පොදුවේ ගත්කල මිනිස් ජිවිතයට යෝග්‍ය සියළු දේවල් ෂරියා නීතියෙන් අනුමත කොට ඇත. මේවා පිලිපැදීමෙන් ප්‍රයෝජනය අත් වන්නේ මිනිසාටම වේ. මෙම නීති අනුගමනය නොකරන අය ඕනෑම දෙයක් අනුභව කරත් ඒවායින් ඔවුන්ට ආත්මීය වශයෙන්ද ශාරීරික වශයෙන්ද යම් බලපෑම් ඇති විය හැකිය.
ඉස්ලාම් දහමින් අනුමත දේවල් හලාල් යනුවෙන්ද ඉස්ලාම් දහමින් අනුමත නොවන දේවල් හරාම් යනුවෙන්ද නම් කොට ඇත. ඉස්ලාම් දහම ගැන අවබෝදයක් නොමැති අය සිතන්නේ හලාල් යනු දෙවියන් වෙනුවෙන් කැප කළ දේවල් බවයි. එය සම්පුර්ණයෙන්ම වැරදි මතයකි.
අහාරය සඳහා ෂරියාවෙන් තහනම් කළ දේවල් හැරුණු විට අනෙක්වා අනුභව කළ හැකිය. පොදුවේ මුස්ලිම්වරුන්ට ශාක බක්ෂක සතුන්ගේ මාංශ අනුභව කිරීමට අනුමැතිය දී ඇත. එසේ තිබියදී සුකර මාංශ තහනම් කොට ඇත්තේ එමගින් මිනිසාට අසාධ්‍ය ලෙඩ රෝග වැළඳිය හැකි නිසාය. එහෙත් කිසිම ආහාරයක් නොමැතිව දින කිහිපයක් බඩගින්නේ සිට ජීවිතය බේරාගැනීමට වෙන විකල්පයක් නොමැති නිසා සුකර මාංශ අනුභව කළේ නම් එය දෙවියන් ක්ෂමා කරන්නේය.
හරාම් දේවල් සම්බන්දයෙන් ඇති එක් කුර්ආන් වැකියක් පහත දැක්වේ.
“ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත)” (කුරානය 5:3).
මුස්ලිම්වරුන්ට ශාක බක්ෂක සිව්පාවන් කැප වන අතර මාංශ බක්ෂක සතුන් තහනම් ය. උදාහරණයක් ලෙස බල්ලන්, බළලුන්, මියන් ආදිය තහනම් වේ. එසේම නිය මගින් සතුන් අල්ලාගෙන ආහාරට ගන්නා රාජාලියා, උකුස්සා වැනි පක්ෂීන්ගේ මාංශ තහනම් ය. තවද ස්වභාවිකව මරණයට පත්වූ සත්වයින් සහ පහරකෑමට ලක් වී මරණයට පත්වූ සත්වයින්ද උස තැනකින් වැටීමෙන් මරණයට පත්වූ සතුන්ද වෙනත් සතෙකුගේ ගොදුරට පත්වීම නිසා මරණයට පත්වූ සතුන්ගේ මාංශද අනුභව කිරීම හරාම් ය. එසේම ඉවත්කරන ලද රුධිරය ආහාරයක් වශයෙන් ගැනීම තහනම් ය. මුස්ලිම්වරුන්ට අනුමත සත්වයින් වුවද අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් කැප කලේ නම් ඒවා අනුභව කිරීම තහනම් වේ.
අහාරය සඳහා අනුමත කළ සත්වයින් ඝාතනය කරන අවස්ථවේදී ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති ක්‍රමය අනුගමනය කොට තිබිය යුතුය. ඒ අනුව ඝාතනය කරන සත්වයාගේ සිරුරේ ඇති රුධිරය ඉවතට ගලා යාමට සැලැස්විය යුතුය. තවද මුස්ලිම්වරුන්ට ආහාරය සඳහා ගන්නා සත්වයින් ඝාතනය කළ යුත්තේ මුස්ලිම් වරයෙකු විසින්මය. කෙසේ වෙතත් යුදෙව්වන් සහ කිතුනුවන් විසින් දහමින් පෙන්වා ඇති ආකාරයට ඝාතනය කළ මාංශ මුස්ලිම්වරුන් සඳහා අනුමත කොට ඇත.
මේ හැරුණු විට සෑම මත්ද්‍රව්‍යයක්ම තහනම් වේ. ඒවා කුඩා ප්‍රමාණයෙන් හෝ විශාල ප්‍රමාණයෙන් පරිබෝජනය කිරීම සපුරා තහනම් ය.
කෙසේ වෙතත් ආහාර සඳහා හලාල් සහතිකයක් අවශ්‍යවන්නේ වෙළඳ පොලේ ඇති භාණ්ඩවලින් ඉස්ලාමිය නිර්ණායකයන්ට ගැලපෙන භාණ්ඩ කුමක්දැයි හඳුනාගැනීම සඳහා පමණි.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.