මිනිසාගේ ආරම්භය සහ අවසානය කුමක්ද? (What is the beginning and the end of man?)

මිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30).

Read more

අල් කුර්ආනය විද්‍යාවට අභියෝග කරන්නේ කෙසේද? (How does the Qur’an challenge science?)

විශ්වය ගැන හොඳින් දැනගනිමට විද්‍යාව උපකාරී වන්නේය. කෙසේ වෙතත් මිනිසාගේ දැනුම සිමා සහිත බැවින් එය කල හැක්කේ යම් සීමාවකට පමණි. එසේ තිබියදී විශ්වයේ මැවුම්කරු දෙවියන් වන බැවින් විද්‍යාවෙන් සොයා ගත නොහැකි බොහෝ දේවල් කුරානයෙන් විස්තර කරන්නේය.

Read more

ඔබගේ ආගම කුමක් විය යුතුද (What should be your religion)

සෑම මිනිසෙකුටම සහජයෙන්ම ආගම ගැන හැඟීමක් ලැබී තිබේ. එබැවින් ආගම ගැන අමුතුවෙන් අර්ථ දැක්වීමක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් ජීවින් අතුරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන්නේ මිනිසාට අනෙක් ජිවින්ට නොමැති සිතීමේ හැකියාවක් සහ ශරීරයක් ලැබී ඇති නිසාය. එබැවින් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා වන්නේය.

Read more

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම (Drug addiction)

නොයෙකුත් වර්ගයේ මත් ද්‍රව්‍ය විවිධ නම් වලින් ලොව පුරා ව්‍යාප්තවෙමින් ඇත. දැන් දැන් ඒවා පාසල් සිසුන් අතරත් යමින් තිබේ. මේ නිසා අනාගතයේදී රට බාරගැනීමට සිටින තරුණ පිරිස මුහුණ දෙමින් සිටින්නේ විශාල අභියෝගයකටය. එය මැඩලීම සඳහා ගුරුවරුන්, දෙමව්පියන් සහ පුජකවරුන්ට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ. මෙහිදී දෙමව්පියන්ගේ වගකීම ඉතා විශාලය.

Read more
1 2 3 4 5 71