ජගත් සහෝදරත්වයේ සංකේතයයි හජ් කර්තව්‍යය:
ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ ක‍්‍රම වේද යොදා ඇත.
ශත වර්ෂ 14 කට පෙරම ඉස්ලාම් මෙම සමානාත්මතාවය මානවයා අතර ස්ථාපිත කළේය. අපේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමන්, තම ජීවිතයෙහි ඉටු කළ අවසන් හජ් කර්ව්‍යයේහිදී ජනතාව අමතා එතුමන් කළ ස්වර්ණමය දේශණයන් අතුරින් “අරාබි නොවන්නාට වඩා අරාබි ජාතිකයාට කිසිදු උත්තරීතර භාවයක් නැත, අරාබි නොවන්නාට ද අරාබි ජාතිකයාට වඩා කිසිදු උත්තරීතර භාවයක් නැත. කළු ජාතිකයාට වඩා සුදු ජාතිකයාට කිසිදු උත්තරීතර භාවයක් නැත. සුදු ජාතිකයාට වඩා කළු ජාතිකයාටද කිසිදු උත්තරීතර භාවයක් නැත. උත්තරීතර භාවය කෙනෙකුට හිමිවන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත් වීමෙන් පමණයි” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: අහ්මද්).
දිනකට පස් වතාවක් සලාතය ස්ථාපිත කිරීමට නියෝග කළ ඉස්ලාම්, එය සමූහව ඉටු කිරීමද නියෝග කරයි. එකට පෙළ ගැසී උරෙනුර ගැටී කෙනෙකු මෙම යාඥාව දිනකට පස් වරක් ඉටු කරන විට ඔහුගේ සිතෙහි මා ඔහුට වඩා උසස් යන උඩඟූකම පහවී යෑම නිසැකය. මෙය ගම තුළ සමානාත්මතාවය, සහෝදරත්වය ගොඩනැගීම සඳහා ඉස්ලාම් දැමූ වැඩ පිළිවෙලයි. ජගත් සහෝදරත්වය සඳහා ඉස්ලාම් දැමු වැඩපිළිවෙල නම් එයයි හජ් කර්ව්‍යය. ලෝකයේ විවිධ කෝනවලින් එක් රැස්වෙන ජනතාව නියමිත ස්ථානයකට පැමිණීමත් සමග නිම නොකළ සුදු වස්ත්‍රයන් දෙකකින් සැරසී එක හා සමානව එම ස්ථානයට රැස්වී විශ්වයෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ට යාඥා කරති.
මෙම හදවත් අතර මම යුරෝපියානු, මම අප්‍රිකානු, මම ආසියානු යන හැඟීමට වඩා අප සියල්ල සහෝදර මුස්ලිම් වරුන් යන හැඟීමයි ඉහළින් පවතින්නේ. මෙය තුළින් ඉස්ලාම් අපේකෂා කරන්නේ ජාත්‍යන්තර සාමයයි.
මෙය පසක් කිරීමක් වශයෙන් “මැල්කම් එක්ස්” කළ ප්‍රකාශය මෙහි සටහන් කිරීම යෝග්‍යය බව සිතමි. සුදු අධිරාජ්‍ය වාදීන් වූ ඇමරිකානුවන්ගේ වද හිංසා වලින් කළු ජාතීන් මුදවා ගැනීම සඳහා හඬ නගමින්, විරෝධතා ව්‍යාපාර දියත් කළ නායකයකු වන ඔහු, ඉස්ලාම් පවසන උසස් ජීවන ක්‍රමය අධ්‍යයනය කරමින් ඉස්ලාම් දහම වැළඳගත්තේය. පසුව හජ් කර්තව්‍ය ඉටු කිරීම සඳහා මක්කාවට පැමිණීමේ අවස්ථාවක් ඔහුගේ ජීවතයේ උදාවිය., එහි දුටු දර්ශනයන් ඔහුව මවිතයට පත්කළේය. එනම් කළු ජාතීන් සුදු ජාතීන් යන කිසිදු භේදයකින් තොර සියළු අය සහෝරදවරුන් මෙන් එකම ඇඳුමකින් සැරසී උරෙනුර ගැටී යාඥා කිරීමයි. “මෙම නිදහස වෙනුවෙනුයි අපි ඇමරිකාවෙහි හඬ නගමින් සිටින්නේ නමුත් ඉස්ලාම් එය ශත වර්ෂ 14 කට පෙරම ලබාදී ඇත” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ඉස්ලාම් දහම පිළිබඳ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරන්නන් එම නිර්මලවූ දහම පිළිබඳ මධ්‍යස්ථ, අපකෂපාති විග්‍රහයක් කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.
අල්ලාහ්ට ආදේශයන් ගැනීමෙන් සිදුවන විපාක:
පාපයන් අතුරින් ඉතා භයානක පාපය වශයෙන් ඉස්ලාම් සළකන්නේ අල්ලාහ්ට සමානයන් ගැනීමේ පාපයයි. මෙම පාපයට කෙනෙකු ජීවතුන් අරත සිටින විටම සමාව ලබා නොගත්තේ නම් ඔහුට මරණින් මතු ජීවිතයෙහි කිසිදු ගැලවීමක් ඔහුට නැත.
ඉස්ලාම් දහමෙහි මූලිකි හරයවන්නේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට පමණක් යාඥා කිරීමෙන් නොනැවතී, වෙනත් කිසිදු දෙයකට යාඥා නොකර සිටීමයි. අල්ලාහ්ට හැර වෙනත් දේට යාඥා කරන විට, ඔහුට පමණක් හිමි උසස් ගුණාංගයන් වෙනත් ඔහුගේ නිර්මාණයන්ටත් පවතින බව විශ්වාස කරන විට, ඔහුගේ දේවත්වයෙහි අබ ඇටයක තරම් හෝ ඔහුගේ මැවීම් අතුරින් කව්රුන් හෝ හිමිකම් කියන බව විශ්වාස කරන විට ඔහු අල්ලාහ්ට හවුල් කරුවන් ඇති කළ මහත් පාපය කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි.
අල්ලාහ්ට ආදේශයන් ගැනීමේ භයානක පාපය පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන් පාඨයන් මදකට කියවන්න:
අල්ලාහ් මෙසේ පවසයි : “නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් ගැනීමේ පාපය සමා නොකරන්නේය. ඒ හැර වෙනත් (පාපයන්) ඔහු රිසි අයට කමා කරයි. කව්රුන් අල්ලාහ්ට හවුල් කරුවන් ගනීද ඔහු මහත් පාපය මනඃකල්පිත කළේය”. (ශු අල්කුර්ආන් 4- 48).
“නියතයෙන් අල්ලාහ් ඔහුට ආදේශයන් ගැනීම සමා නොකරන්නේය. ඒ හැර වෙනත් (පාපයන්) ඔහු කැමති අයට සමා කරයි. කව්රුන් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු ප්‍රකට දුර්මාර්ගයේය.” (ශු අල්කුර්ආන් 4 – 116).
“අල්ලාහ්ට කිසිදු හවුල් කරුවෙකු නොගෙන ඔහුට සම්පූර්ණයෙන් අවනතවන්න. යමෙක් අල්ලාහ්ට සමානයන් තබන්නේද ඔහු අහසින් වැටුනාක් මෙන්ය. එවිට පකෂීන් ඔහු පැහැර ගන්නේ හෝ සුළඟ දුර තැනකට ඔහු උසුලාගෙන යන්නේ හෝ වන්නේය. (අල්ලාහ්ගේ අණ) එය. යමෙක් අල්ලාහ්ගේ මාර්ග සලකුණු ගරු කරන්නේද ඇත්තෙන්ම එය සිත්හි බිය බැතිමත් කමින්ය.” (ශු අල්කුර්ආන් 22- 31 32).
“මම ඔබ මෙන් මිනිසෙකු පමණි. (එහෙත්) ඔබගේ හිමියා එකම හිමියා යැයි මට දේව අනාවරණය පහළ වෙයි. එබැවින් යමෙක් ඔහුගේ හිමි හමුවීම ප්‍රිය කරයිද ඔහු යහකම් කරත්වා. තවද ඔහුගේ හිමි නැමදීමෙහිදි එකද සමානයකු නොගනිත්වා යැයි (ශාස්තෘවරයානනි ඔබ) කියන්න.” (ශු අල්කුර්ආන් 18- 110).
“ඔබටද ඔබට පෙරවූවන්ටද මාගේ දේව අනාවරණය වූයේ, ඔබ සමානයන් තැබුවේ නම් ඔබගේ යහකම් නිෂ්ඵල වන්නේමය. ඔබ පරාජිතයන්ගෙන්ද වන්නේය.” (ශු අල්කුර්ආන් 39- 65).
“කව්රුන් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහුට ස්වර්ගය තහනම් වන අතර, ඔහුගේ නවාතැන නිරයයි, අපරාධ කරුවන්ට කිසිදු පිහිටක් නැත.” (ශු අල්කුර්ආන් 5- 72).
නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් තුළ:
“කව්රුන් අල්ලාහ් හැර වෙනත් දේට යාඥා කරමින්, සමානයන් ගත් තත්ත්වයක මිය යයිද ඔහු නිරයට පිවිසෙනු ඇත.” යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).
“කව්රුන් අල්ලාහ්ට හවුල් කරුවන් ගත් තත්ත්වයක ඔහු හමුවෙයිද ඔහු නිරයට පිවිසෙනු ඇත” යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
අල්ලාහ් පැවසු බව නබි (සල්) තුමන් පවසයි: “ඔබ සමානයන් තබන දෙවිවරුන්ගෙන් මම අවශ්‍ය නැත්තෙකි. කව්රුන් මා හැර වෙනත් අය එක් කළ නැමදුම් කරයිද ඔහු හා ඔහු සමානයන් ගනිමින් කළ කි්‍රයාව මා අත් හැරියෙමි.” (මූලාශ්‍රය: මුස්ලිම්).
මක්කා ද්ධවූ භූමියෙහි ගරුත්වය හා සුවිශේෂත්වය:
මක්කාවෙහි පිහිටා ඇති එම පරිශුද්ධවූ ස්ථානය පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය:
“මිනිස් වර්ගයා ඔවුන් වටා පැහැර ගනු ලබත්ම අපි අභයදායි ශ=ද්ධ ස්ථානයක් කෙළෙමුයි ඔවුහු නොදක්නෝද? මෙසේය ඔවුහු බොරුව විශ්වාස කොට අල්ලාහ්ගේ අනුග්‍රහය ප්‍රතිෙකෂප කරන්නේ.” (ශු අල්කුර්ආන් 29 – 67)
“මෙම නගරය කව්රුන් පරිශ=ද්ධ කළේද එම අල්ලාහ් යාඥා කරන ලෙස මට නියෝග කර ඇත. සියල්ල ඔහු සතුය, තවද මුළුමනින් අවනතවූ කෙනෙකු වශයෙන් සිටීමටද මට නියෝග කර ඇත.” (ශු කුර්ආන් 27- 91)
“අප මේ ගෘහය (කඃබා) මනුෂ්‍ය වර්ගයාගේ මධ්‍යස්ථානය හා අභය ස්ථානය බවට පත්කොට ඉබ්‍රාහිම් යාඥා කිරීම සඳහා සිටගත් මේ ස්ථානය නැමදුම් තැනක් ලෙස වෙන් කරන ලෙස ජනතාවට අනුශාසනා කළ සැටි සිතන්න. තව ද, මාගේ මේ ගෘහය තවාෆ් (ප්‍රදක්ෂිණා) කරන්නවුන් සඳහා භක්ති වැඩීම හා යාඥා කිරීම පිණිස එහි රැඳී සිටිනු කැමතියන් සඳහා, සහ යාඥා ඉටු කරමින් රුකුඋ හා සුජුද් කරන්නන් සඳහා එය පරිශුද්ධව තබන ලෙස ඉබ්‍රාහිම් හා ඉස්මාඊල්ට අපි අවධාරණයෙන් පැවසීමු.” (ශු අල්කුර්ආනය 2- 125).
ඉහත සඳහ් අල්කුර්ආන් පාඨයෙහි සඳහන් රුකුඋ හා සුජූද් යන පදයන්ගෙන් අදහස් කෙරෙන්නේ: සලාතය තුළ කෙනෙකු තම දන හිස අල්ලා නැමී සිටින ඉරියව්ව රුකුඋ වශයෙන් හා තම නළල පෘෂ්ටියෙහි තබා කරන යාඥාව සජූද් වේ.
“මනුෂ්‍ය වර්ගයා උදෙසා (යාඥාව සඳහා) ඉදිකරන ලද ප්‍රථම ගෘහය නිසැකවම බක්කාහ්(මක්කාහ්)වෙහි (තනන ලද) ගෘහය වේ. එය ආශිර්වාද කරනු ලැබූ ස්ථානයද සකල ලෝකයටම මාර්ගෝපදේශ මධ්‍යස්ථානයද වේ. එහි (එම ගෘහයෙහි) පැහැදිලි සංඥාද, මකාමු ඉබ්‍රාහීම් (ඉබ්‍රාහීම් සිටී ස්ථානය)ද ඇත. එහි ඇතුළු වන කවරකු වූවද (නිරුපද්‍රිත හා) සුරකෂිත වන්නේය.” (ශු අල්කුර්ආනය 3- 196 , 197).
“අපේ හිමියනි! මා මාගේ පරම්පරාව කිසිදු වගා භූමියක් නොවන ඔබේ ශුද්ධවූ නිවස අසල වෙසෙන්නට කරමි. අපේ හිමියනි! ඔවුන් (එහි) සලාතය කිරීම සඳහාය. එබැවින් මිනිසුන්ගේ (යම් පිරිසකගේ) හදවත් ඔවුන් කෙරෙහි ඇදි එන කරුණාවන්තයින් බවට පත්කරනු! ඔවුන්ට ආහාරය සඳහා විවිධ පළතුරු වර්ගද ලබාදෙනුæ ඔවුන් ඔබට කෘතඥවනු ඇත.” (ශු අල්කුර්ආනය 14- 37)
මක්කාවෙහි පිහිටා ඇති එම පරිශුද්ධවූ ස්ථානය පිළිබඳ නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන්:
“වරක් ශාස්තෘවරයානන් අල්ලාහ් ප්‍රශංසා හා උත්කෘෂ්ට කිරීමෙන් පසු, මක්කාව පරිශුද්ධ කළේ අල්ලාහ්ය, එය පරිශුද්ධ කළේ මිනිසුන් නොවේ. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන කිසිවෙකුට මෙහි රුධිරය වැගිරීම හෝ, මෙහි වෘක්ෂලතාවන් කැපීම හෝ අනුමත නොවේ. අල්ලාහ්ගේ ශාස්තෘවරයානන් මෙහි සටන් කිරීම කව්රුන් හෝ පොදු අනුමැතියක් වශයෙන් සිතයි නම්, අල්ලාහ් තම ශාස්තෘවරයාට පමණයි එම අනුමැතිය ලබා දුන්නේ ඔබට නොවෙයි යනුවෙන් පවසන්න. මට ද දහවල් කාලයෙහි සුළු වේලාවක් පමණයි අනුමැතිය ලැබුනේ. අද එහි පාරිශුද්ධත්වය ඊයේ එහි පාරිශුද්ධත්වය මෙනි. මෙහි පැමිණ සිටින්නන් නොපැමිණියවුන්ට මෙය දන්වන්න”. යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
“නබි (සල්) තුමන් මක්කා ජයගත් දිනයෙහි (ජනතාව අතර) නැගිට අල්ලාහ් අහස හා පොළොව නිර්මාණය කළ විටම මක්කාව පරිශුද්ධ කළේය. අල්ලාහ් (එය) පරිශුද්ධ කිරීම අවසන් දිනය තෙක් එහි පරිශුද්ධත්වය එසේම පවති. මට පෙර කිසිවෙකුට මෙහි සටන් කිරීමට අනුමැතිය නොලැබුනි. එසේම මාගෙන් පසුවද කිසිවෙකුට අනුමැතිය නැත. මට ද (මක්කාව ජයග්‍රහණය කළ මෙම අවස්ථාවෙහි) සුළු වේලාවක් පමණයි සටන් කිරීමට අනුමැතිය ලැබුනේ. මෙහි ඇති දඩයම් සතුන් පළවා හැරීම තහනම් වේ, මෙහි ඇති වෘක්ෂලතාවන් කැපීම හෝ කුඩා පැළෑටී ඉවත් කිරීම තහනම් වේ, කෙනෙකුගේ නැතිවූ දෙයක් එය දන්වන්නා හැර වෙන කිසිවෙකු අත්පත් කිරීමට නොහැක යනුවෙන් පැවසූහ. අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් නැගිට ශාස්තෘවරයානනි! “ඉද්කිර්” තණ පත් හැර ද? මන්ද, එය නිධි කම්කරුවන් හා නිවස්වලට අවශ්‍ය වේ යනුවෙන් විමසූ විට නබි (සල්) තුමන් මදක් නිහ~ව සිට පසුව “ඉද්කිර්” හැර යනුවෙන් පවසා, එය කපා භාවිතා කිරීම අනුමත වේ.” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
හජ් හා උම්රා කර්තව්‍යයන් සඳහා අත් වැළක්!:
හජ් අනිවාර්්‍යවූ යාඥාවකි, එයට ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් හි පවතින සාධක:
හජ් අනිවාර්්‍යයවූ යාඥාවකි, එයට ශුද්ධවූ අල්කුර්ආනයෙන් සාධක:
අල්ලාහ් මෙසේ පවසයි:
“අල්ලාහ් උදෙසා එම නිවසට (ගොස්) හජ් කිරීමට ශක්තිය ඇති මිනිසුන්ට අනිවාර්්‍ය වේ. යමෙක් ප්‍රතිෙකෂ්ප කළහොත් ඇත්තෙන්ම අල්ලාහ් ලෝක වාසින්ගෙන් ස්වයං ප්‍රභුය”. (ශු අල්කුර්ආන් 3: 96 , 97)
“අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා පරිපූර්ණව ඉටු කරන්න.” (ශු අල්කුර්ආන් 2: 197)
“හජ් (කර්තව්‍යය සඳහා කාලය සැවෝම දන්නා) නියමිත මාසයන්හීය. කව්රුන් තමන් වෙත හජ් අනිවාර්්‍ය කරගනිවීද ඔහු සංසර්ගයෙහි යෙදීම, වැරදි දේ කථා කිරීම, වාද කිරීම නොකළ යුතුයි.” (ශු අල්කුර්ආන් 2:197).
හජ් අනිවාර්්‍යයවූ යාඥාවකි, එයට නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන්හි පවතින සාධක:
“වරක් නබි (සල්) තුමන් අපට දේශණයක් පැවැත්වූහ, ජනයිනි! අල්ලාහ් ඔබ වෙත හජ් අනිවාර්්‍ය කර ඇත, එබැවින් ඔබ හජ් ඉටු කරන්න, එවිට කෙනෙකු සෑම වසරක් පාසාමද? යනුවෙන් ප්‍රශ්න කළේය. මෙසේ ඔහු තෙවරක් විමසන තෙක් නබි (සල්) තුමන් නිහඬව සිටියහ. පසුව නබි (සල්) තුමන් මා ඔව් යැයි පැවසුවේ නම් එය ඔබට අනිවාර්්‍ය වී ඔබලාට එය ඉටු කිරීමට නොහැකිවනු ඇත. මා අත්හරින කරුණු වල ඔබලාද මා අත්හරිනු. මන්ද, මීට පෙර සමාජයන් අධිකව ප්‍රශ්න ඇසීම නිසාත්, ශාස්තෘවරුන්ට පිටුපා කටයුතු කිරීම නිසාත් විනාශයට පත්වූහ. මා යමක් ඔබලාට නියෝග කළ විට එය හැකිතාක් ඔබලා කි්‍රයාවට නංවන්න, මා තහනම් කළ දෙයින් මුළුමනින් වැළකි සිටින්න” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
“වරක් ජිබ්රීල් (අෙලෙහි) නබි (සල්) තුමන්ගෙන් ඉස්ලාම් යනු කුමක්ද? යැයි විමසූ විට, ඉස්ලාම් යනු නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත් මුහම්මද් (සල්) තුමන් අල්ලාහ්ගේ දූතවරයා බවත් සාකෂි දැරීම, සලාතය ස්ථාපිත කිරීම, සකාත් ශුද්ධකාරක බද්ද ගෙවීම, රමලාන් මස උපවාස ශීලය ඉටු කිරීම, අල්ලාහ්ගේ ශුද්ධවූ සිද්ධස්ථානය වූ කඃබාවට ගොස් (හජ් කර්තව්‍ය ඉටු කිරීමට) ශක්තිය ඇත්තන් එහි ගොස් හජ් කර්තව්‍ය ඉටු කිරීම.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මෙය දීර්ඝ පුවතක කොටසකි. (මූලාශ්‍රය: මුස්ලිම්).
“ඉස්ලාම් කුළුණු පහක් මත ස්ථාපිත වී ඇත, (පළමුව) නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බව හා, මුහම්මද් අල්ලාහ්ගේ ශාස්තෘවරයා බව සාකෂි දැරීම. (දෙවනුව) සලාතය ස්ථාපිත කිරීම. (තෙවනුව) සකාත් (ශුද්ධකාරක බද්ධ). (සිව්වැන්න) එම නිවසට ගොස් හජ් ඉටු කිරීමට ශක්තිය ඇති අය හජ් කර්වත්‍ය ඉටු කිරීම. (පස්වැන්න) රමළාන් මස උපවාසය ඉටු කිරීම.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
“කෙනෙකු නබි (සල්) තුමන් වෙත පැමිණ හජ් යාඥාව අනිවාර්්‍ය කරන්නේ කුමක්ද? යනුවෙන් විමසූ විට, ප්‍රවාහන පහසුකම හා ආහාර පහසුකම යනුවෙන් පිළිතුරු දුන්හ.” (මූලාශ්‍රය: තිර්මිදි).
කායිකව හා මුදල්මය වශයෙන් ශක්තිය ඇති සෑම කෙනෙකුටම ජීවිතයෙහි එක් වරක් හජ් කර්තව්‍ය ඉටු කිරීම අනිවාර්්‍ය වේ. එසේ ශක්තිය තිබියේදීත් කෙනෙකු මෙම යාඥාව පැහැර හරී නම්, ඉස්ලාමීය මූලික කුළුණු අතුරින් එක් කුළුණක් පැහැර හැරිය කෙනෙකු වශයෙන් සළකනු ලබන අතර ඔහු දැඩි දඬුවම් විඳිය යුතු පාපයක් කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි. බොහෝ දේපළ වත්කම් වලට හිමිකම් කියන බහුතරයක් මෙම යාඥාව ඉටු නොකර කල් මරමින් සිටිති. තවද අප සමාජය තුළ පවතින මිථ්‍යා මතයක් නම් හජ් කර්තව්‍ය කෙනෙකු තම ජීවිතයේ අවසන් අවදියෙහි ඉටු කළ යුතු යාඥාවක් බව.
කාහට කායික වශයෙන් හා මුදල්මය වශයෙන් හැකියාව පවතීද ඔහුට එම මොහොතේ සිට හජ් යාඥාව අනිවාර්්‍ය වනු ඇත. ඔහු තම වයෝවෘද්ධ භාවය තෙක් එය ඉටු නොකර නැතහොත් එම තත්ත්වයට පෙර ඔහු ඉටු නොකර මිය යයි නම් ඔහු නිසැකයෙන්ම වැරදි කරුවකි.
විශේෂයෙන් කාන්තාවන් සැළකිය යුතු කරුණක් නම් ඔවුන් කායිකව හා මුදල්මය වශයෙන් පමණක් නොව, ඔවුන්ට එම ගමන සඳහා සහයකයකුද අවශ්‍ය වේ. එසේ නොවන විට කාන්තාවන්ට හජ් අනිවාර්්‍ය නොවේ. විවාහ කරගැනීමට තහනම් අය අතුරින් කෙනෙකු ඇයගේ සහයට සිටිය යුතුයි. උදාහරණයට, ස්වාමි පුරුෂයා නැතහොත් පියා නැතහොත් පියාගේ සහෝදරවරුන්, නැතහොත් මවගේ සහෝදරවරුන්, නැතහොත් එක් කුස උපන් ඇයගේ සහෝදරවරුන්.
වරක් නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: “කාන්තාවක් විවාහ කරගැනීමට තහනම් (මහ්රම්) කෙනෙකුගේ සහයකින් තොරව ගමනක් නොයා යුතුයි තවද වෙනත් පිරිමියෙකු විවාහ කරගැනීමට තහනම් (මහ්රම්) කෙනෙකු නොමැති තත්ත්වයක (ඇයගේ නිවසට) ඇතුල් නොවිය යුතුයි යනුවෙන් පැවසූ විට, කෙනෙකු ශාස්තෘවරයානනි! මා අහවල්, අහවල් සේනාංකයන් සමග යා යුතුයි මාගේ බිරිඳ ද හජ් කිරීමට සූදානම් වෙයි යනුවෙන් පැවසූ විට, එසේ නම් ඔබ ඇය සමග හජ් ඉටු කිරීමට පිටත්වනු” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි, මුස්ලිම්).
හජ් යාඥාවෙහි සුවිශේෂත්වයන්:
“කි්‍රයාවන්ගෙන් උතුම් කි්‍රයාව කුමක් දැයි නබි (සල්) තුමන්ගෙන් විමසූ විට. අල්ලාහ් හා ඔහුගේ දූතවරයා විශ්වාස කිරීම යැයි පිළිතුරු දුන්හ. පසුව උතුම් කුමක් දැයි ඇසූ විට අල්ලාහ්ගේ මාර්ගයෙහි ශුද්ධවූ සටන් කිරීම යැයි පිළිතුරු දුන්හ. පසුව උතුම් ක්‍රියාව කුමක් දැයි විමසූ විට පාප කි්‍රයාවන්ගෙන් මිශ්‍ර නොවූ පිළිගත් හජ් කර්තව්‍යය යැයි පිළිතුරු දුන්හ.” (මූලාශ්‍රය: බුහාරි).
“සංසර්ගයේ නොයෙදී, වැරදි කි්‍රයාවන් නොකර කව්රුන් හෝ අල්ලාහ් වෙනුවෙන් යන පවිත්‍ර චේතානාවෙන් හජ් කර්තව්‍ය ඉටු කරයිද ඔහු එදින උපත ලද දරුවෙකු මෙන් කිසිදු පාපයකින් තොර යළි හැරෙනු ඇත.” යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
“එක් උම්රාවක්, තවත් උම්රාවක් අතර සිදුවූ පාපයන්ට වන්දිය වෙයි, පිළිගත් හජ් කර්තව්‍ය සඳහාවූ ප්‍රසාදය ස්වර්ගය හැර වෙන කිසිවක් නොමැත.” (මූලාශ්‍රය: බුහාරි).
“හජ් ඉටු කරන්නා, උම්රා කරන්නා හා ශුද්ධවූ යුද්ධයෙහි නිරතවන්නා යන තිදෙනා අල්ලාහ්ගේ අමුත්තන්ය”. යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: ඉබ්නු මාජා, ඉබ්නු හිබ්බාන්).
“හජ් කරන්නන් හා උම්රා කරන්නන් අල්ලාහ්ගේ අමුත්තන්ය. ඔවුන් ඔහුගෙන් ඇයදූ විට ඔහු පිරිනමන්නේය. ඔවුන් පශ්චාත්තාප වූ විට එම පශ්චාත්තාපය ඔහු පිළිගන්නේය.” (මූලාශ්‍රයන්: ඉබ්නුමාජා, නසායි).
“වරක් ආයිෂා (රලි) තුමිය කාන්තාවන් ශ=ද්ධවූ සටනට සහභාගි වීම අනිවාර්්‍යද? යනුවෙන් විමසා සිටියාය, එයට ශාස්තෘවරයානන් එසේය ඔවුන්ට අනිවාර්්‍යයි නමුත් එහි සටන් කිරීමක් නැත එය හජ් හා උම්රා වේ” යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: ඉබ්නු මාජා).
“කෙනෙකු ඉස්ලාම් දහම පිළිගැනීම ඔහු පෙර කළ සියළු පාපයන් විනාශ කරයි, කෙනෙකු හිජ්රත් සංක්‍රමණය කිරීම ඔහු පෙර කළ පාපයන් විනාශ කරයි, කෙනෙකු හජ් කර්තව්‍ය ඉටු කිරීම ඔහු පෙර කළ පාපයන් විනාශ කරයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
හිජ්රත් යනුවෙන් අදහස් කෙරෙන්නේ: අල්ලාහ්ගේ දහම තමන් ජීවත් වන ස්ථානයෙහි ස්ථාපිත කිරීමට නොහැකි වන විට එය ස්ථාපිත කිරීම සඳහා වෙනත් ස්ථානයක් බලා ගමන් කිරීමයි.
අපේ පියාණන් වූ නබි (ඉබ්රාහිම් (අෙලෙහි) තුමාණන් කළ ප්‍රාර්ථනාවන්:
“අප මේ ගෘහය (කඃබා) මනුෂ්‍ය වර්ගයාගේ මධ්‍යස්ථානය හා අභය ස්ථානය හා බවට පත් කොට ඉබ්‍රාහිම් යාච්ඥා කිරීම සඳහා සිටගත් මේ ස්ථානය නැමදුම් තැනක් ලෙස වෙන් කරන ලෙස ජනතාවට අනුශාසනා කළ සැටි සිතන්න. තවද, මාගේ මේ ගෘහය තවාෆ් (ප්‍රදක්ෂිණා) කරන්නවුන් සඳහා භක්ති වැඩිම හා යාඥා කිරීම පිණිස එහි රැඳි සිටිනු කැමතියන් සඳහා, සහ යාඥා ඉටු කරමින් රුකුඋ හා සුජුද් කරන්නන් සඳහා එය පරිශුද්ධව තබන ලෙස ඉබ්‍රාහීම් හා ඉස්මාඊල්ට අපි අවධාරණයෙන් පැවසුවෙමු.
තවද ඉබ්‍රාහීම් මෙසේ යාච්ඥා කළ බව සිහිපත් කරන්න. හිමියනි! මෙම නගරය සාමයේ හා ආරකෂාවේ නගරයක් බවට පත් කරන්න. එහි ජනයා අතුරෙන් අල්ලාහ් සහ මරණින් මතු ජීවිතය විශ්වාස කරන්නවුන් සඳහා සෑම වර්ගයේම පළතුරු සපයා දෙන්න. එවිට අල්ලාහ්: “විශ්වාස නොකරන්නවුන්ට පවා මෙලොව ජීවිතයට අවශ්‍ය දෑ මම ඔවුන්ට සපයන්නේමි. එහෙත් පරලොව දී මම ඔවුන් අපායේ වධ වේදනා සඳහා ඇදගෙන යන්නෙමි. එය නපුරුම ස්ථානය යි පිළිතුරු දුන්නේය. තවද මේ ගැන ද මතක තබා ගන්න: ඉබ්‍රාහීම් සහ ඉස්මාඊල් මෙම ගෘහයේ බිත්ති ගොඩනංවන කළ ඔවුහු මෙසේ යාච්ඥා කළහ. අපගේ ස්වාමිනි, අපගේ මෙම සේවය පිළිගන්න ඔබ සර්වශ්‍රාවක හා සර්වඥ වෙයි. ස්වාමිනි, අප දෙදෙනා ඔබගේ අවනත සේවකයන් (මුස්ලිම්වරුන්) කරන්න. තවද පුත්‍රදාරාවන්ගෙන් මුස්ලිම් (ඔබගේ අභිමත යට අවනත) ජනතාවක් නිර්මාණය කරන්න. අපි ඔබට ඉබාදත් (වතාවත්) කළ යුතු අයුරු අපට පෙන්වා දී අපගේ දෝෂයන්ට සමාව දෙනු මැනවි. ඔබ ක්ෂාමශීලී ය, දයාන්විතය. ස්වාමිනි, ජනයාට ඔබගේ පාඨයන් පාරායනා කරමින්, ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වමින් ඔවුන්ගේ ජීවිතය පිරිසිදු කරන්නා වූ අනාගත වක්තෘ කෙනෙකු ඔවුනතුරින් උත්ථාපනය කරනු මැනව. ඔබ සර්ව බලධාරී හා සර්ව ප්‍රඥා වේ.” (ශු කුර්ආනය 2-125 , 129).
අල්ලාහ් මෙසේ පවසයි: “මගේ ස්වාමිනි! මේ නගරය අභය ස්ථානයක් කරවන්න තවද මාද මගේ පුත්‍රයන්ද පිළිරූ ඇදහීමෙන් අරකෂා කරන්න. මගේ ස්වාමිනි! ඇත්තෙන්ම ඒ (පිළිරූ) මනුෂ්‍යයන්ගෙන් බොහෝ දෙනෙකු නොමඟ යැවුයේය. එහෙයින් යමෙක් මා අනුගමනය කරයිද ඔහු මගෙන්මය. යමෙක් මට අකීකරුවේද ඔබ කෂමාන්විතමය දයාලූමය. අපගේ ස්වාමිනි! ඔවුන් සලාත්හි නිරතවනු පිණිස ඔබගේ පරිශුද්ධවූ ගෘහය ආසන්නයෙහි අකරහ (බිම්වු) මිටියාවතෙක්හි අපගේ ස්වාමිනි! මගේ පරපුරෙන් (කොටසක්) නිවාස ග්‍රහණය කෙරෙව්වෙමි. ඔවුන් ස්තුති කරනු පිණිස මිනිසුන්ගෙන් (කොටසක) සිත් ඔවුන් කෙරෙහි පකෂපාතවන්නට සලස්සව. ඔවුන්ට පලතුරුවලින් බොජුන්ද දෙව.” (ශු අල්කුර්ආන් 14- 35 , 37).
“මා හා කිසිවක් සමාන නොකරව. තවද මගේ ගෙය පැදකුණු කරන්නවුන්ටද නැගිට සිටින්නවුන්ටද රුකුඋ කරන්නවුන්ටද සුජුද් කරන්නවුන්ටද පිරිසිදු කරන්න යි (කියමින්) අපි ඉබ්රාහීම්ට ගෙහි පොළ පාදා දුන් කල (සිහිකරව). මනුෂ්‍යයන්ට හජ් කිරීමට අඬගාව. ඔවුහු පයින්ද සෑම දුරස්ථවූ මාර්ගයෙන් එන අනේක වෑරුණු ඔටුවන් පිටද ඔබ වෙත පැමිණෙන්නෝය. ඔවුන්ට වන ප්‍රයෝජන සියැසින් දකින පිණිසද ගවේලක ක්‍රමේලක සතුන්ගෙන් ඔවුන්ට අල්ලාහ් දුන් දැය මත, නියමිත දවස්හි ඔහුගේ නාමය උසුරුවන පිණිසද, එහෙයින් එයින් අනුභව කරන්න. ඉතා දුප්පත් වූවන්ද අනුභව කරන්න.” (ශු අල්කුර්ආන් 22- 26 , 28).
වතාවත්, යහපත් කි්‍රයාවන් පිළිගනු ලැබීම සඳහා පවතින කොන්දේසි:
1- අල්ලාහ් හා ඔහුගේ ඒක දෙවත්වය විශ්වාස කිරීම:
අල්ලාහ් මෙසේ පවසයි: “ඇත්තෙන්ම කව්රුන් විශ්වාස කොට යහකම් කරයිද ඔවුනට ෆිර්දවුස් නමැති උසස් ස්වර්ගයන් ආගන්තුක සත්කාර වෙයි.” (ශු අල්කුර්ආන් 18 – 107).
නබි (සල්) තුමන් මෙසේ පවසයි: “අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබුුවෙමි යැයි පවසමින් එහි ස්ථීරව සිටින්න!” (මූලාශ්‍රය: මුස්ලිම්).
2- සියළු යාඥාවන්, වතාවත් අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු චේතනාවෙන් කිරීම:
අල්ලාහ් මෙසේ පවසයි: “(ශාස්තෘවරයානනි!) ඇත්තෙන්ම අපි ඔබට මෙම පුස්තකය සත්‍යයෙන් පහළ කළෙමු. එබැවින් මාර්ගයේ අවංකව අල්ලාහුටම නමඳුව.” (ශු අල්කුර්ආන් 39- 2).
“කව්රුන් පිවිතුරු සිතින් “ලාඉලාහ ඉල්ලල්ලාහ්” නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත යැයි පවසයිද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය.” යනුවෙන් නබි (සල්) තුමන් (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
මිනිසුන්ගේ අවදානය තමන් වෙත යොමු කරගැනීමේ අරමුණින් හෝ ඔවුන්ගේ ප්‍රශංසාව අරමුණු කොටගෙන හෝ යහපත් කි්‍රයාවන් කිරීම මුනිච්චාව වේ. (වැසී ඇති ෂිර්කය වේ). එබැවින් පිවිතුරු චේතනාවෙන් ප්‍රශංසාව හෝ ලෞකීක වාසි නොතකා අල්ලාහ් වෙනුවෙන් පමණක් යාච්ඥාවන් ඉටු කළ යුතුය.
3- අල්ලාහ්ගේ ශාස්තෘවරයානන් වන නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට අනූකූලව වතාවත් සැකසි තිබීම:
අල්ලාහ් මෙසේ පවසයි: “ඔබගේ දූතවරයා ගෙන ආ දේ ගන්න. ඔහු වැළැක්වු දැයින් වළකින්න. තවද අල්ලාහ්ට බිය බැති වන්න. ඇත්තෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමේ ඉතා දැඩිය.” (ශු කුර්ආනය 59- 7).
නබි (සල්) තුමන් මෙසේ පවසයි: “කව්රුන් අපගේ විෂයෙහි අපි අණ නොකළ දෙයක් අලූතින් කරයිද එය ප්‍රතිෙකෂ්ප කෙරෙයි.” (මූලාශ්‍රය: මුස්ලිම්).
4- යාඥාවන් කරන්නන් තමන්ගේ දේව විශ්වාසය හා යහපත් කි්‍රයාවන් කුෆ්ර්
(ප්‍රතිෙකෂ්පත්වයන්) නැතහොත් ෂිර්ක් සමානයන් ගැනීමෙන් විනාශ නොකළ යුතුය.
අල්ලාහ් මෙසේ පවසයි: “(ශාස්තෘවරයානනි!) ඔබටද ඔබට පෙර අයටද මා දේව පණිවුඩ අනාවරණය කළේ, ඔබ සමානයන් තැබුවේ නම් ඔබගේ යහකම් නිෂ්ඵල වන්නේමය. ඔබ පරාජිතයන්ගෙන්ද වන්නේය.” (ශු අල්කුර්ආන් 39 – 65).
“අල්ලාහ් මිස ඔබට සැපතක් නොකරන්නාවූද ඔබට විපතක් නොකරන්නාවූද දැයට යාඥා නොකරන්න. ඔබ එසේ කළේ නම් ඇත්තෙන්ම ඔබ අපරාදකරුවන්ගෙන් කෙනෙකුය.” (ශු අල්කුර්ආන් 10 – 106).
අල්ලාහ් මෙහි අපරාද කරුවා යැයි පවසන්නේ මුෂ්රික්- සමානයන් තබන්නාය. එම නිසා වතාවත්, අයදීම්, භාර කිරීම්, සත්ව කැප කිරීම්, මේ ආදි සියළු ක්‍රියාවන් අල්ලාහ් වෙනුවෙන් පමණක් කළ යුතුය. මෙම ක්‍රියාවන් වෙනත් ශාස්තෘවරුන් වෙනුවෙන් හෝ අව්ලියා උතුම් පුද්ගලයින් වෙනුවෙන් හෝ කිරීම ෂිර්ක් මහත් පාපය වේ.
සුදු වස්ත්‍රයන් දෙක ඇඳ චේතානව ඇති කරගැනීමට පනවා ඇති සීමාවන්:
1- “කර්නුල් මනාසිල්” (ෙසෙලූල් කබීර්): මෙය තායිෆ් නරගයට සමීපව පිහිටී ස්ථානයකි. මෙය නජ්ද් වාසින්ගේ හා එම මාර්ගයෙන් පැමිණෙන සියල්ලන් සඳහාවූ සීමාව වේ. “කර්නුල් මනාසිල්” යනු මක්කාවට නැගෙනහිරින් පිහිටී ඇති පර්වතයක නමයි. මෙය මක්කාවෙහි සිට කි. මී. 95 කට ඈතින් පිහිටී ඇත.
2- යලම්ලම්:- මෙය මක්කාවෙහි සිට කි. මී. 60 ඈතින් ඇති ජිද්දා පෙදෙසෙහි පිහිටි ඇති සඃදියා යන ස්ථානය වෙයි. ශී්‍ර ලංකාවෙහි හා ඉන්දියාවෙහි වෙසෙන්නන්ට හා මෙම මාර්ගයෙන් පැමිණෙන්නන්ට සීමාව මෙය වේ.
3- දුල් හුලෙයිෆා : මෙය මදීනා මුනව්වරාවට සමීපව පිහිටි ස්ථානයකි. මෙයට අබාර් අලි (අබ්යාර් අලි) යනුවෙන් කියනු ලැබේ. මෙය මදීනා වැසියන්ට හා මෙම මාර්ගයෙන් පැමිණෙන සියල්ලන්ගේ සීමාව වෙයි. මෙය මක්කාවට උතුරින් කි. මී. 450 ඈතින් පිහිටී ඇත.
4- අල්ජුහ්ෆා: මෙය රාබිඃ යන පෙදේසට සමීපව පිහිටී ස්ථානයකි. මෙය සිරියා වැසියන්ට හා මෙම මාර්ගයෙන් ගමන් කරන අයට පනවා ඇති සීමාව වේ. මෙය මක්කාවට උතුරින් සාමාන්‍යයෙන් කි. මී. 187 ඈතින් පිහිටි ඇත.
5- දාතු ඉර්ක් :- මෙය ඉරාක් වැසියන්ගේ හා මෙම මාර්ගයෙන් පැමිණ අයගේ සීමාව වේ.
6- මක්කා වැසියන් මක්කාව තුළම ඉහ්රාම් ඇඳිය යුතුය.
හජ් කර්වත්‍යයෙහි නීති රීතීන් අතුරින්:
හජ් කර්තව්‍යයෙහි මූලික කරුණු :
1- ඉහ්රාම් ඇඳ චේතනාව තැබීම.
2- 9 වැනි දින අරෆාවෙහි රැඳී සිටීම.
3- තවාෆ් අල් ඉෆාලා ඉටු කිරීම.
4- සයී කිරීම. (සෆා- මර්වා අතර සක්මනයෙහි යෙදීම). මේ අතුරි එකක් මග හැරුනද හජ් කර්තව්‍ය නොපිළිගැනේ.
හජ් හි ඉටු කළ යුතු අනිවාර්්‍ය කරුණු :
1- නියමිත සීමාවෙහි ඉහ්රාම් ඇඳීම.
2- ඉර බැස යන තෙක් අරෆාවෙහි රැඳී සිටීම.
3- මුස්තලිෆාවෙහි රාති්‍රයෙහි රැඳී සිටීම.
4- අයියාමුත් තෂ්රීක් 11, 12, 13 යන දිනයන්හි මිනාවෙහි රැඳී සිටීම.
5- ජම්රාවෙහි ගල් ගැසීම.
6- හිස කෙස් බූ ගැසීම නැතහොත් කොට කිරීම (බූ ගැසීම වැදගත් වේ).
7- තවාෆ් අල්විදා (ගමනෙහි තවාෆය කිරීම).
මෙයින් එකක් හෝ මග හැරුනු විට ඔහු දමු (ෆිද්යා) වන්දි වශයෙන් එක් එළුවෙක් කැප කළ යුතුය.
ඉහ්රාමයට පෙර කළ යුතු සුන්නාවන් (වෛකල්පිත කි්‍රයාවන්):
1- නියපොතු කැපීම.
2- උඩු රැවුල කැපීම.
3- කිසිල්ලේ රෝමයන් ඉවත් කිරීම.
4- රහස්‍ය පෙදේස්හි රෝමයන් ඉවත් කිරීම.
5- ස්නානය කිරීම.
6- යටි රැවුලට, හිසට සුවඳ විලවුන් ආලේප කිරීම.
(ඉහ්රාම් ඇඳුමට ආලේප නොකළ යුතුය).
7- ඉහ්රාම් ඇඳුම පිරිමීන්ට සුදු වර්ණයෙන් යුතුව තිබීම.
ඉහ්රාමයෙන් පසු කළ යුතු සුන්නත් (වෛකල්පිත) කි්‍රයාවන්:
1- තල්බියා සඡ්ජායනය කිරීම. (පිරිමීන් ශබ්ද නගා හා කාන්තාවන් නිහ~ව කීම).
2- හජරුල් අස්වද් ගල ඉඹ ගැනීම. එසේ කිරීමට නොහැකි විට එයට සඥා කිරීම.
3- තවාෆ්හි (උම්රාවෙහි තවාෆ් නැතහොත් තවාෆුල් කුදූම්) අපි උඩු කය මත දමා ඇති ඉහ්රාම් ඇඳුමෙහි කොටසක් දකුණු උරහිස යටින් ගෙන වම් උරහිස මත දැමිය යුතුය. මෙයට —අල් ඉල්තිබා˜ යනුවෙන් කියනු ලැබේ.
4- තවාෆ් සක්මනය නිම කිරීමත් සමග මකාමේ ඉබ්රාහීම් යන ස්ථානයෙහි රක්අත් දෙකක් සලාතය කළ යුතුය.
5- තවාෆ් කරන විට පළමු තුන් වතාව ඉතා වේගයෙන්, පාදයන් සමීපව තබමින් ගමන් කළ යුතුය. මෙයට අරාබියෙන් (අර්රමල්) යනුවෙන් කියනු ලැබේ.
ඉහ්රාම් ඇඳ චේතනාව තැබීමෙන් පසු නොකළ යුතු තහනම් කි්‍රයාවන්:
1- හිස කෙස් ඇතුළුව ශරීරයෙහි සෙසු ස්ථානවල රෝමයන් ඉවත් කිරීම.
2- නියපොතු කැපීම.
3- සුවඳ විළවුන් භාවිතා කිරීම, සුවඳ සබන් භාවිතා කිරීම විය හැක.
4- නිම කළ ඇඳුම් ඇඳීම තහනම්ය, (පා මේස් ඇතුළුව) නමුත් අත් ඔරලෝසු, පටි, ඇස් කන්නාඩි වැනි දේ පැළඳිය හැක.
5- පිරිමීන් හිස ආවරණය කිරීම.
6- ඉඹ ගැනීම, ධාතු පිට කිරීම.
7- සංසර්ගයෙහි යෙදීම.
8- විවාහ ගිවිසුම් ඇති කර ගැනීම.
9- දඩයම් කිරීම.
සටහන :- 1
ඉහත සඳහන් කරුණු හයෙන් එකක් හෝ සිදු වූ විට එයට වන්දි වශයෙන් පහත සඳහන් කරුණු තුනින් එකක් ඉෂ්ට කළ යුතුයි.
1- එක් එළුවෙක් (කුර්බානි) කැප කළ යුතුය. (එය දුගීන්ට ඛෙදා දිය යුතු අතර අපි ආහාරයට නොගත යුතුය).
2- නැතහොත් දුගීන් හය දෙනෙකුට ආහාර ලබා දිය යුතුය. (කෙනෙකුට කිලෝ එක හමාරක් බැගින් දිය යුතුය)
3- නැතහොත් උපවාස තුනක් රැකිය යුතුය (මක්කාවෙහි).
සටහන :- 2
ඉහත සඳහන් කරුණු අතුරින් හත් වැනි කරුණ වන සංසර්ගයෙහි යෙදීම ඉහ්රාම් ඇඳුමෙන් සැරසී චේතනාව ඇති කරගැනීමෙන් පසු කිරීම මහත් පාපයකි. මෙම නියෝගය උල්ලංඝනය කරමින් යම් කෙනෙකු ප්‍රථම ඉහ්රාමයෙන් මිදීමට පෙර සංසර්ගයෙහි යෙදුනේ නම් පහත සඳහන් ද~ුවම් වලට ඇතුල් වනු ඇත.
1- එය මහත් පාපයකි. (ඔහු මහත් පාපිෂ්ටයකි).
2- හජ් කර්තව්‍ය නොපිළිගැනේ.
3- දිගටම හජ්හි ඉදිරි කර්තව්‍යන් කරමින් නිමා කළ යුතුය.
4- වන්දි වශයෙන් යළි හජ් කරන විට ඔටුවෙකු (කුර්බානි) කැප කළ යුතුය.
ප්‍රථම ඉහ්රාමයෙන් මිදී, දෙවැනි ඉහ්රාමය- තවාෆුල් ඉෆාලා කිරීමට පෙර බිරිඳත් සමග එක්වුනේ නම් ඔහුට වන්දි වශයෙන් —දමු˜ ෆිද්යා වශයෙන් එක් එළුවෙකු දීම අවශ්‍ය වේ.
සටහන :- 3
අට වැනි කරුණ වන විවාහ ගිවිසුම කරන තත්ත්වයකට කෙනෙකු පත්වූයේ නම් ඔහු ඒ වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය.
සටහන :- 4
නම වැනි කරුණ වන දඩයම් කිරීම (මුහුදු දඩයම් නොවේ) ගොඩ බිමේ දඩයම් කළ විට දඩයම් කරන සත්තු සංඛ්‍යාවට සාපේකෂව වන්දි වශයෙන් එළුවන් කැප කළ යුතුය.
උම්රා යනු: ඉහ්රාම්, තවාෆ්, සයී (සක්මන් කිරීම), හිස කෙස් බූ ගැසීම, නැතහොත් කොට කර කැපීම ආදි කරුණු වලින් සමන්විත යාච්ඥාවකි.
උම්රා යාඥාව කළ යුත්තේ කෙසේද?
උම්රාවෙහි අනිවාර්්‍ය කරුණු :
ඉහ්රාම් ඇඳුමෙන් සැරසි උම්රා වෙනුවෙන් චේතනාව ඇති කර ගැනීම.
චේතනාව තැබීමේ ක්‍රම:-
َلَبَّيْكَ عُمْرَةً وَحَجًّا
“ලබ්බෙයික උම්රතන් වහජ්ජන්”
අර්ථය :- ස්වාමිනි! උම්රාව හජ් සමග එක් කර චේතනාව තබා ඔබේ සමූහයට පැමිණුනෙමි.
නැතහොත්:
لَبَّيْكَ عُمْرَةً
” ලබ්බෙයිකඋම්රතන්”
අර්ථය :- ඔබ වෙනුවෙන් උම්රා කර්තව්‍ය ඉටු කිරීමට ඔබගේ සමූහයට පැමිණුනෙමි. චේතනාව ඇති කරගැනීමෙන් පසු නබි (සල්) තුමන් පැවසූ ආකාරයට තල්බියා සඡ්ජායනය කළ යුතුය.
لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ
තල්බියා: ලබ්බෙයික් අල්ලාහුම්ම ලබ්බෙයික් ලබ්බෙයික් ලා ෂරික ලක ලබ්බෙයික් ඉන්නල් හම්ද වන්නිඃමත ලක වල්මුල්ක් ලා ෂරීක ලක්.
අර්ථය : යා අල්ලාහ් නුඹේ ඇරයුම පිළිගෙන මා පැමිණියෙමි. හිමියනි! ඔබට සමානව කිසිකෙනෙකූ නැත. ස්වාමිනි ඔබ අභියසට පැමිණුනෙමි. නිසැකයෙන්ම ප්‍රශංසාව වරප්‍රසාදයන්, සර්වාධිපත්‍ය සියල්ල ඔබ සතුය. ඔබට කිසිදු සමානයක් නොමැත.
විශේෂ සටහන :
කිරාන් ක්‍රමයෙහි හජ්, උම්රා ඉටු කරන සහෝදරවරු (උම්රාව හා හජ් එකට කරන්නන්):
لَبَّيْكَ عُمْرَةً وَحَجًّا
“ලබ්බෙයික උම්රතන් වහජ්ජන්”
අර්ථය :- ස්වාමිනි! ඔබ වෙනුවෙන් හජ් හා උම්රා කරන්නට ඔබගේ සමූහයට පැමිණුනෙමි.
ශුද්ධවූ කඃබාවට පැමිණීමත් සමග :
වෙනත් සිද්ධස්ථානයන් තුළට පිවිසෙන විට දකුණු පාදය ඉදිරියට තබමින් පහත සඳහන් ප්‍රාර්ථනාවන්ගෙන් කැමති ප්‍රාර්ථනාවක් උසුරමින් පිවිසන ආකාරයට කඃබාවටද පිවිසිය යුතුය. කඃබාවට පිවිසෙන විට උසුරීම සඳහා විශේෂ ප්‍රාර්ථනාවන් නබි (සල්) තුමන් උගන්වා දුන්නේ නැත.
اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِ
“අල්ලාහුම්ම ෆ්තහ් ලී අබ්වාබ රහ්මතික.” (මූලාශ්‍රය: මුස්ලිම්).
අර්ථය: හිමියනි! ඔබේ දයාවේ දොරටුවන් මා හට විවර කරන්න. (ඉබ්නු මාජා).
بسم الله والصلاة والسلام على رسول الله اللهم اغفرلي ذنوبي وافتح لي أبواب رحمتك أعوذ بالله العظيم وبوجهه الكريم وسلطانه القديم من الشيطان الرجيم
“බිස්මිල්ලාහි වස්සාලාතූ වස්ලාමු අලා රසූලිල්ලාහි අල්ලාහුම්මඃ ෆිර්ලී දුනූබී වෆ්තහි ලී අබ්වාබ රහ්මතික අඌදුබිල්ලාහිල් අලීම් වබිවජ්හිහිල් කරීම් වසුල්තානිහිල් කදීම් මිනෂ් ෂෙයිතානිර් රජීම්.” (මූලාශ්‍රය: අබූදාවුද්).
අර්ථය: “අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල්වෙමි, ශාන්තිය හා සමාදනය නබි (සල්) තුමන්ට උදාවේවා! යා අල්ලාහ්! මාගේ පාපයන්ට සමාව ලබා දෙන්න, තවද ඔබේ දයාවෙන් පිරිපුන් දොරටුවන් මාහට විවර කරන්න, අති ශ්‍රේෂ්ඨවූත්, ගරුත්වයෙන් යුත් පෙනුමක් ඇති සර්ව බලධාරි අල්ලාහ්ගෙන් ශාපයට ලද් ෙෂෙතාන්ගේ නපුරෙන් ආරකෂාව පතමි.” (මූලාශ්‍රය: අබූ දාවූද්).
2 තවාෆ්:
තවාෆ් අතර වාරයේ දකුණ උරඉස විවෘතව පැවතිය යුතුයි තවාෆ් යනු ශ+ද්ධවූ කඃබාව හත් වතාවක් සක්මන් කිරීම වේ. තවාෆ් කිරීම ආරම්භ කරන විට උම්රා වෙනුවෙන් ඉටු කරන්නාවූ තවාෆය අල්ලාහ් වෙනුවෙන් ඉටු කරමි, යන පිවිතුරු චේතනාවෙන්, කඃබාවට ගිණි කොනින් පිහිටා ඇති හජරුල් අස්වද් කළු ගල සිප ගත යුතුය. එසේ සිප ගැනීමට හැකියාවක් නොමැති අවස්ථාවක දෑතින් ස්පර්ෂ කර එය සිප ගත යුතුය. දෑතින් ස්පර්ෂ කිරීමටත් නොහැකි අවස්ථාවක භාවිතා කරන කෝටුවක් වැනි දෙයකින් එය ස්පර්ෂ කර සිප ගත යුතුය. එසේ කිරීමටත් නොහැකි අවස්ථාවක දෑතින් එයට සඥා කළ යුතුයි. (ඉහත සඳහන් රූප සටහන බලන්න) හජරුල් අස්වද් ගල ස්පර්ෂ කරන විට හෝ එයට සඥා කරන විට:
الله أكبر
“අල්ලාහු අක්බර්” යනු පැවසිය යුතූය.
අර්ථය: “අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය”. පසුව කඃබාව තමන්ගේ වම් පැත්තට කරමින් සක්මන් කිරීම ආරම්භ කළ යුතුය. මෙම සක්මන් කිරීමේ හත් වතාවෙන් පළමු තුන් වතාව ඉතා වේගයෙන්, පාදයන් සමීපව තබමින් ගමන් කළ යුතුය. මෙයට අරාබියෙන් (රමල්) යනුවෙන් කියනු ලැබේ. සෙසු සිව්වතාව සමාන්‍ය වේගයෙන් ගමන් කළ යුතුය. තවාෆ් සක්මන් කරන අවස්ථාවේදී දකුණු උර ඉස අවාර්ණය නොවී තිබීමට වග බලා ගත යුතුය. (ඉහත සඳහන් රූප සටහන බලන්න) කෙනෙකු තමන්ගේ ශරීරයේ උඩ කොටස ආවර්ණය කරන ඉහ්රාම් ඇඳුමෙහි මැද කොටස දකූණු අතෙහි යටින් ගෙන එමින්, එහි කෝනයන් දෙක වම් උර ඉස මත තබා ගත යුතුය. මෙයට අරාබියෙන් “ඉල්තිබා” යනුවෙන් කියනු ලැබේ.
“රුක්නුල් යමානිය”ට ළංවීමත් සමග හැකියාවන් ඇති අය එහි කෝනය ස්පර්ෂ කරමින්, එය ස්පර්ෂ කිරීමට නොහැකිවූ විට එය කෙරෙහි සඥා නොකළ යුතුයි. රුක්නුල් යමානිය හා හජරුල් අස්වදය අතර පහත සඳහන් ප්‍රාර්ථනාව උසුරිය යුතූය.
ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار
“රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අදාබන් නාර්”
“අපේ හිමියනිæ මෙ ලොවෙහිද, මතු ලොවෙහිද අපට යහපත දෙනු මැන, අපාය ගින්නේ වේදනාවෙන්ද අප ආරකෂා කරනු මැන.”
1- “රුක්නුල් යමානි” යනු: යමන් දේශයට මුහණලා ඇති කඃබාවේ එක් කෝනයකි. මෙය කඃබාවට නිරිත දිගින් පිහිටී ඇති එක් කොනකි. (ඉහත සඳහන් රූප සටහන බලන්න) කඃබාව තවාෆ් සක්මන් කරන විට එය ස්පර්ෂ කළ යුතුය. එසේ ස්පර්ෂ කිරීම නබි (සල්) තුමන්ගේ මඟ පෙන්වීමකි. එය ස්පර්ෂ කිරීමට නොහැකි වූවද, එම ස්ථානයට පැමිණෙන විට ඉහත සඳහන් ප්‍රාර්ථනාව පාරායනය කළ යුතුය.
2- කඃබාවට උතුරින් ඉනේ ප්‍රමාණයට (අඩක වටයක්) මෙන් කොටසක් පිහිටී ඇත. එයත් කඃබාවට අයත් කොටසකි. (ඉහත සඳහන් රූප සටහන බලන්න) මෙම කොටසත් කඃබා පෙදෙසට ඇතුල් වී තිඛෙන හෙයින් එය ඇතුළුව තවාෆ් සක්මන් කිරීම අවශ්‍ය වේ. මෙයට “හතීම්” යනු කියනු ලැබේ.
සලාතය:- තවාෆ් සක්මනය නිම කිරීමත් සමග මකාමේ ඉබ්රාහීම් යන ස්ථානයෙහි රක්අත් දෙකක් සලාතය කළ යුතුය. එම ස්ථානයෙහි සලාතය කිරීමට නොහැකි නම්, කඃබාවේ කැමති ස්ථානයක එය ඉටු කළ හැකිය. එම රක්අත් දෙකක සලාතයෙහි මුල්ම රක්අතයෙහි ෆාතිහා පරිච්ඡේදයත් සමග කුල් යා අයියුහල් කාෆිරූන් පරිච්ඡේදයද, දෙවැනි රක්අතයෙහි ෆාතිහා පරිච්ඡේදයත් සමග කුල් හුවල්ලාහු අහද් යන පරිච්ඡේදයද පාරායනය කළ යුතුය, සලාතය නිම කිරීමත් සමග හැකි නම් හජරුල් අස්වද් ගල ළඟට පැමිණ එය සිප ගත යුතුය. ඉන් පසු සම් සම් ජලය පානය කිරීමද ප්‍රිය දායි කි්‍රයාවකි. (උපවාසයේ නිරත වී සිටින්නන් එය පානය කිරීමෙන් වැළකි සිටිය යුතුය)
සයි: සෆා, මර්වා අතර සක්මන් කිරීම :- පසුව සෆාවට පැමිණ එය මත නැග කඃබාව බලා තමන්ගේ දෑත් ඔසවා අල්ලාහ් ප්‍රශංසා කරමින් තමන්ට අවශ්‍ය කැමති ප්‍රාර්ථනාවන් කළ හැකිය. පසුව සක්මන් කිරීම ආරම්භ කිරීමට පෙර කඃබාව දෙසට හැරී පහත සඳහන් වැකි පාරායනය කළ යුතූය.
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ
“ඉන්නස් සෆා වල් මර්වත මින් ෂආඉරිල්ලාහ්”
අර්ථය: “නියත වශයෙන්ම සෆා හා මර්වා (යන කඳු) අල්ලාහ්ගේ සංකේතයන් අතුරින්ය.˜“
අනතුරුව කිබ්ලාවට මුහුණලා
لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ
“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලාෂරීකලහු ලහුල්මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂය්ඉන් කදීර් ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දා අන්ජස වඃදහ් වනස්ර අබ්දහ් වහසමල් අහ්සාබ වහ්දහ්”
යනු තෙවතාවක් උසුරිය යුතුය.
අර්ථය: “නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසි කෙනෙකු නැත. ඔහු ඒකීයය, ඔහුට කිසිදු සමානයක් නැත, ප්‍රශංසාව හා බලය ඔහු සතුය. ඔහු සියළු දේ කෙරෙහි ශක්ති වන්තයාය, නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත, ඔහු ඒකීයය. අල්ලාහ් තමන්ගේ ප්‍රතිඥාව ඉෂ්ඨ කරමින්, ඔහුගේ දාසයා වන නබි (සල්) තුමන්ට ජයග්‍රහණය ලබා දුන්නේය, ඔහු තනිව සිටිමින් ඔහුට එරෙහිව පැමිණියවුන් පරාජයට පත්කළේය.”
සෆා මර්වා අතර සක්මන් කිරීම වටයන් හතකි. සෆාවෙහි සිට මර්වාවට යෑම එක් වටයක් වශයෙන් සළකනු ලබයි. මර්වාවෙහි සිට සෆාවට ඒම දෙවැනි වටය වශයෙන් සළකනු ලබයි. පෙර සඳහන් කළා සේ සෆාවෙහි කළ එම ප්‍රාර්ථනාවන් මර්වාවෙහිද කළ යුතුය. කොළ පැහැයෙන් යුත් කණු දෙක අතර පිරිමීන් වේගයෙන් දිව යා යුතුය. තමන්ට කැමති ප්‍රාර්ථනාවක් ඒ අතර තුර කළ හැක. විශේෂ ප්‍රාර්ථනාවන් නැත.
මෙසේ සයී නිම කිරීමෙන් පසු තමත්තුඃ ක්‍රමය අනූව හජ් ඉටු කරන්නන් තමන්ගේ හිස කෙස් කොට කර කැපිය යුතුයි. බූ ගැසීම වැදගත් වූවත් ඔහු යළි 10 වැනි දින හිස කෙස් බූ ගැසීමට තිඛෙන නිසා කොට කර කැපීමයි උචිත වන්නේ. මෙය කිරීමෙන් පසු ඔහු මුළුමනින් ඉහ්රාමෙන් පිටත්වෙයි. යළි 8 වැනි දින හජ් සඳහා ඉහ්රාම් ඇඳ චේතනාව ඇති කරගන්නා තෙක් ඔහුට තම බිරිඳත් සමග සංසර්ගයෙහි යෙදීම ඇතුළුව සියල්ල අනුමත වේ. නමුත් ඉෆ්රාද්, කිරාන් ක්‍රමය අනූව හජ් ඉටු කරන්නන් ඔවුන් අඛණ්ඩව ඉහ්රාම්හි රැඳී සිටිය යුතුයි.
“යව්මුත්තර්වියා” යනුවෙන් හඳුන්වනු ලබන දුල්හජ් 8 වැනි දින:
1- උම්රා කිරීමට පෙර කුමන සුන්නත් (වෛකල්පිත) කි්‍රයාවන් කළේද එයම ඉටු කළ යුතුය. උදාහරණයට ස්නානය කිරීම, සුවඳ විලවුන් ආලේප කිරීම.
2- කුමන ස්ථානයෙහි සිටින්නේද එම ස්ථානයෙහි සිට ඉහ්රාම් වස්ත්‍රය ඇඳ හජ් කර්තව්‍ය ඉටු කරමි, යනුවනේ මනසින් සිතා “ලෙබ්බෙයික හජ්ජන්” යනුවෙන් කිව යුතුය.
3- පසුව තල්බියා පැවසිය යුතුය:
لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ
තල්බියා: ලබ්බෙයික් අල්ලාහුම්ම ලබ්බෙයික් ලබ්බෙයික් ලා ෂරික ලක ලබ්බෙයික් ඉන්නල් හම්ද වන්නිඃමත ලක වල්මුල්ක් ලා ෂරීක ලක්.
අර්ථය : යා අල්ලාහ් නුඹේ ඇරයුම පිළිගෙන මා පැමිණියෙමි. හිමියනිæ ඔබට සමානව කිසිකෙනෙකූ නැත. ස්වාමිනි ඔබ අභියසට පැමිණුනෙමි. නිසැකයෙන්ම ප්‍රශංසාව වරප්‍රසාදයන්, සර්වාධිපත්‍ය සියල්ල ඔබ සතුය. ඔබට කිසිදු සමානයක් නොමැත.
තල්බියා ජම්රතුල් අකබාවෙහි ගල් ගසා නිම කිරීමත් සමග නතර කර තක්බීර් පැවසිය යුතුය. 10 වැනි දින තෙක් තල්බියා සඡ්ජායනය කිරීම සුන්නත් වේ.
4- පසුව ලූහරයට පෙර මිනාවට පැමිණ සලාතයෙහි නියමිත වේලාවට රක්අත් 4 සලාතය රක්අත් 2 ට කෙටි කර ඉටු කළ යුතුය. කෙටි කර ඉටු කළ යුතු සලාතයන් වන්නේ ලූහර්, අසර්, ඉෂා ආදි සලාතයන් වේ. මඃරිබ් සලාතය පවතින ආකාරයටම කළ යුතුය. සුබ්හ් සලාතයද නියමිත වේලාවට සමූහව රක්අත් දෙකම ඉටු කළ යුතුය.
5- මේ දින වල අධික වශයෙන් තස්බීහ්, තහ්මීද්, තහ්ලීල්, අල්කුර්ආන් පාරායනය, ප්‍රාර්ථනාවන් ආදි කටයුතු වල හා යහපත් ක්‍රියාවල නියැලීමත් සමග නබි (සල්) තුමන් උදේ, සවස පාරායනය කරන්නට උගන්වාදුන් ප්‍රාර්ථනාවන් උසුරිය යුතුය.
6- සුබ්හ් සලාතය තෙක් නින්දෙන් පසුවී එම නියමිත සලාතය සමූහව ඉටු කර ඉර උදාවන තෙක් මිනාවෙහි රැඳී සිටිය යුතුය.
අරෆා දින වූ 9 වැනි දින:
1- ඉර උදාවීමෙන් පසු අරෆා කඳු වැටිය බලා යා යුතුය. යන විට තල්බියා සඡ්ජායනය කරමින් යා යුතුය.
2- ඉර මුදුන් වී බසින තෙක් “වාදි උරනා” නමිරාවෙහි රැඳී මස්ජිදුන් නමිරාවෙහි පැවැතෙන දේශනයට සහභාගි වී එහි පැවැත්වෙන සමූහ සලාතයටද සහභාගි විය යුතුය. සහභාගිවීමට අසමත් වන අය එහි වෙනත් ස්ථානවල පැවැතෙන සමූහ සලාතවල සහාභාගි විය යුතුය. මෙම සලාතය එක් අදාන් කැඳවීමක් කර, ඉකාමත්ද කියා ලූහර් සලාතය කෙටි කර රක්අත් 2 ක් කළ යුතුය, යළිත් ඉකාමත් කියා අසර් සලාතයද රක්අත් දෙකක් ලෙස කෙටි කර ඉටු කළ යුතුය. මෙයට “ජම්උත් තක්දීම්” (පෙරටු කොට කිරීම) යනුවෙන් කියනු ලැබේ. මේ ආකාරයට නබි (සල්) තුමන් කරමින් අරෆාවට ඇතුල්වූහ.
3- අරෆා ඉදිරි කෝනයේ “මස්ජිදුන්නමිරාහි” පිටුපස කොටස සැකසි ඇත. එහි ඉදිරි කොටස “වාදි උරනාවෙහි” සැකසි ඇත. ඉදිරි කොටසෙහි රැඳී සිටින හාජි වරුන් දේශනය හා සලාතය නිම වීමත් සමග සිද්ධස්ථානය තුළ රැඳි සිටින්නට ප්‍රිය කළේ නම් පිටු පස කොටසට පැමිණ අසුන් ගත යුතුය. මන්ද, ඉදිරි කොටස අරෆාවට අයත් කොටසක් නොවෙයි. එය අරෆාවට පිටතින් ඇති කොටසකි. අරෆාවෙහි කෙනෙකු නොරැඳුනු විට හජ් නොපිළිගැනේ. “හජ් යනු අරෆාවෙහි රැඳී සිටීමයි” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අබූදාවූද්, අහ්මද්, තිර්මිදි, නසායි, ඉබ්නුමාජා).
4- තවද නබි (සල්) තුමන් පැවසූහ: “අධික වශයෙන් අල්ලාහ් තමන්ගේ දාසයන් නිරයේ දඩුවමෙන් නිදහස් කරන දිනය අරෆා දිනය වේ.” (මූලාශ්‍රය: මුස්ලිම්). එබැවින් මෙම දින අධික වශයෙන් පශ්චාත්තාප අයදිය යුතුය. ප්‍රාර්ථනාවන්හි නියැලීමට පෙර කිබ්ලාවට මුහුණලා වාඩිවී දෙ අත් ඔසවා බැගෑපත්ව අයදිය යුතුය.
විශේෂයෙන් අරෆා දිනයෙහි නබි (සල්) තුමන් හා සෙසු ශාස්තෘවරු පැවසු වචනය වූ “ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලාෂරීකලහු ලහුල්මුල්කු වලහුල් හම්දු වහුව අලා කූල්ලි ෂය්ඉන් කදීර්” යන මෙම පාඨයන් අධිකව කීම ඉතා වැදගත් වේ. තවද දික්ර් (සිහි කිරීම්), දුආ (ප්‍රාර්ථානවන්), ඉස්තිඃෆාර් (පශ්චාත්තාප වීම්). නබි (සල්) තුමන් මත සලවාත් කීම ආදි යහපත් කි්‍රයාවන්හි අඛණ්ඩව නිරත විය යුතුය.
5- ඉර සම්පූර්ණයෙන් බැස යන තෙක් අරෆාවෙහි සිට පිටත්නොවිය යුතුය. නබි (සල්) තුමන් තමන්ගේ “කස්වා” යන ඔටුවාගේ කුස බයි කඳු පර්වතය වෙතට යොමු කර ජනාතව තමන්ගේ ඉදිරියට තබා කිබ්ලාවට මුහුණලා සිටිමින් ඉර බැස කහ වර්ණය නැතිවන තෙක් එහි රැඳී සිට ප්‍රාර්ථානවෙහි නියැලයි. (වාර්තා කරන්නේ: ජාබිර් (රලි) මුලාශ්‍රය: මුස්ලිම්).
6- එබැවින් සම්පූර්ණයෙන් ඉර බැස යන තෙක් රැඳී සිට, මඃරිබ් සලාතය ඉටු නොකර අරෆාවෙහි සිට මුස්තලිෆාව බලා පිටත්විය යුතුය.
ඉර බැස යෑමත් සමග මුස්දලිෆාව බලා පිටත් වී යෑම:
1- ඉර මුළුමනින්ම බැස යෑමත් සමග තල්බියා සඡ්ජායනය කරමින් ඉතා නිහතමානීව සංවරයෙන් යුතුව සෙසු හාජි වරුන්ට බාධාවන් නොවන ආකාරයට මුස්දලිෆාව බලා යා යුතුය.
2- මුස්දලිෆාවට පැමිණීමත් සමග අදාන් හා ඉකාමත් කියා මඃරිබ් සලාතයේ රක්අත් තුනම ඉටු කළ යුතුය. පසුව ඉකාමත් කියා ඉෂා සලාතය රක්අත් 2 ලෙස කෙටි කර ඉටු කළ යුතුය. සලාතය ඉටු කරන සෑම අවස්ථාවේදීම සමූහව ඉටු කළ යුතුයි.
3- පසුව හිමිදිරි උදෑසන නැගිට ෆජ්ර් සලාතය සමූහව ඉටු කර, “මෂ්අරුල්හරාම්” දැන් මුස්දලිෆාවෙහි පිහිටී මස්ජිදයට පියමනිමින්, කිබ්ලාවට මුහුණලා අල්ලාහ් ප්‍රශංසා කරමින්, ඔහු උත්කෘෂ්ට කරමින්, ඔහුගේ එකීය භාවය තහවුරු කරමින් ප්‍රාර්ථනාවල නියැලිය යුතුය.
4- ඉර උදාවීමට පෙර මුස්දලිෆාවෙහි සිට මිනාව බලා පිටත්විය යුතුය. මුස්දලිෆා සීමාවෙහි පිහිටී ඇති අබ්රහාගේ ඇත් සේනාංකය විනාශ කරනු ලැබු “වාදිල් මුහස්සිර්” යන ස්ථානය පසු කරන විට ඉතා වේගයෙන් ගමන් කිරීම නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමකි.
5- 10 වැනි දින ජම්රතුල් අකබාවෙහි ගසන ගල් නබි (සල්) තුමන් මුස්දලිෆාවෙන් පිටවී මිනාව බලා යන අතර වාරයේ අහුලා දෙන්නට අණ කළහ. කෙනෙකු තමන්ගේ පහසුව තකා මුස්දලිෆාවෙහි ගල් අහුලා ගැනීමද වැරදි නොවේ. ගල් හතක් අහුලා ගැනීම සුන්නත් වේ.
සටහන:- නබි (සල්) තුමන් කාන්තාවන්ට, දුබලත්වයෙන් පසුවෙන්නන්ට හිමිදිරි උදෑසනින්ම මිනාවට යන ලෙස නියෝග කළහ. ඉර උදාවන තෙක් ගල් නොගැසිය යුතුයි යනුවෙන්ද නියෝග කළහ. (වාර්තා කරන්නේ: අදා (රලි) ග්‍රන්ථය: අබූදාවූද්, නසායි).
එබැවින් දුබලත්වයෙන් පසුවෙන්නන්, කුඩා දරුවන්, කාන්තාවන් ඔවුන්ගේ සිය ස්වාමි පුරුෂයින් නැතහොත් එම කාන්තාවන් සමග පැමිණුනු මහ්රම් (විවාහ කිරීමට තහනම්) උදවිය සමග රාත්‍රියේ අවසන් භාගයේදීම පිටව යෑමට අනුමැතිය ඇත. (අනිවාර්්‍ය නොවේ). සෙසු අය මුස්දලිෆාවෙහි නවාතැන් ගනිමින් සුබ්හ් සලාතය සමූහව ඉටු කර ප්‍රාර්ථනාවල නියැලී ඉර උදාවීමට මදකට පෙර මුස්දලිෆාවෙහි සිට පිටවිය යුතුය.
දුල්හජ් 10 වැනි දින නහ්ර්-කුර්බානි (ඊද් උත්සව දිනයයි):
1- ඉර උදාවීමෙන් පසු ජම්රතුල් අකබාවෙහි (ජම්රතුල් කුබ්රාවෙහි) ගල් 7 ක් ගැසිය යුතුය.
2- ගල් ගැසීමට පෙර වම් පස කිබ්ලාවද, දකුණු පස මිනාවද තිඛෙන ආකාරයට සිට ගනිමින් එක් එක් ගලක් ගසන විට අල්ලාහු අක්බර් යැයි පැවසිය යුතුයි. (ඉහත සඳහන් රූප සටහන බලන්න).ගලෙහි ප්‍රමාණය කොණ්ඩ කඩලයේ ප්‍රමාණයට වඩා මදක් ලොකු විය යුතුය. (ඉහත සඳහන් රූප සටහන බලන්න). පාවහන්, ලොකු ගල්, කුඩ, කෝටු වැනි දෙයින් නොගැසිය යුතුය.
3- ගල් ගැසීමෙන් අනතුරුව තල්බියාව නතර කර මිනාවෙහි රැඳී සිටින 10, 11, 12, හා 13 වැනි දින අසර් සලාතය තෙක් තක්බීර් කිව යුතුය. “අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් කබීරා.” (අල්ලාහ් ඉතා ශ්‍රේෂ්ඨයි, අල්ලාහ් ඉතා ශ්‍රේෂ්ඨයි).
4- ගල් ගැසීමෙන් අනතුරුව කුර්බානි දිය යුතුය. ඉන් පසුව හිස කෙස් බූ ගැසිය යුතුය. නැතහොත් කොට කළ යුතුය. මෙයත් සමග කෙනෙකු මුල් ඉහ්රාමෙන් පිටවෙයි. බිරිඳත් සමග එක් වීම හැර සෙසු තහනම් සියළු දේ අනුමත වේ. උÞහරණයට :- නිම කළ ඇඳුම් ඇඳීම, සුවඳ විළවුන් ආලේප කිරීම.
පිරිමීන් හිස කෙස් බූ ගැසීමයි වැදගත් වන්නේ. නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයක, 3 වතාවක් අල්ලාහ්ගේ දයාව ලැබේවා යනුවෙන්ද වෙනත් හදීසයක 3 වතාවක් පාපයන් කමා කළ යුතුයි යනුවෙන්ද ප්‍රාර්ථනා කළේ හිස කෙස් බූ ගසන්නන්ට පමණි. කාන්තාවන් ඇඟිලි තුඩ ප්‍රමාණයකට සිය හිස කෙස් කැපිය යුතුය.
5- “තවාෆුල් ඉෆාලා” හජ්හි මූලික කුළුණු අතුරින් එකක් වේ. මෙය අනිවාර්්‍යයෙන් ඉටු කළ යුතුයි. මෙය මග හැරුනු විටද හජ් නොපිළිගැනේ. මෙය “තවාෆුස් සියාරා” යනුවෙන්ද “තවාෆුස් සතර්” යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙය ඉටු කිරීමෙන් පසු “සයි” කළ යුතුය. මෙයත් සමග කෙනෙකු ඉහ්රාමෙන් සම්පූර්ණයෙන් පිටත්වෙයි. ඉහ්රාම් අතර තුර තහනම් සියළු කරුණු මෙතන් සිට අනුමත වේ.
සටහන 1- ගල් ගැසීමට නොහැකි දුබල අය වෙනුවෙන් ගල් ගසන කෙනෙකු මුලින්ම තමන් වෙනුවෙන් ගල් ගැසීමෙන් අනතුරුවයි ඔහු වෙනුවෙන් ගැසිය යුත්තේ.
සටහන 2- එක් එළුවෙක් දීමට නොහැකි අය උපවාසයන් 10 ඉටු කළ යුතුය. එයින් 3 ක් මක්කාවෙහි සිට ඉටු කළ යුතු අතර ඉතිරි 7 සිය ගම බලා පැමිණීමෙන් පසු ඉටු කළ යුතුය.
6- තවාෆුල් ඉෆාලා හා සයී දෙකම නිම කර රාත්‍රියෙහි නවාතැන් ගැනීම සඳහා මිනාවට පැමිණිය යුතුය. එහි රැඳී සිටින දිනයන් වන 11, 12, 13 ආදි දිනයන්හි සලාතය සමූහව ඉටු කළ යුතුය. නියමිත වේලාවට ලූහර්, අසර්, ඉෂා තුනම කෙටි කර රක්අත් දෙකක් වශයෙන් ඉටු කළ යුතුය. මඃරිබ් සලාතයෙහි හා සුබ්හ් සලාතයෙහි රක්අතයන් පවතින ආකාරයටම ඉටු කළ යුතුය.
දුල්හජ් දින 11, 12, 13 දිනයන්:
11, 12, 13 යන අයියාමුත් තෂ්රීක් දිනයන් හි, සෑම දිනයක් පාසාම ඉර මුදුන් වී මදක් බැසීමේ (ලූහර් වේලාව්) සිට ජම්රා තුනෙහිම ගල් ගැසිය යුතුය.
1- මිනාවෙහි සිටින මස්ජිදුල් කෛෆ් සමීපව ඇති ජම්රතුල් ඌලා නැතහොත් ජම්රත් අස්සුඃරා යනුවෙන් හඳුන්වනු ලබන කුඩා- ප්‍රථම ජම්රාවෙහි ගල් 7 ක් ගැසිය යුතුය.
2- එක් එක් ගලක් ගසන විට අල්ලාහු අක්බර් යැයි පැවසිය යුතුය. ගල් 7 එක සැරේම නොගැසිය යුතුය. එසේ ගසන විට එය එක් වතාවකටයි සළකනු ලබන්නේ. ගල් හතම ගසා නිම කිරීමෙන් පසු දකුණු පසෙන් මදක් ඉදිරියට යමින් කිබ්ලාවට මුහුණලා දෙ අත් ඔසවා දීර්ඝ වේලාවක් ප්‍රාර්ථනාවල නියැලිය යුතුය. (ඉහත සඳහන් රූප සටහන බලන්න)
3- පසුව ජම්රත් අල් වුස්තාවෙහි මධ්‍යයේ ඇති මෙම ජම්රාවෙහි ගල් 7 තක්බීර් කියමින් ගසා මදක් වම් පසට ගොස් කිබ්ලාවට මුහුණලා දෙ අත් ඔසවා දීර්ඝ වේලාවක් ප්‍රාර්ථනා කළ යුතුය. (ඉහත සඳහන් රූප සටහන බලන්න).
4- පසුව අවසන් ජම්රාවෙහි ගල් ගසන විට වම් පස කඃබාව හා දකුණු පස මිනාව තිඛෙන ආකාරයට තක්බීර් කියා ගල් 7 ගසා එම ස්ථානයේ නොරැඳී පැමිණිය යුතුය.
5- මේ ආකාරයට 12 හා 13 ආදි දිනයන්හිද ගල් ගැසිය යුතුය.
සටහන: 12 වැනි දින මිනාවෙන් කෙනෙකු පිටත්වීමට කැමති වූයේ නම්, ජම්රා තුනෙහිම ගල් ගසා ඉර බැස යෑමට පෙර මිනාවෙහි සිට පිටත්විය යුතුය.
අවසන් වශයෙන් මක්කාවෙහි සිට පිටවීමට පෙර “තවාෆුල් විදාඃ” ගමනෙහි තවාෆය අනිවාර්්‍යයෙන් කළ යුතුය. මෙය මග හැරුනු විට ෆිද්යා වශයෙන් එක් එළුවෙක් කැප කිරීම අනිවාර්්‍ය වේ.
සටහන : ඔසප්වූ කාන්තාවන්, දරුවන් පිළිසිඳ ගත් කාන්තාවන් “තවාෆුල් විදාඃ” කිරීම අනිවාර්්‍ය නොවේ. එය මග හැරීම නිසා දමු කුර්බාන් දීමටද අවශ්‍ය නොවේ. ඔවුන්ට එය ලිහිල් කර ඇත.
ඔසප් වූ කාන්තාවන් නියමිත සීමාවෙහි ස්නානය කර ඉහ්රාම් චේතනාව ඇති කර කඃබාව තවාෆ් කිරීම හැර සෙසු සියළු කර්තව්‍යන් කළ යුතුය. පිරිසිදුවීමෙන් පසු ස්නානය කර තවාෆ් කළ යුතුය.
විශේෂ සටහන :
“තමත්තුඃ” ක්‍රමය අනූව හජ් කර්තව්‍ය ඉටු කරන සියළු උදවිය වෙනුවෙන් වේ. එනමුත් “කිරාන්” ක්‍රමය අනූව හජ් ඉටු කරන්නන් සීමාවෙහි උම්රා හා හජ් වෙනුවෙන් එකම වේලාවේ චේතනාව තබමින් “ලබ්ෙඛෙක උම්රතන් වහජ්ජන්” යනුවෙන් පවසා උම්රා කර්තව්‍ය ඉෂ්ට කර, ඉහ්රාමෙන් නොපිටවී අඛණ්ඩව ඉදිරි යාඥා කටයුතු ඉටු කර කුර්බානිද දිය යුතුය. මොවුන් තවාෆුල් ඉෆාලා කරන විට සයී කරන්න අවශ්‍ය නැත. මේ ලෙසම “ඉෆ්රාද්” ක්‍රමය අනූව හජ් පමණක් ඉටු කිරීමට අදිටන් කරගන්නන් නියමිත සීමාවෙහි චේතනාව තබමින් “ලබ්ෙඛෙක හජ්ජන්” යනුවෙන් පවසා සියළු කර්තව්‍යන් ඉටු කර දිගටම ඉහ්රාම්හි සිටිමින් ජම්රතුල් අකබාවෙහි ගල් ගැසීමෙන් පසු හිස කෙස් බූ ගසා ඉහ්රාමෙන් පිටවිය යුතුය. මොහුට හද්යු- කුර්බාන් නොමැත. ඔවුන් ප්‍රථමයෙන් සයී කළේ නම්, තවාෆුල් ඉෆාලා කිරීමෙන් අනතුරුව සයී කිරීමටද අවශ්‍ය නොවේ.
අවසන් වශයෙන්:
“ඔවුන් අවට (මක්කාවෙන් පිටත) වෙසෙන මිනිසුන් විරුද්ධවාදින් ගෙන් පැහැරගෙන යන තත්වයක් තුළ (මෙම මක්කාව) අභය භූමියක් ලෙස පත්කර ඇති තත්ත්වය ඔවුන් නොදුටුවේද?” (අල්-අන්කබූත්- 29 67)
අල්ලාහ්ගේ දැඩි ආරකෂාව මත ඇති මෙම ශුද්ධවූ භූමියට පිවිසෙන්නන් එහි අනන්‍යනතාවන් ආරකෂා කරමින් කිිසිදු වරදකට ඉඩ නොතබා, පැනවුනු යාච්ඥා කටයුතු නියමාකාරයට කරන්න අල්ලාහ්ගේ ආශිර්වාද ලැබේවා!
හජ් යාඥාව අතර තුර සිදුවන වැරදීන් කිහිපයක්
1- ඉහ්රාම් ඇඳ නියමිත සීමාවන්හි චේතනාව තබන විට විශේෂ සලාතයක් සමහරුන් ඉටු කරති, එයට කිසිදු සාධකයක් නොමැත.
2- කාන්තාවන්ගේ ඉහ්රාම් ඇඳුම නියමිත වර්ණයෙන් යුතුව පැවතිය යුතුයි යනු නීතියක් නොමැත. නමුත් කාන්තාවන් තමන්ගේ මුහුණ දෙඅත් මැණික් කටුව දක්වා හැර සෙසු පෙදේස ආවරණය කළ යුතුයි. පිරිමීන් පොළඹවන ආකාරයට ඔවුන්ගේ ඇඳුම් නොවිය යුතුයි.
“තවාෆ්” කඃබාව සක්මන් කරන යාඥාව අතර තුර සිදුවන වැරදි කි්‍රයාවන්:
1- කඃබාව සක්මන් කරන විට පිරිමීන් දකුණු උරඉස ආවරණය නොකිරීම.
2- මුල් වටයන් තුන පාදයන් සමීපව තබා ඉක්මනින් ගමන් නොකිරීම.
3- එක් එක් වටයන් සඳහා සුවිශේෂ ප්‍රාර්ථනාවන් පාරායනය කිරීම, නමුත් මෙයට නබි (සල්) තුමන්ගෙන් කිසිදු ආදර්ශයක් නැත. එතුමන් සුවිශේෂීව අපට උගන්වා දුන්නේ එක් ප්‍රාර්ථනාවක් පමණි, එය රුක්නුල් යමානි හා හජරුල් අස්වද් අතර පාරායනය කිරීම සඳහායි. “රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අදාබන්නාර්” (අපේ හිමියනිæ අපට මෙලොව හා මතුලොව යහපතම දෙනු මැනව, නිරයෙහි ගින්නෙහි ද~ුවමින්ද අප ආරකෂා කරනු මැනව). ඒ හැර එක් එක් වටයන් සඳහා විශේෂ ප්‍රාර්ථනාවන් හෝ විශේෂ පරිච්ඡේදයන් හෝ පාරායනය කිරීමට නබි (සල්) තුමන් උගන්වා දුන්නේ නැත. කෙනෙකුට කැමති ප්‍රාර්ථනාවක්, කැමති අල්කුර්ආන් පරිච්ඡේදයක් පාරායනය කරන්නට පුළුවන්. ඒ හැර විශේෂ යමක් පාරායනය කරන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් තුළින් සාධක පෙන්විය යුතුයි. එසේ නොවන විට එය ඉස්ලාම් නොවනු ඇත.
4- ප්‍රාර්ථනාවන් තනි තනිවයි කළ යුත්තේ. ඒ වෙනුවට කෙනෙකු කියන විට සෙසු අය එයට “ආමීන්” කීම සඳහා කිසිදු සාධකයක් නැත. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: “ඔබගේ හිමියන්ගෙන් බැගෑපත්වද නිහඬවද අයදිනු. නියතවශයෙන් ඔහු සීමාව ඉක්මවන්නන් පි්‍රය නොකරන්නේය.” (ශු අල්කුර්ආන් 7- 55). සමහර උදවිය මෙසේ කිරීමට තවත් හේතුවක් නම්, ඔවුන් සිතාගෙන සිටින්නේ ප්‍රාර්ථනාව අරාබි මාධ්‍යයෙන්ම පැවතිය යුතුයි යනුවෙන්, එසේ නොව කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවන් තමන්ට දන්නා මාධ්‍යයකින් අල්ලාහ්ගෙන් පැතිය හැක.
5- ශුද්ධවූ කඃබාවෙහි ස්පර්ෂ කිරීමට ස්ථානයන් දෙකක් පමණයි පවතිනේනේ. ඒ හැර සෙසු ස්ථානයන් ස්පර්ෂ කිරීමට හෝ සිප ගැනීමට හෝ කිසිදු සාධකයක් නොමැත. එසේම “මකාම් ඉබ්‍රාහීම්” (ඉබ්‍රාහීම් අෙලෙ සිටී ස්ථානයද) සිප ගැනීමට හෝ ස්පර්ෂ කිරීමට කිසිදු සාධකයක් නොමැත. ශුද්ධවූ කඃබාවෙහි සිප ගැනීමට හෝ ස්පර්ෂ කිරීමට අනුමැතිය ඇති ස්ථානය හජරුල් අස්වද් ගල වේ, ස්පර්ෂ කිරීමට අනුමැතිය ඇති ස්ථානය රුක්නුල් යමානිය වේ. බොහෝ උදවිය මෙය නොදැනුවත්ව කඃබාවෙහි හැම ස්ථානයක්ම සිපගනිති, ස්පර්ෂ කරති. නබි (සල්) තුමන් යාඥාවන්හි සීමාව ඉක්මවා යෑම තහනම් කළේය. නබි (සල්) තුමන් කළේ කුමක්ද? එය පමණයි ඉස්ලාම් ඒ හැර වෙනත් දේ ප්‍රතිෙකෂ්ප කරනු ලබයි. හජරුල් අස්වද් ගල සිප ගන්නා විටද කෙනෙකු තුළ පැවතිය යුතු චේතනාව මෙය නබි (සල්) තුමන් කිරීම නිසයි මා කරන්නේ. එයට හොඳම නිදසුන: උමර් (රලි) කළ ප්‍රකාශයයි. “හජරුල් අස්වද් ගල බලා, යහපතක් හෝ අයහපතක් කිරීමට ශක්තියක් නැති ගලක් පමණි නුඹ, නබි (සල්) තුමන් නුඹ සිප ගැනීම මා නොදුටුවේ නම් මාද නුඹ සිප නොගනිමි.” අන්න ඒ නිසා එම ගලට කිසිවක් කිරීමට ශක්තියක් නොමැත, එසේ යමක් කිරීමට ශක්තිය ඇති බව සිතීම ඉස්ලාමීය මූලීක ප්‍රතිපත්තීන්ටද විරුද්ධ වේ.
6- හජරුල් අස්වද් ගල ස්පර්ෂ කරන අවස්ථාවේදී නැතහොත් රුක්නුල් යමානි ස්පර්ෂ කරන අවස්ථාවේ සෙසු අයට හිරිහැරයක් නොවීමට වග බලා ගත යුතුයි. එසේ සෙසු අයට හිරි හැරයන් වන තත්ත්වයක ජනකාය සිටින විට හජරුල් අස්වද් ගලට සඥා කිරීම පමණක් ප්‍රමාණවත් වේ. එය නබි (සල්) තුමන්ගේ මග පෙන්වීම වේ.
7- තවාෆ් නිම කිරීමෙන් පසු මකාම් ඉබ්‍රාහීම්˜ (ඉබ්‍රාහීම් අෙලෙ සිටී ස්ථානය) පිටු පස සිට රක්අත් දෙකක් සලාතය කළ යුතුයි. එය කෙනෙකු කරන විට තමන්ගේ දකුණු උර ඉස ආවරණය කර ගත යුතුයි. එම ස්ථානයෙහි කිරීමට නොහැකි නම් මස්ජිදුල් හරාම්හි කුමන ස්ථානයක වූවත් එය ඉටු කළ හැක. නමුත් සමහර උදවිය කෙතරම් ජනකායක් සිටියත් එම ස්ථානයේම එය කිරීමට යෑමෙන් අන් සහෝදරවරුන් විවිධ අපහසුතාවන්ට ලක්වෙති. එබැවින් එසේ නොකර ජනකාය පිරි පවතින විට වෙනත් ස්ථානයන්හි එය ඉටු කළ යුතුයි.
“සයී” සෆා මර්වා අතර සක්මන් කරන විට සිදුවන වැරදීන්:
1- සයී කරන අවස්ථාවෙහි සමහරුන් තමන්ගේ දකුණු උර ඉස ආවරණය නොකර සිටීම. දකුණු උර ඉස අනාවරණය කිරීම තවාෆ් කරන අවස්ථාවේදී පමණක් සිදුවිය යුතු කි්‍රයාවකි.
2- එක් එක් වටයන් සඳහා විශේෂ ප්‍රාර්ථනාවන්, විශේෂ පරිච්ඡේදයන් පාරායනය කිරීම. නබි (සල්) තුමන් අපට එසේ උගන්වා දුන්නේ නැත. එබැවින් කෙනෙකු තමන්ට කැමති ප්‍රාර්ථනාවන්, කැමති අල්කුර්ආන් පාඨයන් පාරායනය කළ හැක. “කව්රුන් අපගේ විෂයෙහි අපි අණ නොකළ දෙයක් කරයිද එය ප්‍රතිෙකෂ්ප කරනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
3- ප්‍රාර්ථනාවන් තනි තනිවයි කළ යුත්තේ. ඒ වෙනුවට කෙනෙකු කියන විට සෙසු අය එයට “ආමීන්” කීම සඳහා කිසිදු සාධකයක් නැත. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: “ඔබගේ හිමියන්ගෙන් බැගෑපත්වද නිහඬවද අයදිනු. නියතවශයෙන් ඔහු සීමාව ඉක්මවන්නන් පි්‍රය නොකරන්නේය.” (ශු අල්කුර්ආන් 7- 55). සමහර උදවිය මෙසේ කිරීමට තවත් හේතුවක් නම්, ඔවුන් සිතාගෙන සිටින්නේ ප්‍රාර්ථනාව අරාබි මාධ්‍යයෙන්ම පැවතිය යුතුයි යනුවෙන්, එසේ නොව කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවන් තමන්ට දන්නා මාධ්‍යයකින් අල්ලාහ්ගෙන් පැතිය හැක.
4- කොළ පැහැයෙන් යුත් කණු අතර පිරිමීන් වේගයෙන් දිව නොයෑම, කාන්තාවන් දිව යෑම මේ දෙකම වැරදි කි්‍රයාවන් වේ.
5- සෆාවෙහි සිට මර්වාවට යෑමෙන් පසු කඃබාව බලා දෙඅත් ඔසවා ප්‍රාර්ථනා කිරීම වෙනුවට එයට සඥා කිරීම.
මිනාවෙහි රැඳී සිටින 8 වැනි දින සිදුවන වැරදීන්:
1- සලාතයන් නියමිත වේලාවට කෙටි කර ඉටු කළ යුතුයි, නමුත් ඒ වෙනුවට සලාතයන් කෙටි නොකර ඒ ආකාරයටම ඉටු කිරීම.
2- යහපත් කි්‍රයාවන් කෙරෙහි අවදානය යොමු නොකර කාලය ගත කිරීම.
3- නබි (සල්) තුමන්ගේ කිසිදු ආදර්ශයක් නොමැති තත්ත්වයක එම දිනය සඳහා විශේෂ ප්‍රාර්ථනාවන්, අල්කුර්ආන් පරිච්ඡේදයන් පවතින බව සිතා එ වැනි දේ පාරායනය කිරීම. නබි (සල්) තුමන් පැවසීම සඳහා අපට උගන්වා දුන් තල්බියා අධිකව කිව යුතුයි. මෙය 8 වැනි දින සිට 10 වැනි දින ගල් ගසන තෙක් අඛණ්ඩව කිව යුතුයි.
අරෆාවෙහි රැඳී සිටින 9 වැනි දින සිදුවන වැරදීන්:
1- ලූහර් සලාතය හා අසර් සලාතය එකට එක්කර කෙටියෙන් (රක්අත් දෙක, දෙක) ලූහර් වේලාවේ ඉටු කළ යුතුයි. නමුත් මෙය එසේ ඉටු නොකිරීම.
2- නබි (සල්) තුමන්ගේ කිසිදු ආදර්ශයක් නොමැති තත්ත්වයක එම දිනය සඳහා විශේෂ ප්‍රාර්ථනාවන්, අල්කුර්ආන් පරිච්ඡේදයන් පවතින බව සිතා එ වැනි දේ පාරායනය කිරීම. නමුත් නබි (සල්) තුමන් මෙම දිනයෙහි විශේෂයෙන් පැවසීම සඳහා අපට උගන්වා දුන්නේ “ලා ඉලාහ ඉල්ලලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු යුහ්යි වයුමීතු වහුව අල් කුල්ලි ෂයිඉන් කදීර්.” (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත, ඔහු ඒකීයයි, ඔහුට කිසිදු සමානයක් නැත, ඔහුටයි පාලනය, ඔහුටයි ප්‍රශංසාව, ඔහු සියල්ල කෙරෙහි බලවන්තයාය).
3- ප්‍රාර්ථනාවන් තනි තනිවයි කළ යුත්තේ. ඒ වෙනුවට කෙනෙකු කියන විට සෙසු අය එයට “ආමීන්” කීම සඳහා කිසිදු සාධකයක් නැත. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: “ඔබගේ හිමියන්ගෙන් බැගෑපත්වද නිහඬවද අයදිනු. නියතවශයෙන් ඔහු සීමාව ඉක්මවන්නන් පි්‍රය නොකරන්නේය.” (ශු අල්කුර්ආන් 7- 55). සමහර උදවිය මෙසේ කිරීමට තවත් හේතුවක් නම්, ඔවුන් සිතාගෙන සිටින්නේ ප්‍රාර්ථනාව අරාබි මාධ්‍යයෙන්ම පැවතිය යුතුයි යනුවෙන්, එසේ නොව කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවන් තමන්ට දන්නා මාධ්‍යයකින් අල්ලාහ්ගෙන් පැතිය හැක. නබි (සල්) තුමන් අරෆා දින තමන්ගේ දෑත් ඔසවා තනිවයි ප්‍රාර්ථනා කළේ.
4- ඉර බැස යෑමට පෙර අරෆාවෙහි සිට මුස්දලිෆාව බලා පිටත්වීම.
මුස්දලිෆාවෙහි රැඳී සිටින රාත්‍රියෙහි සිදුවන වැරදීන්:
1- නබි (සල්) තුමන්ගේ කිසිදු ආදර්ශයක් නොමැති තත්ත්වයක එම දිනය සඳහා විශේෂ ප්‍රාර්ථනාවන්, අල්කුර්ආන් පරිච්ඡේදයන් පවතින බව සිතා එ වැනි දේ පාරායනය කිරීම.
2- මුස්දලිෆාවෙහි නොරැඳී මිනාව බලා යෑම.
3- මහළු අය, කාන්තාවන්, දරුවන් අනුමැතිය ඇති අය හැර සෙසු අයද රාති්‍රයෙහි අවසන් හෝරාවේ මිනාව බලා යෑම.
4- ජම්රාවෙහි ගැසිය යුතු ගල් මුස්දලිෆාවෙහිම අහුලන්නට අවශ්‍යයි යනුවෙන් සිතා එසේ කිරීම. නමුත් නබි (සල්) තුමන් මිනාව බලා යන විටයි ගල් අහුලා දෙන ලෙස නියෝග කළේ. කෙනෙකු පහසුව තකා අහුලා ගැනීමට අනුමැතිය පැවතුනද මුස්දලිෆාවෙහිම එය ලබා ගත යුතුයි යනුවෙන් සිතීම වැරදි කි්‍රයාවකි.
5- හිරු උදාවට පෙර මුස්දලිෆාවෙන් පිටත් විය යුතුයි, නමුත් එසේ නොකර ඉර උදාවීමෙන් පසු පිටත්වීම.
මිනාවෙහි රැඳී සිටින 10.11.12.13 දිනයන්හි සිදුවන වැරදීන්:
1- සලාතයන් නියමිත වේලාවට කෙටි කර ඉටු කළ යුතුයි, නමුත් ඒ වෙනුවට සලාතයන් කෙටි නොකර ඒ ආකාරයටම ඉටු කිරීම.
2- නබි (සල්) තුමන්ගේ කිසිදු ආදර්ශයක් නොමැති තත්ත්වයක එම දිනය සඳහා විශේෂ ප්‍රාර්ථනාවන්, අල්කුර්ආන් පරිච්ඡේදයන් පවතින බව සිතා එ වැනි දේ පාරායනය කිරීම.
3- සලාතයන්ගෙන් පසු ප්‍රාර්ථනාවන් තනි තනිවයි කළ යුත්තේ. ඒ වෙනුවට කෙනෙකු කියන විට සෙසු අය එයට “ආමීන්” කීම සඳහා කිසිදු සාධකයක් නැත. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: “ඔබගේ හිමියන්ගෙන් බැගෑපත්වද, නිහඬවද අයදිනු. නියත වශයෙන් ඔහු සීමාව ඉක්මවන්නන් පි්‍රය නොකරන්නේය.” (ශු අල්කුර්ආන් 7- 55). සමහර උදවිය මෙසේ කිරීමට තවත් හේතුවක් නම්, ඔවුන් සිතාගෙන සිටින්නේ ප්‍රාර්ථනාව අරාබි මාධ්‍යයෙන්ම පැවතිය යුතුයි යනුවෙන්, එසේ නොව කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවන් තමන්ට දන්නා මාධ්‍යයකින් අල්ලාහ්ගෙන් පැතිය හැක.
4- මිනාවෙහි රැඳී සිටීමට අනිවාර්්‍ය වූ මෙම දිනයන්හි මුස්දලිෆාවෙහි වෙනත් ස්ථානයන්හි රැඳී සිටින්නන් මිනාවට පැමිණ රැඳී සිටිය යුතුයි.
5- ජම්රාවෙහි ගල් ගසන විට කුඩා ප්‍රමාණයෙන් යුත් ගල් කැටවලින් ගැසීම වෙනුවට ප්‍රමාණයෙන් ලොකු ගල් උපයෝගි කරගැනීම. වෙනත් පාවහන්, කුඩ වැනි දෙයින් ගැසීම තහනම් වේ. ගල් හතම එක් වර නොගසා එක එක ගැසිය යුතුයි.
6- 10 වැනි දින ගල් ගැසීමෙන් පසු තල්බියා නතර කර, තක්බීර් නොකීම.
අල්ලාහ් ඉතා ඥානාන්විතයාය.