عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، رَضِيَ اللَّهُ عَنْهُمَا ، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ : الظُّلْمُ ظُلُمَاتٌ يَوْمَ الْقِيَامَةِ
“මතු දිනයෙහි අන්ධකාරය විවිධ වූ අන්ධකාර (ස්ථර) වශයෙන් දිස් වෙයි යනුවෙන්” නබි (ﷺ) තුමන් පැවසූහ. විස්තර කරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්. මූලාශ්‍රය: මුස්ලිම් 2447).
පදයෙන් පදය අර්ථය:
الظُّلْمُ |
ظُلُمَاتٌ |
يَوْمَ |
الْقِيَامَةِ |
අන්ධකාරය | විවිධ වූ අන්ධකාර | දිනය | මතු (එලොව) |
වාර්තා කරු පිළිබද:
මක්කාවෙහි කුරෙයිෂ් කුලයට අයත් බනු අදියි ගෝත්‍රෙයහි උපත ලැබූ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්, නබි (ﷺ) තුමන්ගේ ශ්‍රේෂ්ඨ මිතුරෙකු විය. තම පියා සමග ඉස්ලාම් දහම වැළදගෙන පියාට පෙරම මදීනාව බලා හිජ්රත් කළහ. කන්දක් සටනින් පසු සිදුවූ සියළු සටන්වල එතුමන් සහභාගිවූහ. ඊජිප්තුව, සිරියාව, ඉරාකය, බසරාව, පර්සියාව යන දැවැන්ත ඉස්ලාමීය ජයහග්‍රහණයන්හි එතුමන්ගේ දායකත්වය ඉතා ප්‍රශංසනීයය. නබි (ﷺ) තුමන්ගේ මිතුරන් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨ ආගමික විද්වතෙකු වශයෙන් ප්‍රචලිතව සිටී අතර නබි වදන් 2630 වාර්තා කළ ගෞරවයද එතුමන්ට හිමිය. දේව නැමදුම, බිය බැතිකම, දැහැමි ජීවිතයට මහගු ආදර්ශයක් එතුමන් තුළ පැවතුනි. එතුමන්ගේ 86 වැනි වියෙහි හිජ්රි 73 මක්කාවෙහි අපවත්වූ හ.
නබි වදනිනි උගත යුතු දේ:
1- අල්ලාහ්ට සමානයන් තබන ෂිර්ක් නම් පාපය මතු දිනයෙහි මහත් අන්ධකාරය වේ, එයට මතු දිනයෙහි අල්ලාහ් ඉදිරියෙහි කිසිසේත්ම සමාව නොමැති බව ඔහු පවසයි.
2- අන් අයගේ අයිතීන්, විශේෂයෙන් දෙමාපියන්, අඹු දරුවන්, ලේ ඥාතීන්, අසල් වැසියන්, සේවකයින්, සමාජය අනෙකුත් පාර්ශව මේ සියළු අයගේ අයිතීන් සුරැකිය යුතුය. එසේ නොවන විට එය ඔහුට මතු දිනයෙහි අන්ධකාරය වනු ඇත. ආතතීයට පත් පාර්ශවය සමාව ලබාදෙන තෙක් අල්ලාහ් ඉදිරියෙහි ඔහුට කිසිදු ගැලවීමක් නැත.
3- විනිශ්ච දිනය යනු නීතිය අකුරටම ඉටුවන දිනය වේ, කිසිවෙකුට පරමාණුවක තරම් හෝ අයුක්තියක් නොසිදුවෙයි. මෙලොව ජීවිතය තුළ සිය බලය, තරාතිරම, නිල තල අනිසි ලෙස පාවිච්චි කරන්නන් මතු දිනයෙහි අන්ධකාරයට බිය විය යුතුය. මෙම නබි වදන තුළින් එවැන්නන්ට තදින අවවාද කෙරේ.
By Abu Asma
www.yayuthumaga.com