පරිච්ඡේදය 69 – අල් හාක්කා (සැබැවින්ම සිදුවන දෙය)

පරිච්ඡේදය – 69

අල් හාක්කා (සැබැවින්ම සිදුවන දෙය)

මක්කි – වැකි 52

بسم الله الرحمن الرحيم

අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)


الْحَاقَّةُ

69:1. සැබැවින්ම සිදුවන දෙය (එනම් 9එලොව ඇතිවීමය.)


مَا الْحَاقَّةُ

69:2. සැබැවින්ම සිදුවන දෙය, යනු කුමක්ද?


وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ

69:3. සැබැවින්ම සිදුවන දෙය යනු කුමක්දැ? යි ඔබට දැන්වූයේ කුමක්ද?


كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ

69:4. ‘සමූද්’ හා ‘ආද්’ සමූහයෝ තිගැස්සීමට පත් කරවන එම පුවත 49බොරු කළහ.


فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ

69:5. එහෙයින්, ‘සමූද්’ සමූහයා මහ හඞකින් විනාශ කරනු ලැබූහ.


وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ

69:6. තවද, ‘ආද්’ සමූහයා වේගවත්ව කැරකෙමින් හමන දැඩි සුළි සුළඟකින් විනාශ කරනු ලැබූහ.


سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ

69:7. ඔහු එය රාත්‍රීන් සතක්ද දවල් අටක්ද නොකඩවා ඔවුන් කෙරෙහි හැමීමට සැලැස්වූයේය. එහෙයින්, මුලින් උදුරනු ලැබූ ඉඳි ගස් සේ එම සමූහයා වැටී සිටීම ඔබ දකින්නෙහිය.


فَهَلْ تَرَى لَهُم مِّن بَاقِيَةٍ

69:8. ඔවුනතරින් ඉතිරි වූ කවරෙකුව හෝ ඔබ දකිහිද?


وَجَاء فِرْعَوْنُ وَمَن قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ

69:9. ෆිර්අවුන්ද, ඔහුට පෙර වූවෝද, උඩුයටිකුරුව පෙරළවනු ලැබූ ගම්වැසියෝද මෙම වැරැද්දම කළහ.


فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً

69:10.ඔවුහු තමන්ගේ 10ස්වාමියාගේ 8දූතයාට වෙනස්කම් කළහ. එහෙයින්, ඔහු ඔවුන්ව බලවත්ව අල්වාගත්තේය.


إِنَّا لَمَّا طَغَى الْمَاء حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ

69:11. (8නූහ් නබිවරයාගේ කාලයෙහි) ජලය උතුරා ගිය කල අපි ඔබලාව නැවෙහි ඉසුලුවෙමු.


لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

69:12. අපි එය ඔබලාට පාඩමක් ලෙස කිරීම පිණිසද, සුරකින සවන එය ආරක්ෂා කරගැනීම පිණිසද (මෙසේ කළෙමු.)


فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ

69:13. ‘සූර්’ හි එක් වතාවක් පිඹිනු ලැබුවේ නම්,


وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً

69:14. පොළොව හා කඳු ඔසවනු ලැබ, එම දෙකම එකිනෙක ඝට්ටණය වීමට සලස්වනු ලැබ එකම කැබැල්ලක් ලෙස කරනු ලැබුවේ නම්,


فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ

69:15. එම දවසෙහිම සිදුවන දෙය (එනම් 9එලොව ඇතිවීම) සිදුවන්නේය.


وَانشَقَّتِ السَّمَاء فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ

69:16.  එම දවසෙහි අහස පැලී දුබල වන්නේය.


وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ

69:17. ‘24මලාඉකාවරු’ එහි සීමාවන්හි සිටින්නෝය. එම දවසෙහි ඔබගේ 10ස්වාමියාගේ ‘65අර්ෂය’ (‘24මලාඉකාවරුන්’ගෙන්) අටදෙනෙක් තමන්ට ඉහළින් ඔසවාගෙන සිටින්නෝය.


يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَى مِنكُمْ خَافِيَةٌ

69:18. එම දවසෙහි (ප්‍රශ්න කිරීම පිණිස) ඔබලා ඉදිරියට පමුණුවනු ලබන්නෙහුය. ඔබලාගේ අදෘශ්‍යමාන කිසිවක් නොසැඟවෙන්නේය.


فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَؤُوا كِتَابِيهْ

69:19. කවරෙකුගේ (ක්‍රියා) සටහන් ලේඛණය ඔහුගේ දකුණතෙහි දෙනු ලබයිද ඔහු, ‘මෙන්න! මාගේ (ක්‍රියා) සටහන් ලේඛණය කියවා බලන්නැ’ යි පවසන්නේය.


إِنِّي ظَنَنتُ أَنِّي مُلَاقٍ حِسَابِيهْ

69:20. නියතව මම මාගේ ප්‍රශ්න කිරීමට මුහුණ දෙන්නෙමි යි ස්ථීර අධිෂ්ඨානයෙන් සිටියෙමි.


فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ

فِي جَنَّةٍ عَالِيَةٍ

69:21, 22. ඔහු උසස් 22ස්වර්ගයෙහි තෘප්තිමත් ජීවිතයෙහි සිටින්නේය.


قُطُوفُهَا دَانِيَةٌ

69:23. එහි පළතුරු සමීප වී තිබෙන්නේය.


كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ

69:24. ඔබලා පසුගිය දවස්වල පෙරටු කර තැබූ හේතුවෙන් සතුටින් අනුභව කරන්න, පානය කරන්න (යි පවසනු ලබන්නේය.)


وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيهْ

69:25. කවරෙකුගේ (ක්‍රියා) සටහන් ලේඛණය ඔහුගේ වමතෙහි දෙනු ලබයිද ඔහු, ‘මාගේ (ක්‍රියා) සටහන් ලේඛණය මට නොදෙනු ලැබ තිබෙන්න එපාය?’ යි පවසන්නේය.


وَلَمْ أَدْرِ مَا حِسَابِيهْ

69:26. තවද, මාගේ ප්‍රශ්න කිරීම ගැන මා නොදැන සිටින්න එපාය!


يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ

69:27. අහෝ මාගේ පසුතැවිල්ල! (මාගේ පළමු මරණයම) අවසානයක් වී තිබෙන්න එපාය?


مَا أَغْنَى عَنِّي مَالِيهْ

69:28. මාගේ සම්පත් මට කිසිම ඵලක් ලබා නොදුන්නේය.


هَلَكَ عَنِّي سُلْطَانِيهْ

69:29. මාගේ බලයද මා කෙරෙන් නැති වී ගියේය! (යැයිද පවසන්නේය.)


خُذُوهُ فَغُلُّوهُ

69:30. ඔහුව අල්වන්න. තවද, ඔහුට විලංගු දමන්න.


ثُمَّ الْجَحِيمَ صَلُّوهُ

69:31. පසුව ඔහුව 21නිරයෙහි තල්ලු කර දමන්න.


ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ

69:32. පසුව රියන් හැත්තෑවකින් යුත් දම්වැලින් ඔහුව බඳින්න (යි පවසනු ලබන්නේය.)


إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ

69:33. මක්නිසාද යත් ඔහු මහඟු 1අල්ලාහ්ව විශ්වාස නොකළ කෙනෙකු ලෙස සිටියේය.


وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ

69:34. දුප්පතාට ආහාර ලබාදීමට දිරිනොගන්වන්නෙකුව සිටියේය.


فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ

69:35. අද දවසෙහි ඔහුට මෙහි කිසිම මිතුරෙකු නැත.


وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ

69:36. වන සැරව හැර වෙන කිසිම ආහාරයක්ද නැත.


لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِؤُونَ

69:37. පව්කාරයෝ හැර (වෙන කවරහු වුවද) එය  අනුභව නොකරන්නෝය.


فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ

وَمَا لَا تُبْصِرُونَ

69:38,39. ඔබලා බලන දේ කෙරෙහිද, ඔබලා නොබලන දේ කෙරෙහිද මම දිවුරමි.


إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

69:40. නියතව මෙය කීර්තියෙන් අධික දූතයාගේ වදන වේ.


وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَا تُؤْمِنُونَ

69:41. මෙය කවියෙකුගේ වදන නොවේ. ඔබලා සුළු වශයෙන්ම විශ්වාස කරහුය.


وَلَا بِقَوْلِ كَاهِنٍ قَلِيلًا مَا تَذَكَّرُونَ

69:42. තවද, මෙය නිමිති කියන්නාගේ වදනද නොවේ. ඔබලා සුළු වශයෙන්ම උපදෙස් ලබහුය.


تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ

69:43. (මෙය) සකල ලෝවැසියාගේ 10ස්වාමියාගෙන් පහළ කරනු ලැබූවක් වේ.


وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ

لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ

69:44,45. මොහු අප කෙරෙහි සමහර වචන ගොතා පවසන්නේ නම්, ඔහුගේ දකුණත අල්ලන්නෙමු.


ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ

69:46. පසුව, අපි ඔහුගේ බල නහරය කපා දමන්නෙමු.


فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ

69:47. ඔබලා අතරින් කවරහු වුවද ඔහුව වළක්වන්නන් නොවෙති.


وَإِنَّهُ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ

69:48. නියතව මෙය 3බිය බැතියන්ට උපදෙසක් වේ.


وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

69:49. නියතව ඔබලා අතරින් 49බොරු කරන්නන්ද සිටින බව අපි හොඳින් දනිමු.


وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ

69:50. නියතව එය 12ප්‍රතික්ෂේප කරන්නන්ට පසුතැවිල්ලක් වේ.


وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ

69:51. තවද නියතව එය වඩාත් නිශ්චිත සත්‍යයක් වේ.


فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ

69:52. එහෙයින්, (නබි) ඔබ ඔබගේ මහඟු 10ස්වාමියාගේ නාමය මගින් 47සුවිශුද්ධ කරන්න!

Leave a Reply

Your email address will not be published.