මිනිසාට කාලය නිර්ණය කිරීම සඳහා දින දර්ශනයක අවශ්‍යතාව ඈත ඉතිහාසයේ සිටම තිබී ඇත. ඒ අනුව අප දන්නා පැරණිම දින දර්ශනයට වසර හාරදහසකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් අද ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. මේ වන විට එම දින දර්ශනය සහ කිතුනු දහම අතර බැඳීමක් දක්නට ලැබෙන්නේය.  

බොහෝ දින දර්ශනවල ආරම්භය ආගමික මුහුණුවරක් ගෙන ඇත. ඒ අනුව වෙනත් ආගම් සඳහා ඔවුන්ගේම දින දර්ශන නිර්මාණය කොට තිබේ. උදාහරණයක් ලෙස බෞදයින් සඳහා ඔවුන්ගේම දින දර්ශනයක් තිබේ. එසේම මුස්ලිමරුන් සඳහා ද වෙනමම දින දර්ශනයක් ඇත. මෙය නබිතුමාගේ අභාවයෙන් පසු උමර් රලි තුමාගේ මැදිහත් වීමෙන් ආරම්හ කොට ඇත. එය ආරම්භ වන්නේ නබිතුමාගේ හිජ්රත් ගමන පාදක කර ගෙනය. එහෙත් ඊට ආගමික වටිනාකමක් ලබා දෙමින් සැමරුම් කිරීමක් නොමැත. ඒ අනුව එම දින දින දර්ශනය ආරම්හ වන මුල් දිනයේදී කිසිම ආගමික උත්සවයක් සිදු කරනු ලබන්නේ නැත. කව්රුන් හෝ එම දින දර්ශනය පාදක කර ගනිමින් ඊට නබිතුමා පෙන්වා නුදුන් ආගමික මුහුණුවරක් ලබා දෙන්නේ නම් එය බලවත් වරදකි. එසේම එය නබිතුමාගේ ඉගැන්වීම අනුව බැහැර කළ යුතු වරදකි. එසේ තිබියදී මුස්ලිම්වරුන්ට ඉස්ලාම් නොවන දින දර්ශනයක් නිසා ආගමික උත්සව පැවැත්වීම කිසිසේත්ම කළ නොහැකිය.

ඉස්ලාම් දහම නබිතුමා ජිවත්ව සිටියදීම දෙවිඳුන් විසින් සම්පුර්ණ කොට ඇත. එබැවින් කිසිවෙකුට එය තුල අලුත් ඇදහිලි නිර්මාණය කිරීමට හෝ වෙනත් ආගමිකයින්ගේ ඇදහිලි අනුකරණය කිරීමට හෝ ඉඩක් තබා නොමැත.

නබිතුමා මුස්ලිම්වරුන්ට පෙන්වා දෙන ලද්දේ ආගමික උත්සව දෙකක් පමණි. එනම් හජ් උත්සවය සහ ඉදුල් ෆිතර් හෙවත් උපවාසය අවසාන වූ පසු පවත්වනු ලබන උත්සවය වේ. එම උත්සවයන් පවා කිසිවෙකුගේ උවමනා පරිදි සිදු කළ නොහැකිය. එය නබිතුමා පෙන්වා දුන් පරිදි ආගමික ස්වරුයක් උසුලන්නේය. එම දිනයේදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ දෙවිඳුන් අපට ලබා දුන් දායාදයන් සඳහා තුති පිදීමකි. එසේ නොකර එම දිනයේදී ගිනි කෙලි වලින් අහස අලංකාරවත් කිරීම හෝ මත්පැන් පානය කොට යාළු මිත්‍රයින් සමග සතුටු වීම තහනම් ය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *