මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි
ඔබට ද මට ද පමණක් නොව මෙළොව උපත ලද, ලබන සෑම ජීවියෙකුටම ජීවය ලබාදී එ් ජීවිතය පෝෂණය කරනූ ලබන්නේ සර්ව බල සම්පන්න අල්ලාහ් විසිනි. ඔහුට සියළු ප්‍රශංසා හිමිය.
මා ප්‍රිය ඉස්ලාමීය සොයුර, සොයුරියනි!
ඉස්ලාමීය ජන සමාජයකට උරුමකම් කියන ඔබ අනිවාර්්‍යයෙන්ම දැනුවත්ව සිටිය යුතු කරුනු කිහිපයක් පිළිබඳව ඔබේ මතකය අවධිකරවීමට මා අදහස් කරමි. එමෙන්ම ඔබට අමතක වී ඇතැයි සිතෙන ඉතාම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව ප්රශ්ණාත්මකව විමසා ඔබේ විශේෂ අවධානය එ් කෙරෙහි යොමුකරවීමටද මා මෙහිලා අදහස් කරමි!
1- විශ්වාසය (ඊමානය) තහවුරු කර ගැනීමට අනිවාර්්‍යය කරුණු 6ක් ඇත. අවංකව එම කරුණු හය විශ්වාස කර, එහි තිරසාරව සිටින්නේ කවුද? ඔහු සැබෑ මුස්ලිම්වරයකු වේ. එම කරුණු හය ඔබේ මතකයේ ද? ඉහත සඳහන් ආකාරයට විශ්වාසය ඒ කෙරෙහි ඔබ තබා තිබෙන්නේ ද? පිළිතුර “නැත” නම්.
මේ ගැන ඔබ සිතා බැලිය යුතුයි නොවේද?
2- උපතින්ම ඔබ ඉස්ලාමීය බැතිමතෙකු, එසේ නොවේ නම් ඉස්ලාම් පිළිබඳ මනා පැහැදීමක් ඇති වී පසුව ඉස්ලාම් දහම වැළඳ ගත් කෙනෙකු නම්, ඔබ දිනකට පස් වාරයක් සලාතය ඉටුකරන්නෙකු නම් එ් පස් වේල සලාතයේදී දිනකට 17 වතාවක් උසුරන “අල් ෆාතිහා” පරිච්ඡේදයේ අර්ථය දැනුවත්ව ද ඔබ ඔබේ අධිපති වන අල්ලාහ්ට යාඥා කළේ?
මේ හැර සියඵම සලාතයන්හි මුල් රකඅත් දෙක තුළ අල් ෆාතිහා පරිච්ඡේදයෙන් පසුව පාරායණය කරන කුඩා පරිච්ඡේදයන් අතුරින් අවම වශයෙන් පාඨයන් 3ක් සහිත පරිච්ඡේදයේ සිට උපරිමය වූ පාඨ 11ක් වූ කුඩා පරිච්ඡේදයන් කිහිපයක අර්ථයත් සමග එම වාක්‍යයන් මගින් අල්ලාහ් අපට ප්‍රකාශ කර තිඛෙන්නේ කුමක්දැයි කියවා බලා දැනුවත්වීමට මෙතෙක් ඔබ උත්සහ ගෙන තිබේද? එවන් අදහසක් හෝ උවමනාවක් ඔබේ මනසේ ඇතිවී තිබේද? පිළිතුර “නැත” යනුවෙන් නම්.
මේ ගැන ඔබ සිතා බැලිය යුතුයි නොවේද?
3- අල්ලාහ් වෙනුවෙන් ඔබ ස්ථාපිත කරන සලාතය තුළ ඔබ පවසන්නේ කුමක්දැයි දැනුවත්ව පවසන විට, එම සලාතය තම ජීවිතයේ අවසන්ම සලාත යනුවෙන් සිතා භක්ති පූර්වකව ඉටුකරන විට, තම හිමියන් සමග අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනගා ගත හැකි යාඥාව සලාතය යනුවෙන් ඔබ සිතා එය ඉටු කරන විට එයට ලැඛෙන ජීවය ඉතා සුවිශේෂිය. තවද එය අල්ලාහ් ඉදිරියේ ඉතා අගනා සලාතයක් වනු ඇත. එසේ නම් හුදු සාම්ප්‍රදායික තත්ත්වයෙන් මිදී, මේ අයුරින් ඔබේ දෛනික අනිවාර්්යයවූ පස්වේල සලාතය අල්ලාහ් වෙනුවන් ඔබ ඉටුකරන්නේකු ද? පිළිතුර “නැත” යනුවෙන් නම්.
මේ ගැන ඔබ සිතා බැලිය යුතුයි නොවේද?
4- මුස්ලිම් වරුන් වන අපි මුළු ලෝකයේම විහිදි ජීවත්වෙමු. අපට මෙම පිවිතුරු, ප්‍රයෝගික, නිර්මලවූ දහම පහසුවෙන් ලැබීමට අවසන් දූතවරයා මුහම්මද් (සල්) තුමන් හා එතුමන්ගේ මිතුරන් කළ කැපවීම කොතරම් කියා ඔබ දන්නේ ද? එ් වෙනුවෙන් එම උදාර පුරුෂයින් ගත කළ කාලය කොපමණ කියා ඔබ දන්නේ ද? පිළිතුර “ඔව්” නම්.
අල්ලාහ් ගේ අවසන් දූතයාගේ ජීවන චරිතය පිළිබඳව ඔබ දන්නා තොරතුරු කොපමණ ද?
එතුමාගේ වංශයේ ආරම්භය සිදුවන්නේ කිනම් පුද්ගලයාගේ සිට ද?
එතුමාගේ පිය පාර්ශවයේ සාමාජිකයෝ කවුරුන්ද? මව හා පියා අපවත්වීමෙන් පසු එතුමන්ව හෙදා වඩා ආරක්ෂාකලේ කවුරුන්ද? එතුමාගේ ළදරු විය පටන් විවාහයට පත්වන තුරු ගෙවුනු ජීවිතය පිළිබඳව ඔබ දන්නා තොරතුරු කෙටියෙන් හෝ විස්තර කිරීමට තරම් දැනුවත් භාවයක් ඔබ තුළ තිබේද?
දූත පදවිය ලැබූ ආකාරය, දූත මෙහෙවර ඉටු කළ කාල සමය මේ පිළිබඳව ඔබ සතු දැනුම කොපමණද?
ඔඛෙන් ඉහත විමසන ලද ඉතාම සරළ ප්‍රශ්ණ කිහිපය වෙනත් ආගමිකයකු ඔඛබන් විමසුවේ නම් එ් පුද්ගලයා සෑහීමට පත්වන අයුරින් පැහැදිළි පිළිතුරක් දීමට තරම් ඉස්ලාමිය ඉතිහාසය පිළිබඳව ඔබ සතුව පවතින දැනුම සතුටුදායක ද? පිළිතුර “නැත” යනුවෙන් නම්.
මේ ගැන ඔබ සිතා බැලිය යුතුයි නොවේද?
මතු සම්බන්ධයි….
සකක් කිරීම: නිස්තාර් – ගම්පළ