අපේ පණිවුඩය!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් හිමිවන්නේ විශ්වයේ පාලකයා හා පෝෂකයා සර්ව බල සම්පන්න අල්ලාහ් වෙතයි. ඔහුගේ කරුණාව හා දයාව මෙලොවට අවසන් දූතවරයා වශයෙන් අවතීර්ණවූ මුහම්මද් (සල්) තුමන් වෙත ද එතුමන්ගේ පවුලේ ඥාතීන්, අනුගාමික මිතුරන්, අවසන් දිනය තෙක් එම මග ඔස්සේ පිය මනින සියල්ලන් වෙත ද හිමිවේවා.

ශුද්ධවූ අල්කුර්ආනය මුළු ලොව වාසි ජනතාවම අමතා කරන ප‍්‍රකාශයයි මේ:

“මිනිසුනි! අපි ඔබව එක් පුරුෂයකුගෙන් හා කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු. පසුව ඔබ එකිනෙකා හඳුනා ගැනීම පිණිස ඔබව සමාජ හා ගෝත‍්‍ර බවට පත්කළෙමු. සැබවින්ම ඔබගේ පරමාධිපති ඉදිරියේ ඔබලා අතුරින් වඩාත් ශ්‍රේෂ්ඨවන්තයා වන්නේ දේව බිය බැතියාය. නියතයෙන්ම සියල්ල පිළිබඳ ඥානය හා දැනුම අල්ලාහ් සතුය.” (ශු අල්කුර්ආනය 49: 13).

මිනිසුන් කුමන භාෂාව කථා කළද, කුමන කුලයට ජාතියට අයත් වූවද, කුමන වර්ණයෙන් යුතු වූවද, කුමන ආගම නියෝජනය කළද, ඒ සියල්ලන් එක් මවෙකුගේ හා පියෙකුගේ දරුවන් යන වැදගත් පණිවුඩය ශත වර්ෂ 14 පෙරම අල්කුර්ආනය මගින් මානවයාට දෙනු ලැබිනි.

ජාතිය කුලය වර්ණය දේශය භාෂාව පදනම් කොට කිසිවෙකුට උත්තරීතර භවක් හිමි නොවනු ඇත, විශ්ව හිමි ඉදිරියේ කෙනෙකුට ගරුත්වය හිමිවන්නේ ඔහුට අවනතව යහපත් අයුරින් ජීවත්වීම තුළින් පමණි.

ප‍්‍රිය සොයුරු සොයුරියනි! අපේ ප‍්‍රයත්නය:

  • මිනිසා නිර්මාණයන් අභියස වැඳ වැටෙන, මිනිසා මිනිසා ඉදිරියේම වැඳ වැටෙන වහල්භාවයෙන් මුදවා නිර්මාතෘවරයාට පමණක් අවනතව ජීවත්වන නිදහස් පුද්ගලයකු බවට පත්කිරීමයි.
  • තැරැව්කරුවන්ට, අතරමැදියන්ට මුලා නොවී සිය හිමියන් සමග මිනිසාට සෘජු සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේ පහසු මග පෙන්වා දීමයි.
  • ආගමේ නාමයෙන් මිනිසා මුළා කෙරෙන සියළු දොරටු වසා දමමින් මිනිසාගේ හිමියන් විසින් මිනිසාට පිරිනැමූ ස්වභාවිකවූ මග ඔහුට පෙන්වා දීමයි.
  • මිනිසා මවනු ලැබූ සැබෑ අරමුණ ඔහුට පහදා දී දෙලොව ජයග‍්‍රහණය උදෙසාවූ මං මාවත් ඔහු වෙනුවෙනු විවර කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *