මිහිදන් ස්ථානයන් හි අල් කුර්ආනය පාරායනය කිරීම මුහම්මද් තුමාණන් විසින් හෝ සහාබා වරුන් විසින් නොකළ ක්රියාවක් හෙයින් එසේ කිරීම ඉස්ලාමයට පටහැනි ක්රියාවකි. ආයිෂා තුමිය විසින් මිහිදන් ස්ථානයන් වෙත යන විට කුමක් පැවසිය යුතු දැයි නබි තුමාණන්ගෙන් විමසා සිටි විට මිහිදන් කොට ඇති අය වෙනුවෙන් ‘සලාමය’ හා ‘දුවා’ ප්රාර්ථනයන් කරන පිළිවෙත දන්වා සිටින ලදී. මෙහිදී ‘අල් ෆාතිහා’ පරිච්ඡේදය හෝ අල් කුර්ආනයේ අන් කිසිදු පරිච්ඡේදයක් පාරායනය කරන ලෙස උපදෙස් දී නොතිබුනි. මිහිදන් ස්ථානයන් මත ගොඩ නැගිලි නිර්මාණය කිරීම, සුදු හුණු ආලේප කිරීම හා ඒවා පොළොවේ මට්ටමින් ඉහළට උස් කිරීම මුහම්මද් තුමාණන් විසින් තහනම් කොට ඇත.
වර්තමානයේ අප අතර ප්රචලිතව ඇති ජාහිලිය්යා යුගයේ මුෂ්රිකීන් වරුන්ගේ පිළිවෙත් ඉවත් කොට සැබෑ විශ්වාසවන්තයින් බවට පරිවර්තනය වී පිවිතුරු ඉස්ලාමයේ ඉගැන්වීම් අනුව ජීවිතය සකස් කරගෙන මෙලොව හා මරණින් මතු ලොව ජයග්රහණය අත් කර ගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට අපි සැවොම කැපවෙමු.
“තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. කැඳවන්නාගේ කැඳවුමට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු පිණිස ඔවුන් මාගේ පිළිතුර අපේක්ෂා කරත්වා ! මා විශ්වාස කරත්වා !” (අල් කුර්ආන් 2:186)
“යම් පීඩාවක් මිනිසෙකුව ස්පර්ශ කළේ නම් ඔහු අපව ආමන්ත්රණය කරන්නේය. පසුව අපගෙන් වූ භාග්යයක් ඔහුට අප දායාද කළේ නම් ‘සැබැවින් ම එය මට දෙනු ලැබුවේ දැනුම හේතුවෙන්ම යැ’යි ඔහු පවසන්නේය. එහෙත් එය පරීක්ෂාවකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් (ඒ පිළිබඳ ව) නොදනිති” (අල් කුර්ආන් 39:49)
“නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියා නම් හෝ එම හෝරාව (අවසන් දිනය) පැමිණියා නම් අල්ලාහ් හැර සෙසු අයව නුඹලා අයදින්නේ ද?නුඹලා සත්යවාදීහු නම් නුඹලා (ඒ ගැන) සිතා නොබැලුවෙහි දැ’යි පවසවූ” (අල් කුර්ආන් 6:41)
“අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා (කොන්ද නමා) රුකූඃ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට ගැතිකම් කරනු. තවද යහකම් සිදු කරනු. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතයි. මීට පෙර මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් තැබුවේ ඔහුය. මේ අනුවම රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් (නම් තැබීය.) එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද zසකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය”. (අල් කුර්ආන් 22:77-78)
“කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස නොඑව්වෙමු”. (අල් කුර්ආන් 4:80)
“විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද බලය ඇත්තවුනට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කරගත්තේ නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය”. (4:59)
“තවද නුඹලා කරුණාවට පාත්ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම රසුල්වරයාට ද අවනත වනු. (3:132)
අල්ලාහ්ට ද රසුල්වරයාට ද අවනත වනු යන්න ආලු ඉම්රාන් 3-32, අන්ෆාල්-8-1/20/46, අල් මුජාදිලාහ්58-13, අල් මායිදාහ් 5-92, අන් නුර් 24-54, මුහම්මද් 47-33, අල් තඝාබුන් 64-12 යන අල් කුර්ආන් වැකියන් හි ද සඳහන් ය.
“සැබැවින්ම තම දහමේ බෙදීම් ඇති විවිධ කණ්ඩායම් බවට පත් වූවන් වන ඔවුන්ගෙන් වූ කිසිම කරුණක නුඹ (කොටස් කරුවෙකු) නොවන්නේය. ඔවුන්ගේ කරුණු (පැවරී) ඇත්තේ අල්ලාහ් වෙතම ය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත.” (අල් අන්ආම් 6:159)
“අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්රමාණවත් වේ යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන සිටියදීත් ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදීත් (ඔවුන් ව ඔවුහු පිළිපදින්නෙහු) ද?” (5-104)
“තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු යැයි (ඔවුනට) පවසනු ලැබූ විට නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නොගෙන තවද යහමඟ නොලැබූ තත්වයක වුව ද (එසේ ඔවුන් අනුගමනය කරති.)” (2:170)