ආගම යල්පැන ගිය දෙයක්ද? – 02

මේ විශ්වයේ හා ජීවිතයේ රහස් මිනිසාට හඳුන්වාදීම පමණක් විද්‍යාවෙන් කළ හැකි දේයයි ප්‍රමුඛ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මිනිසා විද්‍යාව විසින් සොයා ගත් ඒවා පමණක් සත්‍යය. අනෙක් ඒවා හිස්ය. එහෙත්, එබඳු මෙබඳු ප්‍රකාශයක් කිරීමේ දී ඔවුහු, විද්‍යාවේ බුද්ධිමත් හා ආකර්ශනීය වාර්තා ඇතිවත් එය තවම ළදරු අවස්ථාවේය යන කරුණ අමතක කරති. එසේම බොහෝ දේ පිළිබඳ සත්‍යතාව හෝ අසත්‍යතාව ගැන සුළු අනවශ්‍ය සමීක‍ෂණයක් කරනවාට වඩා සත්‍යයේ ගැඹුරට යාමට එයට නුපුළුවන් බව කීමට හැමදාම පසුබට වෙති. එහෙත්, විද්‍යාවේ අනුගාමිකයන් තවමත් කෑගසා බලධාරි ලෙස අපට කියන්නේ මනුෂ්‍ය ආත්මය තරම් වටිනා දෙයක් තවත් නැත කියා ය. සංවේදන ඉන්ද්‍රියයන්ගේ සීමාවන්ට මැදි වූ මිනිසාට අඥානය සමග සම්බන්ධතාවක් ඇති කරගත හැකිය. දුරඥානය මගින් හෝ සිහින මගින් එයට බැල්මක් හෙළිය හැකිය යන්න ඔවුහු ප්‍රතිෙක‍ෂ්ප කරති.

ඔවුන් ඒවා ප්‍රතිෙක‍ෂ්ප කරන්නේ ඒවා හුදු මායාවන් බව ඔප්පු කිරීම නිසා නොවේ. මනුෂ්‍ය සංඥානයේ ක්ෂේත්‍රය ඉක්මවා ගිය යම් කිසි දෙයක් දෙවියන් වහන්සේගේ සන්තෝෂයට හේතු වන හෙයින් හා ප්‍රමාණවත් නොවන උපකරණ සහිත ප්‍රායෝගික විද්‍යාව එහි රහස එළිදරවු කිරීමට අපොහොසත් හෙයින් ය. මිනිසාගේ පරීක‍ෂණයට විෂය නොවන දෙයක් වූ මෙය මෙම මහත්වරුන් එදෙසට හැරවීමට ශක්තිමත් වෙයි. ඔවුන්ගෙන් සමහරු මනුෂ්‍ය ආත්මය හා සමාන දෙයක් තවත් නැතැයි ලෝකයාට කීමට උනන්දු වෙති.

අද මිනිසා පෙළෙන —ප්‍රබුද්ධ අඥානය˜ එබඳුය. මෙම —විද්‍යාත්මක˜ මකුළු දැල් පිස දැමීමටත් ඈත අතීතයෙන් උරුම වූ මානසික දුර්වලතාවන් නැති කර දැමීමටත් ඉස්ලාම් ආගමේ අවශ්‍යතාව ගැන සිතමින් මිනිසා දුකින් දවසරින අයුරු මෙයින් පෙනේ. මිනිසාගේ අඥාන බව පෙන්නුම් කරන පිළිම වන්දනාව පැරණි ක්‍රමයයි. විද්‍යාභිවාදය එහි නවීනතම අර්ථයයි. මිනසත් බවේ සාධකය හා භාරය නිදහස් කරගැනීම පිණිස මේ දෙවැදෑරුම් අවශ්‍යතාවන් නැතිකර දැමිය යුතු වෙයි. මෙම කාර්ය සාධනයේ දී මනුෂ්‍යත්වයට ඇති එකම බලාපොරොත්තුව ඉස්ලාම් ආගමයි. ආගම හා විද්‍යාව අතර සාමය රඳවා ගත හැක්කේත්, (සාමය නැති කර ගත් ආපදාපන්න වර්තමාන ලෝකයට ඒවා නැවත ලබාදිය හැක්කේත්) මිනිස් සාධනය හා අන්තඥානය අතරත්, මිනිසාගේ ඥානයට ඇති ආශාව හා දෙවියන් වහන්සේ කෙරෙහි ආශාව අතරත් සමනය කළ නොහැකි විරුද්ධතාවක් ඇති කරමින්, අපරදිග ජීවිතය කෙරෙහි පවත්නා නොගැළපෙන ආකල්ප මගින් සාමය හා සමාදානය නැති කර ගත් ආපදාපන්න වර්තමාන ලෝකයට ඒවා නැවත ලබා දිය හැක්කේත් ඉස්ලාම් ආගමට පමණකි.

ඓතිහාසික වශයෙන් වර්තමාන යුරෝපීය ශිෂ්ටාචාරය රෝම අධිරාජ්‍යය විසින් වර්තමාන යුරෝපයට උරුම කොට දුන්නා වූ ද එකකි. මෙම ග්‍රීක ශිෂ්ටාචාරයෙන් මිනිසා ඔහුගේ දෙවියන්ගේ සම්බන්ධතාව අන්‍යෝන්‍ය විරුද්ධතාවයක් හැටියටත් ස්ත්‍රිය ද්වේශයක් හැටියටත් දක්නට ලැබේ. මානුෂික ප්‍රයත්නයේ රහස් මෙබඳුය. එසේ නැතහොත්, මිනිසාට මෙලොවදී අත ගැසීමට සිදු වන හොඳ දේවල් තහනම් කරන හා හැකි නම් ආපසු ගන්නා මේ නිෂප්‍රයෝජනවත් හා ඊර්ෂ්‍යාකාරි දෙවිවරුන්ගෙන් ඈතට පැන යාමට කරන උත්සාහයක් සේ පෙනේ. මේ අයුරින් බලන විට, මිනිසාගේ විද්‍යාත්මක සොයාගැනීම් වනාහී තමාට එබඳු දේවල් කිරීමට තරහවෙන් ඉඩ නොදෙන දෙවියන්ගෙන් පළිගැනීම පිණිස ලැබූ ජයග්‍රහණවලට වෙනත් නමකි.

වර්තමාන බටහිර වැසියාගේ යටිහිත ආක්‍රමණ කොටගෙන සිටින්නේ මෙම ග්‍රීක සංස්කෘතියේ විනාශකාරි ප්‍රවේගය මිස අනෙකක් නොවේ. කරුණු පිළිබඳ අර්ථ නිරූපණයේ දී සමහර විට මෙය පැහැදිළි වේ. භෞතික අංශයෙන් මිනිසා ලබා ඇති ජයග්‍රහණ, ස්වභාව ධර්මය තමන් වෙත නම්මා ගත් කිසියම් උසස් ගුණ බලයක් වෙතින් ලබා ගත් අනර්ඝ වේගයක් ලෙසින් වර්තමාන අපරදිග නම් කරන්නේ අත ග්‍රීක ප්‍රවේගය නිසා ය. වර්තමාන අපරදිග දෙවියන් වහන්සේ කෙරෙහි දක්වන ආකල්පය මෙබඳු යයි දැන ගත යුතුය. අපරදිග කියන හැටියට, මිනිසාට දෙවියන් වහන්සේ ඉදිරියේ මුනින් වැටීමට සිදුවන්නේ මිනිසාගේ ම දුර්වලතාව පිළිබඳ හැඟීම නිසාය. එහෙත්, විද්‍යාවේ විවිධ ක්ෂේත්‍රයන්හි මිනිසා ඉදිරියට තබන සෑම පියවරක් ම ඔහු ජීවිතයේ උසස් තැනකට පත් කරයි. ඔහු දේවත්වයේ කිට්ටුවට ගෙන එයි. අවසානයේ දී ඔහු ජීවිතයේ සියලූම රහස් හෙළිදරවු කොට ජීවිතයද මවයි. මෙය නවීන විද්‍යාඥයාගේ පස්සු අදහසකි. මේ අයුරින් දෙවියන් වහන්සේ යයි කියනු ලබන තැනැත්තාගේ තත්තවයට පැමිණෙයි. එවිට ඔහු අදෘෂ්ට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තව දුරටත් මුනින් වැටීමට නොසිතන්නේ ය. කුමක් නිසාද? ඔහු දෙවියන් වහන්සේගේ තත්ත්වයට නැග ඇති බැවිනි.

වර්තමාන අපරදිග අප පෙළෙන ඉතා භයානක ව්‍යාධිය මෙයයි. එය මුළු ජීවිතයටම විෂ පොවා ඇත. මනුෂ්‍යත්වය ඉරා වෙන්කොට, එක් කොටසක් අනෙක් කොටසට විරුද්ධව තබා ඇත. සාමය, සමාදානය හා සැනසීම දුර්ලභ ධර්ම බවට පත්වී ඇත. එහෙත්, අවසාන බලා පොරොත්තුවක් ඇත. ඒ ඉස්ලාම් ආගමයි. මනුෂ්‍යත්වය දෙවියන් වහන්සේ යන වචනය දෙසට හරවමු. අදේවක අපරදිග විසින් ඇතිකරන ලද විනාශයෙන් මනුෂ්‍යත්වය මුදවා ගත හැක්කේ දෙවියන් වහන්සේට පමණක් බැවිනි. ඒ නිසා, ලබා ගන්නා කවර හෝ දැනුමක්, ද්‍රව්‍යයක්, හෝ තමා විඳින ආධ්‍යාත්මික ලාභයක් හෝ ඇත්ත වශයෙන් ම දෙවියන් වහන්සේ විසින් දෙන ලද පරිත්‍යාගයෙකැයි කියා ඉස්ලාම් ආගම මිනිසාට සුන්දර පෙනුමක්ද ලබා දෙයි. එසේ ලත් දැනුම මනුෂ්‍ය වර්ගයාට සේවය පිණිස යොදවන තාක් දෙවියන් වහන්සේ මිනිසා සමග සතුටු වන සේක. ඉස්ලාම් ආගම පවසන දෙවියන් වහන්සේ කිසි විටෙක තම යටත් වැසියන් තුළ පවත්නා දැනුම ලබා ගැනීමේ අභිලාෂයට විරුද්ධ නොවන සේක. ඔවුන් තමන් වහන්සේගේ බලධාරීත්වයට අභියෝග කරනු ඇතැයි කියා හෝ තමන් වහන්සේ අභිභවනවය කරනු ඇතැයි කියා හෝ බියක් උන් වහන්සේ තුළ නැත. මිනිසා තම විද්‍යාත්මක දැනුම අනිසි ලෙස යෙදුවහොත්, අන්‍යයන් පෙළීම පිණිස ආයුධයක් ලෙස යොදා ගත හොත්, එසේ නැත්නම් තම අනුගාමිකයන් ආක්‍රමණය කිරීමට යොදාගත හොත් පමණක් දෙවියන් වහන්සේ කෝපයට පත් වන සේක.

මේ අයුරින් ඉස්ලාම් ආගම සාමය හා සමාදානය ඇති කරන්නේ පමණක් නොව, මනුෂ්‍ය වර්ගයා දුෂ්ට භාවයෙන් හා මර්දනයෙන් මුදා ගන්නේය. මෙයට අවුරුදු එක් දහස් හාරසියකට පෙර ඉස්ලාම් ආගම බොරු දෙවිවරුන්ගෙන් ලෝකය නිදහස් කළ අවස්ථාවේ පැවැති අදහසට වඩා හොඳ අදහසක් සමකාලීන ලෝකය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් නොකරයි. දස ලක‍ෂ ගණන් වැඩ කරන ජනතාවගේ ලේ උරා බොමින්, ඔවුන් මර්දනය කරමින්, ඔවුන්ගේ අහිංසකත්වය හා අවාසනාවන්ත භාවය දඩමීමා කරගෙන මුදල් උපයමින්, දුෂ්ටභාවය, හිතුවක්කාර රජවරුන්ගේ වේශයෙන් ද, දඩබ්බර කැරළි නායකයන්ගේ වේශයෙන් ද හිත්පිත් නැති ධනපතීන්ගේ වේශයෙන් ද, පිටරටවල පැතිරෙමින් පවති. මේ අතර තවත් පන්තියක පිරිසත්, තුවක්කුවෙන් හා කඩුවෙන් පාලනය කරමින් ද, මිනිසාගේ නිදහස නැති කරමින් ද, තමන් කි්‍රයා කරන්නේ මහජනයාගේ, එසේ නැත්නම් නිර්ධන පන්තියේ කැමැත්තට අනූවයයි කියමින් ද කි්‍රයා කරති.

ඉස්ලාම් ආගම මනුෂ්‍ය වර්ගයා මෙම සියලූම යදම්වලින් මුදා ගත්තේ ය යන පිළිගැනීම ගැන සමහර පාඨකයන් මෙසේ ප්‍රශ්න කරනු ඇත. එසේ නම්, ඇතැම් මුස්ලිම් ඉස්ලාම් ආගමේ නාමයෙන් තම අනුගාමිකයන් හා අවමානයට පත්කරමින්, නිදහස නැති කරමින් කි්‍රයා කරද්දී, ඉස්ලාම් ආගම එම මර්දනකාරී දුෂ්ට බල වේගයෙන් තම අනුගාමිකයන් නිදහස් නොකරන්නේ මන්ද? එම ඒකාධිපතීන් ඉස්ලාම් ආගම දඩමීමා කොටගෙන තම විජිතයන්හි පවත්වන බලයට වඩා වැඩි බලයකුත් පාලනයකුත් පරීක‍ෂණයකුත් එම විජිත කෙරෙහි ඉස්ලාම් ආගමට ඇති බව එබඳු පාඨකයනට පෙන්නා දීමට අපි කැමැත්තෙමු. දෙවියන් වහන්සේ විසින් ම ප්‍රකාශ කරන ලද පරිදි ඔවුහු මෙම පන්තියට අයති වෙති.

—දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද නීති අනූව යම් කිසිවෙක් පාලනය නොකරත් නම් ඔවුහු දෙවියන් වහන්සේ විශ්වාස නොකරන්නාහු ය.˜ (ශ= අල්කුර්ආනය 5 – 44)

තවද,

—නැත, දෙවියන්ගේ නාමයෙන් ඊට දිය යුතු පිළිතුර —නැත˜ යන්නය. ඔවුනතර මත භේදයකට තුඩු දුන් කරුණු විෂයෙහි විසඳුමක් සැපයීමට ඔවුන් ඔබට අවස්ථාවක් සලස්වා නොදෙන්නේ නම් ද, ඔබගේ විනිශ්චයට අදාළ ව ඔවුන් පටු ආකල්පයක් නොගෙන ඊට සාකල්‍යයෙන් ම අනුකූල නොවන්නේ නම් ද යථාර්ථ වශයෙන් ම ඔවුහු බැතිමත්තු නොවන්නාහු ය.˜ (ශ= කුර්ආනය)

මතු සම්බන්ධයි………

කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ්.
පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන

Leave a Reply

Your email address will not be published.