සෑම කෙනෙක්ම අනිවාර්්‍යයෙන් දැන සිටිය යුතු මූලික කරුණු 03 ක් ඇත ඵනම්:

1- තම දෙවියා පිළිබඳව දැන සිටීම.

2- තම ආගම පිළිබඳව දැන සිටීම.

3- අවසාන දූතවරයා මුහම්මද් නබී (සල්) තුමා පිළිබඳව දැන සිටීම.

සර්ව බලධාරි අල්ලාහ් එ්කීයෙකි, ඔහු මුඵ ලොවම මවා පරිපාලනය කරන්නාය. අපව මවා පෝෂණය කරන්නා, අපගේ මරණයට පසුව විනිශ්චය කරන්නා හා මෙලොව යහතින් තම ජීවිතය ගත කල පුද්ගලයන්ට ස්වර්ගයද අයහපත් ලෙස තම ජීවිතය ගත කල පුද්ගලයන්ට නිරයද සූදානම් කර ඇත්තේ ඔහුමයි. එබැවින් අප යාඥා කළ යුත්තේ පිවිතුරු ලෙස ඔහුටය. මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි:

{وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ لا تَسْجُدُوا لِلشَّمْسِ وَلا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ} سورة فصلت آية: 37

“රාත්‍රියද, දහවලද, සූර්යයාද, චන්ද්‍රයාද දෙවියන් ගැන දැනුම් දිය හැකි- ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය එබැවින් ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වම නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම්, සූර්යයාටද සුජූද් නොකරනු. චන්ද්‍රයාටද සුජූද් නොකරනු මේවා උත්පාදනය කළේ කවුරුන්ද ඔහුටම සුජූද් කරනු  යයිද නබිවරයානනි ඔබ පවසනු මැනව”

මේ අනූව දෙවියා හැර සියඵ දේ ඔහුගේ මැවීම්ය. ඵම දෙවීයාව ඔහුගේ විස්මිත මැවීම් ඔස්සේ අපට හඳුනාගත හැක. ඉර, සඳ, තාරකා, අහස, පොලොව, සාගර, කඳු… මේ සියල්ල ඔහුගේ සමහර මැවීම්ය. ඔහුගේ සුවිශාල මැවීම් තුළින් ඔහුගේ අද්විතීය බලය හා ශක්තිය අපට අවබෝධ කර ගත හැක. ඔහු අන් කිසිවෙක් නොව ඉංග්‍රීසියෙන් ගෝඩ් යනුවෙන්ද, සිංහලෙන් දෙවියා යනුවෙන්ද, දෙමලෙන් කඩවුල් යනුවෙන්ද,  අරාබියෙන් අල්ලාහ් යනුවෙන්ද ආමන්ත්‍රනය කරනු ලබන ඵකම එකම දෙවියාය. පුදනු ලැබීමට එකම සුදුස්සා ඔහු  පමණි, මන්ද ඔහු සියල්ල මවපු නිර්මාතෘවරයාය. ඵසේම වැඳුම් පිඳුම් යනු අප කරන ප්‍රාර්ථනාවන්,  බීයබැතිකම, අවනතවීම, වීශ්වාස කිරීම, පිවිතුරු වේතනා, භාර වීම්, උදවු පැතීම් වැනි දේ උදාහරණ වශයෙන් කිව හැක. සත්‍ය දෙවියන් අල්ලාහ් තමන්ට යාඥා කළ යුත්තේ කෙසේද යනුවෙන් අපට අණ කළාද ඒ ආකාරයට ඔහුට යාඥා කරමින් ඔහු උත්කෘෂ්ට කළ යුතුය. එවිට ඔහුගේ පිහිට හා කරුණාව නිරතුරුව අපට හිමිවනු ඇත. ඔහුගේ දහමෙහි පිහිටා ඔහුට අවනතව ක්‍රියා කරමින් අපි ඔහුගේ සැබෑ ගැත්තන් බව තහවුරු කළ යුතුය.

තමා අදහන ආගම. . .
ඔහුගේ ධර්මය ඉස්ලාම් ධර්මයයි ” ඵ් අනූව සෑම පුද්ගලයෙකුම ඉස්ලාම් ධර්මය ගැන දැන සිටීමඅනිවාර්්‍ය වන්නේය. ඉස්ලාම් යනු ඵකම දෙවියාට අවනතවීමය” ඔහු ඒකීයත්වයට පත්කිරීම, ඵවගේම ඔහුට යමක් ආදේශකිරීමෙන් වැලකී සිටීම වන්නේය” ඵය අවස්ථා 03 කින් තහවුරු කළ යුතුය” ඵ්වා නම්:

01 ඉස්ලාම් (අවනතවීම):

                 الإِسْلامِ  وَهُوَ: الاسْتِسْلامُ للهِ بِالتَّوْحِيدِ، وَالانْقِيَادُ لَهُ بِالطَّاعَةِ، وَالْبَرَاءَةُ مِنَ الشِّرْكِ وَأَهْلِهِ

ඵනම් අල්ලාහ් ඵ්කීයත්වයට පත්කරමින් ඔහුට අවනතව කටයුතු කිරීම” ක්‍රියාවට නංවීම මගින් ඵය තහවුරු කිරීම” ඔහුට ආදේශ කිරීමෙන් හා ආදේශ කරන්න්ගෙන් නිර්දෝෂිවීම”

ඵය ප්‍රදාන වශයෙන් අංගයන් 5 කින් සමන්විත වේ:

1- “නැමදීමට සුදුසු ඵකම දෙවියා අල්ලාහ් බවත් මුහම්මද් නබී(සල්)  තුමා ඔහුගේ වක්තෘවරයා බවත් විශ්වාස කිරීම” මෙය පිවිතුරුව පිළිගැනීම තුළින් ඔහු මුස්ලිමෙකු බවට පත්වෙයි.

2- සලාතය ඉටු කිරීම.

3- සකාත් (ශුද්ධකාරක බද්ධ ගෙවීම).

4- උපවාසයේ යෙදීම.

5- හජ් වන්දනාවේ යෙදීම අනෙකුත් වගකීම් වන්නේය.ඵය නබ් වදනකින් මෙසේ පැහැදිලි වෙයි”

عن ابن عمر عن النبي صلى الله عليه و سلم قال بني الاسلام على خمس شهادة أن لا إله إلا الله وإقام الصلاة وإيتاء الزكاة وحج البيت وصوم رمضان أخرجه مسلم

02 අල් ඊමාන් (විශ්වාසය):

الإِيمَانُ وَهُوَ: بِضْعٌ وَسَبْعُونَ شُعْبَةً، فَأَعْلاهَا قَوْلُ لا اله إِلا اللهُ، وَأَدْنَاهَا إِمَاطَةُ الأَذَى عَنِ الطَّرِيقِ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنْ الإِيمَانِ.وَأَرْكَانُهُ سِتَّةٌ: كما فى الحديث (أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ).

විශ්වාසයට ශාඛාවන් හැත්තෑවක් ඇත. ඵයින් අවම කොටස වන්නේ මාර්ගයෙහි මීනිසාට අවහිරව තිබෙන දේ ඉවත්කිරීම වේ” ලැජ්ජා ශීලීත්වයද විශ්වාසයේ ඵක් අංගයකි” ඵ් වගේම ප්‍රදාන වශයෙන් අංගයන් 06ක් විශ්වාස කළ යුතුවේ ඵ්වා පිළිවෙලට:

1 අල්ලාහ් කෙරෙහි.

2 ඔහුගේ දේව දේව දූතවරුන් කෙරෙහි.

3 දේව පුස්තක කෙරෙහි.

4 වක්තෘවරුන් කෙරෙහි.

5 අවසාන දිනය කෙරෙහි.

6 හොඳ හා නරක සියල්ල සිදුවනුයේ දේව නියමය අනූව යනුවෙන් විශ්වාස කිරීමය.

03 අල් ඉහ්සාන් (පිවිතුරු වේතනාව):

الإِحْسَانُ أركانه: وله رُكْنٌ وَاحِدٌ. كما فى الحديث: ( أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِن لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ ).

 මෙය ප්‍රදාන අංගයකින් සමන්විතය ඵය (අල්ලාහ්ව දකිනවාමෙන් නැමදීම, ඔබ ඔහුව නොදැක්කත් ඔහු ඔබව දකිමින් සිටී යන සිතුවිල්ලෙන් ඔහුව නැමදීම” මෙම උසස් චේතනාව ඔහුගේ ක්‍රියාවන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු සිතුවිල්ල ඔහු තුළ ඇති කරයි. එවැන්න්ව අල්ලාහ් ප්‍රිය කරයි. ඵයට පහත සදහන් ශුද්ධවූ අන්කුර්ඇන් වැකිය සාධක ලෙස පවතී” :

: ( إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ )[النحل: 128]

ඵනම්” නියත වශයෙන්ම දෙවියා තමා ඔහුට බිය බැතියෙන් සිටින්නන් හා යහපත කරන්නන් සමග සිටී (අන් නහ්ල් : 128 ).

තමා පිළිපදින අවසාන දූත මුහම්මද් නබී (සල්) තුමා පිළිබදව:

ඵතුමාගේ නම මුහම්මද්ය” ඵතුමාගේ පියාගේ නම අබ්දුල්ලාහ්” ඵතුමාගේ මුත්තාගේ නම අබ්දුල් මුත්තලීබ්, ඵතුමාගේ මී මුත්තාගේ නම හාෂිම්, ඔහු කුරෙයිෂ් කුලයට අයත්ය, ඵය අරාබි කුලයෙන්ය, ඵම කුලය නබි ඉස්මාඊල් (අලෙයි) තුමාගේ පෙලපතෙන් පැවත එන්නේය, නබි ඉස්මාඊල් (අලෙයි) තුමා නබි ඉබ්රාහීම් (අලෙයි) තුමාගේ පුතුණුවන්ය. නබි ඉබ්රාහීම් (අලෙයි) තුමා දෙවීයාට ඉතාමත් කැමති නබි වරයෙක්ය, මුහම්මද් නබි (සල්) තුමා අවුරුදු 63ක් ජීවත් විය. එයින් අවුරුදු 53ක් මක්කා නගරයේද අවුරුදු 10ක් මදීනා නගරයේ විය, ඵතුමා බොහෝ දුක් වේදනා විඳිමීන් ඵකම දෙවියාව වඳිනමෙන් සමාජයට දේශනා කළේය, සමහරු ඵතුමාව පිළිගත් අතර තවත් සමහරු ඵතුමාව පිළිගත්තේ නැත, තමා නබි වරයෙක් යනුවෙන් සමාජයට කියන මෙන් ඵතුමාට දෙවියා නියෝග කළේය.

( قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللّهِ إِلَيْكُمْ جَمِيعاً )[الأعراف: 158]

“මනුෂ්‍යයනි! මම ඔබලා සියල්ලන්ට පහල කරන ලද දේව දූථයා වන්නෙමී යනුවෙන් ඔබ පවසන්න” (සූරා අල් අහ්රාෆ් 7: 158)

ඵ් අනූව ඵතුමා තමාගේ දූථ මෙහෙවර නිසි ලෙස ඉටුකළේය, දෙවියා ඵතුමාව උසස් ගුණාංගයන්ගෙන් හෙබි කෙනෙක් ලෙසද තම සමාජය අපා ගින්නෙන් මුදවන්නට මහන්සි දරණ කාරුණික හදවතක් ඇති දේව දූථයෙක් ලෙස ඵතුමාව වර්ණා කර ඇත. ඵතුමා සමාජයට ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස කාටත් සාධාරණත්වය ඉෂ්ට කළේය, ඵක් අවස්ථාවක ස්ත්‍රීයක් සොරකම් කර අසු විය. ඇය වැදගත් පවුලක වූ නිසා ඇයට සමාව දෙනමෙන් ඵකල වැදගත් අය කල ඉල්ලීමට ඵතුමා දුන් එඩිතර පිලිතුර වූයේ්: මාගේ දියණිය ෆාතිමා හොරකමක් කළද  ඇයගේ අත සිඳීමට පවා මා පසුබට නොවෙමි යනුවෙනි. ඵ්වගේම තමාගේ භාර්්‍යයාවන්ගේ හදවත දිනා තම පවුල් ජීවිතය සතුටින් ගෙවූ ආදරවන්ත සැමීයෙක් විය. ඵතුමා තමාගේ වචන වලින් සඳහන් කරන විට:

قوله صلى الله عليه وسلم : ( خَيْرُكُمْ خَيْرُكُمْ لأَهْلِهِ وَأَنَا خَيْرُكُمْ لأَهْلِي ) رواه الترمذي (3895) وابن ماجه (1977)

“ඔබලාගෙන් යහපත් පුද්ගලයා ඔබලාගේ ස්ත්‍රීන්ට (භාර්්‍යයාවන්ට) යහපත් පුද්ගලයාය” (මූලාශ්‍ර: තිර්මීදි, ඉබ්නු මාජා)

ඵතුමා දෙවියාට බිය බැතියෙන් යුතුව යාඥා කරන ගැත්තෙක් විය. කුඩා දරුවන්ට සෙනෙහස දැක්විය. අයුක්තියට එරෙහිව සටන් මෙහෙයවා බොහෝ සටන් ජයග්‍රහණය කළ වීරෝදාර නායකයකු විය. ඵතුමා කිසි විටක කිසිවෙකුට පහත්කොට තැකුවේ නැත. කඵ සුදු, දුප්පත් පොහොසත් යනි කිසිදු භේදයකින් තොර සියල්ලන්ට සමානව සැළකුවේය. එතුමන් ගත කළ ආදර්ශමත් ජීවිතය තුළින් එතුමන් අල්ලාහ්ගේ දූතවරයා බව මොනවට ඔප්පු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *