නංගියේ,මල්ලියේ
—ඔන්න උමර් එනවා යනු කෑගසමින් කුඩා ළමයෙක් තම නිවස කරා දිව්වේය. මෙය කන වැකුණු විගස පාරේ සෙල්ලම් කරමින් සිටී ළමුන් ද පවනට බඳු වේගයෙන් දිව ගොස් තැන් තැන්වල සැඟවුනහ.
දෙවෙනි කලීෆා (ජනාධිපති) උමර් (රලි) තුමා ඉතා යහපත් කෙනෙකි¦ දෙවියන් කෙරෙහි බිය බැතිමත් කෙනෙකි. එතුමා කුඩා ළමුන් වෙත දැක්වුවේ පුදුම ආදරයකි.
එහෙත් එතුමා යුක්තිගරුක වූවෙකි¦ මදක් තරහ යන ගතිය ඇත්තෙකි.
—උමර්˜ යන නම ඇසූ පමණින්, එදා තිබුණු අරාබි ගෝත්‍ර නායකයින්ට ඇති වූයේ කියා නිම කළ නොහැකි බියකි. ඒ එතුමාගේ නීතිගරුක ක්‍රියාවන් නිසාවෙනි.
මෙසේ නායකයින්ම බිය වන කල ළමුන් ගැන කුමක් කියන්නද? එම වීථීයේ සෙල්ලම් කරමින් සිටි ළමුන්, උමර් එන බව දැනගත් විගස දිව ගියේ එනිසාවෙනි.
එහෙත්, එක් ළමයෙකු පමණක් දිව නොගොස් තමා සිටි තැනම ධෛර්යයෙන් සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණේ කිසිදු දෙයකට බිය වන හැඟීමක් පෙනෙන්න තිබුණේ නැත.
අන්න …. උමර් ඒ පාරට පා තැබුවේය. හ්ම්… කොයිතරම් උසදæ එතුමාගේ ගාම්භීරත්වය, ලස්සනæ එතුමාගේ පෙනුම ගෞරවාන්විතව බියක් ඇති කරන තරම්යæ
ගාම්භීරත්වයෙන් පිය නැගු එතුමා ඒ ළමයා වෙත ළං වූහ. තමාගේ පැමිණීම දැන දැනත් නොසෙල් වී සිටී ළමයා අමතා, —නුඹගේ මිතුරන් සියලූ දෙනාම දිව ගියහ, නුඹ විතරක් තනිවම, ධෛර්යයෙන් සිටින්නේ… නුඹට මා කෙරෙහි බියක් නැද්ද˜? යනු ඇසුහ.
එම ළමයා බියෙන් තොරව, —ජනාධිපතිතුමනිæ මම මෙම ස්ථානයෙන් ඈත්වුනොත් පමණයි ඔබ තුමාට ගිය හැක්කේ යන තරම් මෙම පාර පටු නැහැනේ¦ එපමණක් නොවෙයි, කිසිදු වරදක් නොකළ මම ඔබ තුමා දැක බියවී දිවයායුත්තේ ඇයි?˜
ඒ ළමයාගේ ධෛර්යමත් පිළිතුරෙන් ජනාධිපති තුමා බොහෝ සේ සතුටු වූහ. එසේ කවදත් කෙළින් සිටීමට ඔහුට දිරි දුන්හ.
එම දරුවා කවුද යනු ඔබ දැන ගත යුතුයි.
ඔහු පසුකලෙක සත්‍යය වෙනුවෙන් සටන් කළ වීරවරයෙකු වන අබ්දුල්ලාහ් ඉබ්නු සුෙඛෙර් වෙති.
නංගියේæ මල්ලියේæ අප කවදත් බියවිය යුත්තේ වැරදි පාප ක්‍රියාවන්හි යෙදීමටයි. එය මෙම කුඩා දරුවාගේ කි‍්‍රයාවෙන් එළි දරව් වේ.
සිරාජ්