නවීන ප‍්‍රකාශ විද්‍යාවේ පියා ඉබ්නු අල් හයිතම්

ක‍්‍රි.ව. 570 සවුදී අරාබියේ මක්කාහි උපත ලද මුහම්මද් නබි (සල්* තුමා කුඩා අවදිය පටන් සත්‍යය හා අවංක වූත් උතුම් ගුණාංග වලින් හෙබි වූත් පුද්ගලයෙකු විය. ඉබ්රාහීම් (අෙලෙ* තුමා දෙසුවාක් මෙන් මෙතුමා ද එකම දෙවියන් පිළිබඳවත් ඔහුගේ මැවීම් පිළිබඳවත් දේශනා කළහ. අල්කුර්ආනය පාදක කරගනිමින් එතුමාගේ අනුගාමිකයන් දැනුම ඉදිරියට ගෙන යෑමේ කර්තව්‍යයට නව ජීවයක් දුන්හ. ඔවුහු ඉස්ලාමීය ශිෂ්ඨාචාරය තුළින් ග‍්‍රීක ඥානයෙහි සෑම අංශයකම උරුමක්කාරයින් බවට පත්වූහ. මුස්ලිම්වරු නොසිටින්නට ග‍්‍රීක දැනුම සදහටම ඉන්මතු ආ පරපුරට නොලැබී යාමට තිබුණි. මෙම දායාදය ලොව සැමට ලැබෙන සේ ඔවුහු ඒවා එකතු කොට ආරක්‍ෂා කළහ. පසුව ඒවා අධ්‍යයනය කර තවත් වැඩි දියුණු කරමින් ලොව විද්‍යා ප‍්‍රගතියට මඟ පෑ¥හ. ඉරානය, ඉරාකය, ස්පාඤ්ඤය, ඊජිප්තුව, සිරියාව ලෙස දැන් හැඳින්වෙන රටවල් ලොවට දැනුම පැතිරවීමේ මධ්‍යස්ථාන විණ.

බොහෝමයක් යුරෝපීය ජාතීන් අඳුරු යුගයක :ෘ්රන ්ටැි* සිටින විට මධ්‍ය කාලීන එම යුගයේ මුස්ලිම්වරු අධ්‍යාපනිකව හා තාක්ෂණිකව උසස් මට්මටක සිටීයහ. ඉස්ලාමීය පාලකයන් තම රටවල් දැනුම ලොවට පැතිරවීමේ මධ්‍යස්ථානය බවට පත් කළහ. වසර දහසක් පමණ පැවති එම සාමකාමී වාතාවරණය යටතේ කි‍්‍රස්තියානි, යුදෙව් ඇතුළු සෑම ජාතීන්ටම දැනුම රිසිසේ ලබා ගැනීමේ අවස්ථාව ලබාදුන්නේය. අරාබි ග‍්‍රන්ථ සියල්ල අනෙකුත් භාෂාවලට පරිවර්තනය කළහ. 5 වන 15 වන ශත වර්ෂ අතර කාලය තුළ මුස්ලිම් විද්‍යාඥයින් විද්‍යා ලොවේ ප‍්‍රමුඛයන් වූහ.

මෙම තත්ත්වය නොරිස්සු අධමයින් ආගමික සටනක් දියත් කළහ. සියලූම අරාබි ග‍්‍රන්ථ එක් රැුස් කළ ඔවුහු ස්පාඤ්ඥයේ ග‍්‍රැනඩා නගරයේ කන්දක් මෙන් ගොඩගසා ගිනිබත් කර දැමූහ. ඒ ඇසුරේ සිටි කෝටි 3 ක් පමණ මුස්ලිම්වරුන් කෲර ලෙස ඝාතනය කෙරිණි. මෙම ඉරණමම අන්දලූසියා නගරයටත් අත්විණ. මීට කළින්ම ඉරාකයේ බැග්ඩැඞ් නගරයේ සියලූ අරාබි ග‍්‍රන්ථ ටයිග‍්‍රස් නදියට දමා විනාශ කර තිබිණ. දින ගණනාවක් තිස්සේ ටයිග‍්‍රස් නදිය තීන්ත නිසා කළු පාටින් ගලාගිය බව ඉතිහාසයේ සඳහන් වේ. මෑතකදී පවා ඉරාකය ආක‍්‍රමණය කළවුන් ඓතිහාසික ලිපි ලේඛන රාශියක් තැන්පත් කර තිබූ ජාතික පුස්තකාලය වනසා දැමූ බව සඳහන් කරනු වටි. එපමණක් නොව කෲර මිනිස් ඝාතනය ද ලේ පිපාසිත අධමයින්ගේ දෛනික ජීවිතයේ අංශයන් බවට පත්ව තිබිණ.

ඉස්ලාම් දහමට එරෙහි ආගමික යුද්ධය දේශයෙන් දේශය ගිල ගනිමින්ද, ලොව ජනයා තව තවත් දුප්පත්භාවයට පත්කරමින්ද ලොවට විශාල පාඩුවක් හා අසාධාරණයක් සිදුකරමින් ද ලොව පුරා භීෂණය පතුරුවමින් ද ඉදිරියට ඇදී ගියේය.

එදා ලොවට දැනුම බෙදා දුන්, ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් හිමි ඉරාකය ලොවට දායාද කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු පිළිබඳ තොරතුරු බිඳක් මෙහිදී අප ඉදිරිපත් කරමු.

කි‍්‍ර.ව. 965 හි ඉරාකයේ බස්රාහි උපත ලද අබූ අලි හසන් ඉබ්නු අල් හයිතම් සුප‍්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ප‍්‍රකාශ විද්‍යාව සහ විද්‍යාත්මක ක‍්‍රමය සඳහා වූ ඔහුගේ දායකත්වය විශිෂ්ඨ විය. බටහිර ලොවේ ඔහුව හැඳින්වෙන්නේ ”අල් හසෙන්” නමිනි. ඔහු ගණිතඥයෙකු මෙන්ම ඉංජිනේරුවෙකු ලෙස ද කීර්තිය දැරීය. බස්රාවලත්, බැග්ඩැඞ් වලත් ඉගෙනගත් පසුව ඊජිප්තුවට පැමිණියේය. එහි දී කලීෆා (පාලක* අල්-හකීම් නයිල් නදිය පිටාර ගැලීම වැළැක්වීම සඳහා මඟක් සෙවීමේ කාර්යය ඔහු වෙත පැවරීය.

එම කාර්යය අසාර්ථක වූ නිසා රජු ඔහු සමඟ උරණව නිවාස අඩස්සියේ රැුඳවිය. කලීෆා (පාලක* අල්-හකීම්ගේ වියෝව දක්වාම එහි රැුඳී සිටි ඔහු ආලෝකය පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කළේය. ඉන් පසු ඔහු කයිරෝහි අස්හර් මස්ජිදය අසල අර්ධ ගෝලාකාර වහලයක් සහිත කුඩා නිවසක පදිංචි විය. එහි දී ගණිතය පිළිබඳ කතුවරයෙකු ලෙසත් ගුරුවරයෙකු ලෙසත් තම කටයුතු ඇරඹිය. පොත් පරිවර්තනයේ ද නියැලූණේය. යුක්ලිඞ්ගේ ,ෑකැපැබඑි, සහ ටොලමිගේ ,්කප්ටැිඑ, ඒවා අතුරින් කීපයකි.

පරිවර්තන වලට පමණක් තම කටයුතු සීමා නොකළ ඉබ්නු හයිතම් ප‍්‍රකාශ විද්‍යාව, තාරකා විද්‍යාව, සහ ගණිතය පිළිබඳව පොතක් ද ලිවිය. විවිධ මූලාශ‍්‍ර වලින් පෝෂණය වූ ඒවා අතිශය ඵලදායී විය. භෞතික විද්‍යාව, ගණිතය හා දර්ශන විද්‍යාව පිළිබඳව අරාබි බසින් පොත් 200 ක් පමණ ඔහු විසින් ලියන ලදී. ඇරිස්ටෝටල්ගේ දාර්ශනික ග‍්‍රන්ථ, ගැලන්ගේ වෛද්‍ය ග‍්‍රන්ථ ඇතුළුව යුක්ලිඞ්, ඇපලෝනියස්, ආකිමිඞීස් ආදීන්ගේ ගැටළු පිළිබඳව එම ග‍්‍රන්ථවල සාකච්ඡුා කෙරිණ.

වෙළුම් 7 කින් යුක්ත විස්තරාත්මක ”කිතාබ් අල්-මනාසිර්” නම් වූ ප‍්‍රකාශ විද්‍යාව පිළිබඳ ග‍්‍රන්ථය ඉබ්නු හයිතම්ගේ නිර්මාණ අතුරින් වැදගත්ම එකක් විය. ඔහුගේ පර්යේෂණ හා ඒ සම්බන්ධ සියලූ විස්තර එහි අඩංගු විය. ගැඹුරු ලෙස විද්‍යාත්මක ක‍්‍රමය උපයෝගී කොට ගෙන ලියූ මෙම ග‍්‍රන්ථය මධ්‍යකාලීන යුගයේ චින්තනයන් සියල්ලම වාගේ අන්තර්ගත විය. දෘෂ්ඨිය පිළිබඳව පූර්ණ හා පැහැදිලි වාදයක් ජ්‍යාමිතය හා කායික විද්‍යාව උපයෝගී කොට පැහැදිලි කෙරේ. වස්තුවක් ඇසට පෙනෙන්නේ කිරණයක් ඇසෙන් නිකුත් වී වස්තුව මත පතිත වීම හේතුවෙන් බව පවසන යුක්ලිඞ් හා ටොලමිගේ වාදය ප‍්‍රතික්‍ෂේප කළ ඉබ්නු හයිතම් පරීක්ෂණාත්මකව එය වැරදි බව ඔප්පු කළේය.

ඉබ්නු හයිතම් ඉදිරිපත් කළ තර්කය වූයේ ආලෝකය ඇති පෙදෙසක ඇති ලක්‍ෂ්‍යයක් හෝ වස්තුවක් සෑම දිශාවකටම ආලෝකය විහිදුවන අතර එම කිරණ ඇස තුළට සම්පේ‍්‍රෂණය වීමෙන් දැකීම ඇතිවන බවයි. ගැඹුරු වූත් භෞතික විද්‍යාවේ අනාගත වර්ධනය සඳහා මඟ පෑ¥ ඔහුගේ සොයා ගැනීම් නිසා ජෝජ් සාටන් නම් ඇමෙරිකානු ඉතිහාසඥයා ඔහුව හැඳින්වූයේ ”ශ්‍රේෂ්ඨ මුස්ලිම් භෞතික විද්‍යාඥයා සහ ප‍්‍රකාශ විද්‍යා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍යයා” යනුවෙනි.

විවිධ මාධ්‍ය තුළින් ආලෝකය සම්පේ‍්‍රෂණය පිළිබඳව අධ්‍යයනය කළ ඔහු වර්තනය පිළිබඳ නියම සොයා ගත්තේය. නමුත් එහි ගෞරවය අද හිමිවන්නේ ස්නෙල් නම් විද්‍යාඥයාටයි. එම නියම ”ස්නෙල් නියම” අද ප‍්‍රකටය. ආලෝකය විවිධ වර්ණවලින් සංයුක්ත බවත් එම වර්ණ අපකිරණය වීම පිළිබඳවත් ඔහු සොයා ගත්තේය. ආලෝකය සම්බන්ධ සෙවනැලි, ග‍්‍රහණයන්, දේදුනු ආදී බොහෝ භෞතික සංසිද්ධි පිළිබඳ දීර්ඝ විස්තර ඉදිරිපත් කළ අතර ආලෝකයේ භෞතික ස්වභාවය පිළිබඳව උපග‍්‍රහණ ඉදිරිපත් කළේය.

තමා ජීවත් වූ නිවස අඳුරු කොට පිටත සිට කුඩා සිදුරකින් ආලෝකය පැමිණීමට සලස්වා කැමරාව පිළිබඳව මුල්ම පර්යේෂණ සිදු කළේ ඉබ්නු හයිතම්ය. මෙය ,ක්‍්පැර් ධඉිජමර්, නමින් හැඳින්වේ. ඇසෙහි විවිධ කොටස් හා දෘෂ්ඨිය පිළිබඳව විද්‍යාත්මක පැහැදිළි කිරීමක් මුල් වරට විස්තරාත්මකව ඉදිරිපත් කළේ ඉබ්නු හයිතම්ය. ක්‍ෂිතිජයේ දී සූර්යයා හා චන්ද්‍රයා තරමින් විශාලව පෙනීම පිළිබඳව ඉතාම නිවැරදි ලෙස පැහැදිලි කළ ඔහු දෙනෙති :ඊසබදජමක්ර* දෘෂ්ඨිය පිළිබඳව සාකච්ඡුා කොට තිබුණි.

ප‍්‍රකාශ විද්‍යාව පිළිබඳ විස්කිරණ ලෙස පර්යේෂණවල යෙදී සොයා ගැනීම් බොහෝමයක් කර නවීන භෞතික විද්‍යාවේ දියුණුවට මඟ පෑ¥ හෙයින් ඉබ්නු හයිතම් ”නවීන ප‍්‍රකාශ විද්‍යාවේ පියා” යන විරුදාවලි නාමය ලබා සිටි. බටහිරයෙහි විද්‍යාත්මක ප‍්‍රගතියට ”කිතාබ් අල් මනාසිර්” ග‍්‍රන්ථය විශාල බලපෑමක් ඇති කළේය. රෝජර් බේකන් සහ කෙප්ලර් මෙන්ම නිව්ටන්ගේ අධ්‍යයනයන් සඳහා එම ග‍්‍රන්ථයේ ලතින් පරිවර්තනය ඉමහත් පිටුවහලක් විය. එමගින් පර්යේෂණ ක‍්‍රමවල ද විශාල දියුණුවක් ඇති විය.

ගෝලීය සහ පරාවලයික දර්පණ සහ ගෝලීය අපේරණය පිළිබඳව ද ඔහු පර්යේෂණ සිදු කොට ඇත. කාචවල විශාලම බලය පිළිබඳවත් පරීක්ෂණ සිදු කළේය. ඔහුගේ ”මීසාන් අල්-හික්මා” නම් ග‍්‍රන්ථයේ වායුගෝලයේ ඝනත්වය පිළිබඳව සාකච්ඡුා කරන අතර වායුගෝලයේ උස සමඟ ඇති සම්බන්ධතාව ගොඩ නැගීය. වායුගෝලය තුළින් ආලෝක වර්තනය පිළිබඳව ද විස්තර ඉදිරිපත් කරයි. හිරු උදාවන හා බසින මොහොතේ අහසේ වර්ණ පිළිබඳව විස්තර කරන ඔහු හිරු ක්‍ෂිතිජයට 19Ÿ ක් පහළින් සිටින විටද එසේ දිස්වීම ඇරඹීම හෝ නැවතීම සිදුවන බව සොයාගෙන තිබුණි. එමගින් වායුගෝලයේ උස සැතපුම් 55ක් බව දක්වයි. තවද එම ග‍්‍රන්ථයේ ඔහු ස්කන්ධ අතර ආකර්ෂණ බලය පිළිබඳව ද සාකච්ඡුා කරයි. ගුරුත්වජත්වරණය පිළිබඳව ද ඔහු දැන සිටි බව ඉන් වැටහේ.

ගණිතය හා භෞතික විද්‍යා ක්‍ෂේත‍්‍රයේ ඉබ්නු හයිතම්ගේ දායකත්වය ශ්‍රේෂ්ඨය. විජ ගණිතය හා ජ්‍යාමිතය සම්බන්ධ කොට විශ්ලේෂ ජ්‍යාමිතිය දියුණු කළේය. චලිතය පිළිබඳව අධ්‍යයනය කළ ඔහු බාහිර බලයක් යෙදෙනතාක් කල් වස්තුවක් ඒකාකාරව ගමන් කිරීම හෝ නිශ්චලව තිබෙන බවත් බාහිර බලයක් යෙදුණු විට එය නැවතීම හෝ චලිතයේ වෙනසක් සිදුවන බව කීය. මෙය චලිතය පිළිබඳව පළමු නියමයට බොහෝ දුරට සමාන වේ.

200 ක් වූ ඔහුගේ අරාබි ග‍්‍රන්ථ වලින් කීපයක් පමණක් ආරක්‍ෂා වී ඇත. එනමුදු ඔහුගේ ශාස්ත‍්‍රීය ලේඛනවල ලතින් පරිවර්තන බොහෝමයක් අරක්ෂිතව පවතී. විශ්වය පිළිබඳව බොහෝ ග‍්‍රන්ථ මධ්‍ය කාලීන යුගයේ ලතින් හිබ්රූ හා අනෙකුත් භාෂාවලට පරිවර්තනය කෙරිණ.

ඔහුගේ ග‍්‍රන්ථවල සුවිශේෂත්වය නම් විද්‍යාත්මක ක‍්‍රමය පැහැදිලිව ආදේශ කිරීමයි. භෞතික සංසිද්ධි ක‍්‍රමානුකූලව නිරීක්ෂණය කොට විද්‍යාත්මක වාදයක් ගොඩ නැගීම ඔහු අතින් සිදුවිය. මෙය විද්‍යාත්මක විධි ක‍්‍රමයේ සංසිද්ධියක් විය. නිරීක්‍ෂණය, උප කල්පනය තහවුරු කිරීම යන මූලික අංශ ක‍්‍රමවත් ලෙස සම්බන්ධ කොට ස්ථීර පදනමක් මත විද්‍යාත්මක අන්වේශන සිදු කළේය. පොදුවේ භෞතික විද්‍යාවටත්, විශේෂයෙන් ප‍්‍රකාශ විද්‍යාවටත් ඉබ්නු හයිතම් කළ සේවය විශිෂ්ඨය. එමගින් ප‍්‍රකාශ විද්‍ය ක්‍ෂේත‍්‍රයේ න්‍යායයික හා ප‍්‍රායෝගික අංශ 2 ට නව යුගයක දොර විවෘත විය. ක‍්‍රි.ව 1040 දී ඔහු මෙලොවින් වියෝ විය.

කේ. නාපාවල ඊගීජග දෝහා – කටාර්. 

Leave a Reply

Your email address will not be published.