ඉස්ලාම් සහ ශිෂ්ඨාචාරය.

—අවුරුදු දහසකට පෙර මිනිසුන් කූඩාරම් අටවාගෙන ජීවත්වූහ. ආපසු ඒ යුගයට යාමට ඔබලා කැමතිද? ඉස්ලාම් එම හැඩිදැඩි දාමරික ප්‍රජාවට ගැලපෙන්නට ඇත. එවැනි සමාජයකට ගැලපෙන අයුරින් එය බොළද අදහස් දරණ ආගමකි. ඒත් අද ගගන්තල තරණය කරමින් ග්‍රහලෝකවල සැරිසරන ගුවන්යානා, ජීවාන්තක (නෛට්‍රජන්) බෝම්බ හා පුදුම සහගත තාක්ෂණයෙන්යුත් සිනමා යන්ත්‍රවලිනුත් සමන්විත නවීන (විද්‍යාව හා තාක්ෂණයෙන් දියුණු) සමාජයට දෙවියන් සිටිනවා යැයි කියන මූලධර්ම මත ගොඩනැගුන සංස්කෘතියක් ගැළපෙයිද? දියුණුවූ වර්තමාන ලෝකයට මේ ප්‍රතිපත්තිවලින් ප්‍රයෝජනයක් නැත. එය වෙනස් නොවන සංස්කෘතියකි. අපි දිනෙන් දින වෙනස්වෙමින් ජාත්‍යාන්තර මට්ටමින් සෙසු රටවල් හා අත්වැල් බැදගත් ශිෂ්ඨාචාරයක් කරා යා යුතුය. එසේ නම් හනමිටි අදහස් දරණ ඉස්ලාමය පසෙකට වීසි කළ යුතුය.˜

වසර දෙකක් ඊජිප්තුවේ රැදී සිටින උගත් ඉංග්‍රීසි ජාතිකයෙකු විසින් ඉහත සඳහන් අදහස මා ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

මේ ඉංග්‍රීසි ජාතිකයා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් ඊජිප්තුවට යවනු ලැබුවෙකි. ඊජිප්තුවේ ජීවත්වන ගොවීන්ගේ ජීවන රටාව ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යාපෘතියක් සකස්කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය මගින් එහි යැවූ බව කියන නියොජිත පිරිසක එක් සාමාජිකයෙකු ලෙස මොහුව හැදින්වෙයි. එහි ජීවත්වන ගොවීන්ගේ සුභ සාදනය සඳහා වෙහෙසෙන බව කියන මොවුන්ට ඒ රටේ භාෂාව වන අරාබි බස නොදන්නවා පමණක් නොව එම බස ඉගෙන ගැනීමේ අදහසක්ද මොවුන් තුල නැත. එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස හා ඊජිප්තුවේ ගොවීන් අතරේ භාෂා පරිවර්තකයෙක් ලෙස මාව තෝරා එහි යවන ලදී. ඒ අවස්ථාවේදී මේ ඉංග්‍රීසි ජාතික මිනිසා මට හමුවිය.

—ඉංග්‍රීසින් විසින් නැගෙනහිර රටවල් ආක්‍රමණය කිරීම අත්හරිනතෙක් අප ඔවුන්ව පිළිනොගනිමු. ප්‍රතික්ෂේප කරන්නෙමු. ඉදිරියටත් එසේම කරන්නෙමු.˜ මෙය මුලින්ම මම ඔහුට පැවසුවෙමි.

ඊජිප්තුව හා පලස්තීනය ඇතුලළු අරාබි රටවල්වල ඉංග්‍රීසි ජාතීන් හා ඔවුන්ට සහයදෙන ඇමරිකානුවන් කරගෙන යන අපරාධ රැල්ල නිසා ඉංග්‍රීසි ජාතීන් මෙන්ම ඔවුන්ට සහය දෙන අයවද ප්‍රතික්ෂේප කරන්නෙමු. යන්නෙන් ඒ ඉංග්‍රීසි ජාතිකයාට තවදුරටත් ප්‍රකාශ කළෙමි.

මාගේ කථාව අසා පුදුම වූ ඔහු මා දෙස බලා —නුඹ කොමියුනිස්ට්වාදියෙක් දැයි˜ ඇසීය. මම කොමියුනිස්ට් වාදියෙක් නොවෙමි. මුස්ලිම් ජාතිකයෙක්් වෙමි. ඔබ අනුකරණය කරන ධනවාදයට වඩා වැදගත්වූද ඔබ ප්‍රතික්ෂේප කරන කොමියුනිස්ට්වාදයට වඩා උසස්වූද ඉස්ලාම් දහම විශ්වාස කරන්නෙක්මි. මේ දක්වා මිනිසා විසින් සොයාගෙන ඇති සියලූම ජීවන රටාවලට වඩා උත්තරීතර ජීවන ක්‍රමයකි ඉස්ලාම් දහම. එය ජීවිතයේ සියලූම අංශවලට මඟ පෙන්වන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයකි.

මෙසේ පැය තුනක් පමණ අපි දෙදෙනා වාද විවාද කළෙමු. අවසානයේ ඔහු —ඔබ ඉස්ලාම් දහම පිළිබදව කියන ඒවා සත්‍යවෙන්න පුළුවන් එහෙත් වර්තමාන ශිෂ්ඨාචාරය මගින් සොයාගෙන ඇති දෑ ප්‍රතික්ෂේප කරන්න නම් සූදානම් නැත. ගුවන් යානාවල ඉගිලී යාමටත් ගුවන් විදුලි යන්ත්‍ර මගින් විසිරුවා හරින සංගීතයත් එයින් ලැඛෙන සතුටත් ප්‍රතික්ෂේප කරන්න කැමති නැහැ˜යි කීවේය.

ඔහුගේ පිළිතුරෙන් පුදුමටය පත් මා —ඔබ මේවායින් වළක්වන්නේ කවුදැ˜යි ඇසුවෙමි. —ඉස්ලාමය පිළිගැනීම වනචාරී යුගයට හා පුරාණ ගති පැවතුම් කරා ආපසු යාමක් නොවන්නේ දැ˜යි ඔහු නැවත මගෙන් විමසීය.

පදනමක් නොමැති මෙවැනි සැකයක් ඉස්ලාමය පිළිබඳව මතුවීම ගැන පුදුම විය යුතුයි මෙවැනි සැකයක් ඇතිවීමට අවකාශයක් නොමැති බව ඉස්ලාමීය පිළිබද ඉතිහාසය හැදෑරූ අයට වටහා ගත හැක. සංවර්ධනය කෙරෙහි ඉස්ලාමයේ බාධාවක් නොමැත.
ඉස්ලාම් දහම පහළවූයේ සදාචාරාත්මක වශයෙන් පිරිහුණු, මිත්‍යා මත වලින් සත්‍යය වසන්කර උන් සමාජයකටය. ඔවුන් දෙවියන්ට බිය නොවූ අතර අමානුෂික ගති ගුණවලටද හිමිකම් කියූ බව ශ=ද්ධවූ කුර්ආනයේ සඳහන් වෙයි.

එවන් පිරිහුණු සමාජයකින් ඇරඹී අද ලෝ පුරා පුළුල්ව පැතිරුණු දහමක් ලෙස වැජඹේ නම් එය ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වය නිසා නොවේද?

යහපත් සමාජයක් ගොඩ නැගීම සෑම මිනිසෙකුගේම පරම යුතුකමකි. ශිෂ්ඨාචාරයක ඉලක්කය විය යුත්තේ එයයි. ඉස්ලාම් දහම ආධ්‍යාත්මික පැත්ත දියුණු කිරීමෙන් පමණක් නො නවතී. වර්තමාන ලොකයේ දියුණුව හා ශිෂ්ඨාචාරය නමින් ජනතාව පිළිගෙන ඇති බොහෝ දෙනෙක් තම ජීවිතයේ ඉලක්කය ලෙස සළකන සෑම දෙයකම හොඳ දේවල් පිළිගැනීම හා පරිහරනය කිරීම ඉස්ලාම් අනුමත කරන්නේය.

ඉස්ලාමයේ ආරම්භක යුගයේත් බොහෝ දෙනා ඉස්ලාමය වැළඳ ගත්හ. මේ ජනයා විවිධ ගෝත්‍රවලට අයත් විවිධ සංස්කෘතීන් හා ශිෂ්ඨාචාරවලට අයත්වූවන්ය. ඔවුන්ගේ සංස්කෘතීන්ට ඉස්ලාම් විරුද්්ධවූයේ නැත. ඔවුන්ගේ ශිෂ්ඨාචාරයට හා සංස්කෘතීන්ට ආරක්ෂාව සළසා දුන්නේය. සහයෝගය දුන්නේය. එනම් ඒවා ඒක දේව විශ්වාසයට හා ප්‍රතිපත්තීන්ට පටහැනි හෝ මිනිසා නොමග යවන ඒවා හෝ නොවුණු නිසාය.

විද්‍යාවෙන්, උසස් තැනක් හිමිකරගෙන සිටි ග්‍රීක සංස්කෘතිය එම තත්ත්වයට ඒමට මුස්ලිම්වරුන්ගේ දායකත්වයක්ද විය. වෛද්‍ය විද්‍යාව, කාලගුණ විද්‍යාව, ගණිත ශාස්ත්‍රරය, භෞතික විද්‍යාව, දර්ශනය, රසායනික විද්‍යාව යනාදිය මුස්ලිම්වරු විසින් වර්ධනය කරන ලදී. එපමණක් නොව නව විද්‍යා සොයා ගැනීම්තුලින් විද්‍යා වර්ධනයට මඟ පෙන්වීය. මෙය මුස්ලිම්වරුන් කවදත් විද්‍යාව පිළිබඳව උනන්දුවක් හා හැකියාවක් ඇත්තවූන් බව සනාථ කරන්නකි.

එදා මුස්ලිම්වරු ස්පාඤ්ඤයේ ඇති කළ විද්‍යාත්මක සොයාගැනීම්වල මූලධර්මයන් නිසා යුරෝපයේ විද්‍යා තාක්ෂණ දියුණුවට හා නව නිපැයුම්වලට මඟ පෑදින.

මානව වර්ගයාට යහපතක් වන ක්‍රියාවන්ට ඉස්ලාමය කිසිදිනක විරුද්ධවූ බවක් කිසිම ඓතිහාසික සටහනක නැත. එවැන්නක් සිදුවූයේද නැත.
අද බටහිර ශිෂ්ඨාචාරය සමග ඉස්ලාමයට ඇති සමීපතාව කුමක්දැයි බලමු.
මෙතෙක් ලොව පැවති ශිෂ්ඨාචාර හා පැවති සබඳතා අදත් පවතාගෙන යයි. අද බටහිර ශිෂ්ඨාචාරයේ මිනිසාට හිතකර දේවල් කොතරම් ඇද්ද ඒ හැම දෙයක්ම ඉස්ලාමය පිළිගනී. ඒවායේ පවතින (දකින්න ඇති) අහිතකර දේවල් පිළිනොගනී. තනි පුද්ගලයෙකු සතුටු කිරීමට හෝ ජාතියක් තවත් ජාතියක වඩා උසස් බව පෙන්වීමට හෝ වෙනත් ශිෂ්ඨාචාරයක් සමග ඉස්ලාමය ගැටුනේ නැත. ඉස්ලාමය මිනිසුන් අතර එකමුතුකම හා සහෝදරත්වයට වැදගත් කොට සළකයි. යහපත් සමාජයක් තුල ගුණවත් මිනිසුන් බිහිකිරීම ඉස්ලාමයේ අරමුණයි.

ඉස්ලාම් නවීන විද්‍යාත්මක සොයාගැනීම් හා නිපැයුම්වලට විරද්ධවන ආගමක් නොවේ. මෙය පැහැදිළිව තේරුම්ගත යුතුව ඇත. වර්තමානයේ විද්‍යාවෙන් සොයාගෙන ඇති යන්ත්‍ර සූත්‍රවල —අපරිමිත දයාන්විතවූද අසීමිත කරුණාවන්තවූද අල්ලාහ්ගේ ශ=ද්ධවූ නාමයෙන්˜(බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්) යනුවෙන් සටහන් කර තිබීම අවශ්‍ය නැත. ඒවා ක්‍රියාකරවීමේදී ශ=ද්ධවූ අල්ලාහ්ගේ නාමයෙන් යනුවෙන් වාචිකව කීම ප්‍රමාණවත්වෙයි. ඒවා භාවිතා(ක්‍රියාත්මක)කිරීම දෙවියන් වෙනුවෙන් විය යුතුය. යන්ත්‍ර සූත්‍රවලට ආගමක් නැත. එහෙත් ඒවා භාවිතා කිරීම අන් අයට හිරිහැරයක් නොවිය යුතුය. (හානියක් නොවිය යුතුය)

උදාහරණයක් ලෙස ගිණි අවියක් ගමු. එය විද්‍යාවේ සොයාගැනීමකි. එහෙත් එම ගිණි අවි අන් අය ආක්‍රමණය කිරීමටත් ඝාතනය කිරීමටත් යමෙක් යොදාගයි නම් ඔහු මුස්ලිම් නොවෙයි. ආක්‍රමණයක් මර්ධනය කිරීම සඳහා එම ගිණි අවිය භාවිතා කළ යුතුය. නැත්නම් දෙවියන්ගේ ධර්මය මේ ලෝකයේ පතුරවන්න (එයට යම් හානියක් වනවිට) ප්‍රයෝජනයට ගත යුතුය.

විද්‍යුත් මාධ්‍යය නවීන විද්‍යාවේ සොයා ගැනීමකි. එය මිනිසාට යහපතක්වන අන්දමින් යමෙක් උපයෝගි කර ගැනීම අවැසි වන්නේය. එහෙත් මිනිසාගේ කාමුක හැඟීම් අවුස්සන සාරධර්ම කෙළෙසන දර්ශන ජයාරූපයට ගනිමින්, ඒවා ප්‍රදර්ශනය කරන්නේ නම් එය මිනිස්කම විකෘතිකරන මාධ්‍යයක් වන අතර මිනිසාගේ අධ්‍යාත්මික පරිහානියට හේතු වන්නේය.

මිනිසා විසින් විද්‍යාත්මකව සොයාගෙන ඇති සියලුම දෑවලට ඉස්ලාමය කිසිසේත් විරුද්ධ වන්නේ නැත. යහපතක් ඇති සියලුම නවීන සොයාගැනීම් මුස්ලිම්වරයෙකුට භාවිතා කළ හැකිය. විද්‍යාව හා ඥානය පර්යේෂණාත්මකව උගත යුතු බව මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා අවධාරණය කර ඇත.

අවසාන වශයෙන් ඕනෑම ශිෂ්ඨාචාරයක් මිනිසාට යහපතක් සලසනතාක් ඉස්ලාමය අවිවාදයෙන් එය පිළිගනී. සහයෝගය දක්වයි. එසේම මත් ද්‍රව්‍යය, සූදුව, කාමය හා රාගය අවුස්සන මාධ්‍යය, ගණිකා මඩම් අනෙක් අය ආක්‍රමණය කර යටත්කර ගැනීම් යනාදිය සම්පූර්ණයෙන් ඉස්ලාම් ප්‍රතික්ෂේප කරයි. අවසානය දක්වා මේ ස්ථාවරය වෙනස් නොකරන බවද එයට විරුද්ධව සටන් කරන බවද තරයේ ප්‍රකාශ කරමි.

මතු සම්බන්ධයි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *