ඉස්ලාම් ධර්මය හා පෞද්ගලික අයිතිය

පෞද්ගලික අයිතිය ස්වාභාවික මනෝභාවය සමඟ සම්බන්ධවූවක් ද?

කොමියුනිස්ට්වාදීන් හා ඔවුන්ගේ හිතවාදීන් කියන්නේ එය එවැන්නක් නොවන බවයි. ”මුල්ම කොමියුනිස්ට් ධර්මය” පැවති ආදිතම සමාජයේ පෞද්ගලික දේපළ කිසිවක් නොවූ බව ද ඔවුහු කියති. ඔවුන් කියන පරිදි සියලූම දේපළ පොදු වස්තු විය. හිතෛෂීභාවය, සහයෝගය හා සහෝදරත්වය යන ගුණාංගවලින් දිවි ගෙවූ එකල සිටි සකල ජනතාවම පොදුවේ එම දේපළ භුක්ති වින්දහ. කෘෂිකර්මාන්ත බිහි වීමෙන් පසු වගා කළ බිම් හා නිෂ්පාදන ක‍්‍රම පිළිබඳ ආරවුල් ඇති වීම නිසා එකී ”සුරංගනා අවධිය” වැඩි කල් නොපැවතීම ගැන ඔවුහු අතිශයින් දුක් වූහ. මේ ආරවුල් නිසා අනිවාර්යෙන්ම යුද්ධ හටගත්හ. මිනිසාට මේ භයානක යුද්ධ අවසන් කළ හැක්කේ නැවත වරක් අර ”මුල් කොමියුනිස්ට් ධර්මය” වෙත ආපසු යාමෙනි. ඔවුන් විශ්වාස කරන්නේ ලෝකයට සාමය, හිතෛෂීභාවය හා සන්හිදියාව නැවත ලබා ගත හැකි එකම මාර්ගය මෙය බව යි.

අනෙක් අතට ස්වාභාවිකව ලැබී ඇති හා උත්සාහයෙන් ලබාගත් මානුෂික ආවේග, සංකල්පය හා සිරිත් විරිත් අතර ඇති පැහැදිලි වෙනසක් ගැන මනෝවිද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් එකඟත්වයකට පැමිණ නැත. එනයින්ම පෞද්ගලික අයිතිය සම්බන්ධයෙන් ද ඔවුහු වෙනස් මත දරති. පෞද්ගලික අයිතිය මිනිසාගේ වටාපිටා තත්වයන් කුමක් වූවත් මිනිසා තුළ හට ගන්නා ස්වාභාවික ලක්ෂණයක් බව සමහර මනෝ විද්‍යාඥයෝත් සමාජ විද්‍යාඥයෝත් විශ්වාස කරති. තවත් අය විශ්වාස කරන්නේ එය මිනිසාගේ වටපිටාව ඔස්සේ ලැබෙන බවයි. ළමයෙකුට සෙල්ලම් බඩු ඇත්තේ ස්වල්ප පමණක් නිසා හෝ ඒවා වෙනත් ළමයෙකු ගෙන යනු ඇතැයි යන බිය නිසා ළමයෙකු තම සෙල්ලම් බඩුවලින් වෙන් වී සිටීමට කැමැත්තක් නොදක්වන බව කියනු ලැබේ. ළමයින් දහ දෙනෙකුට ඇත්තේ එක් සෙල්ලම් බඩුවක් පමණක් නම් සණ්ඩු සරුවල් ඇතිවනු සිකුරුය. එහෙත් ළමයින් දහ දෙනෙකුට සෙල්ලම් බඩු දයහක් තිබේ නම් හැම ළමයෙකුටම තමාගේම සෙල්ලම් බඩුවක් බැගින් තිබෙන නිසා ගැටුම් කිසිවක් සිදු නොවනු ඇත.

කොමියුනිස්ට්වාදීන්, වෙනත් මනෝ විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇති තර්ක විතර්ක වලට අපේ පිළිතුර මෙසේ ය.

1- පෞද්ගලික අයිතිය වූ කලි ස්වාභාවික ආශාවක ප‍්‍රතිඵලයක් නොවේ යයි කිසිදු සැකයකින් තොරව ඔප්පු කිරීමට කිසිදු විද්‍යාඥයෙක් සමත් වී නැත. මේ සම්බන්ධයෙන් වාමාංශිකයන්ට කිය හැක්කේ ඒ ඒ ස්වාභාවික ආශාවක ප‍්‍රතිඵලය බවට නිගමනය කළ හැකි සාක්‍ෂි කිසිවක් නැත යන්න පමණි. එහෙත් ඒ වූ කලී වෙනම ප‍්‍රශ්නයකි.

2- කොමියුනිස්ට්වාදීන් සිය මතය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ළමයින් හා ඔවුන්ගේ සෙල්ලම් බඩු පිළිබඳ උදාහරණයෙන් ඔවුන් ඉලක්ක කරන නිගමනය සාධනය නොවේ. ළමයින් දහ දෙනෙකුට සෙල්ලම් බඩු දහයක් දුන් විට රණ්ඩු සරුවල් ඇති නොවේය යන කියමනෙන්, අයිතිය සඳහා ස්වාභාවික ආශාවක් පවතීය, යන මතය බොරු නොවේ. එයින් අදහස් වන්නේ කරුණු සතුටුදායකව පවතින විට සියල්ලන්ට එක සමාන භාණ්ඩ ලැබෙන විට අයිතිය කෙරෙහි ඇති ආශාව සන්සිදෙන බවයි. එම ආශාවේ ස්වභාවය විස්තර කරන නුමත් එවැනි ආශාවක් නොපවතින බව ඉතහ සඳහන් උදාහරණයෙන් නොකියවේ. මේ හැරුණු විට ළමයින්ගේ පාලන විෂය ඉක්මවා ගිය යම් යම් හේතුන් නිසා ඔවුන් වැළැක්වූයේ නැත් නම් තම සගයන් අතේ තිබෙන සෙල්ලම් බඩු උදුරා ගැනීමට ඔවුන් නොපැකිළෙන බව කිසිවෙකුටත් ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය.

3- ආදිතම සමාජ හා අත්වැල් බැඳගෙන පැවතුණා යයි කොමියුනිස්ට්වාදීන් කියන ”සුරංගනා අවධියක්” පැවති බවට සැබෑ සාක්ෂි කිසිවක් නැත. එබඳු අවධියක් පැවතුණත් ඒ අවධියේ දී නිෂ්පාදන ක‍්‍රම තිබිය නොහැකිය. නොපැවතුණු යම් කිසි දෙයක් ගැන මතභේද ඇති විය හැක්කේ කෙසේද? එම අවධියේ දී ජනතාව සිය ආහාර ඉතා පහසුවෙන් හා කෙළින්ම ගස්වලින් ලබා ගත්හ. වන සතුන්ගෙන් ඇති වන බිය නිසා ඔවුන් දඩයම් ගියේ ද කණ්ඩායම් වශයෙනි මැරුවායින් පසු ඉක්මණින් කුණු වී යන නිසා මරන ලද සතුන් ගබඩා කර තැබීමටද නොහැකි විය. එහෙයින් හැකි තරම් ඉක්මණින් ඒ මස් කා අවසන් කළ යුතු විය. මෙහි දී ගැටුමක් නොපැවතුණු පමණින්ම දේපළ අයිති කර ගැනීම සඳහා ස්වාභාවික ආශාවක් නොවී යයි කිය නොහැකිය. ඇත්තම කියනවා නම් ගැටුමක් නොවීමට හේතුව එවැනි ගැටුමකට තරම් වටිනා වස්තුවක් නොතිබීමය. කෘෂි කර්මය සොයා ගැනීමෙන් පසු ගැටුම් ඇති වූයේ කෘෂි කර්මයෙන් වටිනා දේපළ බිහි වූ හෙයිනි. කෘෂිකර්මය සොයා ගන්නා තෙක් කි‍්‍රයාකාරි වීමට අනුබලයක් නොලත් මේ ආශාව එය සොයා ගැනීමෙන් පසු සක‍්‍රීය බවට පත් විය.

4- එතරම් ඈත අවධියක දී කිසියම් ස්ති‍්‍රයක් අයිති කර ගැනීම සඳහා මිනිසුන් කිහිප දෙනකු අතරේ ගැටුමක් පවතින්නට ඇත යන්න කිසිවකුටත් ඉදුරාම ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. එම අවධියේ දී ලිංගික සමාජවාදයක් පැවතුණේ වී නමුදු එය සමාජය පුරාම පැවතුණා යයි නිසැකවම කීමට හෝ එදා සිටි මිනිසුන්ගේ සිත් තදින් ඇදගත් ස්ති‍්‍රයක් අයිති කර ගැනීම සඳහා ඔවුනොවුන් ඇන කොටා ගැනීම ඒ සිරිත පැවතීම නිසා වැළැක් වුණා යයි කීමට හෝ කාටවත් පුළුවන් කමක් නැත.

මේ තත්වය වැදගත් නිගමනයකට තුඩු දෙයි. සියල්ල එක සමාන ද සම රූප ද වේ නම් ගැටුමක් ඇති වීමේ හැකියාවක් නොතිබිය හැකිය. එහෙත් කරුණු මීට වඩා වෙනස්ව පවතින් තාක් කොමියුනිස්ට්වාදීන් ස්වකීය අනාගත කටයුතු සඳහා පදනම් කරගත් කාල්පනික ”සුරංගනා සමාජය” තුළ ගැටුම් හා සටන් ඇති වීමට ඉඩ තිබේ.

5- එම ආදී යුගයේ සිටි ඇතැම් මිනිසුන් ඔවුන්ගේ නිර්භීත භාවයත් ශාරීරික සවි ශක්තියත් පෙන්වීමෙන් වෙනත් කිසියම් උපක‍්‍රමයකින් හෝ පුද්ගල විශේෂත්වයක් ලබා ගැනීමට ආශා කළා ය යන්න ප‍්‍රතික්‍ෂේප කිරීමටද කිසිවකුටත් බැරී බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. සමහර නොදියුණු ගෝත‍්‍රීකයන් උදාහරණයක් වශයෙන් ඊනියා ”ප‍්‍රථම කොමියුනිස්ටි වාදීන්” කිසිම තෙහෙට්ටුවක් හෝ වේදනාවක් හෝ නොපෙන්වා කසපහර සියයක් ඉවසා සිටිය හැකි අයට හැර වෙනත් අයට දියණියන් සරණ පාවා දීමට තවමත් ප‍්‍රතික්‍ෂේප කරන බව පෙනේ. එතරම් වේදනා සහගත පිළිවෙතකට තරුණ සිත් මෙහෙය වීමට එකම හේතුව පුද්ගල විශේෂත්වය ලබා ගැනීමේ ආශාව බවට කිසිම සැකයක් නැත.

සියලූම දේවල් පූර්ණ සමානාත්වයක් දරන්නේය, යනු සැබෑ නම් ඒවා එක සමාන නොවන නමුත් සමහර ඒවා සෙසු දේට වඩා යහපත් බව සමහර අය තීරණය කිරීමට හේතුව අප විසින් සෙවිය යුතුව ඇත. පෞද්ගලික අයිතිය ස්වාභාවික නම්‍යතාවක ඵලයක් නොවේ නම් ඒ වූ කලී අනන්ත තලයක සිට මිනිසා තුළ පවත්නා තවත් ස්වභාවික නම්‍යතාවක් වන පුද්ගල විශේෂත්වය ලබා ගැනීමේ ආශාව හා සම්බන්ධ වූවක් ය යන නිගමනයට එළඹිය හැකිය.

පෞද්ගලික අයිතිය සදාකල්හිම අයුක්තිය හා අත්වැල් බැඳගෙන පවතින බැවින් සාමය ඇති කොට නුරුස්නා ගැටුම් දුරු කිරීමට මිනිසාට වුවමාන නම් පෞද්ගලික අයිතිය නැති භංග කළ යුතුය යි කොමියුනිස්ට්වාදීහු කියති.

එහෙත් කොමියුනිස්ට්වාදීන් මෙහිලා වැදගත් කරුණු දෙකක් අමතක කර ඇති බව පෙනේ. එනම් මානව ප‍්‍රගතියට පෞද්ගලික ව්‍යවසායන් හේතු භුත වී ඇති බවත් ”ප‍්‍රථම කොමියුනිස්ට් යුගයේ” ”සුරංගනා අවදිය” තුළ කිසිම ප‍්‍රගතියක් සිදු වී නැති බවත්ය. මානව සංහතියේ යම්කිසි ප‍්‍රගතියක් ඇති වීමට පටන් ගත්තේ අයිතිය පිළිබඳ ගැටුම් පටන් ගැනීමෙන් පසුව බව කිය හැකිය. මෙයින් අදහස් වනුයේ එබඳු ගැටුම් සැබවින්ම පරම දුසිරිත් නොවූ බවයි. අනෙක් අතට එම ගැටුම් පැවතීම යම් යම් සීමාවන් ඇතුළත මානසික සාමාජික හා ආර්ථීක අවශ්‍යතාවක් වේ.

මීට අමතරව තවත් සිහියට ගත යුතු කරුණක් නම් මනුෂ්‍යත්වයට පීඩා කරන හැම අසාධාරණයකට ම හේතුව පෞද්ගලික අයිතිය යැයි ඉස්ලාම් ධර්මය නොසලකන බවයි. යුරෝපයේත් ඉස්ලාමීය නොවන වෙනත් රටවලත් පෞද්ගලික අයිතිය ලූහුබැඳ ගෙන යන බරපතල අසාධාරණය නම් සාමාන්‍ය වශයෙන් එම රටවල ව්‍යවස්ථාදායක යන් මෙන් ම පාලකයන් ද වන්නේ ධනේශ්වර පන්ති වීමයි. එබදු පන්තියක් අනෙක් පන්ති දඩමිමා කොට ගෙන ස්වකීය වරප‍්‍රසාද ආරක්‍ෂා කර ගැනීමට නීති රීති පැනවීම ස්වාභාවිකය.

පාලක පන්තියක පැවැත්ම ඉස්ලාම් ධර්මය අනුමත නොකරයි. ඉස්ලාම් ධර්මයෙහි නීති රීති සම්පාදනය කරනු ලබන්නේ විශේෂ වරප‍්‍රසාද ලත් පන්තියක් විසින් නොවේ. මේ නීති රීති සම්පාදනය කර ඇත්තේ සියලූම පන්තිවල නිර්මාතෘවරයාණන් වූ දෙවියන් වහන්සේ විසිනි. අන්‍යයන්ට පාඩු සිදු වන අන්දමින් ඇතැම් පුද්ගලයන්ට නැතහොත් පන්තිවලට දෙවියන් වහන්සේ හිතවත්කම් දක්වනු ඇතැයි සිතීමට පවා උගහටය. එබඳු හිතවාදීකම් දැක්වීමට උන්වහන්සේට ඇති හේතුව කුමක්ද? ඉස්ලාම් ධර්මයට අනූව සියලූම මුස්ලිම් ජනයා විසින් ස්වාධිනව පාලකයා තෝරා ගනු ලැබේ. ඔහු එම තනතුරට පත් කෙරෙනුයේ කිසියම් පන්තියකට අයත් වීමේ හේතුවෙන් නොවේ. ඔහු එම තනතුරේ වැඩ බාර ගත්තායින් පසුව අනුගමනය කළ යුත්තේ ඔහු විසින් නොව දෙවියන් වහන්සේම විසින් අනාවරණය කරන ලද නීති යයි. මේ සම්බන්ධයෙන් පළමුවන කලීෆා තැන්පත් අබූබක්කර් තුමාගේ ප‍්‍රකාශයක් උපුටා දැක්වීම කාලෝචිතය. ”මගේ පාලන කාර්යයේ දී මා දෙවියන් වහන්සේට කීකරු වන තාක් ඔබලාද මට කීකරු වන්න. එහෙත් මා දෙවියන් වහන්සේට අකීකරු වන විට ඔබ හැර මට කීකරු විය යුත්තෝ නොවෙත්.” අන්‍යයන්ට හෝ තමාට කිසියම් ව්‍යවස්ථාදායක වරප‍්‍රසාද පිරිනැමීමේ නෛතික බලයක් ඉස්ලාමීය පාලකයෙකු සතු නොවේ. එක් පන්තියකට වැඩියෙන් වෙනත් පන්තියකට සැලකිලි දැක්වීමට හෝ ධනේශ්වර පන්තියේ දේශපාලනික බලපෑම් පිට වෙනත් පන්ති පාගා දමමින් ධනේශ්වර පන්තියේ  ඕනෑ එපාකම් ආරක්ෂා වන අන්දමේ ව්‍යවස්ථා සම්පාදනය කිරීමට හෝ බලයක් ඔහුට නැත.

ඉස්ලාමීය පාලනය ගැන අප කතා කරන විට ඉන් අප අදහස් කරනුයේ ඉස්ලාම් ධර්මයේ ප‍්‍රතිපත්ති හා උපදෙස් ඒවායේ සැබැ අරුතින් ම සම්පූර්ණ වශයෙන් කි‍්‍රයාත්මක කරන ලද ඉස්ලාමීය ඉතිහාසයේ සඳහන් වන කාල පරිච්ඡේදයයි. ¥ෂණ කි‍්‍රයා හේතු කොට ගෙන පාලන ක‍්‍රමය රාජාණ්ඩුවකට වෙනස් වූ කාල පරිච්ඡේදය අපි මින් අදහස් නොකරමු. ඉස්ලාම් ධර්මය එබඳු ආණ්ඩු පිළිගන්නේවත් එබඳු පාලනයක් සම්බන්ධයෙන් වග කියන්නේවත් නැත.

ඉස්ලාම් ධර්මයේ සම්පූර්ණ යුක්තියත් දෘෂ්ටි සංකල්පයත් මත පිහිටා ගෙන ගිය එම ඉස්ලාමීය පාලනය කි‍්‍රයාත්මකව පැවතුණේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් තුළ වූව ද ඒ ක‍්‍රමය ප‍්‍රායෝගික වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට නුසුදුසු වූ කාල්පනික ක‍්‍රමයක්ය යන්නක් ඉන් අදහස් නොවේ. සැබවින්ම වරක් සාර්ථක ලෙස කි‍්‍රයාත්මක කරන ලද දෙයක් යළිත් වරක් කි‍්‍රයාත්මක කළ හැකිය. එබඳු සාර්ථක කාල පරිච්ඡේදයක් යළි ලබා ගැනීමෙහි ලා වෙහෙසී වැඩ කිරීම සකල ජනතාවගේ ම යුතුකමයි. කෙසේ වූවද ඉස්ලාමීය පාලනය ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා වර්තමාන අවධියට වඩා යෝග්‍ය වෙනත් අවධියක් නොමැත.

ඉස්ලාමීය පාලනය යටතේ ව්‍යවස්ථා සම්පාදනය සඳහා ඉඩ ප‍්‍රස්ථා ධනේශ්වර පන්තිවලට අයත් නොවේ. එම පන්ති සැලකිලිමත් වන්නේ ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා පමණි. මිනිස් අයිතිවාසිකම් හෝ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොකොට එකම නීතිරීතිවලට අනූව සියලූම ජනයන්ට එක සමාන අන්දමින් සැලකිය යුතුයයි ඉස්ලාමීය ධර්මයෙන් නියම වී තිබේ. මිහිපිට ඇති හැම නීතියක් සම්බන්ධයෙන් ම සිදු වන්නා සේ නීතියේ ඇතැම් විධිවිධානවල අර්ථ කථනය සම්බන්ධයෙන් යම් යම් මත භේද පවත්නා විට ඒ පිළිබඳ අවසාන නිගමනය කළ යුත්තේ අධිකරණය විසිනි. ශ්‍රේෂ්ඨ මුස්ලිම් නීතිවේදීන් කිසිවෙක් දුප්පත් ජනතාව පීඩාවට පත් කරමින් ධනේශ්වර පන්තියේ අයිතිවාසිකම් රැුකෙන ආකාරයේ අර්ථකථනයක් කිසිම නීතියකට කවදාවක්වත් නොදී ඇති බව මෙහි ලා සාඩම්බරයෙන් සඳහන් කළ යුතුය. අනෙක් අතට ඔවුන් හැම විට ම විශේෂ උනන්දුවක් ගෙන ඇත්තේ වැඩ කරන පන්තිවල ජනයා ගේ මූලික ඉල්ලීම් ඉටු කරමින් ඔවුන්ට දිය යුතු සියල්ල සම්පූර්ණයෙන් දීමටය. ඇත්ත වශයෙන්ම (ලාභ ගැන සලකන තාක්* සේවකයා නැතහොත් ගැමියා ද ස්වකීය සේවායෝජකයා සමඟ එම ලාභ හවුලේ බුක්ති විඳිය යුතු යයි නිගමනය කිරීමට තරම් ඇතැම් මුස්ලිම් නීතිවේදීන් සාධාරණ වී ඇත.

දේපළ අයිතිය අනිවාර්යෙන්ම අසාධාරණයට හා පීඩාවට තුඩු දෙන්නක් සේ සැලකෙන තරම් පහත් තත්වයකට මනුෂ්‍ය ස්වභාවය හෙළීමට ඉස්ලාම් ධර්මය සූදානම් නැත. මනුෂ්‍ය ස්වභාවය ඔපවත් කොට වැඩි දියුණු කිරීමෙහිලා ඉස්ලාම් ධර්මය අසමාන ජයග‍්‍රහණයන් ලබා ඇත. ඇතැම් මුස්ලිම් පුද්ගලයෝ ද දේපළ අයත් කර ගෙන සිටියහ. එහෙත් ”තමන්ට ලැබී ඇති දේ කෙරෙහි ඔවුන් තුළ තණ්හාවක් හටගන්නේ නැත. ඔවුන් දරිද්‍රභාවයට පත් වූවත් තමන්ගේ යහපතට වඩා අන්‍යයන්ගේ යහපත තැකුහ.” (ශු අල්කුර්ආනය 59: 7*. එහෙයින් දෙවියන් වහන්සේගෙන් ලැබෙන ක්‍ෂමාව හා පුණ්‍ය සම්භාරය හැර වෙනත් ප‍්‍රතිලාභ කිසිවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවකින් නොවේ. ස්වකීය දේපළ අන්‍යයන් සමඟ හවුලේ බෙදා ගෙන භුක්ති වින්දෝය.

එබඳු ශ්‍රේෂ්ඨ වූ ද වැදගත් වූ ද ආදර්ශ ඉතා විරල වූවත් අප ඒවා සදාකල්හි මතකයේ රදවා ගත යුතුය. අනාගතයේ ඉදිරිය කරා පිය නඟන අපට මඟ පෙන්වන්නාවූත් අනාගතයේ දී මිනිසා සාක්‍ෂාත් කර ගැනීමට අපේක්‍ෂා කරන උතුම් ජයග‍්‍රහණයන් ඉදිරියේ අනාවරණය කරන්නාවූත් ආලෝක ධාරාවක් සේ එම ආදර්ශ සැලකිය යුතුය.

අප සිහින් ලෝකයක ජීවත් කරවීමට හෝ මහජන සුභ සිද්ධිය මුළුමනින්ම අස්ථීර වූ ”යහපත් අදහස්” මත ම රැුඳී සිටින බව විශ්වාස කරවීමට හෝ ඉස්ලාම් ධර්මයට කවදාවත් අවශ්‍ය නොවූ බව සිහි කළ යුතුය. ආත්ම පාරිශුද්ධියටත් ඔපවත් බවටත් පත් කිරීමට ඉස්ලාම් ධර්මය අධික සැලකිල්ලක් දැක්වීම හැරුණු විට ප‍්‍රයෝගික ප‍්‍රතිෂ්ඨාවන් ද කිසිදාකත් අමතක නොකරයි. ඉස්ලාමීය නීතිරීති ධනය සාධාරණ ලෙස බෙදා හැරීම තහවුරු කරයි. ආත්ම පාරිශුද්ධිය කෙරෙහි උනන්දු වීමෙන් පමණක් නොව යුක්ති සහගත ව්‍යවස්ථා පැනවීමෙන් ද ඉස්ලාම් ධර්මය සෞඛ්‍ය සම්පන්න සමාජයකට නිසි අත්තිවාරම දමයි. ”දෙවියන් වහන්සේ කුර්ආන් ග‍්‍රන්ථයෙන් සීමා නොකරන දේ සිය බලයෙන් සීමා කරයි” යනුවෙන් පැවසූ තුන් වැනි කලීෆා තැන්පත් උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රලි* අදහස් කරන්නට ඇත්තේ ද මෙය මයි.

අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය ගැන සලකන විට, ඇතැම් අවධිවල අයුක්තියට නැඹුරු නොවූ දේපළ අයිතිය පැවතුණු බව කිය හැකිය. ඉඩම් අයිතියට ඉස්ලාම් ධර්මයෙන් ඉඩ ලැබෙන නමුත් යුරෝපයේ සිදු වූ පරිදි ප‍්‍රවේණි දාස භාවය කරා ඇදී යාමට එයින් ඉඩක් ලැබී නැත. ප‍්‍රවේණී දාසභාවය වැළැක්වීමටත් කිසිම ඉඩමක් නොමැති අයට පවා ආත්ම ගෞරවයෙන් යුක්තව ජීවත් වීමට ඉඩකඩ සැලසීමටත් ආර්ථීක හා සමාජ නීති රීති පැනවීමෙන් ඉස්ලාම් ධර්මය අවශ්‍ය පිළියම් යෙදීය. මෙබඳු තත්වයක් යටතේ ධනේශ්වර පන්තිය විසින් දුප්පත් පන්තිය සූරා කනු ලැබීමට ඉඩක් නොලැබිණි.

අනෙක් අතට ධනවාදයේ පැවැත්මට ඉස්ලාම් ධර්මයෙන් ඉඩකඩ ලැබුණා යයි සැලකුවත් ඉස්ලාම් ධර්මයෙන් එසේ ඉඩකඩ ලැබී ඇත්තේ මහජන පොදු යහපතට හේතු විය හැකි අන්දමේ ධනවාදයකට පමණක් බව මෙහිලා තේරුම් ගත යුතුය. මනුෂ්‍ය ස්වභාවය පාරිශුද්ධියට හා වැඩි දියුණු බවට පත් කරන අතර ම අවශ්‍ය නීති පැනවීමෙන් ධනවාදයට පීඩාකාරී සූරාකෑමේ බලවේගයක් බවව පත් වීමට ඉඩකඩක් ඉස්ලාම් ධර්මය සලසා නැත. මෙසේ කි‍්‍රයා කිරීම නිසා වර්තමාන අපරදිග ලෝකයේ වසංගතයක් බවට පත් ව ඇති දුසිරිත්වලින් ලෝකය බේරා ගැනීමට ඉස්ලාම් ධර්මය පොහොසත් වී ඇත. මේ හැරුණු විට ඉස්ලාම් ධර්මයෙන් පෞද්ගලික අයිතියට ලැබී ඇති අවසරය ද දී ඇත්තේ යම් යම් සීමාකිරීම්වලට යටත්වය.

උදාහරණයක් වශයෙන් පොදු ධන සම්පත් පොදු දේපළ වශයෙන් නියම කර තිබේ. යුක්ති සහගත භාවයේ මූලධර්ම අනූව පෞද්ගලික අයිතිය තහනම් කළ යුතු වූ විට ඉස්ලාම් ධර්මය එසේ තහනම් කර ඇත. එහි පැවැත්මට ඉඩ දී ඇත්තේ අයුක්තියටත් පීඩාවටත් ඉඩක් නොතබන බවට සතුටුදායක සාක්‍ෂි ඉදිරිපත් වූ අවස්ථාවල දී පමණි.

මේ කාරණය තවත් පැහැදිලි කරනු පිණිස මුස්ලිම් නොවන රටවලින් එනම් ස්කැන්ඩිනේවියන් රාජ්‍යවලින් උදාහරණයක් ගෙන බලමු. වාර්ගික හා ජාතික භේදවලට අනුබල දුන් ඉංග‍්‍රීසි, ඇමෙරිකානු හා ප‍්‍රංශ ජාතිකයෝ ලෝකයේ ඉතා ශිෂ්ටාචාර වූ ද හිතෛෂී වූ ද ජනතාව නම් ස්කැන්ඩිනේවියානු ජනතාවයි. එම රටවල් පෞද්ගලික අයිතය අහෝසි කර නැති අතර ධනය සාධාරණ ලෙස බෙදී යාමට අවශ්‍ය ආරක්‍ෂක පියවර ගෙන ඇත. එබඳු ආරක්‍ෂක පියවරවල් නිසා පන්ති අතර පවත්නා පරතරය නැති වන අතර ගෙවනු ලබන වැටුප් කරනු ලබන වැඩවලට අනුපාතික විය යුතුය යි නියම කර තිබේ. ඉස්ලාම් ධර්මයේ ඇතැම් සංකල්ප අවබෝධ කර ගැනීමට ලෝකයේ කවර රාජ්‍යයකටත් වඩා ස්කැන්ඩිනේවියානු රාජ්‍ය යුහුසුලූ වී ඇති බව කිය හැකිය.

කවර ආර්ථික ක‍්‍රමයක් වූවත් ඊට පදනම් වී ඇති සාමාජික හා ආධ්‍යාත්මික දර්ශනවලින් වෙන් කළ නොහැකිය. වර්තමානයේ වර්ධනය වී ඇති දර්ශන තුනක් වන ධනවාදය, කොමියුනිස්ට්වාදය හා ඉස්ලාම් ධර්මය යන මේවා ගැන සලකා බැලූවහොත් එක් එක් දර්ශනයේ සාමාජික පසුබිම කෙරෙහි ආර්ථික ක‍්‍රමයත් අයිතිය පිළිබඳ න්‍යායත් සම්බන්ධ වී ඇති ආකාරය දැක ගත හැකිය. කලින්ද සඳහන් කළ පරිදි ධනවාදය පදනම් වී ඇත්තේ මිනිසා වූ කලී කිසිදු සාමාජික තහංචියකට යටත් නොවිය යුතු අනුල්ලංඝනීය සත්වයෙක් ය යන අභසුපගමනය මතය. මෙයින් පැහැදිලි වන්නේ සීමාවකින් තොරව පෞද්ගලික අයිතියේ පැවැත්මට ධනවාදයෙන් ඉඩ ලැබී ඇති බවයි.

අනෙක් අතට කොමියුනිස්ට් වාදයට පදනම් වී ඇත්තේ ප‍්‍රජාව මූලය යි පුද්ගලයාට ඔහුගේ ම පැවැත්මක් නැතැයි ද යන විශ්වාසය යි. ඒ නිසා කොමියුනිස්ට්වාදය සියලූම දේපළවල අයිතිය (ප‍්‍රජාවගේ නියෝජ්‍යායතනය වන* රජයට පවරා දී කිසිම පුද්ගලයෙකුට එබදු අයිතියක් දැරීම අහිමි කරවයි.

ඉස්ලාම් ධර්මය දරන්නේ වෙනත් සමාජ සංකල්පයකි. එහෙයින් එය අනුගමනය කරන්නේ ද වෙනත් ආර්ථික ක‍්‍රමයකි. පුද්ගල – ප‍්‍රජා සම්බන්ධතාව සම්බන්ධයෙන් පුද්ගලයෙකුට එකවරම කි‍්‍රයාත්මක වන තත්ත්වයන් දෙකක් ඇති බව ඉස්ලාම් ධර්මයේ අදහසයි. ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් ඔහු දරන තත්ත්වයත් යන දෙකයි. යම්කිසි අවස්ථාවක් එක් තත්ත්වයකට ඔහු දක්වන ප‍්‍රතිකි‍්‍රයාව අනෙක් තත්ත්වයට දක්වන අනෙක් ප‍්‍රතිකි‍්‍රයාවට වඩා විශාලය. එහෙත් අවසානයේ දී ඒ දෙකට එකට එක් වී සහතික වෙයි.

එබඳු විශ්වාසයක් මත පදනම් වූ සමාජ සංකල්පය පුද්ගලයා සිය ප‍්‍රජාවගෙන් වෙන් කිරීමට තුඩු දෙනේනේ නැත. එම සංකල්ප දෙක එකිනෙක අභිබවා නැගී සිටීමට යත්න දරන ප‍්‍රතිවිරුද්ධ බලවේග දෙකක් සේ ද සලකන්නේ නැත. පුද්ගලයෙකුට ස්වාධීන පැවැත්මක් තිබෙන අතරතුර ම ඔහු ප‍්‍රජා සාමාජිකයෙකු ද වන බැවින් පුද්ගල හා ප‍්‍රජා නම්‍යතාවන් අතර මෙන්ම ඒ ඒ පුද්ගලයන් අතර ද සන්හිදියාව තහවුරු කරනු පිණිස නීති රීති පැනවීම අවශ්‍ය වේ. එහෙත් එම සන්හිදියාව තහවුරු කර ගත යුතුවූයේ එක් අයෙකුගේ යහපත තකා අන්‍යයකුගේ යහපත බිල්ලට දීමෙන් නොවේ. සමාජ සුභ සිද්ධිය උදෙසා පුද්ගලයන් විනාශ කර දැමීම හෝ පුද්ගලයන් එක්කෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ සුභ සිද්ධිය උදෙසා සමාජයේ පිරිහී යාමට ඉඩ තැබීම ව්‍යවස්ථා සම්පාදනයේ අරමුණ නොවිය යුතුය.

ඉස්ලාම් ධර්මයේ ආර්ථික ක‍්‍රමය පදනම් වී ඇත්තේ ඉහත සඳහන් සන්හිදියා සංකල්පය මත ය. මේ සංකල්පය වූ කලී ධනවාදය හා කොමියුනිස්ට්වාදය අතර පවත්නා එක්තරා විධියක සතුටුදායක මාධ්‍යයක් වේ. එය ඒ ක‍්‍රම දෙකේ කුසලතා වරදකින් හෝ අත් හැරීමකින් තොරව එකට සම්බන්ධ කරයි. එය ප‍්‍රතිපත්තිමය වශයෙන් පෞද්ගලික අයිතයට ඉඩ දෙයි. එහෙත් එය කිසිසේත් පීඩාකාරි නොවන තත්ත්වයට පත් කිරීම සඳහා යම් යම් සීමා කිරීම්වලට යටත් කිර තිබේ. අයිතිය සංවිධානමය තත්ත්වයට පත් කරමින් අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ බලය ඉස්ලාම් ධර්මයෙන් පැවරී ඇත්තේ ප‍්‍රජාවටත් ප‍්‍රජාවගේ නියෝජිතයා වන පාලකයාටත් පැවරෙයි. පොදු ජන ජුභ සිද්ධිය සඳහා ඒවා වෙනස් කිරීමට අවශ්‍ය යයි ඔහු හැඟී යන අවස්ථාවක දී එසේ වෙනස් කිරීමට ද ඔහුට අවසර තිබේ.

ඉස්ලාම් ධර්මය පෞද්ගලික අයිතිය අනුමත කරන්නේ පෞද්ගලික අයිතිය නිසා ඇතිවන අයහපත් දේ වළක්වාලීමට බලය ද නොයෙක් ක‍්‍රමෝපක‍්‍රමවලින් ඊට ලබා ගත හැකි බැවිනි. පෞද්ගලික අයිතිය ස්වාභාවික නම්‍යතාවක් හෝ මානව අවශ්‍යතාවක් හෝ නොවේය. යන අස්ථිර උපකල්පනය පිට එය සහමුලින් ම නැති කර දැමීමට වඩා ප‍්‍රතිපත්තිමය වශයෙන් පෞද්ගලික අයිතියට ඉඩ දී එය සංවිධානය කිරීමේ හා සීමා කිරීමේ බලය ප‍්‍රජාව වෙත පැවරීම යෝග්‍ය බව මෙහි ලා තේරුම් ගත යුතුය. පෞද්ගලික අයිතයට එක්තරා (සුළු* ප‍්‍රමාණයකින් ඉඩ දීමට සෝවියට් රුසියාවට සිදු වී තිබීමෙන් ද පැහැදිලිව පෙනී යන්නේ පුද්ගලයා හා පොදු සුභ සිද්ධිය උදෙසා හොඳ ම දෙය වන්නේ මානව ස්වභාවයේ නම්‍යතාවන්ට අනුකුලව කි‍්‍රයා කිරීම බවයි.

අප පෞද්ගලික අයිතිය අහෝසි කළ යුත්තේ ඇයි? ඉස්ලාම් ධර්මයෙන් එය කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කරන්නේ කුමක් අරමුණු කර ගෙනද?

මිනිසුන් අතර සමානාත්මතාව ඇති කිරීමටත් ප‍්‍රකටව හා බලවත්ව සිටීමට ආරෙන් ම ලැබී ඇති ආසාව මැඩලීමටත් ඇති එකම ක‍්‍රමය නම් පෞද්ගලික අයිතිය අහෝසි කර දැමීම යයි කොමියුනිස්ට් ධර්මය පවසයි. රුසියාව නිෂ්පාදන මාර්ග පිළිබඳ පෞද්ගලික අයිතිය අහෝසි කර දැම්මේය. එය අහෝසි කර දැමීමෙන් රුසියාව අපේක්‍ෂා කළ අරමුණ සාක්‍ෂාත් කරගත්තේද? අතිරේක වැටුප් ගෙවීම වෙනුවට අතිකාල වැඩ කිරීමට ශක්තිය ඇති අය රුසියාවේ ස්ටාලින් යටතේ ස්වේච්ඡුා අතිකාල වැඩමුර ක‍්‍රමයක් ආරම්භ කර තිබුණු බව මෙහිලා සිහිපත් කළ යුතුය. එසේ කිරීමෙන් රුසියාව කම්කරුවන්ට ගෙවනු ලබන වැටුප් සම්බන්ධයෙන් වෙනස් කම් ඇති කරන ලදි.

රුසියාවේ හැම කෙනෙක්ම ලබන්නේ එක සමාන වැටුපක්ද? වෛද්‍යවරුන්ට හා හෙදියන්ට එක සමාන වැටුප් ගෙවිය හැකිද? කොමියුනිස්ට් ප‍්‍රචාරකයන් අපට නිතරම කියන්නේ රුසියාවේ ඉහළම වැටුප ලබන්නේ ඉංජිනේරුවන් බවත් වැඩිම ආදායම ලබන්නේ කලාකරුවන් බවත්ය. මෙසේ කීමෙන් ඔවුහු රුසියාවේ විවිධ පන්තිවල වැටුප් අතරේ භේද පවතින බව අනියම් වශයෙන් පිළිගනියි. විවිධ පන්තිවලට අයත් අය අතරේ පමණක් නොව එකම පන්තියේ අය අතර පවා එබදු වෙනස්කම් දක්නට තිබේ.

ආධිපත්‍යාභිලාෂය හෙවත් බලය ලබා ගැනීමේ ආසාව තමන් කෙරෙන් මුලිනුපුටා දැමීමට කොමියුනිස්ට් රුසියාව පොහොසත් වී සිටීද? එසේ නම් වෘත්තීය සංගම් නායකයන් කර්මාන්තශාලා කළමනාකරුවන්, ජ්‍යෙෂ්ඨ පරිපාලකයන් හා කොමසාරිස්වරුන් තෝරා පත් කර ගන්නේ කෙසේද? ඔවුහු පාලක කොමියුනිස්ට් පක්ක්‍ෂයේ කි‍්‍රයාශීලී සාමාජිකයන් කෙසේ තෝරා ගනිත්ද?

පෞද්ගලික අයිතිය අහෝසි කර දැමීමේ හෝ අනුමත කිරීමේ ප‍්‍රශ්නය හැරුණු විට බල කාමයත් පුද්ගලයෙකු වශයෙන් කැපී පෙනීමේ ආසාවන් මිනිස් ස්වභාවයට උරුම ලක්‍ෂණ නොවේද?

පෞද්ගලික අයිතිය අහෝසි කර තිබිය දීත් විශාලම අයහපත වශයෙන් කොමියුනිස්ට්වාදීන් සලකන දෙයින් මානව සංහතිය බේරා ගැනීමට අපොහොසත් වී ඇති බැවින් මනුෂ්‍ය ස්වභාවයට ප‍්‍රතිවිරුද්ධ වූ පියවරක් වන එහි ආදර්ශය අනුගමනය කරමින් අප දුස්සාධ්‍ය අරමුණක් මුදුන්පත් කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයි?

රුසියාවේ පන්ති හා පුද්ගලයන් අතර පවත්නා භේද හා වෙනස්කම් ඇතැම් පුද්ගලයන් සුඛෝපභෝගී තත්වයටත් ඇතැම් අය දරිද්‍රභාවයටත් පත් කරලීමට මං නොපාදන තරම් සුලූ ඒවා යයි කොමියුනිස්ට්වාදීන් ඇතැම් විට කියනවා ඇත. මේ සම්බන්ධයෙන් අපට කිව යුතු ව ඇත්තේ කොමියුනිස්ට්වාදය බිහිවන්නටත් සියවස් දහ හතරකට පෙර සුඛෝපභෝජනය තහනම් කොට දරිද්‍රතාව මුලිනුපුටා දමා මිනිසුන් අතර පවත්නා ඇති නැති භේදය පටු කරලීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති ඉස්ලාම් ධර්මයෙහි ඇතුළත් කර තිබුණු බව යි.

මහාචාර්ය
මුහම්මද් කුතුබ්

පරිවර්තනය:
ආර්. ඒ. ඒ. රණසිංහ
බී. එන්. ආර්. ජයසේන

Leave a Reply

Your email address will not be published.