ආරක්ෂාව පතා අල්ඉහ්ලාස් (112), අල්ෆලක් (113), අන්නාස් (114) පරිච්ඡේද පාරායනය කරමු!

මෙම පරිච්ඡේද වල සුවිශේෂත්වයන් පිළිබඳ දැනගනිමු: 1- උක්බතිබ්නු ආමිර් රලියල්ලාහු අන්හු තුමා විස්තර කරයිඃ “මෙම රාත්‍රියෙහි පහළ වූ සමහර පාඨයන් (ඔබට දන්නවාද?) එවැනි (සුවිශේෂිවූ පාඨ) මේ වන තෙක් පහළ වූයේ නැත යනුවෙන් පවසා, එය නම් “කුල් අඌදූ බිරබ්බිල් ෆලක්, කුල් අඌදූ බිරබ්බින්නාස්, පරිච්ඡෙදයන් වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ්‍රයඃ මුස්ලිම් 814).

Read more

කොරෝනා වෛරසය සහ දෙවියන් (Corona virus and God)

මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ කොරෝනා වෛරසයයි. ඇතැම් අය පවසන්නේ එය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ජීව අවියක් බවයි. තවත් සමහරු පවසන්නේ එය දෙවියන් විසින් එවන ලද වෛරසයක් බවයි. කව්රු කෙසේ කීවත් එය දෙවියන්ගේ මැවීමක් බව නම් බැහැර කල නොහැකිය.

Read more

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉස්ලාමිය මඟ පෙන්වීම (Islamic way to protect against corona virus)

ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් කොරෝනා වෛරසයෙන් පමණක් නොව තවත් බොහෝ දේවල් වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රයෝජනවත් වේ. එහෙත් ඒවා ගැන නිසි පරිදි අවබෝධ කර නොගැනීම නිසා මුහුණු ආවරණ වැනි දේවල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව මිට පෙර ඇතැමුන් පෙන්වා දුන්නෝය.

Read more

රජබ් ශුද්ධවූ මාසයයි!

අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනගනිමු. අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හරතකි. එයයි සෘජු දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු”. (අත්තව්බා 9: 36).

Read more
1 2 3 4 16