එය 49බොරු නොකරන්නේය.


إِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ

83:13. අපගේ වැකි ඔහුට කියවා පෙන්වනු ලැබුවේ නම්, ‘(මේවා) පැරැන්නන්ගේ කට කථා’ යැයි ඔහු පවසයි.


كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ

83:14. එසේ නොව, නමුත් ඔවුන් කරමින් සිටි දේ ඔවුන්ගේ හදවත් මත මලබැඳීමක් ලෙස පතිත විය.


كَلَّا إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ

83:15. එසේ නොව, ඔවුහු 9එම දිනයෙහි තමන්ගේ 10ස්වාමියා(ව බැලීම) කෙරෙන් නියතව වළක්වනු ලබන්නෝය.


ثُمَّ إِنَّهُمْ لَصَالُوا الْجَحِيمِ

83:16. පසුව, නියතව ඔවුහු 21නිරයෙහි ඇතුළුවන්නෝය.


ثُمَّ يُقَالُ هَذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ

83:17. පසුව, ‘ඔබලා 49බොරු කරමින් සිටියේ මෙයම’ යි පවසනු ලබන්නේය.


كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ

83:18. එසේ නොව, නියතව සැදැහවතුන්ගේ සටහන් ලේඛණය ‘ඉල්ලියියීන්’හි ඇත.


وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ

83:19. ‘ඉල්ලියියූන්’ යනු කුමක්දැ? යි කියා (නබි) ඔබට දැන්වූයේ කුමක්ද?


كِتَابٌ مَّرْقُومٌ

83:20. එය ලියනු ලැබූ ලේඛණය වේ.


يَشْهَدُهُ الْمُقَرَّبُونَ

83:21. සමීපයෝ (වන 24මලාඉකාවරු) එය බලන්නෝය.


إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ

83:22. නියතව සැදැහවත්හු 22ස්වර්ගයෙහි සිටින්නෝය.


عَلَى الْأَرَائِكِ يَنظُرُونَ

83:23. උස් ආසන මත හිඳ බලාසිටින්නෝය.


تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ

83:24. (ඕ:නබි) ඔබ ඔවුන්ගේ මුහුණුවල ප්‍රබෝධය දැකගන්නෙහිය.


يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ

83:25. ඔවුහු මුද්‍රාව තබනු ලැබූ පැහැදිලි මත්පැනින් පොවනු ලබන්නෝය.


خِتَامُهُ مِسْكٌ وَفِي ذَلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ

83:26. එහි මුද්‍රාව කපුරු වේ. මෙ(ය ලබාගැනීමෙ)හි තරඟයෙහි යෙදෙන්නන් තරඟ කළා වේ.


وَمِزَاجُهُ مِن تَسْنِيمٍ

83:27. එහි මිශ්‍රණය (උසස් උල්පත වූ) ‘තස්නීම’යෙහි ඇත්තක් වේ.


عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ

83:28. එය සමීපවූවන් පානය කරන උල්පතක් වේ.


إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُواْ مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ

83:29. නියතව කවරහු වැරදි කළෝද, ඔවුහු (ලොවෙහි) 6විශ්වාස කළවුන් දෙස බලා සිණාසෙමින් සිටියහ.


وَإِذَا مَرُّواْ بِهِمْ يَتَغَامَزُونَ

83:30. මොවුහු ඔවුන්ව පසු කර යන කල, විහිළුවට තමන් අතර ඇස්වලින් ඉඟි කරමින් සිටියහ.


وَإِذَا انقَلَبُواْ إِلَى أَهْلِهِمُ انقَلَبُواْ فَكِهِينَ

83:31. තවද, ඔවුහු තමන්ගේ පවුල හමුවට ආපසු යන කලද සමච්චල් කළවුන් ලෙස (ප්‍රීතියෙන්) ගියහ.


وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَؤُلَاء لَضَالُّونَ

83:32. මොවුහු (6විශ්වාස කළ) ඔවුන්ව දකින කල, ‘නියතව මොවුන් නොමඟ ගියවුන්’ යැයි පැවසූහ.


وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ

83:33. (12ප්‍රතික්ෂේප කරන්නන් වන) මොවුහු ඔවුන්ව නිරීක්ෂණ කරන්නන් ලෙස යවනු නොලැබුවෝය.


فَالْيَوْمَ الَّذِينَ آمَنُواْ مِنَ الْكُفَّارِ يَضْحَكُونَ

83:34. නමුත්, 6විශ්වාස කළවුන් 9එම දිනයේදී  12ප්‍රතික්ෂේප කළවුන් දෙස බලා සිණාසෙන්නෝය.


عَلَى الْأَرَائِكِ يَنظُرُونَ

83:35. ඔවුහු උසස් ආසන මත හිඳ (12ප්‍රතික්ෂේප කළවුන් විඳින වධ වේදනාව දෙස) බලා සිටින්නෝය.


هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ

83:36. එම 12ප්‍රතික්ෂේප කරන්නෝ තමන් කරමින් සිටි දේ වෙනුවෙන් (නියමිත) 37කුලිය දෙනු ලැබුවෝදැ? (යි අසනු ලබන්නේය.)

Leave a Reply

Your email address will not be published.