| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 2,525 views

මිනිසා යනු කවරෙක්ද? – 03

කතුවරයා/දේශකයා: on 5th May 2011

සකස්කිරීම, ඉබ්නු මන්සූර්

විශ්වයේ නිර්මාණය පිළිබඳව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති විසින් පහල කරන ලද පණිවිඩයේ (අල් කුර්ආනයේ) අඩංගු කරුණු සමග ඇති අදහාගත නොහැකි එකඟතාවය සැබැවින්ම ප්‍රාතිහාර්යයක් බව අපට පිලිගන්නට සිදුවන අතර එය එම පහළ කරන ලද පණිවිඩයේ සත්‍යතාවය හා එහි දිව්‍යමය ස්වභාවය සහතික කරන්නකි. අපි තවත් කෝණයකින් විශ්වයේ නිර්මාණය පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පිපුරුමක්  සිදු වු තැන අපට දක්නට හැකි වන්නේ ව්‍යාකුලත්වයකි. එහි සැලැස්මක් සහිත ස්වභාවයක් උත්පාදනය විමට කොහෙත්ම ඉඩක් නොමැත. නමුත් මිහිතලය හා විශ්වය දෙස විද්‍යාත්මකව විමසුමක යෙදෙන්නකුට පැහැදිළි වන එක් භයානක අදහාගත නොහැකි සත්‍යක් ඇත. එනම් මුළු මහත් විශ්වයම ඉතා සියුම් ලෙස සැකසුණු සැලැස්මක් අනුව ගොඩනැගී ඇති බවය. මහා පිපිරුම් සිද්ධාන්තය හුදෙක් අහම්බෙන් සිදු වු පිපුරුමක් නොවන බව මෙයින් පැහැදිලි නොවන්නේද? පිපුරුමෙන් පසු ඉතා සියුම් හා නිශ්චිත සැලැස්මක් දකින්ට තිබේ නම් පිපුරුම පිටුපස නිසැකවම සර්වඥානී සැළසුම් කරුවෙකු සිටිය යුතු බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? එම සර්වඥානී සැළසුම්කරු අන්කිසිවෙකු නොව විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති බව අපට පැහැදිලි නොවන්නේද? මේ පිලිබදව අල්-කුර්ආනය දක්වන අදහස් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

එබැවින් අහස් හත තට්ටුවෙන් තට්ටුවට නිර්මාණය කර ඇත්තේය. (ජනයිනි) කරුණාබරිත දෙවිඳුන්ගේ නිර්මාණයන්හි  ඔබ කිසිදු අඩුපාඩුවක්  නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර)  බලනු. (එහි) යම්කිසි වැරැද්දක්  ඔබ දකින්නෙහිද? (නැවත) නැවතත් දෙවරක් බලනු (මෙසේ ඔබ මෙය කොතරම් වතාවක් නැවත නැවතත් බැලුවද කිසිදු අඩුපාඩුවක් නොදකින්නෙහිය) ඔබගේ බැල්මම දුබලව  ව්‍යාකුලවි (ඔබ වෙත) ආපසු හැරෙන්නේය.” (අල් කුර්ආන් – 67 වන පරිච්ඡේදය 3/4 වැකියන්)

ඉහත අල්කුර්ආන් වැකිවලින් හෙළිදරව් වන අළුත් තොරතුරු දෙසටද අපගේ අවධානය යොමු කරන්නට අවශ්‍ය වි ඇත. අහස් යන වාක්‍යය උපයෝගි කරගන්නා සන්දර්භය (Context) අනුව අල්-කුර්ආනයේ අර්ථ කිහිපයක් ඇත. පෘථිවිය මතුපිට ඇති වායුගෝලය එක් අර්ථයක් වන අතර තවත් තැන්හි විශ්වය යන අර්ථය ඇතිවද මෙම වචනය උපයෝගි කොට ගෙන ඇත. ඉහත අල්-කුර්ආන් වැකියේ  වායුගෝලය යන අර්ථය ඇතිව යොදා ඇති බව ඉතා පැහැදිලිව පෙනේ. මුළු මහත් විශ්වයම  නිරුවත් ඇසින් දැකිය නොහැකි බව අප සැවොම දන්නා සත්‍යයකි. නුතන භාවිතයේදි අහස යනුවෙන් අප අදහස් කරන්නේ පෘථිවිය වටා ඇති වායුගෝලයට බව අළුතින් විස්තර කළ යුතු කරුණක් නොවේ. නුතන විද්‍යාඥයින් විසින් වායු ගෝලය ස්ථර (තට්ටු) හතකින් යුක්ත බව විස්තර කොට ඇත. මේ පිලිබඳව විස්තර (General Science By Carolyn Sheats,  Robert Gardner, And Samuel F. Howe (Published in U.S.A-1985-Pages 319-322) නම් ග්‍රන්ථයේ පැහැදිළිව ඉදිරිපත් කොට ඇත.

මෙයත් ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනීමක් වන අතර  එම කරුණද  ඉතා නිරවද්‍යතාවයකින් යුක්තව අල්-කුර්ආනය ඉදිරිපත් කරන අලංකාරය ඔබ නොදකින්නෙහිද? මෙයිනුත් සනාථ වන්නේ  කුමක්ද කියා ඔබට සිතා බලන්නට අපහසු තාවයක් තිබේද? මෙම ස්ථරයන්හි ඇති වායු පිඩනය හා වායු සංයුතිය එකිනෙකට වෙනස් වන්නේය.

1. පෘථිවිය සමග ඇති ස්ථරයට ට්‍රොපෝස්තරය (Tropo Sphere) ලෙස නම් කොට ඇත.

2. එයට ඉහළින් ඇති ස්ථරය ස්ට්‍රාටොස්තරය (Strato Sphere)

3. එයත් සමග ඇති ස්ථරය ඕසොන් ස්ථරය.(Ozone Sphere)

4. එයට ඉහළින් ඇති ස්ථරය මෙසෝ ස්ථරය (Meso Sphere)

5. එයට ඉහළින් ඇති ස්ථරය තර්මෝ ස්ථරය (Thermo Sphere)

6. එයට ඉහළින් ඇති ස්ථරය අයනෝ ස්ථරය (Iono Sphere)

7. එයටත් ඉහළින් ඇති ස්ථරය එක්සෝ ස්ථරය ලෙස විදඥයින් විසින් හඳුන්වා දී තිබේ. (Exo sphere)

විසිවන සියවසේ විද්‍යාත්මක දියුණුව සමග සොයා ගත් මෙම විද්‍යාත්මක  සත්‍යයන් අවුරුදු 1400 කට පෙර අති නිරවද්‍යතාවයකින් යුක්තව අල්-කුර්ආන් මගින් මිනිසාගේ දැනුම වෙත යොමු කොට තිබීම සැබැවින්ම ආශ්චර්ය ජනකය.

ඉහත දැක්වු අල්-කුර්ආන් වාක්‍යයන්ගෙන් අප සාකච්ඡා කරන්නට අදහස් කළේ ස්ථර හතට වඩා වැදගත් කරුණකි. එනම් විශ්වයේ  බිහිවිම මහා  පිපුරුමේ ප්‍රතිඵලය බව නුතන විද්‍යාව හා අල්-කුර්ආනය එකඟතාවයට පැමිණියද, එය සැළසුම් සහගත අඩුපාඩු වලින් තොරවු සැකසුමකින් සමන්විත වු පිපිරිමක් බව අවුරුදු 1400 කට පෙර මනුෂ්‍ය වර්ගයාගේ අවධානයට යොමු කොට ඇත්තේ අල්-කුර්ආනය පමණි. ඉහත අල්-කුර්ආන් වැකි අභියෝගාත්මකව මනුෂ්‍ය වර්ගයාට දන්වා සිටින්නේ මෙය  ඉබේ හේතුවකින් ‍තොරව සිදු වු පිපිරීමක් නොවන  බවත් එය සර්වඥානී සැළසුම් කරුගේ ක්‍රියාවක් බවත්ය. මුළු විශ්වයම ඉතා සියුම් සැළසුමක් මත ක්‍රියාත්මක වන බව විද්‍යාඥයින් අවබෝධ කරගත්තේ ඉතාමත් මෑත කාලයේදීය. මෙය අවුරුදු 1400කට පෙරදී කොහෙත්ම කිසිදු මිනිසෙකු දැන සිටි හෝ කිසිවෙකුට තම උත්සාහයෙන් දැනගත හැකි සත්‍යයක් නොවේ. අල්-කුර්ආනය පහළ කළ බලයම විශ්වයේ නිර්මාතෘ බව පිලිගන්නට මෙය තවත් බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂියක් නොවන්නේද කියා  මනුෂ්‍යයාට පමණක් උරුම වු විචාර බුද්ධිය මෙහෙයවා විමසා බලන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. “මිනිසා යනු කවරෙක්ද” යන මාතෘකාවෙන් අප තවමත් විමසමින් සිටින්නේ මිනිසාට පමණක් උරුම වු විචාර බුද්ධිය පිළිබදව  පමණි. මිනිසාට පමණක් උරුම වු අනිකුත් ලක්ෂණ ගැනද ඉදිරියේදි  සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නෙමු. විචාර බුද්ධිය පදනම් කරගෙන අප මෙතෙක් සාකච්ඡා කළේ මිනිසාගේ වාසභුමිය වු මිහිතලයද අඩංගු විශ්වයේ නිර්මාණය පිළිබඳව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් සහ අල්කුර්ආනය මගින් විශ්වයේ නිර්මාතෘ විසින් දැනට අවුරුදු 1400 කට පෙර හෙළි දරව් කර ඇති අප සැම මවිතයට පත් කරවන ප්‍රාතිහාර්ය ජනක සත්‍යය  තොරතුරු පිළිබදවයි.

Related Posts

  • මිනිසා යනු කවරෙක්ද? – 05May 28, 2011 මිනිසා යනු කවරෙක්ද? – 05 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් මිනිසාගේ ආරම්භය එක් පුද්ගලයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බව පිළිගැනුමට ඇති යථාර්ථවාදි සාධක කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අපගේ පුර්ව නිගමනයන් හා විශ්වාසයන් මොහොතකට […]
  • මිනිසා යනු කවරෙක්ද? – 04May 20, 2011 මිනිසා යනු කවරෙක්ද? – 04 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් දෙවිඳුන් පිළිබඳවවූ මිනිසාගේ මතයන් දෙවිදුන් පිළිබදව මිනිසාට දිය හැකි පිළිතුරු ගැන මීලගට විමසා බලමු. පහත සදහන් පිළිතුරු තුනට අමතරව මතයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති […]
  • මිනිසා යනු කවරෙක්ද? – 02April 20, 2011 මිනිසා යනු කවරෙක්ද? – 02 (0)
    සකස්කිරීම: ඉබ්නු මන්සූර් 1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් […]
  • මිනිසා යනු කවරෙක්ද? – 01April 13, 2011 මිනිසා යනු කවරෙක්ද? – 01 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත […]
  • මිනිසා යනු කවරෙක්ද? – 15August 28, 2011 මිනිසා යනු කවරෙක්ද? – 15 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක්‚ එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් තමාව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  […]
  • මිනිසා යනු කවරෙක්ද? – 06June 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 06 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ […]



coded by nessus

May 5, 2011 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , , , ,  · Posted in: ගවේෂණය

Leave a Reply