පරිණාමවාදය යල් පැන ගිය මතයකි!

ජීවය යන්න අවිධිමත්, අරමුණක් රහිතව, සම්පාතික (හේතුවක් රහිතව අහම්බෙන් සමකාලීනව) සිදුවන කි‍්‍රයාවලි යන්ගේ ප‍්‍රතිඵලයක් වේය යන අදහස 19 වන සියවසේ ප‍්‍රවාදයකි. විද්‍යාවේ ප‍්‍රාථමික අවධිය වූ එම කාලයේ පදාර්ථය පිළිබඳව පිරික්සු පරිණාමවාදීන් උපකල්පනය කළේ ජීවය ඉතා “සරල” බවයි.

ජීව විශේෂ (Species) මිලියනයකටත් වඩා ප‍්‍රමාණයක් පෘතුවියේ ජීවත් වෙති. එකිනෙකට ඉඳුරාම වෙනස් වූ ලක්ෂණයන්ගෙන් හා විවිධත්වයෙන් හෙබි, සංකීර්ණ ව්‍යූහයන්ගෙන් යුත් පරිපූර්ණ  (perfect) ලෙස නිර්මිත මෙම සත්වයන්ගේ පැවැත්ම බිහිවූයේ කෙසේද? බුද්ධිය මෙහෙයවා හේතු කාරණා සොයා බලන්නෙකු නිතැතින්ම තීරණය කරන්නේ ජීවය යන්න අති බුද්ධිමත් වූත්, සර්වඥාන වූත්, උත්තරීතර මැවුම් කරුවෙකුගේ උත්කෘෂ්ඨ නිමැවුමක් (Intelligent Design) බවයි. කෙසේ වූවද පරිණාමවාදය මෙම පැහැදිලි සත්‍යය ප‍්‍රතික්‍ෂේප කරයි. එය තරයේ පවසන්නේ පෘතුවියේ පවත්නා වූ සියලූම ජීවි විශේෂයක්ම අහම්බෙන් සිදු වූ සංසිද්ධි පදනම් වූ කි‍්‍රයාවලියක් හරහා එකක් තවෙකකින් පරිණාමය වී බිහි වූ බවයි. ග‍්‍රීක අදහස් පදනම් කරගෙන 19 වන සියවසේ මුල් භාගයේ දී පරිණාමය පිළිබඳව මුලින්ම අධ්‍යයනයක යෙදුණේ ප‍්‍රංශ ජීව විද්‍යාඥ “ජීන් බැබ්ටිස්ට් ලමාක්” (Jean Baptist Lamark) නම් වූ විද්‍යාඥයාය. ලමාක් තම වාදයෙන් පැවසුවේ “ජීවීන් තම ජීවිත කාලය තුළ අත්කරගත් ගති ලක්‍ෂණ (පර්විත ලක්‍ෂණ) ඊළඟ පරම්පරාව විසින් අත්කරගත් බවයි. ලමාක්ට අනූව බෙල්ල දික් වූ ජිරාෆ් පරිණාමය වූයේ ගස්වල ඉහළ අතු ආහාරයට ගැනීමට උත්සාහ කළ (මූවන් වැනි) කුරංග සතුන්ගෙන් බවයි. කෙසේ වූවද පසුව ප‍්‍රවේණි විද්‍යාවේ (Genetics) සොයා ගැනීම් නිසා මෙම වාදය සාවද්‍ය බව ඔප්පු වී සදහටම ප‍්‍රතික්‍ෂේප වූ වාදයක් බවට පත්විය.

ලමාක්ගෙන් පසුව පරිණාම වාදය කරපින්නාගෙන ආ දෙවන පුද්ගලයා ඉංග‍්‍රීසි ජාතික ආධුනික ස්වභාවවාදියෙකු වූ චාර්ල්ස් ඩාවින් (charles Darwin) ය. 1856 දී ඔහු විසින් ප‍්‍රකාශයට පත් කළ “විශේෂයාගේ සම්භවය” (palaentologists) නමැති ග‍්‍රන්ථය මගින් පැවසුවේ “සෑම ජීවි විශේෂයක්ම පැවත එන්නේ එකම මුතුන් මිත්තෙකුගෙන් ආරම්භවූ සම්පාතික සිදුවීම් ගණනාවක් හරහාය” යන්නයි. පරිසරය අනූව පරිණාමය සිදුවන බවයි ඔහු පැවසුවේ. ඒ අනූව, නිදසුනක් ලෙස, තල්මසා පරිණාමය වූයේ මුහුදේ දඩයම් කිරීමට උත්සාහ ගත් වලසුන්ගෙන් බවයි.

ඩාවින් තම වාදය ඉදිරිපත් කළේ කිසිම ස්ථාවර සාක්‍ෂි හෝ සොයාගැනීමක් පදනම් කරගෙන නොවේ. ඔහු නිරීක්‍ෂණය කළ සමහර දේ පදනම් කරගෙන සමහර අදහස් ඉදිරිපත් කළා පමණි. බොහෝ නිරීක්‍ෂණ ඔහු සිදුකළේ බි‍්‍රතාන්‍යයේ සිට නැව්ගත වූ එච්. එම්. එස්. බිග්ල් නම් නෞකාවේ ගමන් කරමිනුයි. ඩාවින් වාදය ඉදිරිපත් කළ කාලයේ ජීවීන් පිළිබඳව සියුම් විස්තර ගැඹුරට දැන නොතිබිණ. එවකට තිබූ නොදියුණු ප‍්‍රාථමික තත්ත්වයේ අන්වීක්ෂය මගින් සංකීර්ණ වූ ජීවයේ ව්‍යූහය පිළිබඳව දැනුමක් ලැබීම කළ නොහැකි වූවකි.

ඩාවින් තම වාදය ඉදිරිපත් කළ විට ඊට මුලින්ම විරුද්ධ වූවෝ අධ්‍යයන විද්‍යාඥයින් (Difficulties No Theory) ය. ඊට හේතුව පැවතිය යුතු යැයි ඩාවින් කල්පනය කළ “අතරමැදි සංක‍්‍රාන්ති තත්ත්වයේ ස්වරූප” (Bio Chemistry) නමින් පරිච්ඡේදයක් ඔහු ඒ සඳහා වෙන් කරන්නේය. ඩාවින් බලාපොරොත්තුවූයේ විද්‍යාවේ දියුණුවත් සමග අනාගතයේ මෙම ගැටළු විසඳෙනු ඇති බවයි. නමුත් 20 වන සියවසේදී සිදුවූයේ අනෙකකි. ඔහුගේ වාදයේ කරුණු එකින් එක, එකින් එක, නිරවද්‍ය වනවා වෙනුවට සාවද්‍ය බව ඔප්පු වී ඇත.

ලමාක් සහ ඩාවින් යන දෙදෙනාගේම මතයන්ට පදනම් වූයේ විද්‍යාවේ ප‍්‍රාථමික අවදියේ වූ අවබෝධයයි. ජීව රසායන (Bio Chemistry) හා ක්ෂුද්‍ර ජීව විද්‍යාව (Microbiology) එකල නොතිබීම නිසා ජීවය අහම්බෙන් (By Chance) බිහිවිය හැකි “සරල” එකක් බව සිතීමට පරිණාමවාදීන් පෙළඹුණහ. ප‍්‍රවේණී විද්‍යාවේ නියමයන් එවකට දැන නොසිටි නිසා ඔවුන් උපකල්පනය කළේ සතුන් ඉතා පහසුවෙන් එක් විශේෂයකින් තවත් විශේෂයකට පරිණාමය විය හැකි බවයි. විද්‍යාවේ දියුණුව මේ සියළු අදහස් නිෂ්ප‍්‍රභා කරමින් සංකීර්ණවූ ජීවය උත්තරීතර මැවුම්කරුවෙකුගේ උත්තරීතර නිර්මාණයක් බව අනාවරණය කරන්නේය.

 සිංහලෙන් කුද්රතුල්ලා නාපාවල

Leave a Reply

Your email address will not be published.