• ඔබ අවට ඇති සිය විශ්මය ජනක නිර්මානයන් වෙත මදකට ඔබේ අවදානය යොමු කරන්න. ඔබට ඉහළින් තිබෙන ආකාශය වෙත නෙත් යොමන්න. තවද ඔබ පිළිබඳ ස්වයං පරික්ෂණයක යෙදීමෙන් විශ්ව නිර්මාණයේ විශිෂ්ඨතවූ අපූර්වතාවය දැකගත හැක. නිසැකයෙන්ම සර්ව බල සම්පන්න ඒකීයෙකු වූ අල්ලාහ්ගේ නිර්මාණයන් හැර වෙන කිසිවෙකුගේ නිර්මාණයන් ලෙස ඔබ නොදකින්නේය. සක්සුදක්සේ මේවාහි නිර්මාතෘවරයා අල්ලාහ් ඒකීයෙකු හැර විවිධ නිර්මාතෘවරුන් සිටියේ නම් විශ්වයෙහි සැලැස්ම විනාශ වී යනු නියතය. මනා සිහි බුද්ධිය, කල්පනා කිරීමේ ශක්තිය ඇත්තා ඔහුගේ පිහිට පතමින්, ඔහුට සමීපවීමේ මාර්ගය සොයන අතර, නිසි දැනුමක් ලබා ඔහු දැන හඳූන ගැනීම උතුම්වු සත් කි්රයාවක් සේද සළකයි.
• මනා අවබෝධයකින් යුත් මිනිසා, මුලින්ම තමන් ගැන හා තමන් අවට තිබෙන මැවීම් පිළිබඳ අධ්‍යයනය කරමින්, ස්වයංව තමන්ගෙන්ම ප්‍රශ්න රාශියක් අසන්න පටන් ගනිඃ මා කොහේ සිටද පැමිණියේ? කුමක් සඳහාද පැමිණියේ? මාගේ ගමනේ අන්තය කුමක්ද? මගියෙකුට තමන් ගමන් කරන දිසාව පිළිබඳ දැනුමක් අවශ්‍ය මෙන්, මිනිසාට තමන්ගේ ජීවිත ගමන පිළිබඳ පූර්ව දැනීමක්, නිසි ඉලක්කයක් තිබීම අනිවාර්්‍යයි.
• ඉහත නැගු ප්‍රශ්න වලට ඉස්ලාම්හි විනා වෙන කිසිදූ මාර්ගයෙන් සෑහිමට පත් පරිසමාප්ත පිළිතුරු නොලැබෙයි. මෙම දහම තුළින් මිනිසාට විශ්වයේ මැවුම්කරු පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන අතර, ඔහු කරා සමීප කරවන යහපත් මාර්ගය ද පහදා දෙයි. තවද මතු ජීවිතයේ සිදූවීම් පිළිබඳ ඉස්ලාම් සියුම් ලෙස විග්රහ කරයි. අල්ලාහ්ගේ ආඥාවන්ට අවනතව ජීවත් වන සැබෑ මුස්ලිමෙකු දෙලොවෙහිම සෞභාග්‍යයෙන් පිරී ප්‍රීතිමත් ජීවිතයකට උරුමකම් කියයි.
• ඉස්ලාම් කිසිදූ වෙනසකට, සංශෝධනයකට භාජනය නොවූ සුරක්ෂිතවූ දහමකි. නිසැකයෙන්ම, ඉස්ලාම් සුරක්ෂිත දහමකි. නබි නායක මුහම්මද් (ﷺ) තුමන් එවකට ලොවට හදුන්වා දුන් ඉස්ලාම් දහම කිසිදූ වෙනස් කිරීමකට හෝ සංශෝධනයකට හෝ භාජනය නොවී එසේම පවතී. ඉස්ලාමීය ජීවන ප්‍රති පදාව පැහැදිළි ලෙස උගන්වන අල් කුර්ආනයට සමාන වෙනත් ග්රන්ථයක් මෙම විශ්වයේ දක්නට නොලැබීම එහි සුවිශේෂත්වය තවත් මොනවට කියාපායි. ම්නිසාගේ දෛනික ජීවිතයේ සෑම අංශයක් පිළිබඳම පැහැදිළි කරන, එදිනෙදා ජීවිතයේ පැන නැගෙන සෑම ගැටළුවකටම පිළිතුරු සපයන, මිනිසුන් අතර මිත්‍රත්වය තහවුරු කර, හොඳ දෑ නියෝග කර නොහොඳ දෑ වළක්වන, නීතිය සාධාරණය ඉටු කිරීමට නියෝග කරන, ප්‍රයෝජනවත් දැනුම ලබා ගැනීම සඳහා දිරිගන් වන එකම යහපත් දහම ඉස්ලාම් වේ.
• යම් පුද්ගලයෙකු ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීමේදි ඔහු පෙර කළ පාපයන්ට සමාව ලැබෙන අතර, ඔහු එදින උපත ලද දරුවෙකු සේ පවිත්‍ර වන්තයෙකු වෙයි, යහපත් මග තෝරා ගැනීම පෙර පාපයන්ට වන්දි වශයෙන් පිළිගැනේ, තවද ඔහු ඉස්ලාමයට ප්රවිශ්ඨ වීමට පෙර කළ දාන මාන වැනි පුණ්‍ය කටයුතු තුළින් අල්ලාහ්ට සමීප වන අතර, ඔහුගේ යහපත් ක්‍රියාවන් පිළිගනිමින් ඉස්ලාම් මෙහිලා ඔහුගේ පිං කුසල් ආරක්ෂා කරයි. කෙනෙකු කරන යහපත වෙනුවෙන් පිං බොහෝ ගුණයකින් වැඩ් පුර ලැබීම තුළින් අල්ලාහ්ගේ දයාව කරුණාව මනාවට පිළිබිඹු වෙයි.
By: Abu Asma
www.yayuthumaga.com