යේසුස් වහන්නේස ඇමතු දෙවියන්!

මාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණ.

මම පසෙකට වී එය කියවන්න පටන් ගතිමි. එහි අලූත් කිසිවක් නොවුණි. එහි අලූත් කිසිවක් නොවුණි. දුගියෙකුගේ ජීවිතයේ ඇති වු දුක වේදනාවද, හෙතෙම කි‍්‍රස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පසුව ඒ දුක හා වේදනාව කෙසේ නැතිවී ගියේද යනාදිය සඳහන් කළ පසු, නොමිලේ බයිබලයක් ලබාගැනීමට සහ අනෙකුත් විස්තර සඳහා යොමුවිය යුතු ලිපිනය සඳහන් කර තිබිණ.

එම කතෝලික සහෝදරයා ටික වේලාවකින් පසුව මා වෙත පැමිණ සිනාමුසුව ”හලෝ” යනු මට කථ කළේය. ”පොත කියවුවාද?” යනු විමසු ඔහු ”මම උදේ පටන් මේ දක්වාම මෙම පොත බොහෝ අයට දුනිමි. කිසිවෙකු කියවු බව මට දැකගන්න නුපුළුවන් විය. ඔබ විතරයි කියවනවා දැක්කේ. කිතු දහම කෙරෙහි ඔබට උනන්දුවක් තිබේදැයි ඇසුවේය.

”කිතු දහම කෙරෙහි උනන්දුවක් තිබෙනවාද කියලද අහන්නේ? මම යේසුස් තුමා කෙරෙහි ගරුත්වයක් දක්වන්නෙක්. එක් අතකින් බලන විට එතුමාගේ ෂත්‍ය උපදෙස් පිළිපදින්නෙකු ද වෙමි!” මම පිළිතුරු දුනිමි.
 
ශා එහෙමද? ඔබව බලන විට මුස්ලිම්වරයෙක් බවයි පෙනෙන්නේ. ඔබ කොහොමද යේසුස් වහන්සේ ……. ? ඔහු විමතියෙන් ප‍්‍රශ්න කළේය.
ත්‍ය්සුස් වහන්සේ කව්ද? උන්වහන්සේගේ උපදෙස් මොනවාද? යනු ඔබ දන්නවා ද? මම ඇසුවෙමි.

මොනවද ඔබ මේ අහන්නේ…. ? මම කතෝලිකයෙක්. කතෝලික දහම ප‍්‍රචාරය කිරීමයි මගේ ජීවිතය. එවන් මගෙන් ම මෙහෙම ප‍්‍රශ්න කිරීම …? ඔහු කීවේය.

මම විහිළුවකට එහෙම ඇහුවෙ නෑ. ඇත්තෙන්මයි අහන්නේ. කියන්න මම සිනාමුසුව ඔහුට කථාකරන ලෙෂ දිරි ගැන්වුයෙමි.
 
යේසුස් වහන්සේ දෙවියන්ගේ පුතුනුවන් වෙයි; උන්වහන්සේ ම දෙවියන් වෙයි. උන්වහන්සේ ගැලවුම්කරු වෙයි. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය කළහොත් මරණින් මතු ජීවිතයෙහි ජය ලැබෙයි” ඔහු කීවේය.

ඔබයි මෙහෙම කියන්නේ නමුත් යේසුස් වහන්සේ මෙහෙම කියලා නෑ!” මම කීවෙමි. මෙහෙම කිව්වේ නෑ ? එහෙම නම් උන්වහන්සේ කිව්වේ කොහොමද? ඔහු ඇසීය. යේසුස් වහන්සේ තමා දෙවියන් කියා හෝ දෙවියන්ගේ පුත‍්‍රයා කියා හෝ කිසිවිටක කිව්වේ නෑ. උන් වහන්සේ ජනයාට කිව්වේ ”සර්ව බලධාරි එකම දෙවියන්ට පමණක් වන්දනා මාන ඉටුකරන්න යනුවෙන් ය.” මම කීවෙමි.

”ඔබ කියන මෙයට ඇති සාදක මොනවාද? හෙතෙම ටිකක් කෝපයෙන් ප‍්‍රශ්න කළේය.

”ඔබ ළඟ බයිබලය තිබෙනවාද?”
ඔව් තිබෙනවා. එහෙම නම් මතෙව් 4: 10 වාක්‍යය පෙරළා කියවන්න. ඔහු කියවන්න විය. ”යේසුස් වහන්සේ සාතන් අහක්ව යව. මක්නිසාද තාගේ දෙවි වු ස්වාමීන් වහන්සේට නමස්කාර කරව. උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේ යැයි ඔහුට කී සේක”

මිත‍්‍රයා! යේසුස් වහන්සේ දේශනා කළේ ”ඒකදේවවාදය” බව මෙම වාක්‍යයෙන් වැටහෙනවා නේ ද? තවත් එම පරිච්ඡේදයේම 6: 6 වාක්‍යය කියන්නේ මොනවා දැයි බලන ලෙස මම කීවෙමි.

”නුඹ යාඥා කරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද දොර වසා රහසිගතව නුඹේ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක දෙන සේක!”

ධැන් මතෙව් 7: 21 වාක්‍යය කියවන්න මම කීවෙමි.
”ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත මිස මට ස්වාමිණි! ස්වාමිනි යි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යට ඇතුල් නොවන්නෝය”
උවසන් වශයෙන් එම පරිච්ඡේදයෙහි ඇති එකම එක වාක්‍යක් පරීක්‍ෂා කර බලමු. මතෙව් 27: 45 වාක්‍යය කියවන්න මම උනන්දුවෙන් යුතුව කීවෙමි.
 
ඔහු එම වාක්‍යය කියවුයේ ය. ”යේසුස් වහන්සේ එලී. එලී. ලාමා සබක්තානි”. ”මාගේ දෙවියනි! මාගේ දෙවියනි! ඔබ මා අත්හැරියේ මක්නිසා ද යනුයි”. මෙම වාක්‍යන් සියල්ල කියවු කතෝලික මිත‍්‍රයා මදක් විමතියට පත්වූවා සේ මා දෙස බැලූවේය. සහෝදර ඔබ බයිබලය සම්පූර්ණයෙන් කියවා තේරුම්ගෙන ඇති බව මට පේනවා ඔහු කීවේය.

ඨීකක් කියවා තිබෙනවා. මෙතෙක් අප දෙදෙනා බැලූවේ බයිබලයේ මතෙව් පරිච්ඡේදයේ වාක්‍යවලින් සමහරකි. මෙපමණක් නොවෙයි බයිබලයේ ආරම්භ පරිච්ඡේදය වූ ”උත්පත්ති” පටන් අවසන් පරිච්ඡේදය වූ එළිදරව් දක්වාවූ වාක්‍ය තුළින් යේසුස් වහන්සේ පැවසුවේ එකම දෙවියන්ට අවනත විය යුතු බ වමට ඔප්පු කළ හැකිය එහෙමද? ඔව් මිත‍්‍රයා දැන් කියන්න. කොයි දෙවියන්ට ද වන්දනා මාන ඉටු කළ යුතු බව යේසුස් වහන්සේ උපදෙස් කළේ.

තමාට දුක වේදනා ඇති වු අවස්ථාවේ දී කොයි දෙවියන් අමතා කථා කළේ ද, ඒ එකම දෙවියන්ට සම්පූර්ණ විශ්වයම මවා පාලනය කරන ඒ එකම දෙවියන්ට නේද ඔබ අවනත විය යුත්තේ? වැඳුම් පිඳුම් ඉටු කළ යුත්තේ? එවිට නේද යේසුස් වහන්සේ අනුගමනය කළ කෙනෙකු හැටියට ඔබට ජීවත් වීමට පුළුවන් වන්නේ? මම කීවෙමි.
 
ඇත්ත තමයි මිත‍්‍ර! මීට පෙර කීප වතාවක් ම මතෙව් පරිච්ඡේදයේ ඔබ සඳහන් කළ වාක්‍ය කියවා ඇත්තෙමි. නමුත් මෙතරම් ගැඹුරින් මම එය ගැන කල්පනා නොකළෙමි. හෙතෙම කීවේය.

කල්පනා කරන්න මිතුර! ඔබට දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබිය යුතු නම් යේසුස් වහන්සේ පෙන්වා දුන් නියම ෂත්‍ය දහම පිළිපැදිය යුතුයි. උන්වහන්සේ දේශනා නොකළ, විශේෂයෙන් කියවනවා නම් උන්වහන්සේ ”එපා” කියා වැළැක් වූ දේ ඔබ කරගෙන සිටින්නේ නම් ඔබට දෙවියන්ගේ ආරක්‍ෂාව හා ආශිර්වාදය ලැබෙන්නේ කෙසේද? මම ඇසුවෙමි.
 
කතෝලික මිත‍්‍රයා තිගැස්සි සිටියේය. මිත‍්‍ර! ඔබ සමග බොහෝ දේ ගැන කථා කළ යුතුයි. කොහෙදි හමුවිය හැකිද? ඔහු ප‍්‍රශ්න කළේය.

මගේ ලිපිනය සඳහන් විසිනිටින් කාඞ් එකක් ඔහුට දුනිමි. ඔබට විවේක ඇති  ඕනෑම වෙලාවක් මගේ කාර්යාලයට එන්න. අපි අදහස් හුවමාරු කරගනිමු! මෙසේ කීමෙන් සිටින විටම මා යායුතු දුම්රිය එහි පැමිණියේය.
ඔහුට ශුභපතා මම එහි නැග උසුන් ගතිමි.

සිරාජුල් හසන්.

Leave a Reply

Your email address will not be published.