මාස කීපයකට පෙර, ඊශ්‍රායලය හා පලස්තීනයේ සටන්කාමීන් අතර ඇති වූ ගැටුමෙන් පසුව, ජෙරුසලමේ පිහිටි ‘අල් අක්සා පල්ලිය’ කවුරුන්ට අයිතිදැයි? කතිකාවක් ජනයා අතර පවතිනවා. ඊශ්‍රායලය මෙම පල්ලිය තමන්ට අයිති බව කියා පානවා. එසේම පලස්තීන සටන්කාමීන් තමන්ට එනම් මුස්ලිම්වරුන්ට අයිති බව පවසනවා. මෙම මතභේදාත්මක විෂයය ගැන වර්තමානයේ යම් යම් රටවල්ද, යම් යම් සංවිධානද පුද්ගලයින්ද විවිධ අදහස් වරින් වර පවසනවා.
කුර්ආනය යනු, මුස්ලිම්වරුන් වෙනුවෙන් පමණක් පහළ කරනු ලැබූ ‘වේදකයක්’ නොවේ. එය මුහම්මද් (සල්) තුමාගේ කාලයේ ජීවත් වූ එසේම ඉන් පසුවට පැමිණෙන සියලුම ජනයා වෙනුවෙන්, මිනිසාගේ සැබෑ ස්වාමියා වූ අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ වේදකයකි. කුර්ආනයේ විශේෂිත ලක්ෂණ ගණනාවක්ම ඇත.
ජනයා අතර පවතින මත භේද වලට විසඳුම් ලබාදීමද ඉන් එකකි. අල්ලාහ් මිනිස් වර්ගයාගේ මැවුම්කරු හා ඔහුව පාලනය කරන බැවින්, කුර්ආනය පහළ කිරීමෙන් පසුව පැමිණෙන ජනයා අතර පවතින්නට තිබෙන මත භේද වලට අයත් කරුණු ගැනද හොඳින් දනියි. එනිසා එම මත භේද විසඳාගත යුතු ආකාරය ගැන ද ඔහු, ඔහුගේ වේදකයේ පවසා ඇත. එනිසා මෙම පල්ලියේ අයිතිය ගැන විවිධාකාර අදහස් දැක්වුවද එය අයිති කවුරුන්ටද? යන්න ගැන ඔහු, කුර්ආනයේ හා ඔහුගේ දූතයා මාර්ගයෙන් දන්වා ඇත. එනිසා අල් අක්සා පල්ලිය කවුරුන්ට අයත්දැයි සොයා බැලීමට කුර්ආනයේ වැකි හා නබි වදන් ආධාරයට ගෙන විමසා බලමු.
[ අල් අක්සා පල්ලිය නිර්මාණය කළේ කවුරුන්ද? ]
අල් අක්සා පල්ලිය නිර්මාණය කළේ කවුරුන්ද? කවර කාල වකවානුවක දීද? කවර කටයුත්තක් සඳහාද යන කරුණු ගැන සොයා බලමු.
‘(අල්ලාහ්ව වන්දනය කිරීම පිණිස) මිනිසුන් වෙනුවෙන් සාදවනු ලැබූ පළමු නිවෙස ‘බක්කා’ (නම් වූ මක්කමෙ)හි ඇති දෙය වේ. (එය) භාග්‍යවන්ත වූද, ලෝවැසියන්ට යහමඟද වේ.
(කුර්ආනය. 3:96)
අල්ලාහ්ව නැමදීම පිණිස, මිනිසුන් වෙනුවෙන් පොළොවෙහි අල්ලාහ්ගේ මඟ පෙන්වීම මත සාදවනු ලැබූ පල්ලිය, මක්කමේ පිහිටි ‘මස්ජිදුල් හරාම්’ නැමති පල්ලිය බව මෙම වැකිය පවසයි.
මෙම පල්ලිය නිර්මාණය කිරීමට මඟ පෙන්වීම් කළේ අල්ලාහ් බවද, එහි සිදුවනුයේ මිනිසුන් අල්ලාහ්ව නැමදීම බවද මෙම වැකිය තහවුරු කරයි.
මෙම පල්ලියේ නිර්මාණය ගැන පවසන නබි වදනක්ද ඇත.
අබූදර් අල්කිfපාරි (රලි) පවසයි.
මම (අල්ලාහ්ගේ දූතයා හමුවෙහි) “අල්ලාහ්ගේ දූතයාණෙනි! ලොවෙහි ආරම්භකව නිර්මාණය කරනු ලැබූ පල්ලිය කුමක්දැයි ඇසුවෙමි. එයට එතුමා,”අල් මස්ජිදුල් හරාම් (එනම් මක්කමේ පිහිටා ඇති) පල්ලිය” යැයි පිළිතුරු දුන්නේය. මම “පසුව කුමක්දැයි” ඇසුවෙමි. එතුමා “(ජෙරුසලමේ පිහිටි) අල් මස්ජිදුල් අක්සා” යැයි පිළිතුරු දුන්නේය.
මම,”එම දෙක අතර (වෙනස) වසර කොපමණදැයි ඇසුවෙමි. එතුමා “වසර හතලිහක්” (පසුව අල් අක්සා නිර්මාණය කරනු ලැබීය) යැයි පැවසුවේය.
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්: 903
අල්ලාහ්ව නැමදීම පිණිස පළමුව නිර්මාණය කරනු ලැබූ පල්ලිය “මස්ජිදුල් හරාමය” එනම් මක්කමේ පිහිටි මහ පල්ලිය බවද, දෙවනුවට නිර්මාණය කළ පල්ලිය “මස්ජිදුල් අක්සා” එනම් ජෙරුසලමේ පිහිටි පල්ලිය බවද, මෙම පල්ලි දෙක අතර කාල වෙනස වසර සතලිහක් බවද මෙම නබි වදන පවසයි.
එනිසා පළමු සමාජය වන, ඇඩම් නබිවරයාගේ කාලයේදී, මෙම පල්ලි දෙකම නිර්මාණය කරනු ලැබූ බව මෙම ඉස්ලාමීය මූලාශ්‍ර පවසයි. නමුත් එතැන් සිට යම් යම් අවස්ථාවලදී මෙම පල්ලි අයත් ප්‍රදේශ, මුස්ලිම් නොවන්නන්ගේ පාලනය යටතේ පැවතුන අවස්ථාවලදී, ඔවුන්ද මෙම පල්ලි පාලනය කර තිබෙනවා. නබිතුමා, නබිවරයා ලෙස එම ජනයා හමුවට ගිය අවස්ථාවේදී මක්කම ප්‍රදේශය මුස්ලිම් නොවන්නන්ගේ පාලනය යටතේ තිබුණා.
එම මුස්ලිම් නොවන අරාබිවරුන්, අල්ලාහ් නම් දෙවිඳුන් කෙනෙකු සිටින බව විශ්වාස කළද, අභාවයට පත් නබිවරුන්ටද වන්දනය කළා. අල්ලාහ්ට පමණක් පමණක් වන්දනය කරන තැනැත්තාට කුර්ආනය, ‘මුස්ලිම්’ යන අරාබි වචනය උපයෝගී කරයි. එසේම අල්ලාහ්ට වන්දනය කරන අතරම අන් අයටද වන්දනය කරන්නාට කුර්ආනය, ‘මුෂ්රික්’ යන වචනය උපයෝගී කරයි. එහි අර්ථය, අල්ලාහ් නොවන අයට වන්දනය කිරීම මගින්, එම වන්දනයට අයත් දේ, අල්ලාහ්ගේ තත්වයට සමාන කරන්නා යන්න වේ. කුර්ආනය මෙවැන්නාට ‘සම කරන්නා’ නැත්නම් ‘සම කිරීම් කරන්නා’ යැයි කෙටියෙන් පවසයි. එනිසා මුහම්මද් (සල්) තුමා, නබිවරයා ලෙස පැමිණි විට, මක්කමේ පිහිටි පල්ලිය අයත්ව තිබුණේ, ‘සම කරන්නන්ටය’.
නමුත් අල්ලාහ්ව වන්දනය කිරීම පිණිස සාදවනු ලැබූ පල්ලි ‘සම කරන්නන්ට’ පාලනය කළ නොහැකි බව අල්ලාහ් කුර්ආනයේ පවසයි.
සම කිරීම් කරන්නන් (තමන්ගේ) ප්‍රතික්ෂේප කිරීමට තමන්ම සාක්ෂිකරුවන් ලෙස සිටින තත්ත්වයෙහි අල්ලාහ්ගේ මස්ජිද් (එනම් පල්ලි) පාලනය කිරීමේ අයිතිය ඔවුනට නොමැත. ඔවුන්ගේ ක්‍රියා විනාශ විය. ඔවුහු නිරයෙහිම ස්ථීරව සිටින්නෝය.
(කුර්ආනය. 9:17)
මක්කමේ පල්ලිය පාලනය කළ, සම කිරීම් කරන්නන්’, නබිතුමා පැවසූ සත්‍යය ප්‍රතික්ෂේප කළහ. එනිසා ප්‍රතික්ෂේප කිරීම යන ක්‍රියාවට තමන්ම සාක්ෂිකරුවන් ලෙස සිටින තත්වයේ, මක්කමේ පිහිටි ප්‍රධාන පල්ලිය පාලනය කිරීමේ අයිතියක් ඔවුන්ට නැති බව අල්ලාහ් මෙම වැකියේ පවසයි. ඔවුන් කළ යහපත් ක්‍රියාවලට කිසිදු ඵලයක් නොලැබෙන බවද, ඔවුන් නිරයේ ස්ථීරව සිටින පිරිසක් බවද අල්ලාහ් මෙම වැකියේ පවසයි.
අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර, සලාතය තහවුරු කර, සකාතයද දී, අල්ලාහ්ට හැර වෙන කිසිවෙකුටත් බිය නොවූවෝම අල්ලාහ්ගේ මස්ජිද් (එනම් පල්ලි) පාලනය කිරීමට අයිතිය ඇත්තන් වෙති. එහෙයින්, මොවුහු යහමඟ ලැබූවන්ගෙන් සිටින්නන් වෙති.
(කුර්ආනය. 9:18)
මුහම්මද් (සල්) තුමා පැවසූ දහම සත්‍ය බව පිළිගෙන එහි පවසන ප්‍රධාන කාරණා ඉටු කරන්නාටම පල්ලිය පාලනය කිරීමේ අයිතිය ඇති බවද එයට හේතුව, ඔවුන් යහ මාර්ගයේ සිටින්නන් බවද මෙම වැකිය පවසයි.
යුදෙව් සමාජය හා ක්‍රිස්තු සමාජය, මුහම්මද් (සල් ) තුමාව තමන්ගේ දූතයා ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. එයට හේතුව ඔවුන් අතර පවතින දේව ඇදහීම හා ඉස්ලාම් දහම පවසන දේව ඇදහීම අතර පවතින විෂමතාවය වේ. මෙම සමාජ දෙක අල්ලාහ් නම් දෙවිඳුන්ව විශ්වාස කළද, ඔවුන් හමුවට පැමිණි දූතයින්ව ‘දේව කුමාරයින්’ ලෙස අදහන බව කුර්ආනය පවසයි. එනම් මොවුන් ‘සම කිරීම් කරන්නන්’ බව කුර්ආනය පවසයි. එනිසා කුර්ආනය පවසන ආකාරයට මොවුන්ට ජෙරුසලමේ පිහිටි අල් අක්සා පල්ලිය පාලනය කිරීමට අයිතියක් නැහැ යන පණිවිඩය ඉස්ලාමීය මූලාශ්‍ර ජනයාට දන්වයි. එනිසා කවුරුන් හෝ අල්ලාහ්ගේ මෙම දැනුම්දීම්වලට පටහැනිව ක්‍රියා කරයි නම්, ඔහුට විනිශ්චය දිනයේදී පිළිතුරු දීමට සිදුවන බවද අනතුරුව දඬුවම් විඳීමටද සිදුවන බවද මෙම ඉස්ලාමීය මූලාශ්‍ර කියවීමෙන් වටහාගත හැක.
By: අබූ නජිහාන් —–