අප මෙම කරුණු ඉදිරිපත් කිරීම මහා කාරුණික අල්ලාහ්ගේ අවසන් හා ශ්‍රේෂ්ඨතම ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව සුළු කොට තැකීමට දරන වෑයමක් ලෙස වැරදි අර්ථ කථනයක් ලබා දීමට ඉඩ ඇත. සහතික වශයෙන් ම එය එසේ නොවේ. මුහම්මද් තුමාණන්ගේ ප්රකාශනයක් අනුව ඕනෑම අයෙකුට තමන්ගේ පියා, පුතා හෝ මනුෂ්‍ය වර්ගයාගෙන් වූ අන් අයෙකුට වඩා එතුමාණන් ආදරණීය අයෙකු නොවන්නේ නම් එවැන්නෙකු විශ්වාසවන්තයෙකු විය නොහැකි බවය. මහා කාරුණික අල්ලාහ් මත සඳහන් කරමින් අපි එතුමාණන් ට අසීමිත ලෙස ආදරය කරන්නෙමු, ගෞරවය කරන්නෙමු, එලෙසම එතුමාණන්ගේ පිය සටහන් අනුගමනය කරමින් ඒ උත්තරීතර ජීවිතය තම ජීවන මඟ බවට පත්කර ගැනීමට කළ හැකි සියලු උත්සාහයන් හි යෙදෙමින් සිටින්නෙමු. නමුත් මහා කාරුණික අල්ලාහ්ට පමණක් හිමි ගුණාංග එතුමාට ආරෝපණය කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන්නට ඉතා ප්‍රවේශමෙන් වගබලා ගන්නෙමු.
“නුඹලා අල්ලාහ් හැර කවරෙකු අයදින්නේ ද ඔවුහු නුඹලා මෙන් ගැත්තන් ය. නුඹලා සත්‍යවන්තයින් නම් ඔවුන් ඇයද බලන්න. ඔවුහු නුඹලාට පිළිතුරු දෙත්වා” (අල් කුර්ආන් 7:194)
“අහෝ ජනයිනි, (නුඹලාට) උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් (නැමදුම්) කරන අය ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුහු මුදවා ගත නොහැක. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය.” (අල් කුර්ආන් 22:73)
වඩා ආගමුනුකුළ හා වඩා ධාර්මිෂ්ඨ (අප පොදුවේ ‘අව්ලියා’ ලෙස සිතන) අයෙකුට අල්ලාහ්ගේ අවසරයකින් තොරව අපට මතුලොවේ දී උපකාර කළ හැකි යැයි අපේක්ෂා කිරීම හා විශ්වාස කිරීම ඉස්ලාමීය ඉගැන්වීම් වලට සහමුලින් ම පටහැනි පිළිවෙතකි.
මහා කාරුණික අල්ලාහ්ගේ නබිවරයෙකු වූ ලූත් තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) එතුමාගේ බිරිඳ ආරක්ෂා කරගත නොහැකි විය. මෙලොව හා මතුලොව ජයග්‍රහණයේ රන් දොරටුව ඔබගේ අවධානය පිණිස නැවත වරක් ඉදිරිපත් කරන්නෙමු.
සත්‍යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය
ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත
ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත
නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත
මෙලොව මතුලොව ජයග්‍රහණය උදෙසා සත්‍යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.
“එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු (ලූත් නබිවරයා) හා ඔහුගේ (සෙසු) පවුලේ උදවිය මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතුරින් වූවාය”. (අල් කුර්ආන් 7:83)
නූහ් නබි තුමාණන් ට එතුමාණන් ගේ අධාර්මිෂ්ඨ පුත්‍රයා හා බිරිඳ ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.
“(එවිට) නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතුරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය. අහෝ ! නූහ්, නියත වශයෙන්ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නොවේ. නියත වශයෙන්ම ඔහු දැහැමිභාවයෙන් තොර ව ක්‍රියා කළ අයෙකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නොඉල්ලනු. නියත වශයෙන්ම නුඹ අඥානයින් අතුරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු පැවසීය”. (අල් කුර්ආන් 11:45-47)