පරිච්ඡේදය 46 – අල්අහ්කාෆ් (වැලි තලා)

පරිච්ඡේදය – 46

අල්අහ්කාෆ් (වැලි තලා)

මක්කි – වැකි 35

කොටස – 26

بسم الله الرحمن الرحيم

අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)


حم

46:1. හා, මීම්.


تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

46:2. මෙම 2වේදකය, සියල්ල අභිභවූකෙනාද, අධික ඥානවන්තයාද වන 1අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූවක් වේ.


مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُّسَمًّى وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنذِرُوا مُعْرِضُونَ

46:3. අහස්, පොළොව හා ඒ දෙක අතර වූ දේද සත්‍යයක් මතද, නියමිත වාරයක් පිණිසම හැර අපි නොමැව්වෙමු. නමුත්, 12ප්‍රතික්ෂේප කරන්නෝ 57අවවාද කරනු ලබන දෙය ඉවතලීම් කරන්නන් ලෙසම සිටිති.


قُلْ أَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ اِئْتُونِي بِكِتَابٍ مِّن قَبْلِ هَذَا أَوْ أَثَارَةٍ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ

46:4. ඔබලා 1අල්ලාහ්ව හැර (ප්‍රාර්ථනා කර) අඞගසමින් සිටින දේ ගැන බැලුවෙහුද? ඒවා පොළොවෙහි කුමක් මවා ඇත්තේද? නැතිනම් ඒවාට අහස්හි කොටස් තිබේදැ? යි මට පෙන්වන්න. ඔබලා සත්‍යවන්තයින් වේ නම් මෙයට පෙර තිබූ යම් 2වේදකයක් හෝ දැනුමාන්විත මූලාධාරයක් හෝ මා හමුවට ගෙන එන්නැ යි (නබි!) ඔබ පවසන්න!


وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُو مِن دُونِ اللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُ إِلَى يَومِ الْقِيَامَةِ وَهُمْ عَن دُعَائِهِمْ غَافِلُونَ

46:5. 1අල්ලාහ්ව හැර, 9එලෝ දිනය තෙක් තමාට කිසිම පිළිතුරක් ලබා නොදෙන්නන්ව (ප්‍රාර්ථනා කර) අඞගසන්නෙකුට වඩා, වඩාත් 23මංමුළාවූකෙනා කවරෙක්ද? ඔවුහු මොවුන්ගේ අඞගැසීම වටහානොගන්නන් ලෙස සිටිති.


وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاء وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

46:6. තවද, මිනිසුන් එක්රැස් කරවනු ලබන කල, ඔවුහු මොවුන්ට සතුරන් ලෙස සිටින්නෝය. තවද ඔවුහු තමන්ට 16නැමදුම් කළ දෙය ප්‍රතික්ෂේප කරන්නන් ලෙසද වන්නෝය.


وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءهُمْ هَذَا سِحْرٌ مُّبِينٌ

46:7. අපගේ වැකි ඔවුනට පැහැදිලිව කියවා පෙන්වනු ලැබුවේ නම්, 12ප්‍රතික්ෂේප කළවුන්, තමන් හමුවට සත්‍යය පැමිණි කල, ‘මෙය පැහැදිලි හූනියමකි’ යි පැවසූහ.


أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ كَفَى بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ

46:8. ‘මෙය මොහුම ගෙතුවේය’ යි ඔවුහු පවසත්ද? මෙය මා ගෙතුවේ නම්, මට 1අල්ලාහ්ගෙන් ඇති වන කිසිවකින් (වැළැක්වීමට) ඔබලා හැකියාව නොලබන්නෙහුය යි (නබි!) ඔබ පවසන්න! ඔබලා කුමක ගිලී සිටිහුද එය ගැන වඩාත් දන්නා ඔහුමය. මා හා ඔබලා අතර සාක්ෂිකරු ලෙස සිටීමට ඔහුම ප්‍රමාණවත්ය. ඔහු අධිකව සමාකරන්නාය; අසම දයාවන්තයාය.


قُلْ مَا كُنتُ بِدْعًا مِّنْ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ

46:9. ‘මා දූතයින් අතර නවකයෙකු ලෙස නොමැත. මට හා ඔබලාට කුමක් කරනු ලබන්නේදැ යිද මම නොදනිමි. මට ‘2වහී’ ලෙස දන්වනු ලබන දෙයම මම පිළිපදිමි. තවද, මා 57පැහැදිලිව අවවාද කරන්නා හැර වෙන නොමැතැ’ යි (නබි!) ඔබ  පවසන්න!


قُلْ أَرَأَيْتُمْ إِن كَانَ مِنْ عِندِ اللَّهِ وَكَفَرْتُم بِهِ وَشَهِدَ شَاهِدٌ مِّن بَنِي إِسْرَائِيلَ عَلَى مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

46:10. මෙය 1අල්ලාහ්ගෙන් පැමිණ තිබියදීත් ඉස්රායීල්ගේ දරුවන් අතර සාක්ෂිකරුවෙක්, මෙවැන්නකට සාක්ෂිද පවසා, ඔහු එය විශ්වාසද කර තිබියදීත්, ඔබලා එය ප්‍රතික්ෂේප කර, අහංකාරකම පෙන්වූයේ නම් ඔබලාට කුමක් සිදුවන්නේදැ? යි මට දන්වන්නැ යි (නබි!) ඔබ අසන්න! නියතව 1අල්ලාහ් 23අපරාධකාරී මෙම සමූහයාව 4යහමඟෙහි නොයවන්නේය.


وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا لَوْ كَانَ خَيْرًا مَّا سَبَقُونَا إِلَيْهِ وَإِذْ لَمْ يَهْتَدُوا بِهِ فَسَيَقُولُونَ هَذَا إِفْكٌ قَدِيمٌ

46:11. 12ප්‍රතික්ෂේප කළවුන් 6විශ්වාස කළවුන් හමුවෙහි, ‘මෙය ශ්‍රේෂ්ඨ දෙයක් ලෙස තිබුණේ නම්, ඔවුහු මෙය කරා අපට ඉදිරියෙන් ගොස් නොතිබෙන්නෝය, යි පවසති. තවද, මෙමගින් ඔවුන් 4යහමඟ නොලබන කල ‘මෙය පැරණි බොරුවක් වේ’ යැයිද පවසන්නෝය.


وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إِمَامًا وَرَحْمَةً وَهَذَا كِتَابٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِيًّا لِّيُنذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَى لِلْمُحْسِنِينَ

46:12. මෙයට පෙර, 8මූසාගේ 2වේදකය 4යහමඟ පෙන්වන්නක් ලෙසද ආශිංෂණයක් ලෙසද තිබීය. මෙය 23අපරාධ කළවුන්ව 57අවවාද කිරීම පිණිසද, යහකම් කරන්නන්ට 59සුබාරංචි පැවසීම පිණිසද, (පෙර වූ 2වේදකයන්) සැබෑ කරන්නක් ලෙසද අරාබි බසින් වූ 2වේදකය වේ.


إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

46:13. නියතව කවරහු, ‘අපගේ 10ස්වාමියා 1අල්ලාහ්ම’ යි පවසා, පසුව නොසැලී සිටිත්ද ඔවුනට කිසිම බියක් නැත. ඔවුහු දුක්ද නොවන්නෝය.


أُوْلَئِكَ أَصْحَابُ الْجَنَّةِ خَالِدِينَ فِيهَا جَزَاء بِمَا كَانُوا يَعْمَلُونَ

46:14. 22ස්වර්ග වැසියන් ඔවුන්මය. ඔවුන් කරමින් සිටි දේට 37කුලිය ලෙස ඔවුහු එහි ස්ථීරව සිටින්නෝය.


وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ إِحْسَانًا حَمَلَتْهُ أُمُّهُ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا حَتَّى إِذَا بَلَغَ أَشُدَّهُ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ

46:15. මිනිසා තමාගේ දෙමාපියන්ට උපකාර කළ යුතු යැයි, අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහුව දුෂ්කරතාවයෙන්ම දරාගෙන, ඔහුව දුෂ්කරතාවයෙන්ම ප්‍රසූත කළාය. ඔහුව (ගර්භාෂයෙහි) දැරීමද ඔහුට කිරි පෙවීම් අමතක කරවීමද මාස තිහක් වේ. ඔහු තම තරුණ බවට පූර්ණව පිවිස, සතලිස් වියට පැමිණෙන කල, ‘මාගේ 10ස්වාමීනී! ඔබ මට හා මාගේ දෙමාපියන්ට කළ දායාදවලට  මා තුති කිරීම පිණිසද, මා ඔබ තෘප්තිමත් වන යහකම් කිරීම පිණිසද මට ආශිංෂණ පහළ කරනු මැනවි! මට මාගේ පෙළපත ප්‍රකෘතිමත් කර දෙනු මැනවි! නියතව මම ඔබගෙන් සමාව අයැද හැරුණෙමි. නියතව මම (මුළුමනින්ම යටත් වූවන් වන) 32මුස්ලිම්වරුන් අතර ඇත්තෙකු වූයෙමි යි (ප්‍රාර්ථනා කර) පවසන්නේය.


أُوْلَئِكَ الَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا وَنَتَجاوَزُ عَن سَيِّئَاتِهِمْ فِي أَصْحَابِ الْجَنَّةِ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ

46:16. ඔවුන් කළ දේවලින් වඩාත් හොඳ දේ අප ඔවුන්ගෙන් පිළිගෙන, අපි ඔවුන්ගේ අයහකම්වලට සමා කරන්නෙමු. (ඔවුන්) ස්වර්ග වැසියන් අතර ඇත්තන්ය. ඔවුනට දෙනු ලැබූ ප්‍රතිඥාව සත්‍ය ප්‍රතිඥාවක් වේ.


وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَّكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتْ الْقُرُونُ مِن قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

46:17. කෙනෙක් (විශ්වාස කරන ලෙසට උපදෙස් කළ) තම දෙමාපියන් දෙස බලා, ‘චී චී, ඔබලාට කුමක් වූයේද? (මරණයට පසුව) මම නැගිට්ටවනු ලබන්නෙමි යි ඔබලා මාව බියට පත් කරහුද? මට පෙර නියතව බොහෝ සමූහයෝ ගොස් ඇත්තෝය’ යි පැවසුවේය. එකල එම දෙදෙනාම ඔහු වෙනුවෙන් 1අල්ලාහ් හමුවෙහි ආරක්ෂාව පැතූහ. ‘ඔබට විපතමය; ඔබ 6විශ්වාස කරන්න; නියතව 1අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය’ යැයි පැවසුවාට ඔහු, ‘මෙය පැරැන්නන්ගේ කට කථාවක් හැර වෙන නොමැතැ’ යි කීය.


أُوْلَئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ الْجِنِّ وَالْإِنسِ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ

46:18. මොවුන්ට පෙර ගිය ජින් හා මිනිස් සමාජයන්හි මොවුන් (වැන්නන්) කෙරෙහි (වධ වේදනාවෙහි) වදන තහවුරු විය. නියතව මොවුහු පාඩුවූවන් වූහ.


وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُوا وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ

46:19. එක් එක්කෙනාටම ඔවුන් ක්‍රියා කළ දෙයට අනුව බොහෝ තරාතිරම් ඇත. එහෙයින්, ඔවුන්ගේ ක්‍රියාවලට (නියමිත 37කුලිය) ඔහු ඔවුනට පූර්ණව ලබාදීම පිණිස (මෙසේ කරයි.) ඔවුහු අපරාධ කරවනු නොලබන්නෝය.


وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُم بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ

46:20. 12ප්‍රතික්ෂේප කළවුන් නිරයට ගෙන එනු ලබන දවසෙහි, ‘ඔබලා ඔබලාගේ ලොවේ ජීවිතයෙහිම ඔබලාගේ හොඳ දේ නැති කර දමා, ඒවා මගින් සැපද වින්දෙහුය. ඔබලා පොළොවෙහි අසාධාරණව අහංකාරකම පෙන්වමින් සිටි හේතුවෙන්ද, ඔබලා පව්කරමින් සිටි හේතුවෙන්ද, අද දිනයෙහි නින්දිත වධ වේදනාවම ඔබලාට 37කුලිය ලෙස දෙනු ලබයි’ (යැයි පවසනු ලබන්නේය.)


وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُ بِالْأَحْقَافِ وَقَدْ خَلَتْ النُّذُرُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

46:21. (නබි!) ඔබ ආදු සමූහයාගේ සහෝදරයා (වන 8හූද්)ව සිහි කරන්න! ‘ඔබලා 1අල්ලාහ්ට හැර වෙන කිසිවෙකුටත් 16නැමදුම් නොකරන්න. නියතව මම 9ඉමහත් දිනයෙහි වධ වේදනාව ඔබලාට බිය වෙමි’ යි ඔහු වැලි තලා මත සිටගෙන තම සමූහයාට අවවාද කළ දෙය ගැන (ඔබ සිතා බලන්න!) මොහුට පෙරද පසුද අවවාද කරන්නෝ (පැමිණ) ගොස් ඇත්තෝය.


قَالُوا أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ آلِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

46:22. ඔවුහු, ‘(ඕ:හූද්!) අපගේ 16නැමදුමට අයත්වන්නන් කෙරෙන් අපව හැරවීම පිණිස ඔබ අප හමුවට පැමිණ ඇත්තෙහිද? ඔබ සත්‍යවන්තයින් අතර ඇත්තෙකු වේ නම්, ඔබ අපට ප්‍රතිඥා දෙන දෙය අප හමුවට ගෙන එන්නැ යි පැවසූහ.


قَالَ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَأُبَلِّغُكُم مَّا أُرْسِلْتُ بِهِ وَلَكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ

46:23. (එයට) ඔහු, ‘(එය ගැන වූ) දැනුම 1අල්ලාහ් හමුවෙහිම ඇත. මම කුමක් මගින් යවනු ලැබ ඇත්තෙමිද එයම ඔබලාට සැළ කරමි. නමුත් මම ඔබලාව අධම සමූහයක් ලෙසම දකිමි’ යි පැවසූවේය.


فَلَمَّا رَأَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَذَا عَارِضٌ مُّمْطِرُنَا بَلْ هُوَ مَا اسْتَعْجَلْتُم بِهِ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ

46:24. (නියමිත වධ වේදනාව වූ) එය ඔවුන්ගේ පහත් බිම් දෙසට වළාකුලක් ලෙස පැමිණීම ඔවුන් දුටු කල, ‘මෙය අපට වර්ෂාව පහළ කරන වළාකුලක් වේ’ යැයි ඔවුහු පැවසූහ. එසේ නොවේ, මෙය, කුමක් මගින් ඔබලා ඉක්මන් වූවෙහුද එයම වේ. (මෙය) හිංසාකාරී වධ වේදනාව ඇතුළු කරගත් සුළඟක් වේ.


تُدَمِّرُ كُلَّ شَيْءٍ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا لَا يُرَى إِلَّا مَسَاكِنُهُمْ كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ

46:25. එය තම 10ස්වාමියාගේ අණ පරිදි සියලු දේම විනාශ කර දමන්නේය. ඔවුන්ගේ වාසස්ථාන හැර (වෙන කිසිවක්) නොපෙනෙන අන්දමින් ඔවුහු උදෑසණ ලැබූහ. වැරදිකාර මෙම සමූහයාට අපි මේ අන්දමටම 37කුලිය දෙන්නෙමු.


وَلَقَدْ مَكَّنَّاهُمْ فِيمَا إِن مَّكَّنَّاكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً فَمَا أَغْنَى عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفْئِدَتُهُم مِّن شَيْءٍ إِذْ كَانُوا يَجْحَدُونَ بِآيَاتِ اللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون

46:26. (මක්කා වැසියන් වන) ඔබලාට ඇති කර නොදුන් පහසුකම්, අපි ඔවුනට ඇති කර තිබුණෙමු. තවද, අපි ඔවුනට ශ්‍රවණ ඉන්ද්‍රියද, පෙනීම්ද, සිත්ද ඇති කළෙමු. ඔවුන් අල්ලාහ්ගේ වැකි පිළිනොගෙන සිටි කල, ඔවුන්ගේ ශ්‍රවණ ඉන්ද්‍රියද, ඔවුන්ගේ පෙනීම්ද, ඔවුන්ගේ සිත්ද සුළු වශයෙන් වුවද ඔවුනට ඵල ලබා නොදුන්නේය. ඔවුහු කුමක් ගැන සමච්චල් කරමින් සිටියෝද එය ඔවුන්ව වටකරගත්තේය.


وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ الْقُرَى وَصَرَّفْنَا الْآيَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

46:27. නියතව අපි ඔබලා වටා ඇති විවිධ ප්‍රදේශ විනාශ කර ඇත්තෙමු. ඔවුන් ආපසු හැරීම පිණිස විවිධ සාක්ෂීන් පැහැදිලි කර ඇත්තෙමු.


فَلَوْلَا نَصَرَهُمُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ قُرْبَانًا آلِهَةً بَلْ ضَلُّوا عَنْهُمْ وَذَلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا يَفْتَرُونَ

46:28. මොවුහු 1අල්ලාහ්ව හැර (ඔහු හමුවෙහි) සමීපතාවය ඇති කරන 16නැමදුමට අයත්වන්නන් ලෙස කවුරුන්ව අරගත්තෝද, ඔවුන් මොවුන්ට උදව් කර තිබෙන්න එපාය? එසේ නොව ඒවා මොවුන්ගෙන් සැඟවී ගියේය. එය මොවුන්ගේ බොරුවද, මොවුන් ගොතමින් සිටි දෙයද වේ.


وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِّنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قَالُوا أَنصِتُوا فَلَمَّا قُضِيَ وَلَّوْا إِلَى قَوْمِهِم مُّنذِرِينَ

46:29. අප මෙම කුර්ආනයට සවන්දීම පිණිස 25ජින්වරුන්ගෙන් පිරිසක්ව ඔබ  හමුවට යැවූ දෙය ගැන (නබි!) ඔබ සිතා බලන්න! ඔවුන් ඔහු හමුවට පැමිණි කල, ‘නිශ්ශබ්දව සිටින්නැ’ යි ඔවුහු (තමන් අතර) පැවසූහ. (කියවා) අවසන් වූ කල ඒවා අවවාද කරන්නන් ලෙස තමන්ගේ සමූහයා හමුවට ආපසු ගියහ.


قَالُوا يَا قَوْمَنَا إِنَّا سَمِعْنَا كِتَابًا أُنزِلَ مِن بَعْدِ مُوسَى مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِي إِلَى الْحَقِّ وَإِلَى طَرِيقٍ مُّسْتَقِيمٍ

46:30. අපගේ සමූහයිනි! නියතව අපි 8මූසාට පසුව පහළ කරනු ලැබූ 2වේදකයකට සවන් දුනිමු. (එය) තමාට පෙර ඇති ඒවා සැබෑ කරයි. එය සත්‍යය කරාද, 4සෘජු මාර්ගය කරාද මඟ පෙන්වයි’ යැයි පැවසූහ.


يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍ

46:31. ‘අපගේ සමූහයිනි! 1අල්ලාහ්ගේ අඞගසන්නාට පිළිතුරු දී, ඔහුව 6විශ්වාස කරන්න. ඔහු ඔබලාගේ පව් ඔබලාට සමා කරන්නේය. තවද, හිංසාකාරී වධ වේදනාවෙන්ද ඔබලාව ආරක්ෂා කරන්නේය’ ( යිද පැවසූහ.)


وَمَن لَّا يُجِبْ دَاعِيَ اللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِي الْأَرْضِ وَلَيْسَ لَهُ مِن دُونِهِ أَولِيَاء أُوْلَئِكَ فِي ضَلَالٍ مُّبِينٍ

46:32. කවරෙක් 1අල්ලාහ්ගේ අඞගසන්නාට පිළිතුරු නොදුන්නේද, ඔහු පොළොවෙහි (1අල්ලාහ්ව) පරාජය කරන්නා ලෙස නොමැත. තවද, ඔහු හැර ඔහුට ආරක්ෂකයින් කිසිවෙකුද නොමැත. ඔවුහු පැහැදිලි 23මංමුළාවෙහිම සිටිති.


أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَى أَنْ يُحْيِيَ الْمَوْتَى بَلَى إِنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

46:33. නියතව අහස් හා පොළොව මවා, ඒවා මැවීමේදී උදාසීණත්වයට පත් නොවූ 1අල්ලාහ්, මරණයට පත්වූවන්ව ප්‍රාණවත් කිරීමට හැකියාව ඇත්තා යැයි ඔවුහු නොදැනගත්තෝද? එසේය! නියතව ඔහු සියලු දේ කෙරෙහිම ඉමහත් හැකියාව ඇත්තාය.


وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُوا بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

46:34. 12ප්‍රතික්ෂේප කළවුන්ව 21නිරයට ගෙන එනු ලබන දිනයෙහි, ‘මෙය සත්‍ය නොවේදැ?’ (යි අසනු ලබන්නේය.) ‘එසේය! අපගේ 10ස්වාමියා කෙරෙහි දිවුරා පවසමු. එසේය (සැබෑවම)’  යි පවසන්නෝය. ඔබලා 12ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් මෙම වධ වේදනාව විඳින්නැ යි (අල්ලාහ්) පවසන්නේය.


فَاصْبِرْ كَمَا صَبَرَ أُوْلُوا الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِّن نَّهَارٍ بَلَاغٌ فَهَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الْفَاسِقُونَ

46:35. අපගේ 8දූතයින් අතරින් බලගතු අය ඉවසීමෙන් සිටියා සේ (නබි!) ඔබද ඉවසීමෙන් සිටින්න! ඔවුන් වෙනුවෙන් ඔබ ඉක්මන් නොවිය යුතුය. ඔවුන්, ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෙය දකින දිනයෙහි තමන් (පොළොවෙහි) දවාලෙහි සුළු වේලාවක් හැර නැවතී නොසිටියා සේ (වටහාගන්නෝය. මෙය) සැළ කළ යුත්තකි. පව්කාර මෙම සමූහයා හැර වෙන කවරහු හෝ විනාශයට පත් කරනු ලබන්නෝද?

Leave a Reply

Your email address will not be published.