මිනිසා යනු කවරෙක්ද? – 11

සකස්කිරීම, ඉබ්නු මන්සූර්

ත්‍රිපිටකය අයත් මේ 2580 ක් වන සියළුම පොත් බුද්ධ ඝෝෂ ට අවශ්‍ය පරිදි විකෘති  කර ඇත. එහෙත් ඔහුට  විකෘති කළ නොහැකි වු ධර්ම පාඨ කිහිපයක් පමණක් “ධම්ම පදයේ” සදහන් වේ. එම ධර්ම පාඨ එවකට ලක්දිව සිටි භික්ෂුන් වහන්සේලාට බුද්ධ වචනනය වු පාලියෙන් කට පාඩම් තිබු ඒවාය. ඒවා විකෘති කළහොත් අසුවන නිසා ඒවා “ධම්ම පදයට”ඇතුළත් කර ඇත. එම ගාථාවලින් පිරිසිදු ථෙරවාදී බුදු දහම කවරේ දැයි  අපට අවබෝධ කර ගත හැකිය. එවැනි එක් ධර්ම කොටසක්  ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් කොටසේ දහවෙනි, එකොළොස්වැනි  හා දොළොස් වැනි ගාථාවලින් දැක්වේ. ඉන් 10 වැනි ගාථාව මෙසේය.:-     

බහුං‍වේ සරණං යන්ති

පබ්බතානි වනානිච

ආරාම රුක්ඛ චෙත්‍යානි

මනුස්සා භය තජ්ජිතා

එහි අර්ථය :- බියෙන් තැති ගත් මිනිස්සු පර්වත කැළෑද, ආරාම, ගස්‚ චෛත්‍යයන් බොහෝ සෙයින් සරනකොට යති. මෙහි චෛත්‍ය යනුවෙන් දැක්වෙන්නේ ත්‍රිවිධ චෛත්‍යයටමය. ත්‍රිවිධ චෛත්‍යය යනු ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය යන චෛත්‍යය තුනය. ශාරිරක චෛත්‍යය කියන්නේ ධාතුවලටය. පාරිභෝගික චෛත්‍යය කියන්නේ  බුදුරජාණන් වහන්සේ පාරිභෝජනය කරන ලද බෝගස් ආදියටයි. උද්දේශික චෛත්‍ය කියන්නේ පිළිම හෝ පැතිගමා වලටය. එහි එකොලොස්වෙනි  ගාථාව දෙසත් බලන්න.

“නෙතං ඛො සරණං ඛේමං

නෙතං සරණ මුත්තමං

නෙතං සරණ මා ගම්ම

සබ්බ දුක්ඛා පමුච්චති”

එහි තේරුම:- මේ කිසිදු සරණයක් බිය රහිත නොවේ. උතුම්ද නොවේ. මේ කිසිදු සරණයකට පැමිණ සියළු දුකින් මිදෙන්නට බැරිය.”

ඉහතින් අප ගෙනහැර දැක්වුයේ බොහෝවිට සාමාන්‍ය බෞද්ධ ජනයාගෙන් බහුතරයක් මෙන්ම අබෞද්ධයින් කොහෙත්ම වාගේ මෙතෙක් දැන නොසිටි ඉතා  වැදගත් කරුණු කාරණා කිහිපයකි. භාෂා ගැටළුව නිසා බෞද්ධ මුලාශ්‍රයන්ට සිදු වු පිරිමසා ගත නොහැකි  හානිය මෙන්ම නුතන වත් පිලිවෙත් සහමුලින්ම වාගේ දැනට විනාශ නොවි සුරක්ෂිත යැයි සැළකෙන මුලාශ්‍රයන් සමග කොතෙක් දුරට පරස්පර වන්නේද යන්න මෙම විස්තරයෙන් පැහැදිලි වන්නේය.

මැද පෙරදිග ප්‍රදේශයේ ජනයා භාවිතා කරන භාෂා හදුන්වන්නේ  සෙමටික් භාෂාවන්  යනුවෙනි. මෙම භාෂාවන් පිලිබදව දිර්ඝ පර්යේෂණයක  යෙදුණු අර්නස්ට් රෙනාන් (1823-1894) නම් ප්‍රංශ විද්වතා  තම සොයා ගැනීම් පිළිබදව පළ කළ ග්‍රන්ථයේ අරාබි භාෂාව පිළිබඳව මෙසේ පවසයි. “අරාබි භාෂාව මානව ඉතිහාසයේ සිදු වු ඉතාමත් විශ්මය ජනක සිද්ධියකි. පෞරාණික යුගයේ එතරම් ප්‍රසිද්ධියක් නොතිබු මෙම භාෂාව ඉතා කෙටි කලක්  තුළ අංග  සම්පුර්ණ භාෂාවක් බවට පත් වුණි. ඉන් අනතුරුව දැනෙන ආකාරයේ වෙනස්වීම් කිසිවක් එයට සිදු නොවු අතර එම භාෂාවට ආරම්භක හා පසු අවධිය යැයි වෙන්කර දැක්විය හැකි ස්වභාවයක් නොමැත්තේය. ආරම්භක අවධියේ තිබු අයුරින් නුතනයේදිත් එම භාෂාව දැනෙන ආකාරයේ වෙනස්විමකට භාජනය නොවී පවතින්නේය”.

ඉහත මතය අරාබි භාෂාවට පමණක්ව සුවිශේෂි වු තත්ත්වයකි. අරාබි භාෂාවෙන් පහළ වු කුර්ආනය අවසන් දේව පණිවිඩය වන අතර ලොව අවසන් වන දිනය දක්වා එය ජනයාට කියවා තේරුම් ගැනිමට හැකි ආකාරයට සෑම අයුරකින්ම සකස් වි තිබිය යුතුය. එය ඕනෑම යුගයක කියවා තේරුම් ගැනිමේ ක්‍රියාවලි‍යේ  ප්‍රධානතම සාධකය වන්නේ භාෂාවයි. එහි භාෂාව ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින්නට හෝ ක්‍රමයෙන් මිනිස් භාවිතයෙන් ඉවත් වි මිය ගිය භාෂාවක් බවට පත් වෙමින් තිබෙන්නක් නම් කුර්ආනයේ මුලික හා ප්‍රධානතම පරමාර්ථය පරාජයට පත් වන්නේය. එය වෙනස්විමට භාජනය විමේ  ස්වභාවයෙන් සුරක්ෂිත කිරිමේ දේව මුද්‍රාව එම භාෂාවට ලැබි ඇති බව ඉහත විස්තරයෙන් දැක්වෙන ප්‍රධාන සාධකයයි. භාෂා පිළිබද විද්වතුන්ගේ මතය වන්නේ  ලොව කිසිම භාෂාවන් එලෙසම අවුරුදු 500 කට වඩා නොපවතින බවයි. විලියම් ශේක්ෂිපියර් (1564-1616) ‍ශ්‍රේෂ්ඨ ඉංග්‍රිසි සාහිත්‍යධරයෙකි. නමුත් ඔහුගේ මුල් කෘතින් කියවා අවබෝධ කර ගැනිමට එම යුගයේ ඉංග්‍රිසි නුතනයේ භාවිතාවන ඉංග්‍රිසිවලට අර්ථ සපයන ශබ්දකෝෂකින්  තොරව කළ හැක්කක් නොවේ. ඉංග්‍රිසි කාව්‍යකරණයේ පියා ලෙස හැදින්වෙන වික්ටර් චෝසර් (Victor Chaucer 1342-1400)  සම්බන්ධයෙන්ද පවසන්නට ඇත්තේ එම අදහසමය. අරාබි ලෝකයේ විවිධ සමාජයිය  හා  දේශපාලන කැළඹිම් හා වෙනස් කම් සිදු වු නමුත් කුර්ආන් පහළ කරන ලද කාලයේ  තිබු අයුරින් අරාබි භාෂාව අදත් පවති. මුහම්මද් තුමාට (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා)  කුර්ආනය පහළ වුයේ අසාමාන්‍ය උල්පතකින් බව මෙය අනිවාර්යෙන්ම තහවුරු කරයි. ගතවු වසර 1400ක ඉතිහාසය දෙස බලන ඕනෑම අයෙකුට කුර්ආනයේ ආශ්චර්යමත් ස්වභාවය හදුනා ගත හැකිවේ. අරාබි භාෂාවේ උත්තරිතරවූ සාහිත්‍යයට හිමිකම් කිමට හා අති අලංකාර භාෂා හැසිර විමක් මෙම අද්විතිය හා අසමසම ග්‍රන්ථයට හිමි වි ඇත. මෙලෙස අල්කුර්ආනයේ භාෂාව සදා ජිවමාන එකක් වි තිබිමම එහි අසාමාන්‍යකම හා ප්‍රතිහාර්ය ස්වභාවය විදහා දක්වන්නකි.

Leave a Reply

Your email address will not be published.