වෛකල්පික සලාතයන් සහ එහි ශ්‍රේෂ්ඨත්වය!-01

මුස්ලිම් සමාජයෙහි බහුතරයක් විසින් වෛකල්පික සලාතයන් නොසැලකිලිමත්ව පැහැර හරීනු ලැබීම දැකගත හැක. වෛකල්පික සලාතයන්හි විශේෂත්වය, එයට ලැබෙන ප්‍රසාදයන් ඉමහත්ය. සලාතය ඉටු කරන බොහෝ සහෝදරවරුන් සලාතයට ප්‍රමාදව පැමිණීම පුරුද්දක් කරගෙන සිටි.

Read more

යහපත ගලා බසින උතුම් ක්‍රියාවන්!

1- ඔබ අල්ලාහ් වෙත සමීප වන්නට මනාපද? ”දාසයා ඔහුගේ දෙවියා (රබ්) වෙත ඉතා සමීපවන අවස්ථාව ඔහු සුජූදයේ නිරතව සිටින අවස්ථාවයි” යනු නබි (ﷺ) තුමානන් පැවසූහ. මූලාශ‍්‍රය: මුස්ලිම්. සුජූද් යනු සලාතය නම් යාඥාව තුළ පෘෂ්ටිය මත නළල තබා කරන යාඥාවයි. 2- ඔබ ස්වර්ගයෙහි මාළිගාවක් ලබාගන්න රිසිද? ”කව්රුන් අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් (දේවස්ථානයක්) තනයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයෙහි මාළිගාවක් තනනු ඇත.” යනුවෙන් නබි (ﷺ) තුමා පැවසූහ. […]

Read more

මුස්ලිම්වරුන් දෙවියන්ට ලංවනවාද? ඈත් වනවාද? (Are Muslims Clinging to God? or staying away?)

අල් කුරානය පහළ වීමෙන් පසු වසර ගණනාවක් යන තුරුම නැමදීම හෝ අනෙකුත් අනිවාර්ය යුතුකම් ස්ථාපනය කොට තිබුනේ නැත. එම කාල වකවානුව තුලදී ප්‍රධාන වශයෙන්ම සිදු කෙරුනේ දෙවියන් කෙරෙහි විශ්වාශය තහවුරු කර ගැනීම පමණි. කෙසේ වෙතත් ඉස්ලාමයේ ආරම්භ කාලයේදී නබිතුමාගේ අනුගාමිකයින් මුහුණ දුන් දුෂ්කරතාවයන් නිසා ඔවුන්ගේ ඊමාන් විශ්වාසය වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි විය. 

Read more

ස්වර්ගයට යතුර – සලාතය (PRAYER – Key to paradise)

නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසියාකාරව ඉටු කිරීමෙන් ශරීරයට මෙන්ම මනසට ශක්තියක් ලැබෙන්නේය. බැටරියක් භාවිතා කරන විට විසර්ජනය වන අකාරයටම මිනිසා එදිනෙදා කටයුතුවල නිරතව සිටින විට දෙවියන් සමග ඇති මතකය හීන වන්නේය. ඒ අනුව සලාතය මගින් අධ්‍යාත්මික ශක්තිය නැවත පුනරාරෝපනය කර ගත හැකිය. 

Read more
1 2 3 4 5 16