පරිච්ඡේදය 55 – අර්රහ්මාන් (අසීමිත කරුණාවන්තයා)

පරිච්ඡේදය – 55

අර්රහ්මාන් (අසීමිත කරුණාවන්තයා)

මදනි – වැකි 78

بسم الله الرحمن الرحيم

අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)


الرَّحْمَنُ

55:1. ‘1අර්රහ්මාන්’ (අසීමිත කරුණාවන්තයා.)


عَلَّمَ الْقُرْآنَ

55:2. ඔහුම මෙම 2කුර්ආනය ඉගැන්වූයේය.


خَلَقَ الْإِنسَانَ

55:3. ඔහුම මිනිසාව මැව්වේය.


عَلَّمَهُ الْبَيَانَ

55:4. ඔහුට (කථා කිරීමේ) පැහැදිලිතාවයද ඔහුම ඉගැන්වූයේය.


الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ

55:5. සූර්යයා හා චන්ද්‍රයා ගණනයට අනුව (ක්‍රියාත්මක වේ.)


وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ

55:6. තවද, පැලෑටීන්ද ගස්ද (ඔහුටම) ‘16සුජූද්’ කරයි.


وَالسَّمَاء رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ

أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ

55:7,8. තවද ඔහුම අහස එසෙව්වේය. එමෙන්ම  ඔබලා කිරුමෙහි සීමාව කඩ නොකිරීම පිණිස තුලාවද ඇති කළේය.


وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ

55:9. තවද ඔබලා කිරුම යුක්තියානුකූලව තහවුරු කරන්න. තවද, කිරුමෙහි අඩු කිරීම් නොකරන්න.


وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ

55:10. තවද, ඔහුම මිනිසුන් වෙනුවෙන් පොළොව ඇති කළේය.


فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ

55:11. එහි පළතුරුද හනස්වලින් යුත් ඉඳි ගස්ද ඇත.


وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ

55:12. තවද සිවි සහිත ධාන්‍යයද සුවඳවත් පැලෑටිද ඇත.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:13. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


خَلَقَ الْإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ

55:14. පිළිස්සූ මැටි බඳුන් සේ (තට්ටු කළේ නම්) හඞ නඟන මැටියෙන් ඔහු (පළමු) මිනිසාව මැව්වේය.


وَخَلَقَ الْجَانَّ مِن مَّارِجٍ مِّن نَّارٍ

55:15. තවද ඔහු සිළුවෙන් 25ජින්ව මැව්වේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:16. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ

55:17. (ඔහුම) නැගෙනහිර දෙකෙහිම 10ස්වාමියාය. තවද බටහිර දෙකෙහිම 10ස්වාමියාය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:18. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ

55:19. ඔහුම එකිනෙක හමුවන සේ මුහුදු දෙකම හැර දමයි.


بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ

55:20. එම දෙක අතරෙහි එකිනෙක තරණය කළ නොහැකි තිරයක් ඇත.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:21. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ

55:22. මුතු හා පබළු එම දෙකෙහිම සිට පිට වේ.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:23. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


وَلَهُ الْجَوَارِ الْمُنشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ

55:24. මුහුදෙහි ගමන් කරන කඳු වැනි උස් වූ නැව්ද ඔහුටම අයත්ය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:25. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


كُلُّ مَنْ عَلَيْهَا فَانٍ

55:26. (පොළොව වූ) එය මත ඇති සියල්ලම විනාශයට පත්වෙන ඒවාය!


وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ

55:27. මහඟුභාවයෙන් හා කීර්තියෙන් අධික ඔබගේ 10ස්වාමියාගේ (ගෞරවාන්විත) මුහුණ නිත්‍යව තිබෙන්නේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:28. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


يَسْأَلُهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ

55:29. අහස් හා පොළොවෙහි සිටින්නෝ (තමන්ගේ අවශ්‍යතා) ඔහුගෙන්ම ඉල්ලති.  ඔහු එක් එක් දිනයෙහිම කාර්යයෙහිම සිටියි.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:30. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


سَنَفْرُغُ لَكُمْ أَيُّهَا الثَّقَلَانِ

55:31. මනු හා 25ජින් දෙවර්ගයෙනි! ඉතා ඉක්මනින් ඔබලා වෙනුවෙන් (විභාගයට අයත් වේලාව) වෙන් කරන්නෙමු.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:32. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ

55:33. 25ජින්,මනු සමූහයිනි! ඔබලා අහස් හා පොළොවෙහි සීමාවන් තරණය කිරීමට ශක්තිය ලබන්නේ නම් ඔබලා තරණය කරන්න. ඔබලා අධික ශක්තියෙන් හැර තරණය නොකරන්නෙහුය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:34. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ

55:35. ඔබලා දෙපිරිස දෙසට ගිනි දැල්ල හා දුමාරය යවනු ලැබේ. එකල ඔබලා උදව් නොලබන්නෙහුය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:36. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فَإِذَا انشَقَّتِ السَّمَاء فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ

55:37. අහස පැලෙන කල, එය තෙල සේ රෝස පැහැය වන්නේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:38. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فَيَوْمَئِذٍ لَّا يُسْأَلُ عَن ذَنبِهِ إِنسٌ وَلَا جَانٌّ

55:39. එම දිනයෙහි මිනිසා හෝ ජින් හෝ තම තමන්ගේ පාප ගැන (පැහැදිලිභාවය ලබාගැනීම පිණිස) විභාග කරනු නොලබන්නෝය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:40. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ

55:41. වැරදිකරුවෝ ඔවුන්ගේ සළකුණු මගින්ම හඳුනාගනු ලබන්නෝය. එහෙයින්, ඔවුහු ඉදිරි නළළෙහි කෙස් හා පා මගින් අල්වාගනු ලබන්නෝය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:42. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


هَذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ

55:43. වැරදිකරුවන් 49බොරු කරමින් සිටි 21නිරය මෙයම වේ (යැයි පවසනු ලබන්නේය.)


يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ

55:44. ඔවුහු මෙය අතරද දැඩිව උණු වෙන ජලය අතරද කැරකෙන්නෝය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:45. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ

55:46. කවරෙක් තම 10ස්වාමියා ඉදිරියෙහි සිටගැනීම ගැන බිය වූයේද ඔහුට 22ස්වර්ග උයන් දෙකක් ඇත.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:47. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


ذَوَاتَا أَفْنَانٍ

55:48. ඒ දෙකම අතුවලින් පිරී පවතින්නේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:49. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ

55:50. එම දෙකෙහිම උල්පත් දෙකක් ගලමින් තිබෙන්නේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:51. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فِيهِمَا مِن كُلِّ فَاكِهَةٍ زَوْجَانِ

55:52. එම දෙකෙහිම ඇති එක් එක් පළතුරු වර්ගයෙන්ම දෙවර්ගයක් ඇත.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:53. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


مُتَّكِئِينَ عَلَى فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ

55:54. ඔවුහු ඇතිරිලි මත හාන්සිවූවන් ලෙස සිටින්නෝය. එහි ඇතුළු කොටස් ‘ඉස්තබ්රක්’ නම් පටවලින් වූයේය. තවද එම 22ස්වර්ග උයන් දෙකෙහි පළතුරු (නෙලීමට) ආසන්නව තිබෙන්නේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:55. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ

55:56. බැලීම් පහතට කළ ලස්සන ඇස්වලින් යුත් ලලනාවෝද ඒවායෙහි සිටින්නෝය. මොවුන්ට පෙර කවර මිනිසෙක් හෝ 25ජින්වරයෙක් හෝ ඔවුන්ව කායිකව ස්පර්ෂ නොකළේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:57. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ

55:58. ඔවුහු මුතු හා පබළු සේ සිටින්නෝය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:59. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


هَلْ جَزَاء الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ

55:60. යහපතට 37කුලිය යහපතම හැර වෙන කුමක්ද?


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:61. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


وَمِن دُونِهِمَا جَنَّتَانِ

55:62. තවද, එම දෙකම නොවන (වෙනත්) 22ස්වර්ග උයන් දෙකක්ද ඇත.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:63. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


مُدْهَامَّتَانِ

55:64. එම දෙකම තද කොළ පැහැයෙන් යුක්ත ඒවාය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:65. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ

55:66. එම දෙකෙහිම පිරී හැළෙන උල්පත් දෙකක් ඇත.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:67. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ

55:68. එම දෙකෙහිම පළතුරු, ඉඳි හා දෙළුම් ඇත.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:69. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ

55:70. ඒවායෙහි යහගුණයෙන් යුත් කණ්‍යාවෝද සිටින්නෝය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:71. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


حُورٌ مَّقْصُورَاتٌ فِي الْخِيَامِ

55:72. (ඔවුහු) කූඩාරම්වල සඟවා තබනු ලැබූ සුදු පැහැයෙන් වූ ලස්සන ඇස්වලින් යුත් ලලනාවන් වෙති.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:73. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ

55:74. මොවුන්ට පෙර කවර මිනිසෙක් හෝ 25ජින්වරයෙක් හෝ ඔවුන්ව කායිකව ස්පර්ෂ නොකළේය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:75. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


مُتَّكِئِينَ عَلَى رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ

55:76. ඔවුහු කොළ පැහැති පොරෝන මතද, ලක්ෂණ ඇතිරිලි මතද හාන්සිවූවන් ලෙස සිටින්නෝය.


فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ

55:77. එහෙයින්, (මනු, 25ජින් වර්ගයා වන) ඔබලා දෙදෙනාම ඔබලාගේ 10ස්වාමියාගේ දායාද අතරින් කවරක් 49බොරු කරන්නෙහුද?


تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ

55:78. මහඟු භාවයෙන් හා කීර්තියෙන් යුත් ඔබගේ 10ස්වාමියාගේ නම භාග්‍යවන්ත වූයේය.

Leave a Reply

Your email address will not be published.