1- අල්ඉහ්ලාස් නම් පිවිතුරු චේතනාව. ජීවිතයෙහි සියළු ක්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම.
2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම. ඔහුගේ මහඟු බව සිතේ පිරී පැවතීම.
මෙසේ ක්‍රියා කරන විට ශාන්තියේ දොරටු විවෘත වන අතර ඔහුගේ සිත සියළු රෝග වලින් පිවිතුරු වෙයි. මතු දිනයෙහි පිවිතුරු සිතකින් පැමිණුනු උදවිය මිස අල්ලාහ් ඉදිරියෙහි ජයග්‍රහණය නොලබති. අල්ලාහ් කෙරෙහි තෘප්තියට පත් නොවු සිතට පාඩුව මිස වෙන කිසිවක් නැත. ඊර්ෂ්‍යාව, වයිරය, ක්‍රෝදය වැනි භයානක රෝග උපන්නේ අල්ලාහ් කෙරෙහි තෘප්තියට පත්නොවූ සිත් තුළයි.
3- අල්කුර්ආනය මනා අවදානයකින් යුතුව එහි අදහස් සිතට ගෙන පාරායනය කිරීම.
ශුද්ධවූ අල්කුර්ආනය මනසෙහි උපදින සියළු රෝගවලට ප්‍රතිකාරයකි. නිසි අයුරින් එහි අදහස් සිතට ගෙන ඒ අනූව ක්‍රියා කරන විට එය සිතට ඉමහත් ආලෝකයකි.
4- මතු දිනයෙහි මාගේ සියළු ක්‍රියා කලාපයන් අල්ලාහ් ඉදිරියෙහි විනිශ්චයට ලක්වෙයි යන හැගීමෙන් ක්‍රියා කිරීම. තම ගෙවී ගිය ජීවිතය පිළිබඳ සැම විටම ස්වයං පරීක්ෂණයක යෙදීම.
5- චිත්ත පාරිශුද්ධිය සඳහා නිරතුරුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. ශුද්ධවූ අල්කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ඉගැන්වීම් තුළ විවිධ ප්‍රාර්ථනා ඒ වෙනුවෙන් පවති.
6- දාන මාන කිරීම දුප්පතුන්ට අසරණයින්ට පිහිටවීම තුළින් සිත පරිශුද්ධ වෙයි. අල්ලාහ්ගේ මාර්ගයෙහි කෙනෙකු දාන මාන කරන විට ඔහුගේ සිත තුළ උපන පරාර්ථකාමි උසස් හැඟීම තුළින් ඔහුගේ සිත පිවිතුරු වෙයි.
7- ඔබේ සහෝදර මුස්ලිම්ව සිනා මුසු මුහුණින් පිළිගෙන සලාම් පැවසීම. ඔහු වෙනුවෙන් සාමය ප්‍රාර්ථනා කිරීම. සලාම් පැවසීම සහෝදරත්වය සිත තුළ වර්ධනය කරයි. සලාම් යනු හුදු වචන වලට පමණක් සීමා නොවී අවංක සිතින් එය පිටත්විය යුතුය.
8- අන් අයගේ අඩු ලුහුඬුකම් සෙවීමෙන් වැළකි සිටීම. තමන්ට අදාල නොමැති අනවශ්‍යය දෙයින් වැළකි සිටීම.
9- සැම විටම සහෝදර මුස්ලිම්වරුන්ට යහපත ප්‍රිය කිරීම. එය දේව විශ්වාසයේ උසස් ලක්ෂණයකි.
10- කේළම්, ඔ්පා දූපවලට සවන් නොදීම. නබි (සල්) තුමන් පවසා සිටියේ “තම මිතුරන් පිළිබඳව කිසිවක් මට නොපවසන්න ඔවුන්ව පිවිතුරු සිතින් මුණ ගැහෙන්නයි මා ප්‍රිය කරන්නේ” (මූලාශ්‍රය අහ්මද්).
11- චිත්ත පාරිශුද්ධිය සඳහා අඛණ්ඩව ක්‍රියා කිරීම. එයට අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර නිරතුරුව කිරීම.