රමළාන් සමය තුළ අපි විවිධ යාඥාවන්හි නියැලෙමින් ලබාගත් පන්නරය අති මහත්ය. ඒ අතුරින් අපේ කට ප‍්‍රවේසම් කරගැනීමටත් මනා අභ්‍යාසයක් ලැබෙයි. එයට පහත සඳහන් ප‍්‍රකාශයන් කදිම නිදසුනකි:
”කවුරුන් අසත්‍ය කථා කිරීමෙන්, අසත්‍ය ලෙස හැසිරීමෙන් වැළකි නොසිටීද ඔහු පිපාසයෙන් හා නිරාහාරව සිටීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: බුහාරි).
”ඔබ උපවාසයෙන් පසුවන විට කෙනෙකු ඔබට බැණ වදී නම්, නැතහොත් ඔබත් සමග සණ්ඩු සරුවල් වෙයි නම්, මා උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පවසන්න.” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. (මූලාශ‍්‍රය: බුහාරි, මුස්ලිම්).
රමළාන් සමය තුළින් ලැබුනු මෙම අභ්‍යාසය අඛණ්ඩව අපි පවත්වාගත යුතුය.
ශුද්ධවූ අල්කුර්ආනය විශ්වාසවන්තයින්ගේ ගුණාංගයන් පිළිබඳ පවසන විට මෙසේ පවසයි:
”ඔවුන් අනවශ්‍ය දේ ශ‍්‍රවණය කළ විට එය පිළිකුල් කරන අතර අපගේ කි‍්‍රයාවන් අපට ඔබ කරන දේ ඔබට, ඔබට සාමය අපි අඥාන වන්තයින් ප‍්‍රිය නොකරමු යනුවෙන් ඔවුන් පවසති.” (ශු අල්කුර්ආනය 28: 55).්
”පරම දයාළු (අල්ලාහ්ගේ) දාසයන් මහ පොළොව මත ගමන් කරන විට යටහත් පහත්ව ගමන් කරති, ඔවුන් අඥානයින් හමුවූ විට ඔබට සාමය (සලාම්) යනුවෙන් පවසා (ඔවුන්ගෙන් ඈත්වී යති)” (ශු අල්කුර්ආන් 25: 63).
”තවද ඔවුන් අසත්‍ය වෙනුවෙන් සාක්‍ෂි නොදෙන අතර, අනවශ්‍ය දේ දකින විට ගෞරවාන්විතව එය මග හරිති” (ශු අල්කුර්ආනය 25: 72).
සැබෑවූ අල්ලාහ්ගේ දාසයා අඥානව නොහැසිරෙන අතර, එවැනි චරිත හමුවූ විට පවා එම ගනයට නොවැටී ඥානාන්විතව ඔවුන් මගහරින බව ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරු වෙයි.
විශ්වාසවන්තයින් සැම විටම තමන් කරන, කියන සියල්ල සටහන්වෙමින් පවතින බව අමතක නොකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය එම කාරණය මෙසේ සඳහන් කරයි: ”සැබවින්ම ඔබ වෙනුවෙන් ආරක්‍ෂකයින් පත් කොට ඇත. (ඔවුන්) ගෞරවාන්විත සටහන් කරුවන් වේ. ඔබ කරන දේ ඔවුන් දන්නේය.” (ශු අල්කුර්ආනය 82: 10-12).
”ඔවුන් කථා කරන වචනයක්වූව ද එය සටහන්වෙමින් පවති.” (ශු අල්කුර්ආනය 50: 18).
”කුමක් පිළිබඳ ඔබට නිසි (ඥානයක්) නොපවතීද එය පසුපස ලූහු බැඳීමෙන් වළකින්න. සැබවින්ම (විනිශ්ච දිනයෙහි) දෙසවන්, දෙනෙත්, සිත මේ සියල්ලෙහි කි‍්‍රයා කාරකම් පිළිබඳ ප‍්‍රශ්න කරනු ලබයි” (ශු අල්කුර්ආනය 17: 36).
”තවද (සටහන්) පොත (ඔවුන් ඉදිරියේ) තබනු ලබයි. එහි සටහන් දේ පිළිබඳව වැරදිකරුවන් දෙගිඩියාවකින් සිටීම ඔබ දකින්නේය. තවද ඔවුන් අපට අත්වූ පාඩුව! මෙම සටහන් පොතට සිදුවූයේ කුමක්ද? කිසිම සුළු දෙයක් හෝ ලොකු දෙයක් මග හැරී නැත යනුවෙන් පවසති. ඔවුන් කළ සියල්ල ඔවුන් ඉදිරියේ තැබීම ඔවුන් දකින්නේය. ඔබලාගේ හිමියන් කිසිවෙකුට අසාධාරයක් නොකරනු ඇත.” (ශු අල්කුර්ආනය 18: 49).
”සෑම කෙනෙකුගේම කී‍්‍රයාවන් හි සටහන ඔවුන්ගේ ගෙළ (වටේ) එල්ලා ඇත්තෙමු. විනිශ්ච දිනයෙහි ඔහු වෙනුවෙන් සටහන් පොතක් පිටත් කරමු – විවෘතව ඔහු එය ලබාගන්නේය.
“ඔබේ සටහන් පොත ඔබම කියවා ඔබේ ආත්මයට එරෙහිව ඔබම විනිශ්චය කරගනු (යනුවෙන් අපි පවසමු).” (ශු අල්කුර්ආනය 17: 13, 14).
කට ප‍්‍රවේසම් කිරීමට ලැබෙන ප‍්‍රසාදය ස්වර්ගයයි:
”කවුරුන් තම කට හා ලිංගාශි‍්‍රත පෙදේස රැකගන්නා බව පොරොන්දු වෙයිද ඔහුට මා ස්වර්ගය ලබාදීමේ වගකීම බාරගනිමි” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: සහ්ල් ඉබ්නු සඃද් (රලි), මූලාශ‍්‍රය: බුහාරි).
කට ප‍්‍රවේසම් නොකිරීමේ අනිටු විපාකය නිරයයි:
”වරක් පුද්ගලයකු නබි (ﷺ) තුමන් වෙත පැමිණ ජනයා බහුල වශයෙන් ස්වර්ගයට ප‍්‍රවිශ්ට කරවන්නේ කුමක්දැයි විමසා සිටියේය. එයට එතුමන් ”බිය බැතිකම හා යහපත් ගුණාංග” යනුවෙන් පිළිතුරු දුන්හ. ජනයා බහුල වශයෙන් නිරයට ප‍්‍රවිශ්ට කරවන්නේ කුමක්දැයි යළි ඔහු විමසා සිටියේය. එයට එතුමන් ”කට හා ලිංගාශි‍්‍රත පෙදේස” යනුවෙන් පිළිතුරු දුන්හ (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි), මූලාශ‍්‍රය: තිර්මිදි, මෙම පුවත හසන් යනු ෙෂෙක් අල්බානි (රහ්) තුමාගේ ගේ නිගමනයයිෙ).
සර්ව සම්පන්න අල්ලාහ්ගේ දායාදයන් අතුරින් අපේ සිරුරේ අංගයන් ද ශ්‍රේෂ්ඨ තැනක් උසුලයි. මෙම අංගයන් අපට රිසිසේ උපයෝගි කිරීමට නොහැක. එයට නිසි මගපෙන්වීමක් ඉස්ලාම් ලබාදෙයි. ඉහත ප‍්‍රකාශයන් තුළින් ගම්‍යමාන වන්නේ එයයි. අපේ කට යහපත් දේට හරවමින් උසස් ස්වර්ගයට ද හිමිකම් කිව හැක. අයහපත් දේට හරවමින් අති භයානකවූ නිරයට තල්ලූ වෙන්න ද පුළුවනි. කෙනෙකුගේ කාමුක අවශ්‍යතාවන් ඉටු කරගැනීමට ඉස්ලාම් නිත්‍යානුකූල විවාහයක් තුළින් අවසර ලබාදෙයි. නමුත් වැරදි මාර්ගයකින් එම අවශ්‍යතාවන් ඉටු කරගැනීමට කෙනෙකු වෑයම් කරන විට ඔහුට සිදුවන්නේ කුමක්ද? යනු ඉහත ප‍්‍රකාශ තුළින් තහවුරු කරගත හැක.
තම කට ප‍්‍රවේසම් කරන්නා සැබෑ මුස්ලිම් වේ:
”කවුරුන් තම දෑතින් හා කටින් සෙසු මුස්ලිම්වරුන්ට හිරි හැරයක් නොවෙයි ද ඔහු යි සැබෑ මුස්ලිම් වන්නේ” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රලි), මූලාශ‍්‍රය: බුහාරි, මුස්ලිම්).
ඉස්ලාමීය මූලික ප‍්‍රතිපත්තීන්, ඉස්ලාමීය යාඥා ක‍්‍රම කෙරෙහි කෙනෙකු කෙතරම් ලොකු මූලිකත්වයක් ලබාදෙයිද එයට නොදෙවැනි ස්ථානයක් සහෝදර මුස්ලිමෙකු වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් කෙරෙහි ද ලබා දිය යුතුයි.
අන් සහෝදරයාට අපි පිහිටවීමට අපොහොසත් වූවත් අවම වශයෙන් ඔවුන්ට හිංසාවන්, පීඩාවන් කිරීමෙන් අපව ආරක්‍ෂා කරගත යුතුයි. සැබෑ මුස්ලිමෙකුට නබි (ﷺ) තුමන් දුන් අර්ථ කථනය කුමක්ද? යනු ඉහත ප‍්‍රකාශයෙන් මොනවට තහවුරු වෙයි. එය අපි හොදින් මනසට ගෙන ක‍්‍රියා කිරීමට වග බලාගත යුතුයි.
කෙනෙකු අධිකව සැලකිලිමත් විය යුත්තේ දිව සම්බන්ධවයි:
”වරක් සුෆ්යාන් ඉබ්නු අබ්දුල්ලාහ් අස්සකෆී (රලි) නබි (සල්) තුමන්ගෙන්, ශාස්තෘවරයානනි! මාගේ විෂයෙහි ඔබ අධිකව බියවන්නේ කුමක්ද? යනුවෙන් විමසා සිටියේය. එයට එතුමන් තම දිව අල්ලා මෙය සම්බන්ධවයි (අධිකව බියවිය යුත්තේ)” යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ‍්‍රය: තිර්මිදි).
කෙනෙකු සැම විටම අවදියෙන් සිටියෙන් යුතු කාරණාව සම්බන්ධව අලස භාවයෙන් සිටිය යුත්තේ කෙසේද?
කට ප‍්‍රවේසම් කිරීම විශ්වාසවන්තයෙකු සතු ගුණාංගයකි:
”කවුරුන් අල්ලාහ් කෙරෙහි හා අවසන් දිනය කෙරෙහි විශ්වාසය තබයිද ඔහු යහපත කථා කළ යුතුයි නැතහොත් නිහඬව සිටිය යුතුයි. කවුරුන් අල්ලාහ් කෙරෙහි හා අවසන් දිනය කෙරෙහි විශ්වාසය තබයිද ඔහු තම අසල් වැසියාට සෙතක් විය යුතුයි. කවුරුන් අල්ලාහ් කෙරෙහි හා අවසන් දිනය කෙරෙහි විශ්වාසය තබයිද ඔහු ආගන්තුක සත්කාර කළ යුතුයි.” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්).
සකස් කිරීම: අබූ අස්මා
www.yayuthumaga.com