“අපි ඔබව මිනිස්වර්ගයාට කරුණාව දැක්වීමට මිස යැව්වේ නැත” (කුරානය 17:107).
මේ නිසා මුහම්මද් නබි තුමා අරාබි භාෂාව කථාකරන සහ අරාබි භාෂාව කතානොකරන සියළු දෙනාටම කරුණාව දක්වන නබිවරයෙකි. එතුමාගේ මග පෙන්වීම ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අනුගමනය කල හැකිය. එතුමා සාමාන්‍ය ජනයා සමග එකම බඳුනේ එකට අතදමා කෑම අනුභව කොට තිබේ. එතුමාගේ ජිවිතාදර්ශය සෑම කෙනෙකුටම ඉතා පහසුවෙන් පිළිපැදිය හැකිය.
අල්ලාහ්ව විශ්වාස කරන සෑම කෙනෙක්ම සහෝදරයින් ලෙස සැලකීම ඉස්ලාම් දහමේ ඇති තවත් විශේෂත්වයකි. මස්ජිදයේ ඉටු කරනු ලබන සාමුහික සලාතයෙන් මේ බව ප්‍රායෝගිකව දැක ගත හැකිය.
ඉස්ලාමයේ උගන්වා ඇති සියළුම නැමදුම් ඉතා සරල ඒවා වන අතර ඒවා බාල තරුණ මහළු සියලු දෙනාට ඉතා පහසුවෙන් ඉටු කල හැකිය. ලෝකයේ කොතැනක සිටියත් සෑම මුස්ලිම්වරයෙකුම එකම දිශාවකට නැමදීම ඉස්ලාම් දහමේ කැපී පෙනෙන ලක්ෂණයකි. තවද සෑම මුස්ලිම්වරයෙකුම නැමදීමේදී අල්කුරණය පමණක් පාරායනය කිරීම ඉස්ලාම් දහමේ ඇති තවත් විශේෂත්වයකි.
ඉස්ලාම් දහමේ නියම කොට ඇති නැමදුම් වලින් මිනිසාගේ ශරීරයට මෙන්ම මනසට ශක්තියක් සහ ශාන්තියක් ලැබෙන්නේය. ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති සලාතය, උපවාසය, සකාත් සහ හජ් වලින් මෙය මනාව දැක ගත හැකිය.
ඉස්ලාම් දහමේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ එමගින් ජිවිතයේ අරමුණ ඉතා සරලව පැහැදිලි කොට තිබීමය. ඒ අනුව පරලොව ජීවිතය ජය ගැනීම සඳහා මෙලොව ජීවිතය සකස් කර ගන්නේ කෙසේදැයි ඉතා අලංකාරව පෙන්වා දී තිබේ.
ඉස්ලාම් දහමේ කුලබේද, වර්ග බේද, උස්පහත් බේද කිසිවක් නොමැති වීම එහි ඇති තවත් විශේෂත්වයකි. ඒ අනුව සියළුම මුස්ලිම්වරු සහෝදරයෝ වෙති.
By Fasy Ajward.B.Sc(special)Hons,