උතුම් රමළාන් මාසයට අපි අවතීර්ණ වී සිටිමු. තමන්ගේ එදිනෙදා ජීවිතය, කල්ක්‍රියාව, ආධ්‍යාත්මිකත්වය හා දඃවා කටයුතු යනාදියෙහි පැහැදිලි හා තිරසාර වෙනසක් ඇති කරගෙන, මිනිස් ජීවිතයේ සැබෑ අරමුණ සාක්ෂාත් කරගැනීමේ පුහුණු කාලයක් ලෙස මෙම රමළාන් මාසය පත් කරගත යුතු ය.
මේ අනුව, මෙවර රමළාන් මාසය ප්‍රයෝජනවත් හා අර්ථවත් රමළාන් මාසයක් බවට පත් කරගැනීම පිණිස උපකාරී වන මගපෙන්වීම් කිහිපයක් පහත දක්වමු.
1. රමළාන් මාසයේ මහිමය පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම.
“රමළාන් මාසය උදා වූ විට” ස්වර්ගයේ දොරටු විවර කරනු ලැබේ. නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂෙයිතාන් බැද දමනු ලැබේ.” යැයි දේව දූත මුහම්මද් තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) දේශනා කොට ඇත. (බුහාරි 3277″ මුස්ලිම් 2547).
2. උපවාස ශීලයේ අරමුණ වටහා ගැනීම.
අල්ලාහ් දෙවිඳූන් උපවාස ශීලය අනිවාර්ය කිරීමේ අරමුණ, හුදෙක් කුසගින්නෙන් හා පිපාසයෙන් සිටීම පමණක් නොවේ. එහි අරමුණ වන්නේ තක්වා නමැති ගුණාංගය එනම්: “අල්ලාහ් දෙවිඳාණෝ තමන් කොහි සිටිය ද නිරන්තරයෙන් ම තමන් ව නිරීක්ෂණය කරමින් සිටිති යන හැඟීම” ඇති කරගැනීම වේ.
“කවරෙකු බොරුව හා ඒ හා සම්බන්ධ ක්‍රියා සියල්ල අත්හැර එයින් වැලකී නොසිටින්නේ ද ඔහු ආහාර පාන ගැනීමෙන් වැලකී සිටීමෙහි අල්ලාහ්ට කිසිදූ අවශ්‍යතාවක් නොමැත.” යැයි දේව දූත මුහම්මද්තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) පවසා ඇත. (බුහාරි 1903).
3. උපවාස ශීලයේ නියැලෙන්නා හට අල්ලාහ් දෙවිඳූන් පිරිනමන්නා වූ ආනිශංස පිළිබඳ දැනුම්වත් ව සිටීම.
“කවරෙකු උපවාස ශීලය විශ්වාසයෙන් යුතුව, කුසල් හිමි වේ යන අපේක්ෂාවෙන් ඉටු කරයිද ඔහුගේ පෙර පව්වලට ක්ෂමාව ලැබේ.” යැයි දේව දූත මුහම්මද්තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) පවසා ඇත. (බුහාරි 38, මුස්ලිම් 1817).
4. රමළාන් මාසයේ මහිමයන්ගෙන් පිරි ලයිලතුල් කද්ර් නමැති රාත්‍රියේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම.
“ලයිලතුල් කද්ර් (කීර්තිමත් රාත්‍රිය) මාස දහසකටත් වඩා ශ්‍රේෂ්ඨය.” (අල් කද්ර් පරිච්ඡෙදයඃ 03)
මෙම රාත්‍රිය මිනිස් ජීවිතයේ ඉතා සුවිශේෂි හා වැදගත් කරුණු දෙකක් හා සම්බන්ධ වේ.
• මානව සංහතියේ නිවැරදි මඟ පෙන්වීම වන උතුම් අල් කුර්ආනය පහළ වූ රාත්‍රිය.
• පුද්ගලයෙකුගේ වසරක කාලයක් තුළ සිදූ කරන්නා වූ කටයුතු තීරණය කරන රාත්‍රිය.
5. කියාමුල් ලයිල් හෙවත් රාත්‍රී කාල නැමඳූම කෙරෙහි අවධානය යොමු කිරීම.
“කවරෙකු විශ්වාසයෙන් යුතුව හා කුසල් අපේක්ෂාවෙන්, රමළාන් මාසයේ රාත්‍රී කාල නැමඳූමෙහි නියැලෙන්නේ ද, ඔහුගේ පෙර පව් කමා කරනු ලැබේ.” යැයි දේව දූත මුහම්මද්තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) දේශනා කොට ඇත. (බුහාරි 37, මුස්ලිම් 1815).
“දේව දූත මුහම්මද්තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) රමළාන් හා රමළාන් නොවන කාලයේ රක්අත් 11ට වඩා අධික ව සලාතය ඉටු කර නොමැත. එතුමාණෝ් ඉතා අලංකාර ව හා දීර්ඝ ව සලාතය ඉටු කරති.” (බුහාරි 1147, මුස්ලිම් 73).
“උමර්තුමාණෝ (අල්ලාහ් එතුමා ව පිළිගනිත්වා) ජනතාවට රක්අත් 11ක් සලාතය ඉටු කරවන මෙන් උෙබෙ බින් කඃබ් හා තමීම් අද්දාරිතුමාණන්ට (අල්ලාහ් එතුමන් පිළිගනිත්වා) අණ කළහ.” (අල් මුඅත්තා 519).
තරාවීහ් සලාතය රක්අත් 11ට වැඩියෙන් ඉටු කිරීමේ පිළිවෙත කලීෆාවරුන් සිව්දෙනාගේ කාලයෙන් පසු ව ඇති වූ පිළිවෙතකි.
තව ද” දේව දූත මුහම්මද්තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) විත්ර් සලාතයේ දී රුකූ කිරීමෙන් පසු ව කුනූත් පාරායනය කළ බවට නිවැරදි හදීස්වල කිසිදූ සඳහනක් නොමැත. ඉමාම් මාලික්තුමා (අල්ලාහ් එතුමාට කරුණාව දක්වත්වා) මෙය මදීනාවේ පැවතුණු පිළිවෙතක් නොවන බවට පවසා ඇත්තේ මේ හේතුවෙන් ය. (මුක්තසර් කියාමිල් ලයිල් පිටුව 31).
6. දන් දීමේ ගුණාංගය හා උතුම් අල් කුර්ආනය කියවීම.
“දේව දූත මුහම්මද්තුමාණෝ් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) මිනිසුන් අතුරින් වැඩි වැඩියෙන් දන්දෙන්නෙකු ලෙස සිටියහ. එයිනුත් රමළාන් කාලයේ දී ජිබ්රීල්තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) හමුවන විට, තව තවත් බහුල ව දන්දෙන්නෙකු වශයෙන් සිටියහ. ජිබ්රීල්තුමාණෝ (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) රමළානයේ සෑම රාත්‍රියක ම නබිතුමාණන් ව හමු වී, අල් කුර්ආනය නැවත කියවා පෙන්වති. එනිසා නබිතුමාණෝ (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) වැසි ජලය උසුලාගෙන හමන සුළඟටත් වඩා වැඩියෙන් දන්දෙන්නෙකු ලෙස සිටියහ.” (බුහාරි 6, මුස්ලිම් 6149).
7. පාපක්ෂමාව.
“ඔවුහු (මුඃමීන්වරු) සහර් වේලාවේ දී පාපක්ෂමාව අයදිති.” (අද් දාරියාත් පරිච්ඡේදයඃ18).
8. ඉඃතිකාෆ් හෙවත් කුසල් අපේක්ෂාවෙන් මස්ජිදයේ රැඳී සිටීම.
“දේව දූත මුහම්මද්තුමාණෝ (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) රමළානයේ අවසන් දින දහයේ දී ඉඃතිකාෆ් සිටියහ. එතුමාණෝ (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) මෙලොවින් සමුගත් වර්ෂයේ දින විස්සක් ඉඃතිකාෆ් සිටියහ.” (බුහාරි 2025, 2044).
“මෙලොව තිබෙන සෑම මස්ජිදයක ම ඉඃතිකාෆ් සිටිය හැක.” (අල් බකරා පරිච්ඡේදයඃ187).
මක්කාව, මදීනාව හා බයිතුල් මුකද්දස් යන මස්ජිද් තුනෙහි පමණක් ඉඃතිකාහෆ් සිටිය යුතු ය යන හදීසය දූර්වල හදීසයකි.
9. මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත් වන රටවල්වල, ඒවායේ පිළිගත් ආයතන මගින් නිල වශයෙන් නිකුත් කරන මුල් හඳ දැකීම හා සම්බන්ධ නිවේදන පිළිගෙන කටයුතු කළ යුතු ය. ඒ වගේ ම, මුස්ලිම්වරුන් සුළුතරයක් වශයෙන් ජීවත් වන රටවල්වල, හඳ බැලීමේ කටයුත්ත භාර ව කටයුතු කරන සංවිධානවල නිවේදන පමණක් පිළිගෙන කටයුතු කළ යුතු ය.
“කුමන දවසෙහි ජනයා උපවාස ශීලය අත්හැර, රමළාන් අවුරුද්ද සමරන්නේ ද, එය ඊදූල් ෆිත්ර් (රමළාන් අවුරුදූ) දිනය වේ. කුමන දවසක මිනිසුන් කුර්බාන් ලබා දෙන්නේ ද, එය ඊදූල් අල්හා (කැප කිරීමේ
අවුරුද්ද හෙවත් හජ් අවුරුදූ) දිනය වේ.” යැයි දේව දූත මුහම්මද්තුමාණන් (එතුමාණන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා) දේශනා කොට ඇතැයි ආයිෂා තුමිය (අල්ලාහ් එතුමිය ව පිළිගනිත්වා) වාර්තා කරයි. (තිර්මිදිඃ802-
10. උපවාස ශීලයට අදාළ නීතිරීති පිළිබඳ වැටහීමකින් යුතු ව කටයුතු කිරීම.
උපවාස ශීලයේ ෆර්ල් හෙවත් අනිවාර්ය කරුණු:
• ෆජ්ර් සලාතයේ සිට හිරු බැස යන තෙක් උපවාස ශීලය නිෂ්ඵල කරන කරුණුවලින් ඉවත් ව සිටීම.
• රාත්‍රියේ දී නියියත් (තමන් උපවාසයේ නියැලෙනවා යන අධිෂ්ඨානය) තබා ගැනීම. (මාසය ආරම්භයේ දී ද සම්පූර්ණ උපවාසය සඳහා වන නියියතය තැබිය හැක).
උපවාස ශීලය නිශ්ඵල කරණ කරුණු.
• උවමනාවෙන් ම ආහාර පාන ලබා ගැනීම සහ එලෙස ශක්තිය ලබා දෙන එන්නත් හා සේලයින් භාවිතා කිරීම.
• උවමනාවෙන් ම වමනය ගැනීම.
• අඹුසැමි ඇසුරෙහි නියැලීම.
• කාන්තාවන්ට ඇති වන මාස මාස් ශුද්ධිය හෙවත් හයිල්.
• ශුක්‍රාණු පිට කරගැනීම.
උපවාස ශීලයෙන් බැහැර ව සිටීමට අවසර ලත් උදවිය.
• මගියා (මොහු වෙනත් දවසක එම උපවාසය ඉටු කළ යුතු ය)
• ගර්භණී කාන්තාව හා කිරි දෙන මව
• මහලූ උදවිය
මෙම තිදෙනා ෆිද්යා ලබා දිය යුතු ය. වෙනත් දිනක එම උපවාසය ඉටු කිරීම අවශ්‍ය නොවේ. මෙය ඉබ්නු අබ්බාස් හා ඉබ්නු උමර් (ඔවුන් ව අල්ලාහ් පිළිගනිත්වා) යන සහාබාවරුන්ගේ මතය වේ.
අනිවාර්යයෙන් ම උපවාස ශීලයෙන් බැහැර ව සිටිය යුතු උදවිය.
• මාස ශුද්ධිය හෙවත් හයිල් හා නිෆාස් (දරු ප්‍රසූතියෙන් පසු රුධිරය පිට වන) තත්ත්වයෙන් යුක්ත උදවිය
• ජීවිත අවදානමෙන් පෙළෙන රෝගී උදවිය
• ඉහත සඳහන් කරනු ලැබූ දෙපාර්ශවය ම වෙනත් දිනක උපවාස ශීලයේ නියැලිය යුතු ය.
උපවාස ශීලයේ නියැලී සිටින උදවියට ඉටු කිරීමට අවසර ඇති සමහර ක්‍රියා සහ ඒ හා බැඳි පවතින නීතිරීති.
• ආහාර පාන සඳහා ලූණු රසය බැලීම. (නමුත් එය ගිලීම නොකළ යුතු ය)
• සුවඳ විලවුන් භාවිතය.
• රුධිර පරීක්ෂාව හා ලේ දන් දීම.
• දන්තාලේප භාවිතා කොට දත් මැදීම.
• ඖෂධීය එන්නත් ලබා ගැනීීම.
• ඇඳූම රෝගීන් ආනනකය (ඉන්හෙලර්) භාවිතා කිරීම.
• කෙළ හා සෙම ගිලීම.
• ඇස් හා කන්වලට ඖෂධ බිඳූ දැමීම.
• ඔක්සිජන් භාවිතය.
• මුත්‍රා නාල පරීක්ෂා කිරීම.
• ගුද මාර්ගය හරහා බෙහෙත් ශරීරගත කිරීම.
• දත් ගැලවීම. නමුත් රුධිරය ගිලීමෙන් වැලකී සිටිය යුතු ය.
සහර් ආහාරය ගනිමින් සිටින අවස්ථාවේ දී සුබහ් සලාතය සඳහා අසාන් පවසනු ලැබුවේ නම්, මුඛයේ ඇති ආහාරය පමණක් අනුභව කළ හැක. එය බැහැර කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
යමෙකුට තමන් හට අතපසු වූ උපවාසයක් නැවත ඉටු කිරීම අනිවාර්ය ව තිබී, ඊළඟ රමළානය තෙක් එය ඉටු කිරීමට නොහැකි වුවහොත්, ඔහුට ෆිද්යා දීම අනිවාර්ය නොවේ. නමුත්, ඔහු එම උපවාසය ඉටු කිරීම අනිවාර්ය වේ.
පොදූවේ මුස්ලිම්වරයෙකු මෙම රමළානය, තමන් හා අල්ලාහ් දෙවිඳූන් අතර පවතින බැඳීම තව තවත් තර කරගැනීම පිණිස අනගි අවස්ථාවක් ලෙසත්, පාපිෂ්ට ක්‍රියාවලින් ඉවත් ව සැදැහැවතුන් ලෙස තමන් ව පත් කරගැනීමේ කාල පරාසයක් ලෙසත් සැලකිය යුතු ය.
එබැවින්, බොරු කීම, ඊර්ෂ්‍යාව, වංචාව, කේලම් කීම හා කිසිදූ ප්‍රයෝජනයක් නොමැති කටයුතුවල කාලය මිඩංගු කිරීම වැනි දූර්ගුණ හා පාපිෂ්ට ක්‍රියාවලින් ඉවත්ව, සලාතය ඉටු කිරීම, උතුම් අල් කුර්ආනය කියවීම, පාපක්ෂමාවේ නියැලීම හා සදකා ලබා දීම වැනි යහ ක්‍රියාවල නියැලෙමින්, මෙම රමළානය අර්ථවත් රමළානයක් ලෙස පත් කරගැනීමට අදිටන් කරගනිමු.
By: ආචාර්ය අහ්මද් අශ්රෆ්,
නජ්රාන් විශ්ව විද්‍යාලය – නජ්රානය,
සෞදි අරාබියාව.
www.yayuthumaga.com