මිනිසා යනු කවරෙක්ද? – 07

සකස්කිරීම, ඉබ්නු මන්සූර්

දිගම බෙල්ල සහිත ජිරාෆ්

සතුන් අතරින් දිගම බෙල්ල තිබෙන්නේ ජිරාෆ්ට බව  පිළිගත් සත්‍යයකි. ජිරාෆ්ගේ මොලයට ලේ පොම්ප කිරීම නිසි අයුරින් සිදු නොවුවහොත් එම සත්ත්වයාගේ ජීවත් වීමේ හැකියාව නැතිවී යන්නේය. තම හෘදය වස්තුවෙන් විශාල උසක පිහිටි හිසට රුධිරය නිසි ලෙස පොම්ප කිරීමට නම් අධි පීඩනයකින් එය සිදු විය යුතුවන්නේය.  නමුත් දිය බීම වැනි කටයුතු වලට ජිරාෆ්ට තම හිස පහතට ගෙන ආයුතු වන්නේය. මෙසේ හිස පහතට ගෙන  ඒමේදි  හිස උසින් තිබු  අවස්ථාවේ  තිබු අධි පිඩනයෙන්ම  මොලේට පොම්ප කිරිමක් සිදු වුවහොත් හිසේ නහර  පුපුරා යෑමෙන් මෙම සතාට මිය යන්නට සිදු වන්නේය. එනමුත් ජිරාෆ්ට එවැන්නක් සිදු නොවන්නේ හිස පහතට ගෙන ඒමත් සමගම බෙල්ලේ පිහිටා ඇති කපාට (වෑල්ව) නිරායාසයෙන්  වැසි ගොස් හිසට ගළා යන රුධිරයේ පිඩනය හා ප්‍රමාණය පාලනය වන හෙයිනි. හිස උසින් පිහිටි විට අධි පිඩනයෙන් ලේ පොම්ප කිරීම හා පහතට හිස ගෙන ඒමේදී එය පාලනය කරන ස්වයංක්‍රීය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමක් නොමැතිව ජිරාෆ්ට ජිවත් විය හැකි තත්ත්වයක් නොමැත්තේය. මෙම සැළසුම් ඉබේ හෝ  ක්‍රමක්‍රමයෙන් ජිවත්වන පරිසරයට හැඩ ගැසීමක් තුළින් වර්ධනය විය හැකි දෙයක් නොවේ. ජිරාෆ් මිහිතලය මතට බිහිවු දා පටන් මෙම සැළසුම අනිවාර්යයෙන්ම තිබිය යුතු සාධකයක් වන්නේය. ඒසේ නොවුණා නම් ජිරාෆ් බිහි වු දිනම ඉහත හේතුන්  නිසා මරණයට  පත් වි තිබිය යුතුය. ජිරාෆ්ගේ නිර්මාතෘ නිසැකවම සර්වඥානි විය යුතු බවට මෙම සාධකයම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.

මුහුදු කැස්බෑවා

(Ref: Encyclopedia of Animals –Maurice Burton – C.B.P.C. Publishing House)

මුහුදේ ජිවත් වන මුහුදු කැස්බෑවා බිත්තර දමන සමය ළංවු විගස සමූහයක් ලෙසින් වෙරළට පැමිණෙති. මෙය සාමාන්‍ය වෙරළක් නොවේ. මෙය මෙහි එක්වන සියළුම කැස්බෑවන් දැනට අවුරුදු 20-25 කාලයකට පෙර  මෙළොව එළිය දුටු වෙරළයි. ඔවුන් මෙතරම් දිර්ඝ කාලයක් මුහුදේ ජිවත්වෙමින් කි.මි.1000 කට වැඩි දුර ප්‍රමාණයක් මුහුදේ සැරිසරා මාලිමාවක් හෝ අන් කිසිදු උපකරණයක මග පෙන්වීමකින් තොරව තමන් මෙළොව එළිය දුටු වෙරළම සොයා ඒම සැබැවින්ම ආශ්චර්ය ජනක සිද්ධියකි. එම වෙරලේ සාමුහිකව ගැඹුරු වලවල් හාරා බිත්තර දමා එම වලවල් වසා නැවතත් මුහුදේ තමන්ට හුරු ජිවිතය කරා ඔවුන් යයි. බිත්තර මෝරා කටුවෙන් එළියට එන කැස්බෑවා පැටවුන්ට තනියෙන් තමන්ට ඉහළින් ඇති වැලි ප්‍රමාණය ඉවත් කරගෙන එළියට ඒමට නොහැක. ඔවුන් එක් තැනක බිත්තර පුපුරා එළියට එන හෙයින් ඔවුන් තමන්ට ඉහළින් ඇති වැලි තල්ලු කරගෙන ඒමට සාමුහික ප්‍රයන්තයක යෙදෙයි. ඉහළට ආවේ දවල් කාලයේ  හිරු රස්නය වැඩියෙන් ඇති අවස්ථාවේ නම් ඔවුන්  අවසාන වැලි තට්ටුව තල්ලු නොකර අදුර වැටෙන තෙක්  එතැනම රැදි සිටියි. අව්රස්නය වැඩි දවල් කාලයේ  ඔවුන් වෙරළ මතුපිටට පැමිණියා නම් අනතුරු කිහිපයකට ඔවුන්ට මුහුණ පාන්නට සිදුවෙයි. රත් වී ඇති වැල්ලෙන් ඔවුන්ට හානි සිදුවිය හැක. අනිත් අතින් දවල් එළියත් සමග ඔවුන් ඉතාමත් පහසුවෙන් ගොදුරු සොයන සතුන්ගේ පහසු ගොදුරක් බවට පත්වන්නට ඉඩ ඇත. බිත්තරයෙන් මොහොතකට පෙර එළියට ආ කැස්බෑ පැටවුන් ට මෙම කරුණු කාරණා  පිලිබඳව පුර්ව දැනුමක්  තිබිය නොහැක. නමුත් ඔවුන් හැසිරෙන ආකාරය  දෙස සිතා බලන විට නිශ්චිත වශයෙන්ම ඔවුන්ට මෙවැනි අනතුරු  පිලිබදව පුර්ව දැනුමක් ඇති බව ඉතාම පහසුවෙන්ම නිගමනය කළ හැක. පෙර පුහුණුවකින් හෝ ආදර්ශයකින් හෝ තොරව ජන්මයෙන් තමන්ගේ මිහිපිට පැවැත්මේ බාධක මැඩ ගෙන ජිවත් වන්නට මෙම දැනුම ලබා දුන් සර්වඥානි අයෙක් අනිවාර්යයෙන්ම  සිටිය යුතුය. එය එම සත්ත්වයාගේ  නිර්මාතෘ හැර  වෙන කවරෙක් නම්  විය හැකිද? ස්වභාව ධර්මය යැයි අප හඳුන්වන ක්‍රියාවලිය දෙස විචාරාත්මකව අපගේ  නිරික්ෂණය යොමු කරන විට පෙනීයන මහඟු සත්‍යයක් තිබේ. ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක්ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්‍රියාත්මක වන්නේද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක්ව පවතී.

වේයා

වේ තුඹස ඇතුළත සැලස්ම දෙස ඔබ අවධානය යොමු කළ හොත්  නියත වශයෙන්ම මවිතයෙනුත් මවිතයට පත්වනු ඇත. එහි අභ්‍යන්තර සැලැස්ම නුතන ගෘහ නිර්මාණ ශිල්පීය තාක්ෂණයද පරදවන්නකි. මෙම වේ තුඹස ගොඩනගා ඇත්තේ ගබඩා කාමර, රෝගී සතුන්ගේ කාමරය‚ වාතාශ්‍රය හා හිරු එළිය ලබාදීම සඳහා විවරයන්, විවිධ කොටස් යා කරන සැළසුම් සහගත මාර්ගයන් සහ අනතුරකදී පිටවීම සඳහා හදිසි පිටවීමේ දොරටු ආදිය ඇතුළුව තවත් සුවිශේෂී අංග කිහිපයකින් යුක්ත‍වයි. මෙහි හැඩය ගොඩ නගා ඇත්තේ වාස්තු නිර්මාණ ශිල්පයේ නිපුණ බවේ පරිපුර්ණතාවය ඇතිවයි.  මෙම වේ තුඹසේ නිර්මාණ කරුවන් වු වේයන් අන්ධයන් බව ඇසුවහොත් ඔබට එය අදහාගැනීමට අසීරු කරුණක් විය හැක. අන්ධ වේයන්ට මෙම නිපුණතාවය ලබා දුන්නේ කවුරුන්ද?

මෙලෙස මිනිසා තමා ගැනත් තමා අවට පරිසරය ගැනත් මොහොතක් සිතා බැලුවහොත් මේ සියල්ල පිටුපස එක්තරා නිශ්චිත සැළසුම් සහගත නියාමයක් ක්‍රියාත්මක වන බව අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත. සර්වඥානි සැළසුම් කරුවෙක් නොමැතිව මෙම අලංකාර සැළසුම් හා නියාමයන් ක්‍රියාත්මක විය හැකිද? මෙය සැකයෙන් තොරව  අවබෝධකර ගතහොත් විශ්වයේ හා එහි අඩංගු සියල්ල නිර්මාණය කොට පාලනය කරන පරම අධිපති බලයක් ඇති බව ඔබට නිශ්චිත වශයෙන්ම පිලිගැනීමට හැකිවනු ඇත.

අපි තවත් ක්ෂේස්ත්‍රයක් දෙසට  අපගේ අවධානය යොමු කරමු. අල්-කුර්ආනය මනුෂ්‍ය වර්ගයාගේ යහමග හෙළිදරව් කරමින් අවසාන නබිවරයාට විශ්වයේ පරමාධිපතිඳාණන් විසින් පහළ කරන ලද පණිවිඩය ලෙස සැළකේ. මෙම මතය සනාථ කරන තවත් සාක්ෂි අල්-කුර්ආනය තුළින්ම විමසා බලමු.

“(නබිවරයාණෙනි,) මෙය (අල්කුර්ආනය) ට පෙර නුඹ කිසිම පුස්තකයක් කියවා නොමැත. තවද නුඹ නුඹගේ දකුණතින් එය ලියා (පුරුද්දක්) ඇති අයෙකුදු නොවන්නේය. එසේ වුයේ නම් මෙම අසත්‍යවන්තයින් (මෙය) ඔබ විසින් මනඃකල්පිත කරගත්තේ යැයි මිස අල්ලාහ් විසින් පහළ කළේ නැතැයි සැක සිතන්නට  ඉඩ තිබිණි”. (අල්-කුර්ආන් 29 වන පරිච්ඡේදය 48 වැනි වැකිය)

මෙම අල්-කුර්ආන වාක්‍යයෙන් පැහැදිළි කරන වැදගත් සත්‍යක් ඇත. එනම් දෙවිඳුන් පහළ කරනු ලැබු අල්-කුර්ආනය කොහෙත්ම මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාගේ නිර්මාණයක් විමට සුළු වශයෙන් හෝ ඉඩ ප්‍රස්ථාවක් නොමැති බව අපට පැහැදිලිව ඒත්තුවන ගන්වන පණිවිඩයක් එහි ගැබ්වී තිබීමයි. මේ පිලිබඳව නුතන මුස්ලිම් නොවන විද්වතෙකුගේ මතයක් පළමුව විමසා බලමු.

දැනට වර්ෂ 5000කට පමණ පෙර ඊජිප්තුවේ පාලකයා වු දෙවන රැම්සෙස්ගේ  පුත් මෙරනෙප්තාගේ මෘත දේහය දැනට තැන්පත් කර තිබෙන්නේ කයිරෝ නගරයේ  තිබෙන ජාතික කෞතුකාගාරයේය. මෙම රජපරපුර එම යුගයේ හඳුන්වනු ලැබුවේ ෆිර්අව්න් (Pharaoh) යනුවෙනි. මෙර්නෙප්තා ෆිර්අව්න්ගේ ඉතිහාසය අනුව ඔහු තමන් අධිපති දෙවිඳුන් බව හඳුන්වා දි තිබු අතර විශ්ව පරමාධිපතිඳුන්ගේ තවත් නබිවරයෙකුවු මෝසෙස් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාගේ සමකාලිනයෙකුව සිටියේය. මොසෙස් තුමා සමග නිතර ගැටුනු මෙම ෆිර්අව්න් මෝසෙස් තුමා හා එතුමාගේ අනුගාමිකයන්ව මරාදමන්නට ලුහුබැඳ ආ අවස්ථාවේදී, දෙවිදුන් විසින් රතු මුහුද දෙබෑ කර මෝසෙස් තුමා හා පිරිසට රතු මුහුදින් එතෙර වන්නට ඉඩ සළසා දුන් අතර ෆිර්අව්න් හා ඔහුගේ හමුදාව රතුමුහුදට අවතිර්ණ වු විගස දෙබෑවු ජලකඳ එකට එකතුවීමෙන් ඔහු හා ඔහුගේ පිරිස මියගිය බව ආගමික ඉතිහාසය අපට උගන්වයි. මේ සම්බන්ධව ඇති අල්-කුර්ආන් වැකියන් අනුව අවුරුදු 5000කට පෙර මිය ගිය ෆිර්අව්න්ගේ මලකඳ විනාශයට පත් වන්නට ඉඩ නොදී මතු පරම්පරාවට අවවාදයක් වනු පිණිස සුරක්ෂිත කරන ලද බව දෙවිඳුන් අපට දැන්වීය. දැනට අවුරුදු 1400ට පමණ පෙර පහළ කරනු ලැබු අල්-කුර්ආනයට මෙම කරුණු ඇතුළත් වීමට නම් මෙම මෘත දේහය සොයා ගෙන ඒ පිළිබඳව දැනුමක් තිබූ උදවිය එම යුගයේ ජීවත් ව සිටිය යුතුය. මෙවැනි තත්ත්වයක් අවුරුදු 1400 කට පෙර නොතිබුනේනම් එය එසේ විය හැක්කේ අල්-කුර්ආනයේ පණිවිඩය පහළ කරනු ලැබුවේ සර්වඥතාවයකින් යුත් මුලාශ්‍රයකින් බව අපට අවිවාදයෙන් පිළිගැනිමට සිදුවෙනවා නොවේද? මේ සම්බන්ධව විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට අවකාශ තිබේද? මේ සම්බන්ධව අල්-කුර්ආන් වාක්‍යය පළමුව විමසා බලමු.

“නුඹට පසුව එන අයට ප්‍රාතිහාර්යයක් වනු පිණිස මෙදින නුඹගේ සිරුර අපි ගොඩ දමා ආරක්ෂා කරන්නෙමු. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අපගේ ආයාත් (වදන්-සංඥා) ගැන නොතකන්නෝම යැයි” (අල්ලාහ් වදාල සේක.) (අල් කුර්ආන් -10 වන පරිච්ඡේදය-92 වැනි වාක්‍යය)

මෙම වාක්‍යය පහළ වු කාලයේ එය කොතරම් සුවිශේෂි හා අසාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්ට ඇතිද? ෆිර්අවුන්ගේ මෘත දේහය විනාශ නොවී සුරැකී ඇති බව සොයා ගන්නට වසර 1300 කට පෙර අල්-කුර්ආනයේ ඉහත වැකියෙන් පහළ කළ පණිවිඩය එම යුගයේ ජනයාට එක්තරා අන්දමින් ප්‍රහෙළිකාවක් වුවා විය හැක. මහාචාර්ය ලොරට් නම් විද්‍යාඥයා මො‍සෙස් තුමාගේ  යුගයේ ජීවත් වු ෆිර්අව්න්ගේ මෘත දේහය සොයා ගත්තේ 1898 වසරේදීය. මහාචාර්ය ලෝරට් විසින් සොයාගත් ෆිර්අව්න්ගේ සිරුර වසර 5000කට ආසන්න කාලයක් තීබ්ස් නුවර නෙක්රෝපොලිස් සොහොන තුළ ඇතිරිල්ලක ඔතා තැන්පත් කර තිබිණ.1907 ජුලි මාස 8 වැනි දින මහාචාර්ය එලියට් ස්මිත් නම් විද්‍යාඥයා මෙම සොහොන  විවෘත කොට මෘත දේහය විද්‍යාත්මක පරික්ෂණයන්ට ලක් කළේය. ඉන් අනතුරුව “Royal Mummies” නමින් මෙම විස්තර අඩංගු පොතක්ද ඔහු පළ කලේය. මහාචාර්ය ලෝරට් විසින් 1898 දී සොයා ගනු ලැබුවේ මෝසෙස් තුමාගේ යුගයේ මිසරයේ රජකම් කළ එමෙන්ම තමන්ව උත්තරිතර දෙවිඳුන් ලෙස හඳුන්වා දෙමින්ද, මෝසෙස් තුමාගේ සියළු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් ද අවසානයේදි මොසෙස් තුමාව මරා දැමීමේ අදහසින් එතුමා ලුහුබැඳ ගිය ගමනේදී ජලයේ ගිලී මියගිය ෆිර්අව්න්ගේ දේහය බවට මෙම විද්‍යාත්මක පරික්ෂණයන්ගෙන් සනාථ කර ගන්නා ලදී.

කයිරෝ නගරයට ගෙනයන ලද මෙම දේහය සම්බන්ධව 1975 වසරේදී ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වුද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වුද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබිණි. සියළු පර්යේෂණ අවසානයේදි විශ්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.

“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳව කුර්ආන් වැකි පවසන අතිශයින් විශ්මය ජනක සාධක දැකගන්නට නම් කයිරෝ  නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි”.

Leave a Reply

Your email address will not be published.