පරිණාම වාදය පිළිබඳ ඉස්ලාමීය දැක්ම!

මිනිසාගේ මෙලොව සම්භවය විද්‍යාවට තවමත් නොවිසඳුනු පැනයයි. මේ මිනිස් සම්භවය පිළිබඳ ඉදිරිපත් වන මත අතුරින් මත දෙකක් ප‍්‍රධාන තැනක් ගනී. එනම් පරිණාම වාදය හා දේව මැවුම් වාදයයි. මෙම වාදයන් සමාජයේ විවාදයකට පත් නොවී සමාජගතව තිබුනත්, මෑතකදී එනම් 2005 නොවැම්බරයේ දි ඇමරිකාවේ ප‍්‍රාන්තයක් වන කැන්සාස් හි පාසල් මණ්ඩල අධ්‍යාපන බලධාරින් අධ්‍යාපන ආයතනයන් හි ඉගෙනුම් ලබන සිසුනට සම්ප‍්‍රදායික ජීව විද්‍යා විෂයන් තුළ විද්‍යා විෂය ඒකකයක් ලෙස ”බුද්ධිමත් නිර්මාණ කරණය” :ෂබඑැකකසටැබඑ ෘැිසටබ* නම් සංකල්පය හඳුන්වා දෙනු ලැබීය. මෙය ඇමරිකානු ජනාධිපතිගේ පැසසුමට පවා ලක් වී තිබේ. මේ නිසා පරිණාම වාදීන් හා ඊට සමාන වාදයන් ඉදිරිපත් කරන්නන් අතර විශාල කැළඹීමක් ඇති වී තිබේ. ශ‍්‍රී ලංකාවේද පසුගිය දිනවල පුවත්පත්වල මේ පිළිබඳව පුළුල්ව කතාබහ කෙරුණි. සමහරක් විද්වතුන් තමන්ගේ මතය ඉදිරියට ගෙනයාමට ලහිලහියේ සූදානම් වෙති. මේ මොහොතේ පෘථිවියේ මිනිස් සම්භවය පිළිබඳ ඉස්ලාමීය දැක්ම කුමක්ද? යන්න පැහැදිලි කිරීමේ වගකීම මුස්ලිම්වරුන් වන අපටද පැවරී තිබේ.

ආරම්භ කාලයේ සිටම පෘථිවියේ ජීව සම්භවය පිළිබඳව විවිධ අදහස් ලොව පැවත ඇවිත් ඇත. 14 වන සියවසහි අල්කුර්ආනය මේ පිළිබඳව ඒ දක්වා පැවතුණු මතයන්ට හාත්පසින් වෙනස් වූ මතයක් ඉදිරිපත් කරයි. එනම් ”මෙලොව සියලූ ජීවීන් ජලයෙන් නිර්මාණය කළ බවයි.” නමුත් දාර්ශනිකයන්ගේ හා බයිබලයෙහි සඳහන් කරුණු ජනයා අතරට ගිය තරම් අල්කුර්ආනයේ සඳහන් කරුණු ජනතාව අතරට නොගියේය. එයට හේතුව, මෙම වකවානුයේ මුස්ලිම්වරුන් ආගම කෙරෙහි තිබූ උදාසීනභාවය හා මෙම මතයට කි‍්‍රස්තියානිවරුන් ගෙනගිය විප්ලවකාරි කි‍්‍රයා පිළිවෙතයි.

මුල්ම විද්‍යාත්මක මතය ඉදිරිපත්වූයේ 1809 දී ප‍්‍රංශ විද්‍යාඥයෙකු වන ලාමාක් :ඛ්ප්රන* විසිනි. මොහුගේ වාදය ඉතා ඉක්මනින්ම ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වූවත් මොහුගේ අඩිපාරේ ගොස් මොහුට වඩා ප‍්‍රබල මතයක් පරිණාම වාදයේ පියා යනුවෙන් හඳුන්වන ”චාර්ල්ස් ඩාවින්” :ක්‍ය්රකැි ෘ්රඅසබ* විසින් ඉදිරිපත් කරන ලදී. මෙය ජනතාවගේ අවධානය දිනාගැනීමට සමත්විය. මොහු විසින් ඉදිරිපත් කළ වාදය වූයේ.
”පෘථිවිය ජලජ අවස්ථාවේ හෙවත් ආදි සූපයක්ව පැවතියදී ඇති වූ අනපේක්‍ෂිත ප‍්‍රතික‍්‍රියාවක් හේතුවෙන් ජලජ අවස්ථාවේ පවතින ඒක ෙසෙලික ජීවියෙක් බිහිවූ අතර එතැන් සිට සරල බහු ෙසෙලික ජීවීන් බිහි වී අනතුරුව තවදුරටත් එය වැඩිදියුණු වී පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් ලෙස පරිණාමය සිදුවී සතුන් බවටත් පක්‍ෂීන් බවටත් පත්විය” යන්නයි.

ඉහත වාදය දෙස අවධානය යොමුකිරීමේදී ගැටලූ කිහිපයක් මතු වනු ඇත. එනම්:
මෙම ආරම්භක ජීවියා පසුකලෙක විවිධ හැඩරුවින් හා විවිධ ලක්‍ෂණයන්ගෙන් යුක්ත විවිධ ජීවීන් බවට පරිවර්තනය කළ ශක්තිය කුමක්ද?

අප වර්තමානයේ අනේක සතුන් දකින්නෙමු. එම සතුන් ඔවුන්ට හැඩ රුවින් සමාන පැටවුන් බිහිකරනවා මිස එහි පරිණාමයක් සිදුනොවේ. අද අප දකින පරිසරය මේ ආකාරයට ස්ථාවරව පවතින්නත් ආරම්භයේ පරිණාමයන් සිදුවන්නත් හේතුව කුමක්ද?

මෙයට ලාමාක් :ඛ්ප්රන* දෙන පිළිතුර වන්නේ ”ජීවින්ගේ ජීවිත කාලයේ ඇති වූ විවිධ අවශ්‍යතාවයන්, ඔවුන්ගේ උත්සාහයන් හා ඔවුන්ට ඇති වූ බලපෑම් හේතුවෙන් ඔවුන්ගේ පරම්පරාවට එම අවශ්‍යතාවය සැපිරුනා යන්නයි. උදාහරණයක් ලෙස ”ජිරාෆ් නමැති සතාගේ ගෙල මෙපමණ දික්වූයේ එම සතා ආරම්භ කාලයේ උස් ස්ථානවල ආහාර ගැනීමට වෙහෙසීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.” යන්නයි. මෙය ”අවයව භාවිතා කරන හා නොකරන නීතිය :ඛ්අ දෙ මිැ ්බා ෘසිමිැ*” යනුවෙන් හඳුන්වන ලදී. මෙය ආරම්භයේ ජනයාගේ සිත් දිනාගන්න සමත්වූවත් පසුකාලීනව ප‍්‍රතික්‍ෂේප විය. මෙම වාදය පිළිබඳව මීයන් උපයෝගි කරගෙන පුළුල් පරික්‍ෂණයක නිරතවූ ආචාර්ය වෛස්මන් :උැසිප්බබ* මෙම වාදය සාවද්‍ය හා පදනම් විරහිත එකක් බව ඔප්පු කළේය. ඔහු මීයන් විශාල සංඛ්‍යාවක් උපයෝගි කරගෙන මෙම පර්යේෂණය සිදු කළේය. ඔහු මීයන්ගේ වලිග ඉවත් කරමින් පරම්පරා 80 ක් පරීක්‍ෂා කළේය. නමුත් කිසිදු පරම්පරාවක මීයන්ගේ වලිගයේ දිගෙහි අඩුවීමක් හෝ වෙනසක් සිදුනොවුනි. ඒ අනූව ලාමාක්ගේ වාදය සත්‍ය නොවන බව ඔහු ඔප්පු කළේය.

ලාමාක්ගේ වාදය සැබෑනම් සතුන්හට ඇතිවන එම බලපෑම යහපතට මෙන්ම අයහපතටත් බලපෑ යුතුයි. උදාහරණයක් ලෙස සතකුගේ පාදයක් අනතුරකින් කැඞීගියේ නම් එසේත් නැත්නම් අහිමිවූයේ නම් පරම්පරාවේ උපදින සතුන් පාදයක් අහිමිව ඉපදිය යුතුය. නමුත් එය එසේ නොවේ. එසේම ලාමාක්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් කළ හැකි ප‍්‍රබල වූ මතයන් අද මිනිස් සමාජයේ දක්නට ඇත. ඒවායින් කිහිපයක් ඔබ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි. එනම් මිනිසා ඈත කාලයේ සිටම නියපොතු කැපීම, කෙස් ඉවත් කිරීම සිදු කරයි. එසේම මුස්ලිම් වරුන් චර්ම ඡේදනය සිදු කරති. මේවා අද ඊයේ නොව අවුරුදු දහස් ගණනක සිට සිදු කෙරේ. නමුත් අදටත් උපදින දරුවන්ගේ වූවද නියපොතු වර්ධනය, කෙස් වර්ධනය සිදුවන අතර ලිංගේන්ද්‍රයේ පෙර සම සහිතව මිස රහිතව නොඋපදී. ලාමාක්ගේ වාදයට අනූව ඒවා එසේ විය නොහැක.

ඉස්ලාම් දහම චර්මඡේදනය සෑම කලටම අණකිරීම තුළින් ලාමාක්ගේ වාදය ඉස්ලාම් දහමද ප‍්‍රතික්‍ෂේප කරන බව මෙයින් තහවුරු වේ. එසේනම් මෙම ජීවීන් බිහිවූයේ කෙසේද? පෘථිවියේ ජීවි සම්භවය ලාමාක් පැවසූ ආකාරයට නොවේ නම් එහි ස්වරූපය කුමක්ද? මේ පිළිබඳව ඉස්ලාම් දහම කුමක් පවසනවාද යන්න දන් බලමු:
”අල්ලාහ් නිර්මාණයන් කෙසේ ප‍්‍රථමෝත්පාදනය කළේද? පසුව වෙනත් උත්පාදනයන් කරන්නේදැයි භූමියෙහි සැරිසර බලව්. ඇත්තෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නය.” (ශු අල්කුර්ආන් 29: 20*.

මෙහි ඉතා වැදගත් කාරණයක් පවසයි. එනම් මෙම මැවීම් අධ්‍යයනය කිරීම සඳහා පොළොවෙහි ගවේෂණ චාරිකාවක නිරත වන ලෙස අවධාරණය කිරීමයි. එසේ නම් ඉහත අල්කුර්ආන් වාක්‍යයට අනූව පෘථිවියේ ජීවි සම්භවය ගවේෂණය තුළින් අවබෝධ කරගත හැකි බවත්, ඒ සඳහා පොළොවෙහි ගවේෂණ චාරිකාවක නිරත විය යුතු බවත්, එසේ ගවේෂණ කිරීමේදී දැනට පවතින ජීවීන් අධීක්‍ෂණය කිරීමෙන් නතර නොවී අතීතයේ ජීවත් වූ ජීවිය පිළිබඳව ද ගවේෂණය සිදු කළයුතු බවත්, එසේ සිදුකරන ලෙසත් පවසයි. මෙසේ පැවසීමෙන් පෙනීයන්නේ එසේ පර්යේෂණ සිදුකිරීම තුළින් සොයාගත හැකි සාක්‍ෂි මෙම පොළොවේ පවතින බවයි. අතීතයේ විනාශ වී ගිය එම සතුන්ගේ පොසිලයන් අදටත් පාශානවල තැන්පත්ව පවතින බව වර්තමානයේ විද්‍යාඥයන් ඔප්පු කොට පෙන්වා ඇත. නමුත් අවිද්‍යාවේ මිත්‍යා මතවල ගිලී සිටි මීට අවුරුදු 1400 කට පෙර සමාජයේ මෙය අල්කුර්ආනයේ පවසා තිබීම ආශ්චර්යය ජනක නොවේද?

ඉහත අල්කුර්ආනයේ සඳහන් ආකාරයට ගවේෂණයේ නිරත වූ කිසිදු විද්‍යාඥයෙකු අතීතයේ දක්නට නැත. යම්තාක් දුරට හෝ මෙම කර්තව්‍යය කළේ චාල්ස් ඩාවින් විසිනි. ඔහු එච්. එම්. එස්. බීගල් :්‍යගඵගීග ඊැ්ටකැ* නමැති නෞකාවක නැග වසර 05 ක ගවේෂණ චාරිකාවක නිරත විය. එහිදී යම්තාක් දුරට පොසිල පිළිබඳව ද පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ කරන ලදී. මෙම ගවේෂණ චාරිකාව නිම කිරීමෙන් අනතුරුව එහි දී ලබාගත් දත්තයන්ට අනූව ලාමාක්ගේ මතය පිළිගත නොහැකි අසත්‍යයක් බව පැවසූ ඩාවින් පරිණාමයට හේතුව ස්වභාවධර්මයේ අවශ්‍යතාවය හා තේරීම :භ්එමර්ක ීැකැජඑසදබ* බව පැවසුවේය.

මෙහි ඩාවින් පවසන ස්වභාවධර්මය වන්නේ යම් ප‍්‍රදේශයක පවතින උෂ්ණත්වය, ජලය, වාතය යන්නෙහි රසායනික ස්වභාවය හා පොළොවෙහි ස්වභාවය යන්නයි. මේ අනූව යම් ප‍්‍රදේශයකට ගැලපෙන ජීවියා පියවරින් පියවර පරිණාමයට ලක්කරමින් ස්වභාවධර්මය තමන්ට අවශ්‍ය පීවිය තෝරාගත් බවත්, එසේ ස්වභාවධර්මයේ වෙනස්වීමට මුහුණ දිය නොහැකි ජීවීන් ස්වභාවධර්මය ප‍්‍රතික්‍ෂේප කර දමන බවත්, ඩාවින් තවදුරටත් පැවසීය. මෙම නිගමනයට ඒමට ඩාවින්ට ඉවහල් වූයේ අල්කුර්ආනයේ පැවසූ ආකාරයට පොළොවෙහි සිදු කළ ගවේෂණ චාරිකාවයි. ඩාවින්ගේ මෙම නිගමනයට අනූව ලාමාක් පවසන ආකාරයට ජිරාෆ්ගේ ගෙල දික්වීම එම සත්වයාගේ උත්සාහයෙන් ලබාගත් ලක්‍ෂණයක් යන්න අසත්‍යයක් බවත්, එසේනම් එළුවන්ගේ ද ගෙල ඒ ආකාරයට දික්ව පැවතිය යුතු බවත්, පවසන ඩාවින් එම අංග ලක්‍ෂණය එම සතාට ලබාදෙන්නේ ස්වභාවධර්මය විසින් බවත්, ජිරාෆ්ට එසේ ගෙල දික්ව පැවතීම ඔරොත්තු දෙන නිසා ස්වභාවධර්මය එය ලබාදුන් අතර එළුවන්ට එය නොගැලපෙන නිසා ස්වභාවධර්මය එය ප‍්‍රතික්‍ෂේප කරන ලද බවත්, එසේම කකුලක් අහිමිව ජීවත් වූ සිව්පාවෙකුට බිහිවන පැටවාට කකුල් 03 ක් හිමිනොවූයේ කකුල් 03 ව වඩා කකුල් 04 න් ඇවිදීම පහසු බව ස්වභාවධර්මය වටහා ගත් නිසා බවත්, ඩාවින් මේ ආකාරයට ස්වභාවධර්මයේ තේරීම විස්තර කරයි.

එසේනම් ඩාවින්ගේ ස්වභාවධර්මයේ තේරීමට අනූව, චර්මඡේදනය කරන පිරිමි පරම්පරාවේ ලිංගේන්ද්‍රයේ පෙරසම නැති දරුවන් ඇයි ස්වභාවධර්මය විසින් දායාද නොකළේ? මෙම පෙරසම පවතිනවාට වඩා නොපැවතීම මිනිසාට සෞඛ්‍ය අතින් වූවද යහපත් බව අද මුළුලොවම පිළිගත් සත්‍යයකි. ඇමරිකාව වැනි දියුණු රටවල්වල මුස්ලිම් නොවන්නන් පවා මෙම චර්මඡේදනය අද සිදුකරන්න පෙළඹී සිටී. කි‍්‍රස්තු භක්තිකයන්ගේ බයිබලය (උත්පත්ති 17-10 සිට 13* පවා මෙය අවධාරණය කරයි. එවන් යහපත් වෙනස් කිරීමක් ස්වභාවධර්මය ඉටුකරන්න නොපෙළෙඹුනේ ඇයි? එය එසේ සිදුවූවානම් ඉස්ලාමයේ එක් නියෝගයක් අසත්‍යවන්නට තිබුණි. යම් දහමක් එවැනි තත්ත්වයකට පත්වේනම් එම දහමම ප‍්‍රශ්නාර්ථයක් වන්නේය. මන්ද දේව වාක්‍යන්වල වැරදි නොගැලපීම් කිසිවිටකත් ඇතිවිය නොහැක. එය එසේ නොවී ආරක්‍ෂා කළේ ස්වභාවධර්මයද? එසේ නම් ඩාවින්ගේ ස්වභාවධර්ම තේරීමේ ඉස්ලාමය ද අන්තර්ගත වූවක්ද?

ප‍්‍රථමයෙන් මෙහිදී අවබෝධ කර ගත යුත්තක් ඇත. එනම් ලාමාක්ගේ සහ ඩාවින්ගේ වාදයන් උපකල්පනයන් මිස පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ තුළින් ලබාගත් නිගමනයන් නොවේ. මෙම ඩාවින්ගේ උපකල්පනය වූ ස්වභාවධර්ම වාදය සත්‍ය වූවත් අසත්‍ය වූවත් එයින් දේව වාදය ප‍්‍රතික්ෂේප කළ නොහැක. එසේ කරන්නේ නම් එය අනුවණක්කාර, අන්තවාදී, ආගම් විරෝධියෙකුගේ කි‍්‍රයාවක් මිස බුද්ධිමත් තර්කයක් මත සිදුකරන්නක් නොවේ.

මන්ද, එක් ස්වභාවික පරිසරයක් සැලකු විට එය තුළ කුමන ආකාරයේ ශරීර අවයවයන් සහිත ජීවින් බිහි කළ යුතුද යන්න කිසිවකු විසින් තෝරාගැනීමට අවශ්‍ය නම් ඔහු එම ස්වභාවධර්මයේ හා බිහිකරන ජීවියාගේ සියලූ අංගයන් පිළිබඳවත්, එසේම ස්වභාවධර්මය හා එම ජීවියා අතර ඇතිවන ගැටුම් පිළිබඳවත්, එකකින් අනෙකට ඇතිවන බලපෑම් වැනි සියලූ අංගයන් පිළිබඳවත් පූර්ණ අවබෝධයක් තිබිය යුතුය. එසේ වූවොත් පමණි එම පරිසරයට උචිත ජීවියකු බිහිකළ හැකි වන්නේ. එසේනම් මෙම ශක්තිය හා බුද්ධිය මෙම ස්වභාවධර්මයට තිබෙනවාද? මෙම ප‍්‍රශ්නයට දිය හැකි හොඳම හා නිවැරදිම පිළිතුර වන්නේ ”නැත” යන්නයි. එසේනම් මෙම ජීවි සම්භවය සිදුවන්නේ කෙසේද?

මෙම ජීවි සම්භවය ස්වභාවධර්මයෙන් බැහැර වූ සුපිරි බුද්ධියකින් යුක්ත සුවිශේෂ වූ ශක්තියක් මගින් සිදු කළ යුත්තකි. එම සුවිශේෂ ශක්තියයි දෙවියන් ලෙස හඳුන්වන්නේ. එසේ නම් ඩාවින්ගේ වාදය සත්‍යවූවත් එය දෙවියන් වෙත මගපෙන්වනවා මිස කිසිසේත් අදේව වාදයට මග නොපෙන්වයි. මෙය ඇසූ පමණින් ”ඩාවින් ස්වභාවධර්මය පිළිබඳව කථා කළා මිස දෙවියන් පිළිබඳව කිසිසේත් කථා නොකරයි. ඉතින් කෙසේද දෙවියන් වෙත මගපෙන්වන බව පවසන්නේ? යන ප‍්‍රශ්නයක් කෙනෙකු ඇසිය හැක.

මෙම ඩාවින් වාදය වෙත බුද්ධිමත්ව අවධානය යොමු කරන්න. මෙහි ඩාවින් ”ස්වභාවධර්මයේ” තේරීම” යයි පවසන ස්ථානයන්ට ”දෙවියන්ගේ තේරීම” යන වාක්‍යය ආදේශකර බුද්ධිමත්ව සිතන්න.” ඩාවින් යනු අදේව වාදියෙකි. එම නිසා බුද්ධිමත් වූ ඔහු බුද්ධිය උකස් තබා සියල්ල ”ස්වභාවධර්මයේ තේරීම” යයි පැවසුවේය. එය උදාහරණයක් මගින් පැහැදිලිව වටහාගත හැක. එනම් මෙම ලිපිය තීන්ත උපයෝගි කරගෙන යන්ත‍්‍රයක් මගින් මුද්‍රණය කරනු ලැබීය. එනිසාම මෙම ලිපිය නිර්මාණය කළේ එම යන්ත‍්‍රය බව පවසනවාද? එසේ නැත්නම් මෙය නිර්මාණය කළ නිර්මාණකරුවෙක් සිටීයයි විශ්වාස කරනවාද? අපේ බුද්ධිය කුමක් පවසයිද? මෙම ලිපිය තුළ කොතරම් අදහස් ගැබ්වී පවතීද?

ඊට වඩා දසදහස් ගුණයකින් පීවීන තුළ දත්තයන් ගැබ්ව පවතී. මේ තරම් තොරතුර සමූහයක් ස්වභාවධර්මය කෙසේද අවබෝධ කරගත්තේ? මෙසේ ප‍්‍රශ්න කළ විට එය අනපේක්‍ෂිත ආකාරයට සිදුවූවක් යයි පවසන තරමට ඩාවින් වාදීන් චපලයින් බවට පත් වී ඇත. ඥානයක් ඇති කිසිවකු මෙම වාදය පිළිගනීද? කෙසේ වෙතත් මෙහිදී ඩාවින්ගේ වාදයට ස්තූතිය පළ කළ යුතුයි. මන්ද සියල්ල අනපේක්‍ෂිත ආකාරයට යයි පැවසීම තුළ තමාම තම වාදයේ අපැහැදිලි තත්ත්වයක සිටින බව තහවුරු කරන බැවිනි. ඉතින් ඩාවින් වාදයේ ඩාවින්ම අපහැදිලි තත්ත්වයක සිටිද්දී එම වාදය පෙන්වා දේව වාදය ප‍්‍රතික්‍ෂේප කිරීම සාධාරණ වූ බුද්ධිමත් කි‍්‍රයාවක් බව කිව හැකිද?

මෙම ලිපිය කියවීමේ දී එක් කරුණක් පැහැදිලි වේ. එනම් ශුද්ධවූ අල්කුර්ආනයේ 29: 20 හි සඳහන් ආකාරයට ගවේෂණය කිරීම තුළ මිනිසාට සොයාගත හැකි බොහෝ සත්‍යයන් මේ පෘථිවියෙහි පවතින බව තහවුරු වේ. මේ පිළිබඳව යම්තාක් දුරට හෝ ගවේෂණයක් සිදුකර ලාමාක්ගේ වාදය අබිබවා දේව මැවුම් වාදයට පාක්ෂිකව, තමා නොදැන හෝ වාදයක් ඩාවින් ඉදිරිපත් කිරීම තුළ මෙම ඉහත දේව වාක්‍යය සත්‍යයක් කිරීමෙහි අකමැත්තෙන් වූවද ඩාවින් හවුල් වී සිටි. පොදුවේ ජීවි සම්භවය මේ ආකාරයට ශුද්ධවූ අල්කුර්ආනය කථා කළත් මිනිස් පෘථිවි සම්භය මීට වඩා පියවරක් ඉදිරියට ගොස් සවිස්තරවම කරුණු ඉදිරිපත් කරයි.

එනම් මිනිස් සම්භවය විද්‍යාවෙන් සිදු කෙරෙන හා මෙතෙක් සිදු කළ කාර්යයක් නම්, යම් මතයක්, වාදයක් හෝ සිද්ධියක් ගෙන එය තහවුරු කිරීම සඳහා සාක්‍ෂීන් සෙවීම හා නිර්මණය කිරීමයි. මේ ආකාරයටම පෘථිවියේ මිනිස් සම්භවය සම්බන්ධයෙන් ද ඩාවින් වාදය පෙරදැරි කරගෙන ඩාවින් මෙසේ පවසන බව පවසමින් සතුන් පිළිබඳව මතයන් ඉදිරිපත් කළ මිනිසා තමා පිළිබඳව තීරණයක් ගැනීමේදී ඉක්මන් විය. ”මිනිසාගේ වඳුරාගෙන් පරිණාම විය” යයි පැවසුවේය. ඒ සඳහා ඩාවින්ගේ තර්කය වූයේ, ”ලොව සියලූ ජීවීන් පරිණාමය වී තිබියදී මිනිසා පමණක් එසේ නොවන්නේ කෙසේද? මිනිසාත් වඳුරාගෙන් පරිණාම විය” යන්නයි. මෙම ඩාවින්ගේ වාදය එදා පිරිසක් පිළිගනිද්දී තවත් පිරිසක් එයට විරුද්ධව විප්ලව කළේය. මෙම වාදයට විරුද්ධව නැගී සිටීමට ප‍්‍රධානම හේතුවක් වූයේ එදා එම සමාජයේ පැවතුනු මිත්‍යාමතයන් හා ආගම් කෙරෙහි වූ අන්ධ විශ්වාසයන්ය. එදා මෙන් අදත් මෙම වාදයට විරුද්ධව විවිධ මත ඉදිරිපත් කරන්නන් ලොව සිටිති. මෙයින් ශ‍්‍රී ලාංකිකයන් වන අපට ද බැහැරවිය නොහැකිව ඇත. ඒ අනූව රටේ බහුතරය වන බෞද්ධ මතය කුමක්ද? යන්න ගැනත් කෙටියෙන් අවධානය යොමු කිරීම කාලෝචිත යයි හැෙඟ්.
බුදු දහමෙහි පරිණාම වාදයෙහි ස්ථාවරය:
බුදු දහම ජීවීන්ගේ සම්භවය පිළිබඳව පරිණාම වාදයට සමාන අදහසක් පවස අතර සම්පූර්ණයෙන් පරිණාම වාදය පිළිනොගනී. බුදු දහමෙහි පවසන පෘථිවියේ ජීවීන්ගේ සම්භවය ඩාවින්ගේ අනපේක්‍ෂිත සිදුවීමට සමාන අදහසකි. එනම් පෘථිවියට බාහිරින් පැමිණී මානසික ශක්තියක් පිළිබඳව කථා කරයි. මෙය ඩාවින්ගේ ස්වභාවධර්ම වාදයට සමාන වූ තර්කයකි.

එනම් බුදු දහම ජීවයක් හටගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමේ දී ”මහා තණ්හාසංඛ්‍යය” සූත‍්‍රයෙහි මෙසේ පැවසේ. එනම්, ”ජීවියෙකු බිහිවීම සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතුය.
ඒවා නම්:
1- මාපිය දෙදෙනා එකතුවීම
2- ජන්මානු සරු තත්ත්වයේ පැවතීම.
3- මානසික ශක්තියක් අවශ්‍ය වීම.
ඒ අනූව බුදු දහමේ විශ්වාසයට අනූව පෘථිවියෙහි ජීවියෙකු බිහිවීමට අවශ්‍ය පදාර්ථය සැකැස්ම තිබුණද ජීවියකට අවශ්‍ය වන මානසික ශක්තිය පෘථිවි තලයේ තිබුණේ නැත. එම මානසික ශක්තිය බාහිරින් පෘථිවියට ලැබුණා යන්නයි. මේ ආකාරයට විවිධ ආගම් හා දර්ශනයන් පෘථිවියේ මිනිස් සම්භවය පිළිබඳව ඩාවින් වාදයට පක්‍ෂව හා විපක්‍ෂව විවිධ මත ඉදිරිපත් කරයි. ඉස්ලාම් දහම ඩාවින් වාදය ප‍්‍රතික්‍ෂේප කරන අතර එසේ ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් නරත නොවී මිනිස් පෘථිවි සම්භවය කෙසේ සිදුවන්නේද? ඒ පිළිබඳව කුමන ආකාරයට ගවේෂණය කළ යුතු ද වැනි කරුණු මීට සියවස් 14 කට පෙරම පැහැදිලිව ශුද්ධ කුර්ආනයෙන් කියැවේ.. එනම්:
”දෙවියන් නුඹ (මිනිසා* මැටිපසින් නිර්මාණය කළේය.” (ශු අල්කුර්ආනය 35: 11*.

මුල්ම මිනිසා දෙවියන් විසින් මැටි පසින් නිර්මාණය කළ බවත්, පසුව ඔහු තුළින් මුළු මිනිස් වර්ගයාම බිහිවූ බවත් පවසයි. මෙය කණ වැකුණු පමණින් අවබෝධ කරගත නොහැකි වනු ඇත. මෙය සෑම කලම සිදුවන්නකි. උදාහරණයක් ලෙස ”පෘථිවිය ගෝලාකාරය” යන්න මීට සියවස් කිහිපයකට පෙර පැවසූ විද්‍යාඥයින් ඝාතනයට පවා ලක් වූ ඉතිහාසය අපි දනිමු. නමුත් වර්තමානයේ උගත් නූගත් සියල්ල කිසිදු තර්කයකින් තොරව ”පෘථිවිය ගෝලාකාරය” පිළිගනී. මේ ආකාරයට මිනිසා මැටි පසින් නිර්මාණය වූ බව වර්තමානයේ විද්‍යාව ඔප්පු කොට නැතත් මෙය කෙසේද ප‍්‍රයෝගික වන්නේ යන්න ඔප්පු කිරීම විද්‍යාවට පැවරී ඇති වගකීමකි. අජීවී වස්තුවකින් සියලූ ජීවීන් බිහිවූවා යයි පවසන ඩාවින් වාදය පිළිගන්නා අද සමාජයට එම අජීවී වස්තූන් පවා බිහිවීම මූලික ද්‍රව්‍යය වන පසින් මිනිසා මැවූ පවසන ඉහත දේව වාක්‍යය පිළිගත් නොහැක්කේ ඇයි?

මෙම දේව වාක්‍යය යම්තාක් දුරට හෝ අවබෝධ කරගැනීම සඳහා පහසු ක‍්‍රමයක් ඇත. එනම් ලෝක ජනගහණයෙන් දැන් ලෝකයේ කෝටි 600 ක් පමණ සිටින බව පැවසේ. මෙහි එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය බර 50 ණට යැයි සැලකුවේ නම්, මුළු ජනගහණයේ සාමාන්‍ය බර 6000000000ෆ 50ණට ු 30000000000ණට (ටොන් 300000000* වේ. මීට අමතරව මේ දක්වා පෘථිවියෙහි ජීවත් වී මිය ගිය, ඉදිරියට ජීවත්වීමට නියමිත මිනිසුන් හා වෙනත් ජීවීන්ගේ බර සැලකුවේ නම් පෘථිවියෙහි සාමාන්‍ය බර කෙතරම් අධික විය යුතුද? විද්‍යාඥයින්ගේ අදහස අනූව අද පෘථිවියෙහි සාමාන්‍ය බර එදා, එනම් පෘථිවියෙහි කිසිදු ජීවියෙකු නොමැති අවස්ථාවේ කොපමණ ප‍්‍රමාණයක් තිබුණේ ද ඒ ප‍්‍රමාණමයමයි. එම බරෙහි කිසිදු වෙනසක් අද පෘථිවිය තමාගේ බරින් 30000000000 ණට මිනිසුන් බවට පත්කරගෙන ඇති බවයි.

අප අනුභව කරන ආහාර මෙම පස්වලින් නිර්මානය වූවකි. වෙනත් ආකාරයකට පවසනවා නම් ඇත්තෙන්ම අප පස් අනුභව කරලයි ජීවත් වන්නේ. මේ නිසයි පෘථිවියෙහි බරහි වෙනසක් සිදු නොවූයේ. එසේ නොමැතිව සෑම මිනිසෙක් වෙනුවෙන්ම පෘථිවියෙහි බර දළ වශයෙන් 50 ණට වැඩි වූවා නම් මේ වන විට පෘථිවිය බර අධික වීම නිසා පෘථිවියෙහි සමතුලිතතාවය බිඳ ගොස් එය වෙනත් ග‍්‍රහයන්වල ගැටී විශාල විනාශයන් සිදු වී තිබිය යුතුය. නමුත් එසේ සිදු නොවූයේ පෘථිවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදුනොවී පවතින බැවිනි. එසේ පෘථිවියෙහි බරෙහි කිසිදු වෙනසක් සිදුනොවීමට නම් පෘථිවියෙහි තිබෙන පස් වෙනත් ද්‍රවයයන් බවට පරිවර්තනය විය යුතුයි. ඒ අනූව ආරම්භ මිනිසා ඇතුළු ඔබත් මාත් සියළු දෙනාම බිහි වී ඇත්තේ පස්වලින් බව මෙම පෘථිවියෙහි බර අනාවරණය කරයි.

මෙය තවදුරටත් වටහා ගැනීමට මීට පෙර මිය ගිය අපේ පැරැුන්නන් වැළලූ තැන් පරීක්‍ෂා කර බැලීම ප‍්‍රමාණවත්ය. එවිට ආරම්භය කෙසේද අවසානය ද ඒ ආකාරයටම බව වටහාගත හැකි වනු ඇත. දැන් ඔබට ගැටලූවක් මතු විය හැක. එනම් ලිපිය ආරම්භයේ ජීවී සම්භවය පැවසීමේදී සියල්ල ”ජලයෙන්” බිහි වූ බව පැවසූ අල්කුර්ආනය මිනිස් සම්භවය පැවසීමේදී ”මැටි පසින්” යයි පවසයි. මෙය පරස්පරතාවයක් නොවේද?
මුහම්මද් රිෆාන් – ගාල්ල

Leave a Reply

Your email address will not be published.