Q&A

මුස්ලිම් නොවන අයට පල්ලියට ඒමට හැකිද?

සෑම දහමකම එම දහමේ කටයුතු සඳහා ආගමික ස්ථාන පිහිටුවා තිබීම අප පොදුවේ දකින තත්ත්වයකි. නැමදුම් ඉටු කිරීම, ආගමික දේශනා පැවැත්වීම, ආගමික අධ්‍යාපන කටයුතු කරගෙන යෑම මෙන්ම සමාජ හා සංස්කෘතික කටයුතු ඉටු කිරීම වැනි මිනිසාගේ යහපත උදෙසා කරන්නා වූ ක්‍රියාවන් සඳහා මෙම ආගමික ස්ථාන කටයුතු කරන බව අපි දැක ඇත්තෙමු. 

Read more

පිළිම වන්දනාව ඉස්ලාමයේ නොමැති වූවත් මක්කාවේ ඇති දේවස්ථානයට හා එහි ඇති ගලකට නැමදුම් කරන්නේ අයි?

ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස ඔවුන් සලකති. සත්‍යය වශයෙන් ම මුස්ලිම්වරුන් කරනුයේ ඒ දෙසට යොමු […]

Read more

තරඟයට සහභාගිවූ සැමට අල්ලාහ්ගෙන් යහපත ප්‍රාර්ථනා කරමු!

මාස තුනකට පෙර “නබි  (ﷺ) තුමාගේ ජීවිතය” යන පොත් පිංච ඇසුරෙන් තරඟයක් සංවිධානය කළෙමු. එම තරඟයට සහභාගි වූ සියළු සහෝදර, සහෝදරියන්ට අල්ලාහ්ගෙගන් යහපත ප්‍රාර්ථනා කරමු. එසේම නිවැරිදි පිළිතුරු සපයා ජයග්‍රහණය කළ 15 දෙනෙකුට ත්‍යාග පිරිනමන ලදී. නවක මුස්ලිම් වරුන්,  මුස්ලිම්, මුස්ලිම් නොවන සැමෝම තරගයට සහභාගිවීම කැපි පෙණුනි.

Read more

මුස්ලිම් පිරිමින්ට ස්ත්‍රීන් 4ක් විවාහ කරගත හැක. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේ ද?

මනුෂ්‍යය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් ඔවුන් අතරේ ස්ත්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතාවෙන් ප්‍රජනනය සිදුවිය යුතු ව ඇත. සත්ව ලෝකයේ අන් කිසිදු සතෙකු අනුගමනය නොකරන, විවාහය පදනම් කරගෙන මිනිසා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව පවත්වාගෙන යයි.

Read more
1 2 3 4 5 18