නබිතුමා ජිවතුන් අතර සිටියදී සුෆි නිකායන් තිබුනේ නැත. එහෙත් ඉස්ලාම් දහම පැමිණ වසර ගණනාවක් ගිය පසු නොයෙකුත් දෙනා ඔවුන්ගේ නම්වලින් සුෆි නිකායන් බිහි කළෝය. ඒ අනුව කාදිරියා, ශාදිලියා, නක්ෂබන්දියා, රිෆායියා වැනි බොහෝ සුෆි නිකායන් ආරම්හ වී ඇත. මේවායින් බොහොමයක්ම දැකිය හැක්කේ ඉන්දියාව, තුර්කිය, මොරොක්කෝව වැනි රටවල් වලය. සුෆි ඉගැන්වීම්වල ඉස්ලාම් දහමමේ නැති බොහෝ අළුත් දේවල් ඇතුලත් කොට තිබේ. ඒ අනුව ඇතැම් සුෆි විශ්වාසයන්හි හින්දු සහ කතෝලික දහම්වල ඇති විශ්වාසයන් ඇතුලත් වී තිබේ. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නබිතුමාගෙන් පසු ඉස්ලාම් දහම වැළඳ ගත් බොහෝ අය ඔවුන්ගේ පැරණි විශ්වාසයන්ගෙන් සම්පුර්ණයෙන්ම නිදහස් නොවී ඒවාත් සමග ඉස්ලාම් දහම වැළඳ ගැනීම වේ. උදාහරණයක් වශයෙන් දෙවියන් සෑම තැනම සිටිනවා යන්න හින්දු දහමේ විශ්වාසයකි. එම විශ්වාසය සුෆි වරුන්ද පිළිගනිති. එහෙත් එවැනි විශ්වාසයක් නබි තුමා පෙන්වා දී නොමැත.
ආරම්භයේදී සුෆි වාදය ඉස්ලාමිය මුහුණුවරකින් පටන් ගත්තද නවීන සුෆිවරුන් අතර සලාතයට වඩා වෙනත් දේවල් සඳහා ඉහළ වටිනාකමක් හිමි වන්නේය. තවද බොහෝ සුෆි නායකයින් නබි තුමාගේ සුන්නාවන් පිළිපදින්නේ නැත. උදාහරණයක් වශයෙන් ඔවුන්ගෙන් බොහෝ අය සාමුහික සලාතයට සහභාගී වන්නේ නැත. එසේ තිබියදී ඔවුන් පවසන්නේ අලි රලි තුමා, ජාෆර් සාදික්, ජුනෙයිදුල් බග්දාදී, ඉමාම් ගස්සාලි, අබ්දුල් කාදීර් ජිලානි වැනි අය ඔවුන්ගේ මග පෙන්වන්නන් බවයි.
සුෆිවරුන්ගේ අවසාන ඉලක්කය වන්නේ දෙවියන් සමග එකතු වීමයි. එම සංකල්පය “වහ්ජතුල් වුජුද්” (“wahdati wudjud”) ලෙස නම් කොට ඇත. එහෙත් එවැනි දෙයක් නබිතුමා පෙන්වා දී නොමැත. ඒ අනුව මෙම විශ්වාසය ඉස්ලාම් දහමට අලුතින් එකතු කල එකක් වන්නේය.
සුෆි වරුන් නබිතුමා පෙන්වා දී ඇති දේවල් කිරීමට වඩා ඔවුන්ගේ ආගමික නායකයින් පෙන්වා දෙන කරුණු වලට මුල් තැනක් දෙන්නේය. ඒ අනුව දෙවියන් මෙනෙහි කිරීමට ඔවුන් විශේෂ වදන් උපයෝගී කර ගනිති. ඒ අනුව ඔවුන් සාමුහික ලෙස ශබ්ද නගා එම වදන්වලින් අල්ලාහ්ව සිහි කරති. එහෙත් එවැනි දේවල් නබිතුමා පෙන්වා දී නොමැත. සුෆි තරිකාව අනුගමනය කරන අය ස්වර්ගයට යෑම අපේක්ෂා කරන්නේ එම තරිකාවල ෂෙයික් වරුන්ගේ මාර්ගයෙනි. එහෙත් නබි තුමා එවැනි දෙයක් උගන්වා නොමැත.
සුෆිවරුන්ගේ තවත් විශේෂත්වයක් වන්නේ අල් කුරානයට ඔවුන්ගේම ගුප්ත අර්ථයන් ලබා දීමයි. මේ නිසා සුෆි ක්‍රමය අනුගමනය කරන බොහෝ අය කුරානය හැදෑරීමට උත්සාහ කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ නිකායේ නායකයින් කියන දේවල් කිසිම සොයා බැලීමකින් තොරව පිලි ගනිති. මේ නිසා ඔවුන් සත්‍යය ඉස්ලාම් දහමින් ඉවත් වන්නෝය.
සුෆි වාදයේ ආරම්භකයින් බාසෛzදුල් බිස්තාමි, මන්සුර් අල් හලාජ්, ඉබ්නු අරබි වැනි අය වෙති. බාසෛzදුල් බිස්තාමි සුෆිවාදයට මුල පුරා ඇත. පසු කාලයේදී ජුනෙයිදුල් බග්දාදී සහ මන්සුර් අල්-හලාජ් යන දෙදෙනා එහි මුලිකත්වය ගෙන තිබේ. කෙසේ වෙතත් බාසෛzදුල් බිස්තාමි සහ මන්සුර් අල් හලාජ් යන දෙදෙනා තමන් අල්ලාහ් බව පැවසීම හේතුවෙන් එවකට සිටි පාලකයින් විසින් ඔවුන්ට මරණ දඬුවම නියම කොට තිබේ.
සුෆි වාදයට අනුව ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයින්ගෙන් ප්‍රශ්න කළ නොහැකිය. ඒ අනුව එහි අනුගාමිකයින්ට සිදු වන්නේ එම අධ්‍යාත්මික නායකයින්ව අන්දානුකරණය කිරීමටය. කෙසේ වෙතත් එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම අධ්‍යාත්මික නායකයා හරහා ස්වර්ගයට යාමය. එහෙත් මෙය ඉස්ලාමිය ඉගැන්වීම් වලට පටහැනි දෙයකි.
සුෆි විස්වාසය තුල ඇති තවත් විශේෂයක් වන්නේ ඔවුන්ගේ අධ්‍යාත්මික නායකයින්ට තම අනුගාමිකයින් කොතැනක සිටියත් දැකිය හැකි වීම සහ ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්විය හැකි වීමයි. එහත් මෙය ඉස්ලාමිය ඉගැන්වීම්වලට ඉඳුරාම පටහැනි දෙයක් වන්නේය. නබිතුමාගේ ඉගැන්වීම් අනුව එවැනි දෙයක් කල හැක්කේ අල්ලාහ්ට පමණි.
ඉබ්නු ජව්සිz ඔහුගේ තල්බිස් ඉබ්ලිස් යන ග්‍රන්ථයේ පහත සඳහන් පරිදි සඳහන් කොට ඇත.
“සුෆි සංකල්පයේ ආරම්භය ලෞකික කටයුතුවලින් වැලකී සිටීමයි. ඒ සඳහා ජනතාව එකතු වූ පසු ඔවුන්ට ගැලපෙන අන්දමට තවත් කරුණු ඇතුලත් කර තිබේ. ඒ අනුව සුෆිවරුන්ට ගායනා කිරීමට සහ නැටීමට ඔවුන්ගේ දහමින් අවසර ලැබේ. එහෙත් ජිහාද් කිරීම, දේශපාලනයේ නියැලීම, දහම හැදෑරීම සහ එය අනෙක් අයට කියා දීම කළ නොහැකිය. සුෆිවරුන්ට සංගීතය, මැජික් මෙන්ම ඉස්ලාම් දහමින් තහනම් වන වෙනත් බොහෝ දේවල් සඳහා අනුමැතිය තිබේ”
මෙම කාරණා නිසා මුස්ලිම්වරයෙකු වශයෙන් අල්ලාහ්ව හමුවීමට කැමති අය අනිවාර්යයෙන්ම අල් කුරානය සහ මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාගේ මග පෙන්වීම අනුගමනය කල යුතු අතර අළුතින් දහමට එකතු කරන ලද දේවල් වලින් සම්පුර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.