“පවසනු: තමන් විසින්ම තමන්ගේ සීමාව ඉක්මවා (වැරදි කරගත්) මාගේ ගැත්තනි! නුඹලා අල්ලාහ්ගේ දයාව කෙරෙහි විශ්වාසය අත් නොහරිනු! නියතව අල්ලාහ් සියළුම පව් සමා කරන්නාය. ඇත්ත වශයෙන්ම ඔහු අධිකව ක්‍ෂමා කරන්නාද, අසම දයාවන්තයාද වේ” (කුරානය 39:53).
මිනිසා ජිවිත කාලය පුරාම දෙවියන්ව ප්‍රතික්ෂේප කරමින් සිට මරණයට පෙර විශ්වාසවන්තයෙකු බවට පත්වන්නේ නම් ඔහු එතෙක් කල් කල සියළුම පව් සමාකරණ බව නබිතුමා පැවසුවේය. තවද ඔහුගේ එම ක්‍රියාව දැක දෙවියන් අතිශයෙන්ම සතුටට පත්වන බවත් පැවසේ. කෙසේ වෙතත් මිනිසා කොපමණ කාලයක් ජිවත් වනවාදැයි කාට නම් කිව හැකිද?
මිනිසා සත්‍යයෙන් බැහැර වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පාරම්පරික විශ්වාසයන්හි මුල් බැසගෙන සිටීමය. එසේම මිනිසාගේ මමත්වය සහ සාතන්ගේ බලපෑමද ඊට හේතුන් වන්නේය. මේවා හොඳින් තේරුම් ගන්නේ නම් මිනිසාට සත්‍යය තේරුම් ගැනීම එතරම් අපහසු කාර්යයක් වන්නේ නැත.
By Fasy Ajward.B.Sc(Special)Hons.