ඌරු මස් අනුභව කිරීම අල් කුරානයෙන්ද බයිබලයෙන්ද තහනම් කොට ඇත. ඊට ප්‍රධාන හේතුව එම මාංශ නිසා භයානක රෝග ඇතිවීමය. ඌරා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ අසුචි, මුත්‍රා, කිනිතුල්ලා, කුණුවී යන සත්ව මාංසය, පණුවන්, දිරාපත් වන එළවළු ආදිය වේ.
ඌරු මස් සහ මේද විෂ ද්‍රව්‍ය අවශෝෂණය කරගන්නේය. එබැවින් ඌරු මස් හරක් මස්වලට වඩා 30 ගුණයක් පමණ විෂ සහිත වේ.
ඌරු මස් වැළඳීමෙන් බොහෝ රෝග මිනිසාට සම්ප්‍රේෂණය විය හැකිය. උගෙන් ඇතිවන ඇතැම් පණු රෝග නිසා මොලේ උන වැළඳීමට ඉඩ තිබේ. ඒ හැරුණු විට තවත් හැත්තෑවකට වඩා රෝග එමගින් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකිය.
නවීන විද්‍යාවේ දියුණුවත් සමග සුකර මාංශ අනුභව කිරීමෙන් වැළඳෙන රෝග කුමක්දැයි සොයාගෙන ඇතත් කුරානය පහළ වූ හත්වන සිය වසේදී ඒවා ගැන දැනගැනීමට හැකි වුයේ අල් කුරානයෙන් ය. මිනිසාට අහිතරකර සෑම මාංශයක් ගැනම පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.
“ඉබේම මළ දෑ, ලේ, උරුමස්, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් කපනු ලැබූ සතුන් යනාදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අඟින් අනිනු ලැබීමෙන් මළ දෑ, කැලෑ සතුන් සපාකෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත. මේවායින් පණපිටින් තිබෙනු දැක) ක්‍රමානුකුලව නුඹලා කැපු දෑ හැර (අන් දෑ තහනම් කර ඇත). තවද, (පුජා කිරීම සඳහා) සිටවනු ලැබූ දේ මත කපනු ලැබූ දෑ, නුඹලා ඊතල විදීමෙන් නිමිති බැලීමද (තහනම් කරනු ලැබ ඇත). මේවා පාපයන් වේ…..කවරෙකු හෝ පාපය කිරීමේ අදහසක් නොමැතිව, බඩගින්න හේතුවෙන් (තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමට) බල කරනු ලබුවේනම් (ඔහු කෙරෙහි වරද නැත). මක්නිසාද යත්, නියතව අල්ලාහ් අධිකව ක්ෂමා කරන්නාද අසම දයාවන්තයාද වේ”(කුරානය 5:3).
සූකර මාංශ අනුභව කිරීමෙන් දරුණු රෝහ වැළඳීමට අමතරව එහි ඇති මේදය නිසා හෘදාබාද ඇතිවීමේ අවදානම ඉතා අධිකය. තවද සූකර මාංශ නිසා බඩවැල්වල, ගුදමාර්ගයේ, පුරස්ථි ග්‍රන්ථයේ සහ රුධිරයේ පිළිකා ඇතිවීමට තිබෙන අවදානම ඉතා අධිකය.
ඌරාගෙ මාංශවලින් සහ මේදයෙන් ඇතිවන තරබාරුකම නිසා ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම ඉතා අසීරුය. එහි තිබෙන කොලොස්ටරෝල් හේතුවෙන් වෙනත් මෙදයන්ට වඩා වැඩියෙන් රුධිර නාලවල අවහිරතා ඇති විය හැකිය.
සූකර මාංශ නිසා වැළඳෙන පනුහොරි සහ උදරයේ ඇතිවන පිළිකා සුවකළ නොහැකිය. සූකර මාංශ කෑමෙන් පෙනහළුවල බෝවිය හැකි පටිපනුවා ආශ්රිත රෝග මෙන්ම එම මාංශ වල ඇති ශුද්‍ර ජීවීන් හේතුවෙන් වෙනත් ආසාදනයන් ඇතිවන්නේය. මෙහි ඇති භයානකම වන්නේ මීටර 2-3 පමණ දිගැති පටිපනුවන් බෝවිම වේ. මෙම පනුවන්ගේ බිත්තර මිනිස් මොලයට ඇතුල්වීමෙන් හිස්ටිරියාව සහ උමතුව ඇතිවිය හැකිය.
By Fasy Ajward. B.Sc(Special)Hons
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.