| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 2,631 views

මිනිසා යනු කවරෙක්ද? – 05

කතුවරයා/දේශකයා: on 28th May 2011

සකස්කිරීම:ඉබ්නු මන්සූර්

මිනිසාගේ ආරම්භය එක් පුද්ගලයෙකුගෙන් හා එක් ස්ත්‍රියකගෙන් බව පිළිගැනුමට ඇති යථාර්ථවාදි සාධක කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අපගේ පුර්ව නිගමනයන් හා විශ්වාසයන් මොහොතකට පසෙක තබා පහත සඳහන් කරුණු කෙරෙහි විචාරාත්මකව සොයා බලමු.

ලෝක ජනගහන වර්ධනය

වර්ෂය ජනගහණය (බිලියන) මුලාශ්‍රය
2000 6.06 Wpp 98
1998 5.90 Wpp 98
1990 5.27 Wpp 98
1980 4.44 Wpp 98
1970 3.70 Wpp 98
1960 3.02 Wpp 98
1950 2.52 Wpp 98
1940 2.30 Wpp 63
1930 2.07 Wpp 63
1920 1.86 Wpp 63
1910 1.75 Wpp 63
1900 1.65 D and C
1850 1.26 D and C
1800 0.98 D and C
1750 0.79 D and C
1500 0.50 Durand
1250 0.40 Durand
1000 0.31 Durand

 සටහන්

WPP98-   United Nations –World Population-1998 Revision

WPP63- United Nations -1966 World Population as Assessed in 1963

D and C- United Nations – The Determinants and Consequences of Population Trends –Vol 01

Durand- J.D.Durand 1974- Historical Estimates of World Population – An Evaluation (University) of Pennsylvania Population Studies Center.

ඉහත වගුව අනුව ලෝක ජනගහනය කාලයේ ආපස්සට ගමන් කිරීමේදි ඉතා ක්‍රමානකුල අන්දමින් අඩුවෙමින් යන බව පැහැදිලිව නිරික්ෂණය කළ හැකි වන්නේය. 2000 වර්ෂයේදි බිලියන 6.06 ක් වු ලෝක ජනගණය 1000 වර්ෂයේදි මිලියන 310 දක්වා වු අඩු මට්ටමක පැවැති බව ඉහත දත්ත පෙන්නුම් කරයි. මෙසේ අප කාලය ආපස්සට ගමන් කිරීමේදි ලෝක ජනගහණය ක්‍රමානුකුලව අඩුවෙමින් ගොස් නතර වන්නේ කොතැනද යන ප්‍රශ්නයට ඇති සහේතුක හා තර්කානුකුල පිලිතුරු කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට කිසිවෙකුට අපහසුතාවයක් ඇතැයි නොසිතන්නෙමු. නිසැකවම හා නිශ්චිත වශයෙන්ම අප අවසානයේදී නතර වන්නේ එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියක් වෙත බව ඉතාමත්ම පැහැදිළිය. අපට අල්කුර්ආනය පැහැදිළි කරන්නේ මෙම සත්‍යය කරුණයි. එම එක්පුරුෂයාගෙන් හා ස්ත්‍රියකගෙන් බිලියන ගණනක් වු ලෝක ජනගහණය වර්තමාන තත්ත්වයට වර්ධනය විමට, අළුතින් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය  වන තැන්හි පටන් වර්ධනය වන ආකාරය නුතන විද්‍යාඥයින්ව මවිතයට පත්කරමින්  සවිස්තරාත්මකව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්තව ඉදිරිපත් කිරිමට අල්-කුර්ආනයට හැකි වී තිබෙන්නේ එහි පණිවුඩය නියත වශයෙන්ම මිනිසාගේ නිර්මාතෘගෙන් ලැබුනක් බව අපට කිසිම සැකයකින් තොරව  ඔප්පු කරමිනි. මෙය ඉතාමත් තර්කානුකුල, යථාර්ථවාදි හා විද්‍යාත්මක සත්‍යයක් බව අප සැමට අනිවාර්යෙන්ම පිළිගැනීමට සිදු වි තිබෙනවා නොවේද?

මිනිසා මෙසේ නිර්මාණ නොවී තමන් කරන හොඳ නරක අනුව එක එක උත්පත්ති තලයන්හි උපත් ලබන බවට ඇති මතයේ යථාර්ථයද විචාරශීලීව විමසා බලමු. මෙම මතය අනුව තවත් ජිවියෙක් උපත ලැබිය හැක්කේ එක් ජීවියෙක් මිය ගිය පසුවය. අප මෙයට පෙර සාකච්ඡා කළ කරුණු අනුව නුතන විද්‍යාව අවිවාදයෙන්  පිළිගන්නා සත්‍යයක් නම් විශ්වයට ආරම්භයක් ඇති බවය. විශ්වය නොමැතිව ජීවයක් පැවතිය හැකි තත්ත්වයක් නොමැති බව ඉතා පැහැදිලි කරුණකි. එක් ජීවියෙකුගේ මරණින් පසුව පමණක් තවත් ජීවියෙක් බිහිවේ යන මතය ඉහත සංකල්පයේ සාධකයක් වන හෙයින් සියළු ජීව විශ්වය බිහිවීමත් සමග එක්වරම බිහි වී තිබිය යුතුය යන්න මෙම සංකල්පයෙන් ගම්‍යවන කරුණකි. මෙය තර්කයට, විචාරයට, බුද්ධියට හෝ විද්‍යාවට එකඟ විය හැකි කරුණක් නොවේ. මෙහිදී අප සඳහන් කරන්නේ මිනිස් ජීව පිළිබඳව පමණක් නොවේ. සියළු ජීව ට්‍රිලියන් සංඛ්‍යාවකින් මිහිතලය මත පමණක් අපට දක්නට හැකිය. උපත් චක්‍රයෙන් ගැළවෙන මතයක්ද මෙහි ඇති හෙයින් ජීව සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවිය හැකි අතර වැඩිවීමක් නම් කොහෙත්ම සිදුවිය නොහැක. චක්‍රයක් තුළ නැවත නැවත ඉපදීමේ මෙම සංකල්පය තුළ අප දුටු තවත්  විමසුමට ලක් කළ යුතු කරුණු කිහිපයක් ගැන සදහන් කරන්නට කැමැත්තෙමු. එක් උපතකදී තමන් කළ ලිංගික අපචාර හේතුවෙන් ඉදිරි උපතේදී ස්ත්‍රියක්ව ඉපදීම හා එමෙන්ම තවත් පාප ක්‍රියාවකට ඉදිරි උත්පත්තියේදී දියණියන් පමණක් ලැබීම යන කරුණු දෙක විමසා බලමු.

මෙහිදී ක්ෂණිකව අවබෝධ වන කරුණක් නම් ස්ත්‍රියක්ව ඉපදීම දඬුවමක් ලෙස මෙම සංකල්පය තුළ  සනාථ කොට ඇති බවය. මෙය ඉස්ලාමයට කොහෙත්ම එකඟ විය හැකි කරුණක් නොවේ. අනිත් අතින් මෙම කරුණු දෙක සත්‍යය නම් මිනිස් සමාජයේ ස්ත්‍රී උත්පත්ති අනුපාතය ඉතා භයානක ලෙස ඉහළ ගොස් තිබිය යුතුය. සත්‍යය තත්ත්වය නම් ස්ත්‍රී පුරුෂ අනුපාතයේ සුළු වෙනස්කම් විටින් විට මිනිස් ඉතිහාසය තුළ ඇති වුවද  මෙම සමතුලිතතාවය  බිඳී ගොස් මිනිස් සමාජය අර්බුදයකට පත් වු ඉතිහාසයක් ගැන කොහෙත්ම සඳහනක් නොමැත. එසේ නම් මේ සංකල්පය තුළ ඇති ඉහත සාධක දෙක අවිද්‍යාත්මක මෙන්ම සත්‍යයෙන් තොර වු එකක් බව බැහැර කරන්නට සිදුවෙනවා නොවේද? ඔබම සිතා බලන්න. සංකල්පයේ සාධක බිද වැටේ නම් තවදුරටත් සංකල්පය කෙසේ නම් පැවතියහැකිද? අනිත් අතින් නැවත නැවත ඉපදිමේ චක්‍රය තුළ උත්පත්ති සිදුවන ආකාරයද පැහැදිළි කොට ඇත. එක් ක්‍රමයක් නම් වැඩුණු ශරීරයක් ඇතිව අනපේක්ෂිත ලෙස (ඕපපාතිකව) මිහිතලය මතට බිහිවීමයි. මෙය දෙමව්පිය සම්බන්ධතාවයකින් සිදුවන්නක් නොවේ. මෙයද මිත්‍යාවක් හා  අවිද්‍යාත්මක සංකල්පයක් බව විග්‍රහ කරන්නට අවශ්‍යතාවයක් ඇතැයි නොසිතන්නෙමු. එලෙසම මෙම සංකල්පය තුල ඉපදෙන ස්ථානයද විග්‍රහ කොට ඇත. එහි ඇති වන අවිද්‍යාත්මක භාවය මෙම ලිපිය අවසානයේ  විස්තර කොට ඇත්තෙමු. සංකල්පය රඳවා ඇති කුළුණු සියල්ල බිඳ වැටෙද්දී කෙසේ නම් සංකල්පය පවතින්නේද? ඉස්ලාමයේ මරණින් මතු ජිවිතය පිළිබඳ උගන්වන කරුණු ද මෙම ලිපිය අවසානයේදි ඔබට දැකගන්නට හැකිය. පළමු මිනිසා හා ස්ත්‍රිය නිර්මාතෘ කෙනෙකු විසින්  නිරිමාණය කරන ලද්දක් නොව සත්ව පරිනාමයක් තුළින් සිදුවුවක් ලෙස දක්වන්නට යමෙක් තර්කයක් ඉදිරිපත් කරන්නට ඉඩ ඇත. එහෙයින් පරිනාමවාදය පිලිබදවද කරුණු සාකච්ඡා කිරීම සුදුසුයි කියා අපි සිතන්නෙමු.

Related Posts

  • මිනිසා යනු කවරෙක්ද? – 04May 20, 2011 මිනිසා යනු කවරෙක්ද? – 04 (0)
    සකස්කිරීම:ඉබ්නු මන්සූර් දෙවිඳුන් පිළිබඳවවූ මිනිසාගේ මතයන් දෙවිදුන් පිළිබදව මිනිසාට දිය හැකි පිළිතුරු ගැන මීලගට විමසා බලමු. පහත සදහන් පිළිතුරු තුනට අමතරව මතයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති […]
  • මිනිසා යනු කවරෙක්ද? – 03May 5, 2011 මිනිසා යනු කවරෙක්ද? – 03 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් විශ්වයේ නිර්මාණය පිළිබඳව ඇති විද්‍යාත්මක සිද්ධාන්තයන් විශ්වයේ නිර්මාතෘ හා පාලක පරමාධිපති විසින් පහල කරන ලද පණිවිඩයේ (අල් කුර්ආනයේ) අඩංගු කරුණු සමග ඇති අදහාගත […]
  • මිනිසා යනු කවරෙක්ද? – 02April 20, 2011 මිනිසා යනු කවරෙක්ද? – 02 (0)
    සකස්කිරීම: ඉබ්නු මන්සූර් 1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් […]
  • මිනිසා යනු කවරෙක්ද? – 01April 13, 2011 මිනිසා යනු කවරෙක්ද? – 01 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත […]
  • මිනිසා යනු කවරෙක්ද? – 14August 24, 2011 මිනිසා යනු කවරෙක්ද? – 14 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් “සත්ව ඝාතනාදී අකුසල කර්ම පථයන් කළා වු සත්වයන්ට ප්‍රති සන්ධිය ලබාදෙන නිරය සංජිවයයි. මේ නිරය මහ පොළොවෙහි සිට යොදුන්  75000 ක් යටින් පිහිටියේය. (කර්මය හා විපාකය - […]
  • මිනිසා යනු කවරෙක්ද? – 12August 10, 2011 මිනිසා යනු කවරෙක්ද? – 12 (0)
    සකස්කිරීම, ඉබ්නු මන්සූර් කුර්ආනයේ අඩංගු තවත් විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් විමසා බලන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා  කරන්නෙමු. අවුරුදු 1400ට පෙර කිසිම අයුරකින් මෙම කරුණු දැන ගැනිමේ හැකියාවක් මිනිස් […]

May 28, 2011 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , , , , ,  · Posted in: ගවේෂණය

Leave a Reply