අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් අනුමත කොට ඇති සියළුම දේවල් අරාබි බසින් හලාල් යැයි කියනු ලැබේ. අහාර පාන සඳහා පමණක් නොව ජීවිතය පුරා අනුගමනය කල යුතු තවත් බොහෝ දේවල් එමගින් ආවරණය කරන්නේය. එහෙත් මෙහිදී සලකා බලනු ලබන්නේ හලාල් අහාර පාන ගැන පමණි.

කරුණු දෙකක් මත මුස්ලිම්වරු හලාල් දේවල් සොයා යන්නේය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ එය අලාහ්ගේ නියෝගයක් වීමයි. අනෙක් කරුණ වන්නේ හලාල් දේවල් නිරෝගී ජිවිතයක් සඳහා අත්‍යවශ්‍යය සාදකයක් වීමය. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් හලාල් නොවන එනම් හරාම් අහාර ගැන දැනුම් දී ඇත. ෂරියා නීතියෙන් තහනම් කල දේවල් හැරුණු විට අනෙක් සියළුම දේවල් මුස්ලිම්වරුන් සඳහා අනුමතය.
“ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත)” (කුරානය 5:3).
ඉහත ලේඛනයට අමතරව තවත් බොහෝ සත්වයින් නබිතුමා විසින් තහනම් කොට ඇත. ඒ අනුව මාංශ බක්ෂක සතුන් ඇතුළු රාජාලියන් වැනි ඇතැම් පක්ෂීන්ද ඊට අයත් වේ. බුරුවා මාංශ බක්ෂක නොවුනත් එය නබිතුමා විසින් තහනම් කොට ඇත. ෂරියාවෙන් තහනම් කොට ඇති සියළුම දේවල් මිනිස් ශරීරයට අහිතර ය. ඒවා අනුභව කිරීමෙන් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකිය. විශේෂයෙන්ම ජිවියෙකුගේ ශරීරයේ වැඩියෙන්ම ශුද්‍ර ජීවින් තිබෙන්නේ උගේ රුධිරයේය. මේ නිසා සත්වයෙක් ඝාතනය කරන අවස්ථාවේදී එය හැකිතරම් පිටතට වාහනය වීමට සැලැස්විය යුතුය. එම හේතුවෙන් මුස්ලිම්වරයෙකු අනුභව කල යුත්තේ ඉස්ලාමිය ක්‍රමය අනුව අලාහ්ගේ නාමයෙන් මුස්ලිම්වරයෙකු විසින්ම ඝාතනය කරන ලද මාංශ පමණි.
උරා යැපෙන්නේ ප්‍රධාන වශයෙන් අසුචි මතය. එබැවින් සුකර මාංශවල බොහෝ විෂබීජ අඩංගු වන්නේය. ඒවා අනුභව කිරීමෙන්  නොයෙකුත් ආසාදනයන් ඇතිවිය හැකිය.  උගේ ශරීරයේ ඇති පනුවන් නිසා මොලේ උන වැනි භයානක රෝග බෝවන්නේය. තවද උගේ ශරීරයේ ඇති මේදය මිනිසාට ඉතා අහිතකර ලෙස බලපාන්නේය. එමගින් හ්ර්ධය රෝග ඇතිවීමේ විශාල අවධාමක් ඇත.  එබැවින් එය ඉස්ලාම් දහමින් සපුරා තහනම් කොට ඇත. කෙසේ වෙතත් යම් සුවිශේෂී අවස්ථාවලදී හරාම් ලෙස නම්කර ඇති අහාර පවා අනුභව කිරීමට අවසර ලැබෙන්නේය.
මුස්ලිම් නොවන අය සතුන් ඝාතනය කිරීම සඳහා කුළුගෙඩි වලන් පහර දෙන්නේය. නැතහොත් වෙඩි තබන්නේය. ඇතැම් කර්මාන්ත ශාලාවල පණපිටින්ම ගවයින් අශ්වයින් වැනි විශාල සත්වයින්ව යන්ත්‍රවලට ඇතුලත් කරන්නේය. මේ නිසා එම මාංශ ඉස්ලාමිය නිර්ණායකයන්ට එකඟ වන්නේ නැත. එම හේතුවෙන් මුස්ලිම් නොවන අය ඝාතනය කරන ලද සතුන් මුස්ලිම්වරුන්ට අනුභව කල නොහැකිය.
මාංශ හැරුණු විට සෑම මත්ද්‍රව්‍යයක්ම තහනම් වේ. විශාලා ප්‍රමාණයක් ගත් විට මත්වන සෑම දෙයක්ම කුඩා ප්‍රමාණයෙන් ගැනීමත් තහනම් ය. එපමනක් නොව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදා හැරීම, විකිණීම ආදී සෑම කටයුත්තක්ම සපුරා තහනම් වේ. මත්ද්‍රව්‍ය භාවිතා කල කෙනෙක් එම අවස්ථවේදී මුස්ලිම් වරයෙකු නොවන්නේය.
ලෝකයේ දියුණුවත් සමග වෙළඳ පොලට නොයෙකුත් වර්ගයේ අහාර ලැබෙමින් පවතින්නේය. බොහෝ විට ඉස්ලාම් දහමින් අනුමත නොකරන සතුන්ගේ මාංශ මෙන්ම ඉස්ලාම් දහම නියම කර ඇති ක්‍රමවේදය අනුගමනය නොකර ඝාතනය කරන ලද සතුන්ගේ සංඝටකද ඒවායේ තිබිය හැකිය. එබැවින් ඒවා ගැන දැනුවත් වීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ. මේ නිසා ඉස්ලාමිය නිර්ණායකයන්ට අයත් අහාර හඳුනා ගැනීම සඳහා ක්‍රමයක් අවශ්‍ය වන්නේය. එය පහසුවෙන්ම කල හැක්කේ හලාල් ලාංජනයක් මගිනි. එසේ නැතහොත් මුස්ලිම්වරුන්ට ඍජුවම හලාල් ආහාර ඇති තැන්වලින් පමණක් ඒවා ලබා ගැනීමට ක්‍රියා කල යුතු වන්නේය. එවිට ඉතා විශාල පාරිබෝගික සංඛ්‍යවක් වෙළඳ පොලට නැතිවී යන්නේය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *