| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 2,431 views

මිනිසා යනු කවරෙක්ද? – 04

කතුවරයා/දේශකයා: on 20th May 2011

සකස්කිරීම:ඉබ්නු මන්සූර්

දෙවිඳුන් පිළිබඳවවූ මිනිසාගේ මතයන්

දෙවිදුන් පිළිබදව මිනිසාට දිය හැකි පිළිතුරු ගැන මීලගට විමසා බලමු. පහත සදහන් පිළිතුරු තුනට අමතරව මතයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති දැයි ඔබම නිගනමය කළයුතු වන්නේය.

1. දෙවිදුන් ඇත.

2. දෙවිදුන් නොමැත.

3. දෙවිදුන් ඇතිද නොමැතිද යන්න ගැන දැනුමකුදු නොමැත.

මෙම පිළිතුරු පිළිබදව යථාර්තවාදීව විමසා බලමු. පලමුව දෙවිදුන් ඇත යන පිලිතුර නිශ්චිත දැනුමකින් හෝ පැහැදිලි විශ්වාසයකින් හෝ දෙනු ලැබූ එකක් ලෙස සැලකිය හැක. විශාල ගොඩනැගිල්ලක් තුල යමක් සොයන අයෙකුට ගොඩනැගිල්ලට ඇතුළු වන තැනම එය හමුවිය හැක. මෙහිදී ඔහුට එම ගොඩනැගිල්ල පිළිබදව පරිපූර්ණ දැනුමක් අවශ්‍ය වන තත්වයක් පැන නොනගී. නමුත් එම සොයන දෑ මෙම ගොඩනැගිල්ල තුල නැතැයි පවසන්නාට නිශ්චිත වශයෙන්ම එහි අස්සක් මුල්ලක් නෑර සෑම කොටසක් පිළිබදවම පැහැදිලි දැනුමක් තිබිය යුතු වන්නේය. එවන් දැනුමක් නොමැතිව එම සොයන දෑ ගොඩනැගිල්ල තුල නැතැයි පවසන්නට කිසිවෙකුට අයිතියක් හෝ හැකියාවක් ඇතැයි පිළිගන්නට ඔබ එකග වනු ඇතැයි අප නොසිතන්නෙමු. විශ්වය පිළිබදව පරිපූර්ණ දැනුමක් නූතන විද්‍යාව තවම ලබාගෙන නොමැත. මෙවන් තත්වයක් තුල දෙවිදුන් විශ්වය තුල හෝ ඉන් බාහිරව හෝ නැතැයි පවසන්නට කාට නම් හැකි වන්නේද?

දැනට විශ්වය පිළිබදව ඇති මතයන් අල්පයක් විමසුමට ලක් කිරීමෙන් මෙය වඩාත් පැහැදිලිව අවබෝධ කරගන්නට හැකි වේ යැයි සිතන්නෙමු. ආලෝක වර්ෂයක් යනු වසරක් තුලදී අලෝකය ගමන් කරන්නාවූ දුරවේ. ආලෝකය තත්පරයට කිලෝමීටර 300,000 (සැතපුම්  186,000) වේගයෙන් ගමන් කරයි. මෙසේ තත්පරයට කිමී 300,000ක වේගයෙන් වසරක් පුරා ආලෝකය ගමන් කරන්නාවූ දුර ආලෝක වර්ෂයකි. මේ අනුව අලෝක වර්ෂයක් යනු සිතීමටද අපහසු දුර ප්‍රමාණයක් බව ඔබට පෙනී යනු නිසැකය. විශ්වයේ ග්‍රහලෝක, තරු, මන්දාකිණි අතර ඇති අතිවිශාල දුර ප්‍රමාණය නිසා එම දුර ගණන් ගැනීමට අලෝක වර්ෂ භාවිතා කෙරේ. සුර්යයා වැනිවූ අපට ආසන්නයේම ඇති තාරකාව වන්නේ “ඇල්ෆා සෙන්ටොරි” තාරකාවයි. මෙම තාරකාව පෘථිවියට අලෝක වර්ෂ හතරක දුරින් පිහිටා ඇත. දැනට මිනිසුන් සතු රොකට් තා‍ක්ෂණයේ උපරිම වේගය වන පැයට සැතපුම් විසිපන් දහසක වේගයෙන් ගමන් කළ හොත් මෙම තාරකාවට ගොස් ඒමට මිනිසෙකුට වසර 240,000ක් පමණ ගතවේ. ආලෝකයේ වේගයෙන්ද ගමන් කළ හොත් එහි ගොස් ඒමට ගතවන කාලය ආලෝක වසර අටකි. පෘථිවියට අයත් සෞර ග්‍රහමන්ඩලය පිහිටා තිබෙන ක්ෂීර පථ මන්දාකිනියේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට ගොස් ඒමට ගතවන කාලය ආලෝක වර්ෂ 150,000 කි. අපට ආසන්නයේම ඇති ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට ගොස් ඒමට ගතවන කාලය ආලෝක වර්ෂ ලක්ෂ හතලිහකි.

අපට ආසන්නයේම ඇති විශ්වයේ තොරතුරු ඉදිරිපත් කළේ මෙහි ඇති සිතා ගැනීමට පවා අසීරු විශාලත්වය පැහැදිලි කිරීමටය. විශ්වය පිළිබදවම පරිපූර්ණ දැනුමක් මිනිසා සියළු විද්‍යාත්මක දියුණුව සමග තවම ලබාගෙන නොමැත. මෙහි ආරම්භයේ දැක්වූ නිදසුන අනුව ගොඩනැගිල්ල තුල යමක් නැත්තේ යැයි පැවසීමට අනිවාර්යව අවශ්‍ය වූ සාධකයක් වන ගොඩනැගිල්ල පිලිබදව වු පරිපූර්ණ දැනුම අවශ්‍ය වන්නාක් මෙන් දෙවිදුන් නැතැයි පැවසීමට මිනිසාට අඩුතරමින් විශ්වය පිලිබදව වත් පරිපූර්ණ දැනුමක් අවශ්‍ය වනවා නොවේද? මෙවන් ඌණ දැනුමකින් යුක්තවූ මිනිසා ඉතා සියුම්වූ සැලසුමක් මත ක්‍රියාකරන්නාවූ විශ්වය පිලිබදව එහි නිර්මාතෘවරයෙක් හා සැලසුම් කරුවෙක් නොමැත්තේ යැයි පැවසීම කෙතරම් හාස්‍ය ජනකද? දෙවිදුන් නැතැයි පැවසීම පදනම් විරහිත මතවාදයක් විනා තර්කානුකූල වූද, විද්‍යානුකූල වූද, යතාර්ථවාදීවූද නිගමනයක් නොවන බව මෙයින් ඔබට ඉතා හොදින් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. දෙවිදුන් පිලිබදව තමන්ට දැනුමක් නොමැත්තේ යැයි පැවසීම එක්තරා ආකාරයක සාධාරණ ප්‍රකාශයකි. දැනුම නොමැත්තා කළ යුත්තේ තමන් නොදන්නාවූ දෙයෙහි සත්‍යයක් නොමැති බව ප්‍රකාශ කරනවාට වඩා ඒ පිලිබදව විචාරශීලී ගවේෂනයක යෙදීමයි. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ  එම විචාරශීලී ගවේෂනයේ යෙදෙන්නට දිරිගැන්වීමයි.

මීළඟට අපගේ අවධානය යොමු කරන්නට අපේක්ෂා කරන්නේ මිනිසාගේ සම්භවය පිළිබඳව ඇති තොරතුරු කෙරෙහි විචාර බුද්ධිය මෙහෙයවා කරුණු සාකච්ඡා කරන්නටයි. මැවුම් සංකල්පයට අනුව පළමු මිනිසා සහ ස්ත්‍රිය  නිර්මාණය කළ ආකාරය එක්වරක් පමණක් සිදු වු සිද්ධියකි. ඉන්පසුව මිනිසාගේ නිර්මාණය සිදු වුයේ හා සිදුවෙමින් පවතින්නේ ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික සම්බන්ධතාවය පදනම් කරගෙනය. වර්තමානයෙහි අපට දක්නට ඇත්තේ මෙලෙසින් නිර්මාණය වෙමින් පවතින්නාවු මිනිස් පරපුරකි. විද්‍යාවට ගෝචර වන්නේ වත්මනෙහි සිදුවෙමින් පවතින්නාවු මෙම මිනිස් නිර්මාණයයි. මෙම මිනිස් නිර්මාණය පිළිබඳව ඇති නුතන විද්‍යාත්මක  සිද්ධාන්තයන් කොතෙක් දුරට විශ්වයේ පාලක පරම අධිපති විසින් පහළ කරන ලද තොරතුරු හා සැස‍‍‍දේද යන්න සොයා බැලීමෙන් අපට පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳව ඇති වු කරුණු පිලිගැන්මට හෝ ප්‍රතික්ෂේප කිරිමට හැකි පදනමක් ගොඩ නගා ගන්නට හැකිවේ යැයි සිතන්නෙමු. නුතන කළල විද්‍යාත්මක තොරතුරු ගැන පළමුව විමසා බලමු. මෙහි කළල විද්‍යාවට අදාළ සියළු තොරතුරු ඉදිරිපත් කරන්නට අපහසු වි ඇත්තේ මෙම ලිපියේ ප්‍රමාණය සිමා කරන්නට සිදු වි ඇති හෙයිනි. එහෙයින් ලොව පිළිගත් ප්‍රධාන පෙලේ කළල විද්‍යාඥයින්ගේ මත පළමුව ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. දැනට ලොව ප්‍රධාන පෙලේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කළල විද්‍යාව හැදැරිම සදහා උපයෝගි කරගන්නේ  කැනඩාවේ ටොරොන්ටෝ විශ්විවිද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Keith Moore) විසින් ලියන ලද “The Developing Human” යන ග්‍රන්ථයයි. භාෂා අටකට පරිවර්තනය කොට ඇති මෙම ග්‍රන්ථය ඇමරිකානු විද්වත් මණ්ඩලයක් විසින් එක් අයෙකු විසින් ලියන ලද ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස තෝරා ගෙන ඇත. කැනේඩියානු ව්‍යුහ විද්‍යාඥයින්ගේ සංගමය මගින් මෙම කෙෂ්ත්‍රයේ දෙනු ලබන සම්මානණීය තිළිණය වු J.C.B. Grant සම්මානය 1984 දි එතුමාට ප්‍රධානය කරන ලදී. එතුමාගේ ප්‍රකාශනයක් “This is the Truth” යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ  youtube.com වෙබ් අඩවිය මගින්ද ඔබට සවන් දිමට හැකිය. එහි සංෂිප්ත විස්තරයක්  පහතින් දක්වා ඇත්තෙමු.

“අප විසින් කළල විද්‍යාව අනුව අල්-කුර්ආනයේ හා නබිවරයාගේ වදන්වල සඳහන් කරුණු ගැන මහාචාර්ය මුවර්ගේ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටි විට එතුමා පුදුමයෙනුත් පුදුමයට පත් විය. පසුගිය දශක තුන ඇතුළත  විද්‍යාඥයින් විසින් කළලය හා කළලයේ වර්ධන අවධින් සම්බන්ධ ව සොයාගත්  කරුණු මෙතරම් සවිස්තරාත්මකව  හා නිරවද්‍යතාවයකින් යුක්තව ශතවර්ෂ 14 කට පෙර  මුහම්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත්තේ කෙසේද කියා සිතා ඔහු අතිශයින් මවිතයට පත් විය. 1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද 7 වන වෛද්‍ය සම්මන්ත්‍රණයේදි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. ˝මනුෂය වර්ධනය සම්බන්ධයෙන් අල්-කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිළි කිරීමක් කරන්නට  අවස්ථාවක් ලැබීම ගැන අතීශයින් සතුටට පත්වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගේන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිළිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශතවර්ෂ කිහිපයකට පසුවයි. මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙක් බව ඉතා මනාසේ ඔප්පු වන්නේය”.

මිනිසාගේ නිර්මාණය පිලිබඳව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නාවු කළලයේ වර්ධනය පිළිබඳව අල්-කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දැනට දශක කිහිපයකට පමණක් පෙර සොයාගත්තාවූ කරුණු ඉතා සවිස්තරාත්මකව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්තව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳව අල්-කුර්ආනය ඉදිරිපත් කළ කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?

“මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබව පුරුෂයෙක් හා ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. එකිනෙකා හඳුනා ගැනිම පිණිස ඔබව ජාතින් හා ගෝත්‍රිකයන් වශයෙන් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් යැයි උඩඟු විමට කිසිවක් නැත. එහෙත්) ඔබ ගෙන් කවුරුන් ඉතාමත් බිය බැතියන්ව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අභියසෙහි ඉතාමත් ගෞරවනිය තැනැත්තෙකි. ඇත්තෙන්ම අල්ලාහ් සර්වඥානි හා සියල්ල දැනුවත්වද සිටින්නේය”. (අල්කුර්ආනයේ 49 වන පරිච්ඡේදය-13 වැනි වගන්තිය)

“අහස්ද (විශ්වයද) මිහිතලයද නිර්මාණය කිරීම මනුෂ්‍යයන් නිර්මාණය කිරීමට වඩා මහත්ය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් (මෙතරම් දෙයක්වත්) නොදකිත්”. (අල්කුර්ආනය 40 වන පරිච්ඡේදය – 57 වැනි වැකිය)

මිනිසාගේ ආරම්භය එක් පුද්ගලයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බව පිළිගැනුමට ඇති යථාර්ථවාදි සාධක කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අපගේ පුර්ව නිගමනයන් හා විශ්වාසයන් මොහොතකට පසෙක තබා පහත සඳහන් කරුණු කෙරෙහි විචාරාත්මකව සොයා බලමු.

Related Posts

  • මිනිසා යනු කවරෙක්ද? – 05May 28, 2011 මිනිසා යනු කවරෙක්ද? – 05 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් මිනිසාගේ ආරම්භය එක් පුද්ගලයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බව පිළිගැනුමට ඇති යථාර්ථවාදි සාධක කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අපගේ පුර්ව නිගමනයන් හා විශ්වාසයන් මොහොතකට […]
  • මිනිසා යනු කවරෙක්ද? – 03May 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 03 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් විශ්වයේ නිර්මාණය පිළිබඳව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති විසින් පහල කරන ලද පණිවිඩයේ (අල් කුර්ආනයේ) අඩංගු කරුණු සමග ඇති අදහාගත […]
  • මිනිසා යනු කවරෙක්ද? – 02April 20, 2011 මිනිසා යනු කවරෙක්ද? – 02 (0)
    සකස්කිරීම: ඉබ්නු මන්සූර් 1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් […]
  • මිනිසා යනු කවරෙක්ද? – 01April 13, 2011 මිනිසා යනු කවරෙක්ද? – 01 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත […]
  • මිනිසා යනු කවරෙක්ද? – 06June 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 06 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ […]
  • මිනිසා යනු කවරෙක්ද? – 15August 28, 2011 මිනිසා යනු කවරෙක්ද? – 15 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක්‚ එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් තමාව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  […]

May 20, 2011 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , , , ,  · Posted in: ගවේෂණය

Leave a Reply